සොබාදහම වෙනස් වෙලා කුරුල්ලනේ නුඹලා අනතුරේ

  👤  2820 readers have read this article !
2019-01-06

කාලගුණ විපර්යාසවලදී බොහෝ පක්‍ෂි වර්ග ඔවුනට ඉතාම හොඳින් හුරු පුරුදුව තිබෙන පාරිසරික කලාප අතහැර වෙනත් පෙදෙස්වලට සංක්‍රමණය වන බව දකුණු ඇමෙරිකාවේ පීරු ප්‍රාන්තයේ පක්‍ෂීන් පිළිබඳව මෑතදී පැවැත්වුණු පුළුල් පර්යේෂණයකදී විද්‍යාඥයනට දැනගත හැකි වී තිබේ. මෙම පර්යේෂණය දශක තුනකට පෙර ආරම්භ වී කලක් නතරව තිබී මෑතදී යළිත් ආරම්භ වූවකි.

පක්‍ෂි වර්ග හාරසියයකට වැඩි ගණනක් සම්බන්ධයෙන් 1985දීත් යළි 2017 දීත් පැවැත්වුණු පුළුල් ගවේෂණ දෙකේදී අනාවරණය වූයේ එම පක්‍ෂිගහන ශීඝ්‍රයෙන් අඩු වේගෙන ගොස් අන්තිමේදී සහමුලින්ම වඳ වී ගොස් ඇති බව හා සංක්‍රමණය වී ඇති බවත් යැයි කෝර්නල් සකුණ විද්‍යා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ හා මෙම ආයතනයේ ප්‍රධාන කර්තෘ ජෝන් ඩබ්ලිව්. ෆිට්ශ්පැටි්‍රක් ප්‍රකාශ කළේය. විද්‍යාඥයෝ පක්‍ෂීන්ගේ ඒ අවසන් ගමන 'වඳවීම සඳහා උඩු මංගත වීම' යනුවෙන් හඳුන්වති.

මෙම පක්‍ෂි වර්ග ඔවුන්ට හුරුපුරුදු කලාප අතහැර ගොස් ඇත්තේ කාලගුණ විපර්යාස නිසාමද නැතහොත් ඔවුන් විසින් ආහාරයට ගනු ලබන කෘමීන් එම කලාපවලින් බැහැර වීම හා පල වර්ග වඳවී යෑමද යන්නත් තවමත් නිශ්චිතව කිව නොහැකි යැයිද ගවේෂකයෝ කියති. ජාතික විද්‍යා ආයතනයේ වාර්තාවද මෙම අධ්‍යයනය පිළිබඳ විස්තර පළ වූ අතර දැනට අනාවරණය වී ඇති කරුණු එම විස්තරවලින් තහවුරු වන නමුත් දීර්ඝ කාලයක් තිස්සේ විද්‍යාඥයන්ගේ සැකයට භාජන වී තිබෙන කරුණු පිළිබඳව වැඩිදුර අධ්‍යයන හා ගවේෂණ අවශ්‍ය බවද එහි සඳහන් වෙයි. එකම කඳුකරයක 1985දීද පක්‍ෂීන් සිටි බව එම ගවේෂණයේදී අනාවරණය වී තිබීමද පර්යේෂකයනට දුර්ලභ හා ප්‍රයෝජනවත් සාධකයක් විය.

දේශගුණික උෂ්ණත්වය අධික වීම නිසා පක්ෂි වර්ග මෙන්ම වෙනත් සත්ත්ව වර්ගද ඔවුන්ගේ සුපුරුදු පාරිසරික කලාප හැර යන බව කලකට පෙර පැවැත්වුණු ගවේෂණවල ප්‍රතිඵල අනුව නිගමනය වී තිබුණු නමුත් කිසියම් පාරිසරික කලාපයකට හුරු වුණු පක්‍ෂීන් හෝ වෙනත් සතුන් ඉන් පිටමං වීමට සෘජුවම බලපාන තරමට උෂ්ණත්වය අධික වන්නේ කුමන කාලගුණ විපර්යාස රටාවක් අනුවද යන්න පළමු වෙන්ම අධ්‍යයනය කළ යුතුව ඇතැයි කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාත්මක අවදානම පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ මාර්ක් අර්බන් ප්‍රකාශ කරයි.

පාරිසරික විපර්යාසයකදී විසිර ගොස් උස් කඳුකරයකට පිවිසෙන කුමන සත්ත්ව වර්ගයකට වුවද අවසානයේදී එය අෑත ආකාශයෙන් කෙළවර වන සෝපානයක් බවට පත්වෙයි. ෆිට්ශ් පැටි්‍රක් 1985දී පීරු ප්‍රාන්තයේ අග්නි දිග කොටසේ වෙසෙන පක්‍ෂි වර්ගවල හැසිරීම් රටා අධ්‍යයනය කරනු පිණිස එහි පර්වතයක් අද්දරින් ගලන ගඟක් අද්දර ක¼දවුරක් බැඳ ගත්තේය. ඔහුගේ කණ්ඩායම එහි නිතර විසිර පවත්නා වාෂ්ප පටලය උපයෝගි කර ගනිමින් පක්‍ෂීන් අල්ලා යළි ඔවුන් මුදාහරින්නටත් ඔවුන් පිළිබඳව මෙන්ම නොයෙක් කුරුල්ලන්ගේ හඬසන් පිළිබඳවත් ඔවුන්ගේ හැසිරීම් රටා පිළිබඳවත් දීර්ඝ වශයෙන් විස්තර සටහන් කර ගත්තේය. අවුරුදු දෙකකට කලින් ෆිට්පැටි්‍රක් ඔහුගේ ලිපි ලේඛන, ඡායාරූප හා වෙනත් වාර්තාද බි්‍රතාන්‍ය කොළම්බියා විශ්වවිද්‍යාලයේ ජෛව විවිධත්ව පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ බෙන්ජමින් ෆ්‍රීමන් වෙත යැව්වේය.

නිවර්තන කලාපීය පක්‍ෂීන් පිළිබඳව දශකයකටද වැඩි කාලයක් පර්යේෂණ පැවැත්වූ ජීව විද්‍යාඥ බෙන්ජමින් ෆ්‍රීමන් 2017 අගෝස්තු - සැප්තැම්බර් මාසවලදී ඔහුගේ ගමන යළිත් ආරම්භ කළේය. කඳුකර දර්ශනවල ඡායාරූප උපයෝගි කරගත් මෙම කණ්ඩායම ඔවුන්ගේ මුල් කඳවුරු සොයා ගත්තේය. ෆ්‍රීමන්ගේ වැඩිම අභිලාෂය වූයේ කලකට පෙර ෆිට්ශ්පැටි්‍රක් අනුගමනය කළ ක්‍රමවේදයට අනුව යමින් ඒ අතර කාලය තුළ සිදු වූ දේ සොයා බැලීමය. ඒ කාලය තුළ එම කඳුකර කලාපයේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 0.76 (සෙල්සියස් අංශක 0.42) ට ඉහළ ගොස් තිබිණි. එම කඳුකරය ජාතික උද්‍යානයක කෙළවරෙහි පිහිටි හෙයින් ප්‍රබල කැලඹිල්ලකට එය භාජන නොවීම ඊට හේතු විය.

කඳු බෑවුම්වල අඩි 40ක් පමණ ගනකමට මිහිදුම් පටල පැතිරී තිබෙන හෙයින් ෆ්‍රීමන් ගවේෂණ කණ්ඩායම නිතර පහසුවෙන් දක්නට නොලැබෙන පක්‍ෂීන්ගේ නාද පටිගත කර ගැනීම සඳහා කුඩා මයිකේ‍රා්න පෙට්ටි විස්සක් තැනින් තැන රැඳවීය. බොහෝ පක්‍ෂි ගහන ඔවුන් හුරුපුරුදුව හා හැඩ ගැසී සිටි කාලගුණය පවත්නා පෙදෙස් සොයා කඳුබෑවුම් ඔස්සේ ඉහළට ඇදී යනු තමන්ට දැක ගත හැකි වූ බව ෆ්‍රීමන් පැවැසීය. කඳුමුදුන්වලට ළඟා වීමෙන් පසු ඔවුන් එහි සිට අඩි 300 කට වඩා ඉහළට ඉගිළ යනුද දක්නට ලැබුණු බවක් ඔහු කීවේය.

බොහෝ පක්‍ෂි වර්ග වාසය සඳහා කඳු බෑවුම් තෝරා ගන්නේ මක් නිසාද යන ප්‍රශ්නයට දිය හැකි සරලම පිළිතුර දේශගුණය යැයි තමා විශ්වාස කරන බව කියන ෆ්‍රීමන් තම අධ්‍යයනයේදී බොහෝ පක්‍ෂි වර්ග එසේ කරනු තමන් දුටු බවද ප්‍රකාශ කරයි. පක්‍ෂි වර්ග බොහෝ ගණනක් සෘතු වෙනස්කම් අනුව ඉතා බරපතළ කාලගුණ විපර්යාස සිදු නොවන ප්‍රදේශවල පටු උෂ්ණ කලාවලට හුරුපුරුදු වන්නේ බරපතළ කාලගුණ විපර්යාසවල පීඩාවෙන් මිදෙනු පිණිස විය හැකි බවත් තමන්ගේ ගවේෂණයට භාජන කරුණු කඳුකර කලාපයෙහි සිදුවන දේ ඇන්ඩීස් හා වෙනත් නිවර්තන කලාපීය කඳුවලද සිදු වෙතැයි විශ්වාස කළ හැකි බවත් ෆිට්ශ්පැටි්‍රක් ප්‍රකාශ කරයි.

පරිවර්තනය -
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon