හිමව් අරණෙත් රැඳී සිටිනා පඳුරු ලෙස මන බඳියි සොඳිනා

  👤  2872 readers have read this article !
2018-12-02

අරුන්ඩෝ (ඒපභදඤධ) ලතින් වදනෙහි අරුත වේවැල් හෝ බට යන්නයි. ග්‍රැමිනියේ (ට්පචථඪදඥචඥ) කුලයට අයත් මෙහි ශාක විශේෂ 150ක් පමණ තිබේ. ප්‍රධාන වශයෙන් ලෝකයේ උණුසුම් කලාපවල දක්නට ලැබෙන මේ ප්‍රභේද හැට එකක්ව පඳුරු ගැහෙමින් පැතිරෙන්නේ රෛසෝම මඟිනි. ආයත හැඩැති පටු දිග පත්‍රවලින් යුක්තයි. ඉතා කලාතුරකින් තණකොළවල වල් වැනි මල් පිපෙයි. බොහෝ විට ඒවා පිපෙන්නේ දිගු කලක් ගත වූ පසුවය. තෙතමනය යන්තම් ඇති පොළොවේ හිරු එළියේ හෝ සෙවණක හෝ වැඩෙයි.

දැඩි සීතල හා සුළං සහිත පරිසරවල පවා හොඳින් රැකෙයි. මේ ශාක ප්‍රභේද වැඩිහරියක් ස්වාභාවිකව දැක ගත හැක්කේ හිමාල අඩවියෙත්, ජපානය හා චීනය යන රටවලත්ය. විශේෂයෙන් විසිතුරු පැළ වශයෙන් වගා කෙරෙන ප්‍රභේද අතර කැපීපෙනෙන කිහිපයක් මෙසේය. මීටර 3 - 4 ක් උසට වැඩෙන, සිත්ගන්නාසුලු දීප්තිමත් කොළ පැහැයක් ඇති ඇරුන්ඩිනේරියා ජැපොනිකා වඩාත් තද කොළ පැහැති ඇ. ඇන්සෙප්ස් කොළ පැහැයෙන් පටන්ගෙන වැඩෙන විට කහ මුසු කොළ පැහැයකට හැරෙන ඇ. මුරියෙල් 2ථක් පමණ උස පඳුරු වශයෙන් හැදෙන දම් මුසු කොළ පැහැයක් ඇති ඇ. විරිඩ්‍රිස්ටි්‍රයාටා ආදිය වේ.
සුභානි එම්. ආරච්චිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon