ක්ලෝඩියො ඇරෝ නම් වූ පියානෝවේ රස උල්පත

  👤  2842 readers have read this article !
2019-01-06

"ක්ලෝඩියෝ ඇරෝ" (Claudio Arrau)  කියන්නේ චිලී දේශයේ උපත ලබා ඇමෙරිකාවේ සේවයේ යෙදුණු සුවිශේෂ පියානෝ වාදක ශිල්පියෙක්.

චිලියේ ඩිලාන්වල උපන් ඔහු සිවු හැවිරිදි වියේදීම පියානෝ වාදනයෙන් සිය මව මවිතයට පත් කළේ ඇය වෙතින් පියානෝ වාදනය ඉගෙන ගැනීමට පැමිණි සිසුන්ට ඉගැන්වූ වාදනයන් මතකයෙන් වාදනය කිරීම නිසාය.

ඉන්පෙර කිසි දිනක පියානෝවක් වාදනය කර නොතිබුණු සිඟිති පුතුගේ දස්කම් ගැන විස්මයට පත්වූ මව ඔහුටද පාඩම් කියා දෙන්නට පටන් ගත්තාය. ඊළඟ වසරේදී එනම් පස්වැනි වියේදීම ඔහු සිය ප්‍රසිද්ධ පියානෝ වාද්‍ය ප්‍රසංගය චිලියේ අගනුවර වූ සන්තියා ගෝ හි දී පැවැත්වීමට සමත් විය.

රජයේ අනුග්‍රහයෙන් 1912 - 18 කාලය තුළ ඔහුට ජර්මනියේ බර්ලින් නුවර ස්ටර්න් සංගීත විදුහලේ ඉගෙනීමට අවස්ථාව සැලසුණි. ස්විස්ට්සර්ලන්තයේ ජිනීවා හි 1927 පැවැති අන්තර්ජාතික පියානෝ වාදනය සඳහා වූ තරගයට සහභාගි වී එහි ඉහළම සම්මානය (Grand Prix InterNational despianistes)ඇතුළු පියානෝ වාදනය සඳහා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගත්තේය. 1924 - 40 කාලය තුළ ස්ටර්න් සංගීත සරසවියේ දී තවදුරටත් ශිල්ප හැදෑරීය. 1967 න් පසු චිලියේ ඒකාධිපති ආණ්ඩුවට විරෝධය පෑමක් වශයෙන් එරටේදී පියානෝ වාදනය ප්‍රතික්ෂේප කළේය.

එහෙත් ඒ වෙනුවට ඇමෙරිකාව, යුරෝපය හා ලෝකයේ වෙනත් තැන්වල පියානෝ වාදනය සංගීත සැපයුවේය. ජගත් කීර්තිධර සංගීතඥයන් වූ බීතෝවන් හා ලිසී පමණක් නොව චොපින්, ඩෙබෘසි හා ෂුමාන් ආදීන් නිර්මාණ වාදනය සඳහා දශක අටක් තිස්සේ ලොව පුරා කීර්තියක් දිනා සිටියේය. ඔහුගේ වාදන තැටිවලටද නඟා ඇති අතර ඒවායින් මෝසාර්ට් හා බීතෝවන් ආදීන්ගේ සම්පූර්ණ සොනාටාවන්  (Sonatas)  වඩාත් කැපී පෙනෙයි.


එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon