යුක්තිය උදෙසා ඉවසීමෙන් සටන් කරන්න ජය නියතයි

  👤  3052 readers have read this article !
2018-12-30

අප්‍රිකාවේ සියොරා ලියොන් යනු දරුවකුට ජීවත්වීමට නුසුදුසුම පළාතක් ලෙස ලොවේම ප්‍රසිද්ධ පෙදෙසකි. ඇමෙරිකානු යුනිසෙප් නියෝජිතවරිය සමඟ හොලිවුඩ් රංගන ශිල්පිනිය සල්මා හායෙක් එහි රෝහලක් නැරැඹීමට ගියාය. ගරා වැටුණු අඳුරු රෝහල් ගොඩනැඟිලි අතරින්, 13 වියේ සිටම මවුවරුන් බවට පත් වුණ මන්දපෝෂිත අප්‍රිකානු කාන්තාවන් අතර සැරිසරන ඇගේ නෙත ගැටෙන්නේ 19 වැනි වියේ පසු වන කාන්තාවකගේ සතියක් වයසැති දැඩි ලෙස රෝගාතුර වූ දරුවායි. අප්‍රිකානු පිරිමින් අතර මවුකිරි දෙන කාන්තාවක සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම අහිතකර යැයි පවතින මතය නිසා එම මවුවරුන්ව මවුකිරි දීමෙන් වළක්වනු ලැබේ.

සල්මා ද ඒ වන විට අවුරුද්දක් වයසැති තම දියණියට මවුකිරි දෙමින් සිටි සමයකි. කුසගින්නෙන් පීඩිතව සිටින බිලි¼දා දකින සල්මා හායෙක් බිඳක්වත් නොපැකිළව එම සිඟිත්තිය ගෙන ළයට තුරුලු කරගෙන මවුකිරි දුන්නේ තමාගේම දියණියකට මෙන් සෙනෙහසිනි.

දෙව්ලියක මෙන් තම පිහිටට පැමිණි මේ සුදු මවගේ උණුසුමට තුරුලු වුණු කළු දරුවාද තම මවගෙන් මෙන් කිරි උරා බොන අයුරු දුටු අයගේ නෙතට නැඟුණේ කඳුළකි. එම මනුෂ්‍යත්වයේ සුන්දර මොහොත ලොව පුරා මාධ්‍යවලින් විසුරුවා හැරුණේ විවිධ භේද පාරට ගෙන එකිනෙකා හා කා කොටා ගැනීම කොතරම් නිරර්ථක දැයි ලොවට හඬ ගා කියමිනි.

1966 සැප්තැම්බර් 2 මැක්සිකෝවේදී උපත ලබන සල්මා හායෙක් මෙක්සිකානු ව්‍යාපාරිකයකුගේ සහ ඔපෙරා ගායිකාවකගේ දියණියකි. නව හැවිරිදි වියේදී ඔලිම්පික් ජිම්නාස්ටික් ශූරියකගේ දස්කම් දකින සල්මා පියාට ඇවිටිලි කරන්නේ ජිම්නාස්ටික් උගන්වන ලෙසය.

'මගේ සිහිනය වූයේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වීමය. වයස අවුරුදු නවයේදී මාස දෙකක් ඇතුළත ඔලිම්පික් කණ්ඩායමට තේරුණත් ඒ සඳහා පුහුණුවට නේවාසික පාසලකට යැවීමට පියා කැමැති වූයේ නෑ. සිහිනය එතැනින්ම බොඳ වී ගියා. එයින් ශෝකයට පත්ව සිටි මා සිනමා දර්ශන නැරැඹීමට වුණා. සිනමා ලෝකය මා ඉදිරියේ මැවූ අපූර්වත්වය මා නැවත තවත් සිහිනයක් වෙත කැඳවූවා. ඔව්, සිනමාව. සැබෑ ජීවිතයේ නැති ඕනෑම දෙයක් මැවිය හැකි සිනමාව. විශ්වය තුළ තවත් විශ්වයක්! මම ඒ සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසුණා. මූලික අධ්‍යාපනයෙන් පසු මැක්සිකෝවේ සිටි මා ඇමෙරිකාවට පැමිණ සිනමා කර්මාන්තයට සම්බන්ධ වන විට ඔවුන් මට ඉඩක් දුන්නේ නෑ. මැක්සිකානු ජාතික කාන්තාවක් වීම නිසා මට මේ ක්‍ෂේත්‍රය ජයගැනීමට බොහෝ දුෂ්කර මඟක ගමන් කිරීමට සිදු වූවා.' ආකර්ෂණීය පෙනුමකින් යුතු සල්මා ඇගේ හුරුබුහුටි අවංක නිර්ව්‍යාජ හැසිරීම් විලාසයෙන් දශක කීපයක් පුරා නරඹන්නන් අමන්දානන්දයට පත් කළ ශිල්පිනියකි.

2002 ටපඪඤච ම්චඩතධ නම් මැක්සිකානු චිත්‍ර ශිල්පිනියකගේ චරිතය ආශ්‍රයෙන් ගොඩනැඟූ ටපඪඤච නම් සිනමා පටයට හොඳම නිළියට හිමිවන ඇකඩමි ත්‍යාගය ලබා ගනිමින් ඇය හොලිවුඩ් සිනමාවේ තම ස්ථානය තහවුරු කර ගත්තාය. 1999 දී හොඳම විදේශ සිනමා පටයට හිමි ත්‍යාගයද හොඳම හාස්‍යජනක නිෂ්පාදනයට

හිමි වන ගෝල්ඩන් ග්ලෝබ් ත්‍යාගයද ඇතුළු බොහෝ සම්මානවලින් අෑ පුද ලබා ඇත. සිතුවම් පට සියයක පමණ රංගනයේ යෙදී දශක කීපයක සිනමා කර්මාන්තයේ නියුක්තව හසළ දැනුමක් ඇති ඇය පවසන්නේ සිනමා පටයක භාෂාව ඉංග්‍රීසිද, ප්‍රංශද කියන එකට වඩා වැදගත් වන්නේ එය කොතෙක් දුරට දෘශ්‍ය භාෂාව අනුගමනය කර තිබෙනවාද යන්න බවයි.

සතුන් වෙත ඇය දක්වන කරුණාව නිසා ඇගේ නිවෙස සතුන්ගේ අභය භූමියක්ව පවතී.

'බොහෝ අය සංචාරය කරන විට එකතු කරන්නේ එක එක වර්ගයේ සිහිවටන. එහෙත් ඔබ එකතු කරන්නේ සතුන්. ජීවත් වන සතුන්.'

'මා සතුන් එකතු කරනවා නොවේ. වීදිවල අතරමංව සිටින ඔවුන්ව ගලවා ගන්නවා. දැනට මා ළඟ සතුන් තිහක් පමණ සිටිනවා ආබාධිත අයත් සමඟ' ඇය පවසන්නේ සිනාමුසුවය.

හොලිවුඩ් පුරයට නුහුරු ඇගේ දීර්ඝකාලීන ප්‍රීතිමත් විවාහ ජීවිතයේ රහස ඇය හෙළි කළේ මෙසේය.

'අපට ප්‍රශ්නයක් ආවාම අපි එකිනෙකා හා රණ්ඩු කරන්නේ නැහැ. එය ඇති කළේ අනෙකා යැයි එකිනෙකාට චෝදනා කරන්නේ නැහැ. ප්‍රශ්නය මතු වුණේ කොහොමද? කාගේ වැරැද්දද යැයි සොයමින් එකිනෙකා තුළ වරදකාරී හැඟීම් ඇති කරන්නේ නැහැ. අපේ සම්පූර්ණ ශක්තිය යොදවන්නේ එම ගැටලුවෙන් ගොඩ ඒමට පමණයි. අපේ දේශපාලනඥයනුත් ඒ විදියට කල්පනා කරනවා නම් හොඳයි නේද?'

එක්සත් ජාතීන්ගේ සාම දූතිකාවක් ලෙස ගෘහස්ථ හිංසනය පිටුදකින ලෙස විවිධ රාජ්‍යයන්වල නායකයන් පෞද්ගලිකවම හමු වී ඉල්ලීම් රැසක් කරමින් ඇය සමාජ ක්‍රියාකාරිනියකගේ වගකීමද ඉටු කරන්නේ තමා ලබා ඇති ජනප්‍රියතාව සමාජයට පුද කරමිනි.

'මිනිසුන් වෙනස් වන්නේ ඉතා සෙමින්. අප ඔවුන් වෙනුවෙන් යමක් කරන විට ඉක්මනින් ඒ වෙනස බලාපොරොත්තු නොවිය යුතුයි. එහෙත් අපි නිවැරැදි දර්ශනයකින් ඉවසීමෙන් කරගෙන යන සටනක් අනිවාර්යයෙන්ම ජය ගන්නවා.' ඇය පවසන්නේ බලාපොරොත්තු සහගතවය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon