හ¾ඩක් නැඟිය නොහැකි මිනිසුන්ගේ හඬ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

  👤  3414 readers have read this article !
2019-02-10

ඒ 1960 නොවැම්බර් 19 වැනි දිනයයි. එංගලන්තයේ නීතිඥයකු වූ ර්ථීඥබඥප ඕඥදඥදඵධද උමං දුම්රියකින් සේවා ස්ථානය බලා යමින් සිටියේය. අත රැඳුණු පුවත්පතට නෙත් යොමන ඔහු දුටුවේ එක්තරා පුවතකි. එහි සඳහන් වූයේ ආපන ශාලාවකදී පෘතුගාලයේ නිදහස පතා සව්දිය පිරීම නිසා පෘතුගාලයේ ශිෂ්‍යයන් දෙදෙනකුට බරපතළ වැඩ ඇතිව සත් අවුරුදු සිරදඬුවමක් නියම කර ඇති බවය. ඒ ඔස්සේ සිතිවිලි මෙහෙයවන පීටර් පුවත්පතකට 'ඊඩඥ ජ්ධපඨධබබඥද ර්ථීපඪඵධදඥපඵ' (අමතක කර දමන ලද සිරකරුවෝ) යන මැයින් ලිව්වේය. එම ලිපිය ආරම්භ වූයේ මෙසේයි.

'ඔබ ඕනෑම දවසක ඕනෑම පුවත්පතක් දිග හරින්න. ඔබේ ඇස ගැටෙනු ඇත්තේ ලෝකයේ කුමන රටක හෝ කෙනෙක් ආගම හෝ දේශපාලන සම්බන්ධව තම නිදහස් මතය ප්‍රකාශ කිරීම නිසා සිරගත කිරීමකට. වධබන්ධනයට, ඝාතනයට, අතුරුදන් කිරීමකට ලක්වී ඇති බවයි. එය කියවන ඔබේ මනස කම්පනයට පත්වෙනවා. ලොව පුරා අප සියලු දෙනා තුළ ඇති වන ඒ කම්පනය එක් රැස් කළහොත් අපට යම් ජයග්‍රහණයක් ලබා ගත නොහැකිද?'

ඔහුගේ එම ලිපිය මාධ්‍යවලින් ප්‍රචාරය වූ අතර දස දෙසින් එයට ප්‍රතිචාර ගඟක් ගලා ගෙන ආවේ නොසිතූ ලෙසය. ඒවායින් කියැවුණේ තම රටවල පාලකයන්ගේ නොපනත් ක්‍රියාවලින් පීඩිත බවට පත් වූ ජනතාවගේ කතාන්දරය. තම මිතුරු නීතිඥ මහාචාර්යවරයකු වූ ර්ථීඩඪතඪන බ්චථඥඵ සමඟ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂල් නම් මානව හිමිකම් සංවිධානය බිහි වන්නේ එසේය. 'අඳුරට ශාප නොකර එක ඉටිපන්දමක් හෝ දල්වන්න.' ප්‍රකට කියමන අනුව දැල්වෙන ඉටිපන්දමකුත් ඒ වටා කැරකැවුණු කටු කම්බි පටකුත් ඔවුන්ගේ ලාංඡනයයි. 'ලොව සියලු දෙනාට මානව හිමිකම් භුක්ති විඳීමේ අයිතිය' ඔවුන්ගේ තේමාවයි. එය 1977 නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගත් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදේශකත්වයද ලබා ගෙන ඇත.

ඔවුන් බලපෑම් කරන්නේ මානව හිමිකම් උල්ලංඝනය කරන අදාළ රජයන්ටයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් මූලික වශයෙන් කාන්තාවන්, ළමයින් හා අනෙකුත් හඬක් නඟා ගත නොහැකි කණ්ඩායම්වලට සිදුවන අකටයුතුකම්වලට එරෙහි වීම, වධ හිංසාවලට ලක්කිරීම නැවැත්වීම, මරණ දඬුවම අහෝසි කිරීම, සරණාගතයන්ගේ හිමිකම් ආරක්ෂා කර දීම, 'හෘදසාක්ෂියක් ඇති සිරකරුවන්' එනම් දේශපාලන හා ආගමික කාරණා සම්බන්ධව නිදහස් අදහස් ප්‍රකාශ කිරීම නිසා සිරගත කර ඇති අය වෙනුවෙන් කතා කිරීම, මනුෂ්‍යත්වයේ අභිමානය ආරක්ෂා කිරීම ආදියයි.

වයස අවුරුදු තුනක කුඩා දරුවකු වූ 'ඇලන් කර්ඩි' ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර තුර්කි මුහුදු වෙරළක රළ අතර වැතිරී සිටින පින්තූරය ලෝකය පුරාම පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය කලඹමින් සිත් කම්පා කළ අයුරු අපි දනිමු.
'අපේ සේවා ස්ථානයේ මුල් පිටුවේම මෙම පින්තූරය සහිත පුවත්පත කාටත් දැකගත හැකි අයුරින් තබා තිබුණා.

එය අතට ගන්නා අය වහාම පුවත්පත නොපිට පෙරළුවේ මම මේ දර්ශනය දකින්නට කැමැති නෑ' කියමින්. එවිට මම එය නැවත හරවා පෙන්නමින් පැවැසුවේ 'නැහැ. අපි මේ දෙස බලන්නම ඕනේ. අපිට ඉවත බලන්න බැහැ' යනුවෙනුයි. සරණාගතයන්ගේ ජීවිතවලට වටිනාකමක් දීමට තීන්දු තීරණ ගැනීමට එයින් පෙලඹවීමක් ඇති වුණා. 'යමක් ගැන කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මිලියන් ගණනින් විරෝධය පළ කරන විට එයට නිහඬව සිටින්නට බලධාරීන්ට නොහැකියි' කැනඩා ශාඛාවේ නිලධාරිනියකගේ අදහස්ය.

අදාළ අංශවලට ලිපි මඟින් ඉල්ලීම් කිරීම සියලු මාධ්‍ය මඟින් හා ඇම්නෙස්ටි සඳහා කලාකරුවෝ වැඩ සටහනකින් නිර්මාණාත්මකව ජනතාව දැනුවත් කිරීම, විවිධ උද්ඝෝෂණ, විරෝධතා පෙළ ගැස්වීම, ආදියෙන් අදාළ අංශවලට පීඩනයක් එල්ල කිරීම ඔවුන්ගේ ක්‍රමවේදයයි. අදාළ අයට නීති උපදෙස් ලබාදීමද සිදුවේ. මෙය අද වන විට දශලක්ෂ හතක ස්වේච්ඡා සාමාජිකත්වයකින්ද ගෙවීම් ලබන වෘත්තිකයන් 500කින්ද සමන්විතය. රටවල් 150ක ශාඛා සහිතය. මානව හිමිකම් පිළිබඳ වඩාත්ම කතා කරන සංවිධානය ලෙස පෙරමුණේම සිටී. බොහෝ දුෂ්කරතා මැද ඔවුන් ලබා ඇති ජයග්‍රහණ බොහෝය.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවත්වා ගෙන යන්නේ සාමාජිකයන් එක් රැස් කර එවන දීමනා මුදල්වලිනි. ප්‍රතිපත්තියක් වශයෙන් රජයන්වලින් හෝ ආගමික ආයතනවලින් මුදල් ලබා නොගන්නා අතර ලාභ නොලබන කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවූ සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවද එහි සාමාජික රටක් වුවද 2018 වාර්තාවට අනුව ලංකාව පිළිබඳව වාර්තාවේ මෙසේ සඳහන් වෙයි. 'මානව හිමිකම් පිළිබඳ තත්ත්වය ඉතා අසතුටුදායකය. පොලිස් අත්අඩංගුවට පත් වන අයට වධ හිංසා කිරීම නවත්වා නොමැති අතර එය රටේ සාමාන්‍ය සිරිතක් ලෙස තවමත් පවත්වා ගෙන යයි. වසර ගණනාවකට පෙර අතුරුදන් වූ හා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් පිළිබඳව පවා තවමත් සාධාරණයක් ඉෂ්ට වී නැත.'

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon