අසම්මත ප්‍රේමයෙහි හද බැඳුණු අතීතෙක සුසානයෙන් නිමා වූ සොඳුරු ආදරයකි

  👤  3099 readers have read this article !
2018-12-02

ඇබෙලාඩ් පීටර් (ඒඡඥතචපඤ නඥබඥප) ප්‍රංශ ජාතික පඬුවෙකි. දාර්ශනිකයෙකි. තර්ක ශාස්ත්‍රය හා දේව ධර්මය හැදෑරූ අයෙකි.

මධ්‍යකාලීන යුගයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිසුවියක හා ඇති කරගත් පෙම් සබඳකමක් නිසා ප්‍රසිද්ධිය ලැබීය. ඇරිස්ටෝටල්ගේ ක්‍රමය අනුව ප්‍රශ්න කිරීම්වලින් කරුණු හෙළිදරව් කර ගැනීම ඔහුගේ පිළිවෙත විය.

ඒ මඟින් පල්ලියේ ප්‍රධානීන් හා ජේ‍යෂ්ඨයන් අතර පැවැති ප්‍රතිවිරුද්ධ මත සමනය කරන්නට හැකි වෙතැයි ඔහු සිතුවද ඔවුන්ගේ අදහස්වලට පක්‍ෂ හා විපක්ෂ කරුණු හෙළිදරවූ වීම නිසා ඔවුහු ඔහු හා සතුරු වූහ.

විවාහයට තුඩු දුන් සිය ජීවන තොරතුරු ඔහු විසින් පසුව ලියනලද ස්වයංලිඛිත චරිතාපදානය වූ "මගේ අවාසනාවන්ත ජීවන ඉතිහාසය" නම් කෘතියෙහි දක්වා තිබේ.

ප්‍රංශයේ තැබ්යේ අසල උපන් ඇබෙලාඩ් පූජකවරය ලබා පැරිසියේ නොත්‍ර දාම දේවස්ථානයේ දේවධර්ම ආචාර්යවරයකු ලෙස සේවයට පැමිණ, 1115දී එම දේවස්ථාන පාඨශාලාවේ ගුරුවරයකු විය.

එහිදී තමා වෙතින් උගත් සිසුවියක වූ "එලොසිස්" හා රහස් පෙම් සබඳතාවක් ඇති කර ගත් ඔහු හොර රහසේම ඇය හා විවාහ වූයේ සිසුවිය හා එවැනි සබඳකමක් ඇති කර ගැනීමට එවකට පැවැති සමාජය නොහොබිනා දෙයක් ලෙස සැලකු බැවිනි.

ඔවුන් දෙදෙනාට එක් වීමට සමාජයෙන් ඉඩක් ලැබුණේ නැත. අපවාදයෙන් ගැලවෙන්නට ඇය කන්‍යාරාමයකට ඇතුළු වූවාය. ඇගේ මාමා කෙනකු මෙන්ම දේවධර්මාචාර්යවරයකු වූ නේලුබෙයාගේ නියමය මත දඬුවම වශයෙන් මැරයන් විසින් 1118දී ඇබෙලාඩ් වන්ධ්‍යකරණයට ලක් කළ බව සඳහන්ය. පූජකයකු ලෙස යළි ඉගැන්වීම ඇරැඹූ ඔහුට කටකතා නිසා දිගටම සේවය කළ නොහැකි විය.

පසුව වනවාසී පූජකයකු වී නෝජේනට්වලට ගිය ඔහු එහි ර්ථීපචචජතඥබඥ දෙසුම්හලක් ඉදි කොට එහි කටයුතු කළේය. ඉන් කලකට පසු ඔහු බි්‍රටැනිහි පූජකාරාමයක ආරමාධිපති විය.

යළිත් කටකතා නිසා ඇති වූ තත්ත්වයක් මත පැවැති විභාගයට මුහුණදී තම නිර්දෝෂී බව ඔප්පු කිරීම සඳහා යමින් සිටියදී "චාලන් සූර්යානේ" හිදී ජීවිතක්‍ෂයට පත්විය.

ඉන් කලකට පසු 1164දී මියගිය එලෝසියස්ගේ මළ සිරුර මිහිදන් කළේද ඔහුගේ සොහොන අසලමය. 1817දී ඔවුන්ගේ සොහොන්වල ශේෂයන් යළි ගොඩ ගෙන පැරිසියේ ජේරේ ලාකයිස් සුසාන භූමියේ තැන්පත් කරන ලදැයි සඳහන්ය.

සුභානි එම්. ආරච්චිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon