පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල මිරිකන්න ඉඩ දෙන්න එපා

  👤  2944 readers have read this article !
2018-12-30

යූ.ඇන්.පී. ආණ්ඩුව ජවිපෙ තහනම් කර ඔබේ පක්ෂයට විවිධ චෝදනා එල්ල කරමින් දැඩි මර්දනයක් මුදා හැර තිබෙනවා.

දේපොළ හිමි පන්තීන් ඉතිහාසය පුරාම ක්‍රියා කළේ තමන්ට වරප්‍රසාද හිමි කරදෙන දේපොළ ක්‍රමය රැකගන්නයි. සෑම ධනපති පන්තියක්ම මේ සඳහා තැනට වේලාවට යුගයට ගැළපෙන ක්‍රමයක් යොදා ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තුව, සර්වජන ඡන්ද බලය ලෝකයට හඳුන්වා දුන්නේ ධනපති පන්තියයි. නමුත් සූරා කෑමේ ක්‍රමය පවත්වා ගැනීමට ඒවා බාධාවක් වන විට ඔවුන් කිසිම පැකිළීමකින් තොරව ඒවා අත්හරිනවා. එවිට ධනපති පන්තියේ ක්‍රියාමාර්ග වරදාන μමේ සිට කෘෘර මිනිස් ඝාතන දක්වා විවිධ ස්වරූප ගන්නවා.

ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ඉවත දමන නග්න ආඥාදායකත්වයට මාරු වෙනවා. මේ තත්ත්වය පසුගාමී ධනපති රටවල ඉතාමත් හොඳින් කැපී පෙනෙනවා. ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු රටවල ඉතිහාසය පුරා මේ තත්ත්වය දකින්න ලැබුණා. පාකිස්තානය, බංග්ලාදේශය, පිලිපීනය වැනි රටවලත් වංචනික ආඥාදායකත්වයක් පවතිනවා. සිංගප්පූරුවෙත් එහෙමයි. අපේ රටට නියෝජිත ඡන්ද ක්‍රමය ලැබුණෙ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාμන් හරහා. අපට ඡන්ද බලය දුන්නෙ ධනපති ක්‍රමය රැකගන්න එදා එය අවශ්‍ය වූ නිසා. ඒ මීට වසර 50කට පෙර. අද තත්ත්වය වෙනස්. අද ලංකාවේ ධනපති ක්‍රමය රකින්න ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන හැකියාව වේගයෙන් අඩු වී යමින් තිබෙනවා.

නයිජීරියාව, උගන්ඩාව, ඝානාව වැනි බොහෝ රටවල ධනපති පාලකයන් පවා ධනපති ක්‍රමය රැකගැනීමේ මෙවලමක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදය ගැන තිබෙන විශ්වාසය අත්හරිමින් සිටිනවා. ලංකාවේ ධනපති ක්‍රමය අර්බුදයෙන් අර්බුදයට යමින් තිබෙනවා. ආර්ථික විෂමතාවන් උඩ ඇතිවී තිබෙන අර්බුදය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වී හමාරයි. ධනපති පක්ෂ අතර බල අරගලය පෙර නොවූ පරිදි ගැටුම් නිර්මාණය කර තිබෙනවා. ප්‍රථම වතාවට වෙස්ට්මිනිස්ටර් පාලනයට රට රවටන්නට තිබෙන හැකියාව හීන වෙමින් තිබෙනවා. මේ තත්ත්වය උඩයි අපේ රටේ පාලක පන්තිය වඩාත් විවෘත මර්දනීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී සිටින්නේ.

අපි දන්නවා සිරිමා බණ්ඩාරනායකගේ තුන් හවුල් ආණ්ඩුව අවුරුදු පහකට බලයට ඇවිත් හත් අවුරුද්දක් බලයේ ඉන්න උත්සාහ කළා. දුම්රිය කම්කරුවන්ගෙ වැඩ වර්ජන රැල්ල නිසා ඒක කරගන්න බැරිවුණා. අවුරුදු හයකට බලයට ආපු ජේ.ආර්. ජයවර්ධන ඒක ඉතාම වංචනික ආකාරයට අවුරුදු 12කට දික් කරගෙන සිටිනවා. පාර්ලිමේන්තු මැතිවරණය තියනවද ආණ්ඩුවේ කාලය දික් කරගන්නවද තීරණය කරන්නේ ජනාධිපතිවරයා. ප්‍රජාතන්ත්‍රවාදය මියයන බවට මේවා හොඳ උදාහරණ.

ඔබ කියන්නේ ව්‍යවස්ථාදායක ආඥාදායකත්වයක් ඇතිවන බවද?

දැනටත් අපේ රටේ පවතින්නේ ව්‍යවස්ථානුකූල ආඥාදායකත්වයක් තමයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනිච්චාවත සංඛාරා කියන්න පාලකයන්ට වුවමනා වී තිබෙනවා. ඔවුන් එය කරන්නේ ජනතාවට නොදැනෙන විදියට, ක්‍රම ක්‍රමයෙන් හොර රහසේ. ප්‍රසිද්ධියේ කළොත් පීඩිත බහු ජනතාව පන්ති අරගල මාවතට එනවා. 'ගරිල්ලා යුද්ධයේ ක්‍රම, කියන පොතේ චේ ගුවේරා සටහන් කර තිබුණා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාμ ක්‍රමයේ සේයාවක්වත් තියෙන රටවල සන්නද්ධ අරගලය සාර්ථක කරන්න බැහැ කියා. එවිට බහුජනයා අත්තනෝමතික පාලන ක්‍රමයන් පෙරළා දමන්න එකඟ කරවාගන්න අසීරු වෙනවා. අද ජයවර්ධන තොණ්ඩමන් ආණ්ඩුවට අවශ්‍යව තිබෙන්නේත් අන්න ඒ වගේ ක්‍රමයක්. එක් පැත්තකින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරලා අනිත් පැත්තෙන් එය අහෝසි නොකළ බව ජනතාවට මවාපාන්න හදනවා. මේ විදියට පීඩිත පන්තීන් අන්දමන්ද කරලා තමන්ගෙ පන්ති පාලනය පවත්වාගන්න වෑයම් කරනවා.

ඔවුන් පළමුවෙන් කළේ විධායක බලය පාර්ලිමේන්තුවෙන් ගලවලා ඇමෙරිකාවෙත් නැති විදිහෙ මහා බල පරාක්‍රමයක් තියෙන විධායක ජනාධිපති තනතුරක් හදපු එක. පක්ෂ නායකයන් විසින් මන්ත්‍රිවරු නම් කරන, පක්ෂ මාරු කර ආණ්ඩු හදන පනත් ඇති කළා. ඊළඟට විරුද්ධ පක්ෂ ලෑස්ති වෙන්න කලින් හිටි හැටියෙම ජනාධිපතිවරණය තිබ්බා. මම එදා ජනාධිපතිවරණයට තරග කරනවිට මම අපේක්ෂකයෙක්. ජේ.ආර්. ජනාධිපතිවරයෙක්. පිලිපීනෙ මාකෝස් කළ දේමයි ඔහු කළේ. අනුරාධපුරේ රැස්වීමකμ ජේ.ආර්. කිව්ව තමන් ලංකාවෙ ඡන්ද සිතියම අවුරුදු 10කට අකුළනව කියල. ජනමත විචාරණ ප්‍රෝඩාවෙන් පාර්ලිමේන්තුවේ බලය තවත් අවුරුදු 6කට දික් කරගත්තා. ඒ ප්‍රෝඩාකාරී ජනමත විචාරණයට විරුද්ධව මම නඩුවක් ෆයිල් කළා. ඒක විභාගයට ගන්න කලින් අපේ පක්ෂය තහනම් කළා. ජේ.ආර්. අද අපිව අල්ලන්න ප්‍රසිද්ධියේ නියෝග දෙන ගමන් අපිව මරවන0්න රහසිගතව නියෝග දෙනවා. අපට ඒ තොරතුරු සියල්ල ලැබී තිබෙනවා.

අපේ කටවල් වහල කියල දැන් ලැජ්ජා නැතිව කියනවා ජනමත විචාරණයට විරුද්ධව කවුරුවත් නීතිය ඉදිරියට ගියේ නැහැ කියල. දැන් පාර්ලිමේන්තුවෙ එජාප මන්ත්‍රින්ගෙ දින නැති අස්වීමේ ලිපි අරගෙන. එතකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් 6න් 5ක් ජේ.ආර්.ගේ අත්අඩංගුවේ. ඒ අයගේ හෘද සාක්ෂිය විලංගු දාලා ප්‍රාණ ඇපකරුවන් කරගෙන එජාප කෘත්‍යාධිකාරී සභාවට සාමාජිකයන් පත් කරන්නෙත් පක්ෂ නායකයා. සාමාජිකයන්ට ඒ බලය නැහැ. ඉතින් ලංකාවේ කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ. පවතින්නේ අත්තනෝමතික ආඥාදායකත්වයක්.

වටේ සිදුවෙමින් තිබෙන දේවල් ඉතා භයානකයි. ආයෙත් ඡන්ද නැහැලු. විප්ලවවාμන් ගැන සෝදිසියෙන් ඉන්නලු. ඊයෙ පෙරේද තැන් තැන්වල කියා තිබුණා අතට ආපු බලය අත අරින්න සූදානම් නැහැ කියා. ඊට ප්‍රධාන බාධාව ජවිපෙ නිසා ඉක්මනින්ම ජවිපෙ අතුගා දමනවා කියා ප්‍රකාශ කර තිබුණා. දැන් ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් රටේ දක්ෂිණාංශික මිලිටරි පාලනයක් ඇති කරන්නත් කටයුතු කරගෙන යනවා. විශේෂ චරපුරුෂ සේවා, ත්‍රස්තවාμ සංවිධාන, ඊශ්‍රායල් උදවු ඇතිව පැසිස්ට්වාμ මිලිටරි සේනාංක හදනවා. අප ජනතාවට කියනවා ජේ.ආර්. කියන අලුගෝසුවා අපේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල මිරිකා ඇති බව.
සිරිමා බණ්ඩාරනායක මහත්මිය මහ මැතිවරණයක් ඉල්ලනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

ඔව්. බණ්ඩාරනායක නෝනා පරක්කු වෙලා හරි මහ මැතිවරණයක් ඉල්ලල උද්ඝෝෂණය කරන එක හොඳයි. ඒත් ඡන්දයක් පවත්වන්න කිසිම සූදානමක් නැති තත්ත්වයකμ ඡන්දය පවත්වන්න සූදානමක් තිබෙනවාය කියන මතය ජනතාව අතරට යවනවා නම් ඒක භයානකයි. ඒක ජේ.ආර්.ගෙ වාසියට කරන දෙයක්. ජනාධිපති මැතිවරණයට අපි ඔක්කොම එකතු වෙලා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමු කියල එදා අපි ඉදිරිපත් කළ යෝජනාවට ඒගොල්ලො එකඟ වුණේ නැහැ. ඒ නිසා ඒකාධිපති ආඥාදායක පාලනයකට පාර කැපුණා. ඊළඟට අර දූෂිත ජනමත විචාරණය පරද්දන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යුතුකම් ඉටුකළේ නැහැ. බණ්ඩාරනායක නෝනා එදා හිටියෙ මට නැත්නම් වෙන කාටවත් එපා කියන කුහක ප්‍රතිපත්තියෙ. අඩු ගණනෙ පක්ෂෙට ලැබුණු රූපවාහිනි කතා තුනවත් ගත්තෙ නැහැ. මෛත්‍රිපාල සේනානායක, ඇස්.ඩී.ආර්. ජයරත්න වගේ ශ්‍රීලනිප නායකයො පාර්ලිමේන්තු කාලය දික් කරනවට පක්ෂව යූඇන්පී වේදිකාවට නැග්ගා. ජනමත විචාරණය පරද්දන්න අවංකව වැඩ කළේ ජවිපෙ විතරයි. උතුර, නැඟෙනහිර හැරුණාම ජනමත විචාරණයේμ යූඇන්පීය පැරදුණේ අපි ප්‍රබලව හිටපු තැන්වල. හම්බන්තොට ආසන 4ම ඔවුන් පරාදයි. ජනමත විචාරණය වංචාවක්, මහ මැතිවරණය පවත්වනු කියල උද්ඝෝෂණය කළේ අපි විතරයි.

ජේ.ආර්. කඩින් කඩ අතුරු මැතිවරණ තියල ජනතාව මුළා කරද්දි අපි සියලුම පක්ෂවලට ආරාධනය කළා අතුරු මැතිවරණ වර්ජනය කර සියලු මහජන නියෝජිතයන් ඉවත් කරගන්නත් ප්‍රජාතන්ත්‍රවාμ අයිතීන් දිනාගන්නත්. ඒත් ප්‍රධාන පක්ෂ ඊට එකඟ වුණේ නැහැ. දැන් මහ මැතිවරණය සටන් කර ලබාගන්න සිද්ධ වෙලා. බණ්ඩාරනායක නෝනාගෙ විතරක් නොවෙයි ජනතාවගෙත් ප්‍රජා අයිතිය නැති කරලා. අද කළ යුත්තේ මහ මැතිවරණය දිනා ගැනීම සඳහා සියලුම යූඇන්පී විරෝධී බලවේග එක අරමුණකට පෙළ ගැස්වීමයි. මහ මැතිවරණය ඉල්ලා කරන අරගලය රටේ පුළුල් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ඉල්ලා කරන අරගලයේම කොටසක් විය යුතුයි.
එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව අනෙකුත් දේශපාලන පක්ෂ පෙළ ගැසෙන්නේ නැත්තේ ඇයි?

අමතක කරන්න එපා 77μ ජේ.ආර්. හයෙන් පහක බලයක් දිනාගත්තේ ශ්‍රීලනිප, කොප, ලසසප හවුල ගෙන ගිය ජනතා ද්‍රෝහී අගතිගාමී පාලනය නිසා. මේ විදියට කොප, ලසසප, යූ.ඇන්.පී.ය පරද්දන්න කී වතාවක් ශ්‍රීලනිපයට මුක්කු ගැසුවාද? ඉන් ලැබූ ප්‍රතිඵලය මොකක්ද? ඇත්තම කියනවා නම් මේ අය සූදානම් වන්නේ තමන්ටත් ආසන කීපයක් ලබා ගන්න.

වර්තමාන ආණ්ඩුව ඔටුනු පලන් චෞරයන්ගේ ආණ්ඩුවක් ලෙස ඔබ හඳුන්වනවා. ආණ්ඩුව තුළත් දූෂිතයන් සිටින බව ජනාධිපතිත් ගාල්ලේμ කියා තිබුණා.

මුලින්ම 'ඔටුනු පලන් චෞරයෝ' යෙදුම භාවිත කළේ ප්‍රංශයේ තෝමස් ප්ලෙමින් විසින්. ඔහු දූෂිත අත්තනෝමතික පාලකයන් හැඳින්වීමට එය යෙදුවා. පිලිපීනෙ මාකෝස්ට ඇ.ඩො. කෝටියක ධනය තිබුණ. ලංකාවෙ අප හොඳින් දන්නා ඉතිහාසය තුළ අපේ රටේ ඇමැතිවරු ලෝකෙ බොහෝ රටවල ඉඩකඩම් ගෙවල් ‍ෙදාරවල් ගන්නවා. ඔවුන් කොල්ලකන්නේ මේ රටේ ජනතාවට අයිති මුදල්. මහවැලියෙන් ගැරුවා. ආයුධ ගනුදෙනුවලින් ගරනවා. පගා, කොමිස්, වංචා, සොරකම් ඉවරයක් නෑ. නිසරු ඉඩම් රජයට μ රජයේ සරු ඉඩම් තමන් ලියා ගත්තා. මේ ආණ්ඩුවේ දූෂිතයන් නොවන අය හොයන්න අමාරුයි.
යූඇන්පීයේ වර්තමාන ක්‍රියා පිළිවෙත ෆැසිස්ට්වාμ බව ඔබ කියනවා. ඇයි ඒ?

ෆැසිස්ට්වාදය කියන්නෙ ධනපති ක්‍රමයේ පොදු අර්බුදය තුළ සූරාකන පාලක පන්තිවල සිටින ප්‍රතිගාමී ආක්‍රමණකාරී කොටස් ඇති කරන ත්‍රස්තවාμ ආඥාදායකත්වයටයි. එය වෙනත් ප්‍රතිගාමී ආඥාදායකත්වයන්ට වඩා වෙනස්. ෆැසිස්ට් ක්‍රමය යටතේ නොයෙක් කොටස් සමඟ සම්බන්ධව ඒවා පෙළගස්වන්නටත් පාලකයන් ක්‍රියා කරනවා. මාක්ස් ජීවත්ව සිටියμ ෆැසිස්ට්වාදයක් ලෝකෙ තිබුණෙ නැහැ. ප්‍රංශයේ ධනපති ප්‍රතිගාමිත්වය මාක්ස් හැඳින්වූවේ බොනපාට්වාදය නමින්. හාපුරා කියල ෆැසිස්ට්වාදය කරළියට ආවෙ 1920 ගණන්වල මුල. අද ලෝකයේ තියෙන නව ෆැසිස්ට්වාμ සංවිධාන වගේම ජේ.ආර්. ජයවර්ධනටත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සමඟ නීති විරෝධී වර්ධන ක්‍රම තුලනය කරනවා. ඉතාලිය, ජර්මනිය, ඔස්ටි්‍රයාව ලෝක යුද්ධයට පෙර මේ ක්‍රම භාවිත කළා. අද ලංකාවත් ඒ මාවතේ යනවා. කම්කරුවන්ගේ ශිෂ්‍යයන්ගේ දේශපාලන ව්‍යාපාරවලට විරුද්ධව මැර බලය යොදවනවා. 83μ රට පුරා ජාතිවාμ විනාශයන් සිදු කළා. වාමාංශික පක්ෂ තහනම් කළා. විරුද්ධ මත මර්දනයට ලේ සහ යකඩ යොදා ගන්නවා. හැම තැනම අද පෞද්ගලික ෆැසිස්ට් හමුදා.

මේ තත්ත්වයන් වළක්වන්න ඔබේ යෝජනා කුමක්ද?

ෆැසිස්ට්වාදයට මුහුණ μ පරාජය කිරීම ඉතාමත් සංකීර්ණ දෙයක්. නමුත් එය කළ යුතුයි. මුලින්ම රටේ පවතින සැබෑ තත්ත්වය ඉවසීමෙන් ජනතාවට තේරුම් කර දෙන්න ඕන. ඊට මුහුණ μමට ඔවුන් සංවිධානය කරන්න ඕන. විරුද්ධ පක්ෂවල ඉන්න වගඋත්තරකාර නායකයන් හෙළිදරව් කරන්න ඕන. අවංක කොටස් ඒ අයගෙන් ගලවාගන්න ඕන. ඊයෙ කරපු වැරැදි මොනවා වුණත් අද ෆැසිස්ට් පාලනයට විරුද්ධව අවංකව පෙනී සිටිනවා නම් ඒ අය සමඟ පෙළ ගැහෙන්න ඕන. ජේ.ආර්.ට විරුද්ධව කම්කරු පන්තිය සමඟ කැපවීමෙන් වැඩ කිරීමෙන් හා ඔවුන් කුළු ගැන්වීමෙන් විතරයි ජේ.ආර්. පරාජය කළ හැක්කේ. ඉහළින් බැරි වුණාට මේ වන විටත් පහළින් ෆැසිස්ට් විරෝධී ජනතා පෙළ ගැස්මක් ඇතිවෙමින් තිබෙනවා.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon