තොපි හිතන්නේ අපි හරක් කියලද? නෑ අපි ගෝරිල්ලෝ

  👤  3725 readers have read this article !
2019-02-10

රැවටිලිකාරීව ක්‍රියා කිරීමේ හැකියාව මිනිසාට පමණක් නොව ගෝරිල්ලන්ටද තිබෙන බව සනාථ කරන සාධක බි්‍රස්ට්ල් සත්වෝද්‍යානයේ ගෝරිල්ලන්ගෙන් පළවී ඇතැයි ඒ පිළිබඳ අධ්‍යයනයක යෙදුණු විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. ගෝරිල්ලා මිනිසා මෙන් හැසිරෙන ආකාරය අධ්‍යයනය කරනු පිණිස ක්‍රියාත්මක කෙරුණු මෙම ගවේෂණයේදී විද්‍යාඥයන් විසින් යොදා ගන්නා ලද්දේ ඒ සඳහාම ඔවුන් යොදා ගත් උපක්‍රමයකි. කෝටුවක් යොදා ගෙන රටකජු ඇටයක් බාධක කීපයක් සිදුරු කීපයක් අතරින් යවා ඉවතට වැටෙන්නට සැලැස්වීම එම උපක්‍රමයයි. එහෙත් සමහර ගෝරිල්ලන් ඔවුන්ටම විශේෂ වූ විධි ඒ සඳහා යොදා ගත් ආකාරය තමන්ට දක්නට ලැබිණැයි විද්‍යාඥයෝ කීහ.

විද්‍යාඥයන් ඔවුන්ගේ උපක්‍රමය සඳහා යොදා ගත් උපකරණය මිටි තාප්පයක් මත තබා ඒ වෙත ගොරිල්ලන් යොමු කළ විට ඔවුන්ගෙන් සමහර සතුන් එම උපකරණයට තොල් තබා වේගයෙන් උරා රටකජු ඇටය පිටතට ගත් අයුරු තමන් දුටු බවත් එය තමන් කිසි සේත්ම එම සතුන්ගෙන් බලාපොරොත්තු නොවූ උපායක් බවත් විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ. අවස්ථානුකූලව ගෝරිල්ලන් බෙහෙවින් නම්‍යශීලී වන බවත් විශේෂයෙන්ම ආහාර සපයා ගැනීමේදී මතු වන ගැටලු මඟහැර ගැනීම සඳහා විශේෂ උපක්‍රම යොදා ගැනීමෙහිලා ගෝරිල්ලන් විශේෂ දක්ෂතාවක් දක්වන බවත් එම සිද්ධියෙන් සනාථ වෙතැයි බි්‍රස්ට්ල් සත්වෝද්‍යානයේ, ආචාර්ය ෆේ ක්ලාක් රොයිටර්ට පැවසුවාය. ගැටලු විස¼දා ගැනීම සඳහා මෙම වානරයාට ඇති විශේෂ දක්ෂතාව මීට පෙර කිසිවකුට දැකගත හැකි වී නැතැයිද ආචාර්යවරිය ප්‍රකාශ කළාය.

පසුගිය වසරේ මුල් කාලයේදී විද්‍යාඥයන් යොදාගත් එම උපක්‍රමික ක්‍රීඩාව ගෝරිල්ලන් අතර බෙහෙවින් ප්‍රචලිත වී ඇති බව තහවුරු වූයේ බටහිර පහත් බිම්වල ගෝරිල්ලන්, ක්‍රීඩාවෙන් ලබාගත හැකි රටකජු ඇට නැතිව පවා ඊට සහභාගි වීම සඳහා නිතර එන්නට පටන් ගත් පසුවය. බි්‍රස්ට්ල් විශ්වවිද්‍යාලය සහ බි්‍රස්ට්ල් සත්ත්ව විද්‍යා සමාජ ගෝරිල්ලන්ගේ බුද්ධි ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමත් ගැටලු විස¼දා ගැනීමට ඔවුන් තුළ ඇති හැකියාව වැඩි දියුණු කිරීමත් සඳහා මෙම ක්‍රීඩාව උපයෝගී කර ගත්තේය.

ගෝරිල්ලකුගේ ශාරීරික ශක්තිය මිනිසකුගේ මෙන් හත් ගුණයක් පමණ වන හෙයින් ක්‍රීඩාවේදී අසාර්ථක වීමෙන් වියරු වීමට ඉඩ ඇති ගෝරිල්ලකුට ඔරොත්තු දෙන තරමට ශක්තිමත් වීමද අවශ්‍ය විය. එපමණක් නොව, ගෝරිල්ලන් නිතර ගෙන්නා ගැනීම සඳහා හැම විටකම ඔවුනට ක්‍රීඩාවෙහි යෙදිය හැකි වන සේ අවශ්‍ය ඉඩ පහසුකම්ද සැලැසිය යුතු විය.

මෙම ක්‍රීඩා සඳහා සකස් කර ගන්නා ලද මොඩියුලය (ර්ධඤභතඥ) වරින්වර වෙනස් කිරීමෙන් හෝ එක් මොඩියුලයක් වෙනුවට මුල් එකට වඩා සැකැස්මෙන් වෙනස් වෙනත් මොඩියුලයක් යෙදීමෙන් හෝ එකිනෙකට වෙනස් උපක්‍රම යොදා ගැනීමට මෙහිදී ගෝරිල්ලන් පෙලඹුණු බවත් ඒ අනුව එකිනෙකට බෙහෙවින් වෙනස් අලුත් ගැටලු විසඳීමට ඔවුනට සිදු වුණු බවත් බි්‍රස්ට්ල් විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු ආචාර්ය ස්ටචර්ට් ගේ‍ර් ප්‍රකාශ කළේය.

වඩා දක්ෂයෝ ළමයිද? චිම්පන්සියෝද?

බෙහෝ ළමයි, ඔවුන්ගේ වයස අවුරුදු හතරක් වන්නට පෙර බුද්ධි වට්ටම අතින් චිම්පන්සීන් පසුබස්සති. ප්‍රාදෘෂ්ටිය හෙවත් දුරදක්නා නුවණ අතින් මිනිසා සතුන්ට වඩා බෙහෙවින් ඉහළ නැනක සිටින බව 2017 ජුනියේදී පර්යේෂකයන් පිරිසක් විසින් කරන ලද අධ්‍යයනයකදී සනාථ විය. ඉංගී්‍රසි 'වයි' (ක) අකුරේ හැඩයට තැනුණු ප්ලාස්ටික් නළයක් උඩු යටිකුරු කොට (ක) තිරස්ව රඳවා ඒ තුළින් මිදි ගෙඩියක් දැමීමෙන් පර්යේෂකයෝ එම අධ්‍යයනය ක්‍රියාත්මක කළහ.

මිදි ගෙඩිය නළයෙන් පිටතට පැමිණිය හැකි මාර්ග දෙකක් නළයෙහි වූ හෙයින්, එය නළයෙන් නිකුත් වනු ඇත්තේ කුමන මඟකින්ද යන්න කලින් තීරණය කර ගැනීමට ළමයින් හා චිම්පන්සින් කොතෙක්දුරට සමත් වන්නේද යන්න පර්යේෂකයන්ගේ නිරීක්ෂණයට ලක්විය. චිම්පන්සින් හා වයස අවුරුදු දෙකක් වූ ළමයින් මෙහිදී, මිදි ගෙඩිය පිටතට පැමිණීමට තිබුණු මාර්ග දෙකෙන් එකක් පමණක් ඔවුන්ගේ අත්වලින් ආවරණය කර ගත්හ. එහෙත් වයස අවුරුදු හතරක් වූ ළමයින් එම මාර්ග දෙකෙන් කවර එකකින් හෝ මිදි ගෙඩිය පිටවිය හැකි බව කල්තියා නිගමනය කොට එම සිදුරු දෙකම ඔවුන්ගේ අත්වලින් එකවර ආවරණය කර ගත්හ.

ගෝරිල්ලන්ගේ මානසිකත්වය පලදායක තුළ විනෝදයක් හා තෘප්තියක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වශයෙන් පවත්නා අතර එම සතුන්ගේ ශාරීරික හා මානසික තත්ත්වය වඩාත් හොඳින් හඳුනා ගැනීමට සත්වෝද්‍යාන පාලකයනට උපකාරී වනු පිණිස, මෙම අධ්‍යයනය සඳහා වඩාත් දියුණු උපක්‍රම යොදා ගැනීමට පර්යේෂකයෝ අදහස් කරති. ගොරිල්ලන්ගේ දෘෂ්ටි ශක්තිය, ශ්‍රමය ශක්තිය හා විවිධ මානසික ක්‍රියාකාරකම්ද මේ මඟින් අධ්‍යයනය කෙරෙන බව ආචාර්යයෝ ප්‍රකාශ කරයි.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon