මන්ත්‍රිවරුන් 13ක් පාර්ලිමේන්තු සෝපානයේ විනාඩි 20ක් හිරවෙලා
ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුශංක
පාර්ලිමේන්තුවේ පහසුකම් සලසන ගෘහ කාරක සභාවේ සභාපති, සංචාරක ඇමැති රංජිත් අලුවිහාරේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 13 දෙනකු ඊයේ (7දා) විදුලි සෝපානයක හිරවී කිසිදු පිළිසරණක් නොමැතිව විනාඩි විස්සකට ආසන්න කාලයක් සිටීමට සිදුවිය.
මන්ත්‍රිවරු 13 දෙනකු මෙසේ විදුලි සෝපානය තුළ හිරවී සිටියදී හදිසි ඇමතුම් ලබා ගැනීම සඳහා ඒ තුළ සවිකර තිබූ දුරකථනයට, නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට නොහැකිවූ නිසා මන්ත්‍රිවරු දැඩි අපහසුතාවකට මුහුණපෑ බව වාර්තා වේ.
සිද්ධියට මුහුණපෑ මන්ත්‍රි කණ්ඩායම, මන්ත්‍රි භෝජනාගාරයේ සිට සභා ගර්භයට යෑම සඳහා පළමු මහලේ මන්ත්‍රිවරුන් සඳහා වෙන්කර ඇති සෝපානයට ඇතුළුවී දෙවැනි මහල දක්වා ගමන් කරන අතරතුර මෙම සිද්ධියට මුහුණපා ඇත.
විනාඩි විස්සකට ආසන්න කාලයක් සෝපානය තුළ මන්ත්‍රිවරු හිරවී සිටියදී ඉන්ජිනේරු අංශයේ නිලධාරීන් විසින් සෝපානය දෙවැනි මහල දක්වා ඉතා අමාරුවෙන් ක්‍රියාකරවීමේදී අඩියක් පමණ තිබියදී යළිත් ඇනහිටීම නිසා මන්ත්‍රිවරු සෝපානයෙන් බිමට පැනගෙන ඇත.
සෝපානය තුළ හිරවී සිටියදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා 'ඉතිපිසෝ' ගාථාව කියමින් සිටි බවත්, තමා ඇතුළු කාටත් එම කාලය තුළ මරණ බිය ඇතිවූ බවත් රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේ 'මව්බිම'ට පැවැසීය.
දිනේෂ් ගුණවර්ධන මහතා: විදුලි සෝපානයෙන් අපි උඩට එන්නේ. එය මඳක් උඩට ගිහින් නතර වුණා. එහි උපදෙස් අනුව එහි දුරකතනයෙන් අපි කතා කළා. මම 83දී මේ පාර්ලිමේන්තුවට ආවේ. කවදාවත් මෙවැනි සිදුවීමක් වුණේ නෑ. මේ වගේ හිර කරලා මරණ කුමන්ත්‍රණයකට අපි අහුවෙලා. ලක්ෂ ගණන් අපි මෙහි මුදල් නාස්ති කරලා තියෙන්නේ. අපි විනාඩි 25ක් මේ සෝපානේ හිරවුණා. යම් මන්ත්‍රි කෙනකුගේ ජීවිතයට හානියක් වුණා නම් එය බරපතළ ප්‍රශ්නයක් වෙනවා. මේක සුළුවෙන් තැකිය යුතු නෑ.
විදුලි සෝපානය නඩත්තු කරගන්න බැරි පාර්ලිමේන්තුවක් මේක. අපිට විදුලි සෝපාන දෙකයි තියෙන්නේ. ඒකෙ වෙන කාටවත් යන්න බෑ. කථානායකතුමන් යන්නෙත් මේකේ. ඔබතුමාත් පඩිපෙළින් යන්න. මේක භයානකයි. අපි මහජන නියෝජිතයෝ. මේ නිලධාරීන් මේ ගැන සොයා බැලිය යුතුයි. කරුණාකරලා මේ ගැන සොයා බලන්න.
බන්දුල ගුණවර්ධන: සභානායකතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු තිහක් වෙනවා. තිස් අවුරුද්ද තුළම නරක අත්දැකීම් තිබෙනවා. සෝපානය ඇරගන්න බැරි වුණා නම් එකසැරේ ෙදාළොස්දෙනෙක් චුත කරන්න ලැබෙනවා. විදුලි සෝපානය එක සැරේම නැවතුණා. තට්ටු කළාට ඇරෙන්නේ නෑ. කවුරුත් ඇත්තෙත් නෑ. ඊට පස්සේ තමයි හීන්දාඩිය දාන්න ගත්තේ.
විමල් වීරවංශ මහතා: ඕනම විදුලි සෝපානයක බර වැඩි නම් නාදයක් එනවා. මේකෙ එහෙම නාද වුණේ නෑ. ටෙලිෆෝන් එකක් තිබුණා. ඒකට උත්තර දෙන්න කෙනෙකුත් නෑ. මෙකේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේ මන්ත්‍රිවරු ඔක්කොම හිටියා. ගම්මන්පිල මන්ත්‍රිතුමා හැර. අපි ඔක්කොටම මොනව හරි වුණා නම් ගම්මන්පිල මන්ත්‍රිතුමා විතරයි ඉතුරු වෙන්නේ. කථානායකතුමා යන්න එපා මෙකේ. මොකද ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා වෙන්නනේ ඉන්නේ.
කරු ජයසූරිය: නෑ. නෑ. මගේ එහෙම එකක් නෑ. යන්න ඕන වෙලාවට අපි කාටත් යන්නම වෙනවා.
ලක්ෂ්මන් කිරිඇල්ල: මේක බරපතළ ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවේ මේ වගේ ප්‍රශ්නයක් වුණාම මේකේ වගකීම ගන්න කවුරුත් නෑ. විනාඩි 15ක් හිරවුණා. මේක හරියට විසඳන්න. අපි අලුත් විදුලි සෝපානයක් ගේන්න ඕනේ. මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ වගේම අපේ මන්ත්‍රිවරු ලක්ෂ 2යි තියෙන්නේ. ඒකත් මදි. මේ ගැන පරීක්ෂණයක් කරලා වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න ඕනෑ.
දයාසිරි ජයසේකර: සෝපානයේ හිරවෙලා අත්දැකීමක් ලබාගත්තා. හුස්ම අඩුවෙන් ගන්න කියලා කිව්වා. මන්ත්‍රිවරුන්ගේ රක්ෂණය වැඩි කරන්න උත්සාහ කරන්න එපා. අපට රටේ ජනතාවගෙන් ගුටිකන්න සිද්ධ වෙන්නේ.
චන්ද්‍රසිරි ගජධීර: සෝපානය ඇතුළේ ඉතිපිසෝ කියනවා ඇහුණා.මරණයක් ඇති වුණාම කථානායකතුමාගෙන් වන්දි ලබාගන්න පුළුවන් ක්‍රමයක් ඇති කරන්න ඕන.
රවි කරුණානායක: මේකට කවුරුහරි වග කියන්න ඕන. .අද විදුලි සෝපාන 25,800ක් ගොඩනැඟිලිවල පාවිච්චි කරනවා. මේ එකක්වත් ලියාපදිංචි කරලා නැහැ. මේ සෝපාන ලියාපදිංචි කළ යුතු බවට කැබිනට් පත්‍රිකාවක් දානවා. වාර්ෂිකව සියලුම විදුලි සෝපාන ලියාපදිංචි කරලා ඒ ලියාපදිංචි සහතිකය විදුලි සෝපානය තුළ ප්‍රදර්ශනය කරන්න ඕන. පාර්ලිමේන්තුවට අලුතින් විදුලි සෝපාන ගන්න මුදල් වෙන් කළා.
චන්දිම වීරක්කොඩි: මේ පාර්ලිමේන්තුවට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එනවා. ඔවුන් මේ සෝපානවලින් යන්නේ. මේ විදියට සෝපාන හිරවුණොත් ඒ ළමයි අපහසුතාවට පත්වෙනවා. ඒ නිසා කථානායකතුමා, පාසල් ළමයින්ට පඩිපෙළ පාවිච්චි කරන්න කියලා දැන්වීමක් ප්‍රදර්ශනය කරන්න. මේක සුළු ප්‍රශ්නයක් නෙවේ. බරපතළ ප්‍රශ්නයක්.
චමින්ද විජේසිරි: කලින් දවසක අගමැතිතුමත් ලිෆ්ට් එකේ හිරවුණා. විපක්ෂය දැමූ වළේම අද විපක්ෂයත් වැටුණා.
කථානායක කරු ජයසූරිය: මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරනවා. මෙය කුමන්ත්‍රණයක් නොවේ. මම වහාම මේ ගැන අදාළ අංශ ගෙන්නලා පරීක්ෂණයක් කරනවා. ඒ ගැන හොයලා බලනවා. මම මේ ගැන කනගාටු වෙනවා. අවශ්‍ය නම් අපි අලුත් විදුලි සෝපානයක් ගමු.
සංචාරක රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේ සමඟ දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, ගාමිණි ලොකුගේ, රංජිත් ද සොයිසා, චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ අංක 6 විදුලි සෝපානය තුළ ඊයේ උදේ හිරවී සිටියහ.
විදුලි සෝපානය ක්රියාවිරහිතවීමේ සිද්ධියෙන් පසු මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ පියගැට පෙළ භාවිත කරනු දක්නට ලැබිණි.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරේ වැසියන්ගෙන් ලක්ෂයක පෙත්සමක් 🕔2019-02-19
- ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කර පූජා කෙරේ 🕔2019-02-19
- මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා 🕔2019-02-19
- දඹුල්ලෙන් ගුවන් ගත කළ බැලුනයක් ගල්කිරියාගම වගා බිමකට ගොඩබස්වයි 🕔2019-02-19
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමයි 🕔2019-02-19
- එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් හෙට සහ අනිද්දා 🕔2019-02-19
- ජර්මනියේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක් තැපෑලෙන් එවලා 🕔2019-02-19
- සිංහරාජයෙන් පන්නන්න හැදූ සතුන්ගේ සිරුරු සංඛ්‍යාව 1173ක් 🕔2019-02-19
- අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බලන ඥාතීන්ගේ සංගමය යාපනයේ එ.ජා. සංවිධානයට පෙත්සමක් භාර දෙයි 🕔2019-02-19
- ටෙන්ඩර් ක්රමයේ විනිවිදභාවයක් නෑ ශ්‍රී ලංකාව ආයෝජනයට නුසුදුසුයි 🕔2019-02-19
- රනිල් - මෛත්‍රි කඹ ඇදිල්ලෙන් වී මෝල් හිමියන්ට මිලියන 1000ක සහන ණය මුදල අහිමි වෙයි 🕔2019-02-19
- අලුගෝසු තනතුරට අයැදුම් කරන්න අධ්‍යාපන සුදුසුකම් මදි 🕔2019-02-19
- සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ හිමිවීම් කොට උඩ 🕔2019-02-19
- රනිල් ප්රමුඛ එජාපය ඡන්ද කල්දාන්නේ සල්ලි හොරකම් කරන න්‍යාය පත්‍රය නිසයි 🕔2019-02-19
- රණවිරු දඩයම නවතා දමන්න 🕔2019-02-19
- ආයෝජන මෙරටට ගෙන ඒමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා 🕔2019-02-19
- අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය යටතේ ගම්මාන 250ක් 🕔2019-02-19
- ඇමැති රන්ජන්ගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න 🕔2019-02-19
- ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් අඩුලුහුඬුකම් නිසයි 🕔2019-02-19
- රුපියල් මිලියන 12,000ක් වෙන් වෙයි 🕔2019-02-19
- අද හෙටම මම කසිප්පු සංහාරය අරඹනවා 🕔2019-02-19
- ඊළඟ පළාත් සභා ඡන්දෙන් එජාපය හේදිලාම යනවා 🕔2019-02-19
- හෝර්ටන් තැන්නට ආවේණික කුරුමිණියන් අල්ලා ගෙනයෑමට තැත්කළ චීන ජාතිකයන් අත්අඩංගුවට 🕔2019-02-19
- ඉන්දීය මහ කොමසාරිස් හා උතුරු පළාත් ආණ්ඩුකාර හමුවක් 🕔2019-02-19
- ආයුධ තොගයක් ඇතැයි කැණීම් කළත් කිසිවක් හමු නොවේ 🕔2019-02-19
- ළමයින් දෙදෙනකු පැහැරගත් බවට යාපනයේ ඉලවාලි පොලිසියට පැමිණිල්ලක් 🕔2019-02-19
- ෙදාරේඅප්පා ක්‍රීඩාංගණය යාපනය පොදු ක්‍රීඩාංගණය ලෙස නම් කරනවාට ගැටුමක් 🕔2019-02-19
- කෑගල්ල වෘත්තීය සමිති නායක සහාය ඉදිරි ඡන්දයේදී ජවිපෙට 🕔2019-02-19
- කොංග්රස් නායකයා සමස්ත වතුකරයේ ජනතාවම පාවා දීලා 🕔2019-02-19
- ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට අටහැවිරිදි දැරිය රෝහලේ 🕔2019-02-19
- දැන්වත් ඉලක්කයකට වැඩ නොකළහොත් රට ගොඩනඟන්න අමාරු වෙනවා 🕔2019-02-19
- ව්‍යවස්ථාදායක සභාවේ සුදු රෙදි ඇඳගෙන ඉන්න මහත්වරුන්ගේ රෙදි ගැලවෙයි 🕔2019-02-19
- රට පාවාදෙන්න ආණ්ඩුව සැරසෙනවා 🕔2019-02-19
- විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා අවතැන් වූවෝ පරිපාලන ගොඩනැඟිල්ල අත්පත් කර ගනිති 🕔2019-02-19
- රටේ ණය බර වැඩි වෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගන්නවත් බැහැ 🕔2019-02-19
- වතු කම්කරුවන් දෛනිකව රුපියල් දහසක වැටුපක් ඉල්ලීම සාධාරණයි 🕔2019-02-19
- සබරගමුව සරසවියේ කෘෂිවිද්‍යා පීඨ සිසුන් 54 දෙනකුට සතියක පන්ති තහනමක් 🕔2019-02-19
- 2 වැනි විශේෂමහාධිකරණයක් 🕔2019-02-19
- නාඩු සහල් කිලෝවක් රු. 80, සම්බා 85 අප්‍රේල් 1දා සිට උපරිම සිල්ලර මිලකට 🕔2019-02-19
- ලී මෝලක් පිටුපස අලි මළසිරුරක් 🕔2019-02-19
- පුනරුත්ථාපන කොටි සාමාජිකයන් සමඟ ස්විට්සර්ලන්තයේ නියෝජිතයන් සාකච්ඡාවක 🕔2019-02-19
- ලංකා ප්රගතිශීලී පෙරමුණ නමින් උතුරේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවයි 🕔2019-02-19
- නයාරු ගුරුකන්ද රජමහා විහාරය කඩා දමා කෝවිලක් තැනීමට ගිය කණ්ඩායමේ අයකු හදිසි අනතුරකින් මියගිහින් 🕔2019-02-19
- වැඩි කළ වැටුප වතු කරයේ ජනතාව පිළිඅරන් 🕔2019-02-19
- අන්තවාදීන් සුපුරුදු පරිදි ජාති-ආගම්වාදයෙන් රට ගිනි අවුළවමින් සිටිනවා 🕔2019-02-19
- 70 වසරක් ලද අත්දැකීම් නිසා ජනතාවගේ සැකය සාධාරණයි 🕔2019-02-19
- ජ පුර සරසවියේ පළමු වසර සිසුවෙක් හොර මුදල් නෝට්ටු ජාවාරමක 🕔2019-02-19
- නීති උපාධිධාරියා නිදන් ගන්න අන්නාසිවත්තේ කැණීම් කරලා 🕔2019-02-19
- රෝහලේ වැසිකිළිය තුළදී පිරිමි දරුවකු අපයෝජනය කළ යුද හමුදා සෙබළකුට සිරදඬුවම් 🕔2019-02-19
- මිහින්තලේ චෛත්‍යයක් මත නැඟී ඡායාරූප ගත් සිසුන් 20දා තෙක් රිමාන්ඩ් 🕔2019-02-19