ඊශ්‍රායලයෙන් යුද බිමට එන කෘත්‍රිම බුද්ධි පද්ධතියක් ඇති සුපිරිම යුද්ධ ටැංකිය

  👤  3262 readers have read this article !
2019-01-06

ඊශ්‍රායලය Merkava MK 4 Barak  නමින් කෘත්‍රිම බුද්ධි පද්ධතියක් සහිත නවතම ස්මාට් යුද ටැංකියක් හඳුන්වා දී තිබේ. වැඩිදියුණු කරන ලද  AI හා සංවේදක පද්ධතියකින් යුත් ප්‍රථම යුද ටැංකිය වන Merkava මඟින් හමුදා කණ්ඩායම්වලට තම මෙහෙයුම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමේ අවස්ථාව ලැබේ.

මෙම නවතම Merkava MK 4 Barak  යුද ටැංකිය ද්විත්ව කාර්ය සන්නද්ධ රථයක් ලෙස නිර්මාණය කොට ඇති අතර ප්‍රධාන ප්‍රහාරක අවිය ඉවත් කළ විට හමුදා භටයන් සෑහෙන සංඛ්‍යාවක් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත හැකිය.

Merkava MK 4 Barak  තවමත් පරීක්ෂණ මට්ටමෙන් භාවිත කිරීමට තීරණය කොට ඇති අතර එය වසර 2020දී මෙහෙයුම් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම නව යුද ටැංකිය මඟින් මෙහෙයුම් කාලය 30%කින් වැඩිදියුණු කරගත හැකි අතර ඉලක්කවලට පහර දීමේ නිරවද්‍යතාව හා ක්ෂණික බවද වැඩිදියුණු වී ඇත. එමෙන්ම මීට සම්බන්ධිත පරිගණක පද්ධතිය ආධාරයෙන් යුද පෙරමුණේ සෙසු භටයන් හා වෙනත් සන්නද්ධ අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාවද තිබේ.

එසේම මෙම යුද ටැංකිය සමඟින් වැඩිදියුණු කොට ඇති Iron View VR Helmet පද්ධතිය මඟින් මෙහි ගමන් කරන භටයන්ට අවට 360— ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීමේ හැකියාවක්ද ලැබේ.

ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon