කාමිණී කෞෂාල් සුරූපිනියගේ සොඳුරු රංගාවතරණය

  👤  2843 readers have read this article !
2018-12-02

චිත්‍රපට තැනුණාට, ජනප්‍රසාදය දිනුවාට ඒවා බොහොමයක් සම්මානනීයත්වයට පාත්‍ර වන්නේ නැත. 1946 ‍ෙදාරට වැඩි භාරත සිනමාවේ පළමු මතක සටහනක් තැබූ චිත්‍රපටයකි 'නීච නගර්'. එය චේතන් ආනන්ද් අධ්‍යක්ෂණය කළ අතර විනාඩි 122ක චිත්‍රපටයක් වූයේය. කව්ජා අහමඩ් අබ්බාස් රචනා කළ අතර එය හයතුල්ලා අන්සාරිගේ කතා තේමාවක් විය. රෆීක් අහමඩ්, උමා ආනන්ද්, කාමිණී කෞෂාල්, රාෆි පිර්, හමිඩ් බට්, සොහ්රා සයිගාල් රඟපෑහ. රවි ශංකර්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය ඇරැඹෙන්නේ මෙම චිත්‍රපටයෙන්ය. "ඉන්දියා චිත්‍රපට" වෙනුවෙන් රෂීඩ් අන්වර් සහ ඒ. හාලිම් නිෂ්පාදනය කළේය.

මෙය භාරත සිනමාවේ පළමු අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලද චිත්‍රපටයයි. 1946 කෑන්ස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ට්පචදඤ නපඪය ඤභ ටඥඵබඪමචත ධ්දබඥපදචබඪධදචත ඤභ ටඪතථ සම්මානය ඊට හිමි විය. රුසියානු ගත් කතුවර මැක්සිම් ගෝර්කිගේ "ඊඩඥ ඹ්ධඹඥප ච්ඥනබඩඵ" කතාව ඇසුරින් නිමැවිණි. පහත් යැයි සම්මතයෙන් බැහැර කරන ලද ජන වර්ගයක කතාවක් මීට පාදක විය. දුප්පත් පොහොසත් සමාජ පරතරයෙහි ගැඹුර ඉන් කියැවිණි.

මෙයින් මුල් වතාවට මතු වූ ප්‍රමුඛයන් දෙදෙනෙකි. ඒ අතිශය රූමත්, මෙහි ප්‍රධාන චරිතයට පණ පෙවූ කාමිණී කෞෂාල් සහ සංගීත අධ්‍යක්ෂණය කළ රවි ශංකර්ය. මෙහිදී කාමිණී කෞෂාල් භාරත සිනමාවේ වැඩි උගත්කමක් සහිතව මතු වූ ප්‍රධාන නිළියට හිමි ගෞරවය ලැබුවාය. ඇය ඉංගී්‍රසි විෂයෙහි ගෞරව උපාධියක් ලද රූමතියකි. ඇයගේ පියා උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ශිව් රාම් කාශ්‍යප් නමැත්තාය. එහෙත් ඇයගේ වයස අවුරුදු 7ක් වෙද්දීම පියා මියගියේය. ඉගෙනීම අත් නොහළ ඇය එය පූර්ණ කරගත් පසු යටි සිතේ තිබුණු සිනමා රංගනයට වූ ආශාව සම්පූර්ණ කර ගැනීමට මාන බලමින් උන්නාය.

ගුවන් විදුලි නාටකවලට සම්බන්ධ වෙමින් ඒ ගමනට හුරු වෙමින් සිටියදී ඇයටත් තම යෙහෙළියක වූ උමා ආනන්ද්ටත් එකවර චිත්‍රපට රංගනයක් සඳහා ආරාධනාවක් ලැබෙන්නේ චේතන් ආනන්ද් ගෙනි. චේතන් උමා ආනන්ද්ගේ සැමියාය. චිත්‍රපටය 'නීච නගර්'ය. එහි උමාට වඩා ප්‍රධාන චරිතය වූ 'රූපා'ගේ චරිතය ගැළපුණේ කාමිණීටය. එහෙත් කාමිණී චිත්‍රපට නිසාම තම නම කාමිණී බවට හරවා ගත්තේද තම යෙහෙළිය වූ 'උමා' නිසාය. කාමිණීගේ සැබෑ නාමයද 'උමා'ය. චේතන් ආනන්ද්ගේ බිරියත් ඇයගේ යෙහෙළියත් උමා වීම නිසා චේතන් ඇයට වෙනත් නමක් යොදාගමු යැයි යෝජනා කළේය. ඒ අනුව "කේ" අකුර මුල් කරගත් නමක් යෝජනා කරන්නැයි කාමිණී කීවාය. පසුව "නීච නගර්" චිත්‍රපටයේ අතිශය රූමත් 'රූපා'ගේ ප්‍රධාන නිළි චරිතයට රඟපෑ උමා කෞෂාල් "කාමිණී කෞෂාල්" බවට පත් වූවාය. මේ නම අතිශය ජනප්‍රිය වූ අතර ඇයගේ අතිශ්‍ය රූමත්, සරාගී පෙනුමත් සමඟ ඇය රිදී තිරය ඔපවත් කරමින් මතු වූවාය.

කාමිණී කෞෂාල් 1927 පෙබරවාරි 24දා එකල ඉන්දියාවට අයත්ව තිබුණු පන්ජාබ්හි ලාහෝර් නගරයේදී උපත ලැබුවාය. ඇය රංගනයෙන් දායක වූ මතක සිටින රංගනයන් ඇතුළත් චිත්‍රපට කිහිපයක් විය. ඒ 1946 තිරගත වූ ඇයගේ පළමු චිත්‍රපටය වූ "නීච නගර්" ශිලාගේ චරිතයට පණ පෙවූ 1948 තිරගත වූ "ෂාහිඩ්", පුල්වාගේ චරිතයට පණ දුන් 1948 වසරේම තිරගත වූ "නදියා කේ පාර්", ශාන්තිගේ චරිතයට පණ දුන් 1949දී තිරගත වූ "ෂාබ්නාම්", "කාමිණී" නමින්ම පණ පෙවූ 1950 තිරගත වූ "අර්සු" ධිරාජ් චක්‍රවර්ති ලෙස රඟපෑ 1954දී තිරගත වූ "බිරාජ් බාහු" චිත්‍රපට කිහිපය ය. තවමත් ජීවතුන් අතර සිටින කාමිණී මේ වන විට 91 වැනි වියෙහි පසුවන්නීය. ඇයගෙන් පසුව ක්ෂේත්‍රයට පැමිණි බොහෝ නළුවන් නිළියන් දැන් ජීවතුන් අතර නැති වුවත් ඇය මේ මෑතක් වන තුරුම රඟපෑවාය. ඒ වෙනුවෙන් ඇය ගෞරව සම්මාන කිහිපයකටද උරුමකම් කියුවාය. 1956දී හොඳම නිළියට හිමි සම්මානය "බිරාජ් බාහු" චිත්‍රපටය වෙනුවෙන් ඇය දිනා ගත්තාය. 1967දී "ෂාහිඩ්" චිත්‍රපටය සඳහා හොඳම සහාය නිළියට හිමි ඕජ්බ්ඒ සම්මානයත්, 2013 ම්චතනචදච ඛ්ඩචඹතච ඡ්යජඥතතඥදජඥ සම්මානයත්, 2015දී ජීවිත කාලයේදී එක් වරක් පමණක් හිමි වන ගෞරවනීය ටඪතථටචපඥ සම්මානයත් හිමි කර ගත්තාය.

එකල තිරයේ සුපිරි පෙම්වතුන් ලෙස රඟපෑ නළුවන් වූ අශෝක් කුමාර්, රාජ් කපූර්, දේව් ආනන්ද්, දිලිප් කුමාර් සමඟ ප්‍රමුඛ චරිත නිරූපනයට වාසනාවන්ත වූවාය. කාමිණිගේ ජනප්‍රියත්වය ඉහළ නංවන්නට සමත් වූයේ ෆිල්ම්ස්ටාන් නිපැයූ "දෝ බායි" (1947) චිත්‍රපටයය. දේව් ආනන්ද් හා පෙම්වතුන් ලෙස රඟපෑමද මීට හේතු විය. "සිද්ධි" චිත්‍රපටය ඉන් ප්‍රමුඛය. මෙම පෙම් යුවළගේ චිත්‍රපට පෑහීම "නමුනා" චිත්‍රපටය තෙක් ගලා ගියේය. එසේම කාමිණී තවත් අතකින් භාරත සිනමාවේදී සුවිශේෂී වන්නේය. ඒ ලතා මංගේෂ්කාර් නම් ගායිකාව පළමුවෙන්ම චිත්‍රපට ගීයක් සඳහා ප්‍රධාන නිළියකට පසුබිම් ගීතයක් ගැයුවේ කාමිණීටය. ඒ සිද්ධි චිත්‍රපටයටය. ලතා සහාය නිළියන්ට ගයා ඇති මුත් ප්‍රධාන නිළියට පළමුවෙන්ම ගී ගැයුවේ කාමිණී වෙනුවෙනි.

ඇය ප්‍රධාන නිළි චරිතයට රංගනයෙන් දායක වූ සුන්දරම සහ ජනප්‍රියම සාර්ථක අවධිය 1946-1963ත් අතර බවට සිනමා විචාරකයන්ගේ අදහසය. ප්‍රධාන නිළියගේ භූමිකාවේම සිරගත නොවූ ඇය 1965න් පසු චරිතාංග රංගනයට පිවිසෙන්නේ කිසිදු අපහසුතාවකින් තොරවය.

ඇය අපූරු ගැහැනියකි. දිලිප් කුමාර් අතිශය ජනප්‍රිය තලයේ සිටියදී ඇයට ප්‍රේමය ප්‍රකාශ කළත් එය අත්හැර දමා කාමිණී සිය මියගිය වැඩිමල් සොහොයුරියගේ සැමියා වූ තමන්ගේ මස්සිනා හා විවාහ වන්නේ සොහොයුරියගේ දරුවන් රැකබලා ගන්නා චේතනාවෙනි. දිලිප් කුමාර් තම ස්වයං චරිතාපදානයෙහි කියා තිබෙන්නේ කාමිණී ඔහුගේ ප්‍රථම ප්‍රේමය වූ බවය. ඇය පසු කලෙක ටඪතථටචපඥ සඟරාවට පැවැසූවක් මෙසේය.
"මම ඉන්දීය සිනමාවේ ප්‍රමුඛම නිළියන් සමඟ රඟපෑවා. ඔවුන් හා සතුටින් රැඳුණා. ඒ අය අතර සරෝජා දේවි, භානුමතී, රාමක්‍රිෂ්ණ, සව්කර් ජානකී, මාලා සිං, මොෂාමි චැටර්ජි, වෛජයන්ති මාලා, පද්මිණි සහ ෂර්මිලා තාගෝර්. ඔවුන් අඩු වයසින්ම විවාහ වුණා. ඉතා කෙටි කලකින්ම සාර්ථක වුණා. මමත් එහෙමයි. විවාහ වුණා අපේ ජීවිතේ පටන් ගැනුණා. සිනමා ජීවිතයත් පවුල් ජීවිතයත් සතුටින් පිරුණා. ජීවිතය සාර්ථකයි කියා හිතෙනවා."
(ලබන සතියට)

සජිත් රෝහිත
ලියනගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon