අව්රුදු හතරක් පුරා බිත්තර දහස් ගණනක් රකින ආදරණිය බුවලු අම්මා

  👤  3273 readers have read this article !
2018-12-02

නෝටිලස් (ව්චභබඪතභඵ) ගවේෂණ අභ්‍යවකාශ යානය සමඟ යැවුණු දුරස්ථ ක්‍රියාකාරයකට ග්‍රහණය වුණු මෙම දර්ශනය විස්මය දනවන සුලුය. බූවලු අම්මාවරුන් දහසකට වැඩි ගණනක් මෙහි දිස්වන්නේ තිත් ගොන්නක් ලෙසය. ඊට හේතුව එක් එක් බූවලු අම්මා ඇගේ ග්‍රාහක සිරුර වටා තරයේ ඔතා ගෙන ඒ තුළ ගුළි ගැසී සිටීමය. එසේ ගුළියක් බවට පත්වන බූවලු අම්මා ඒ ආකාරයෙන්ම ඇගේ බිත්තර ගොන්න මත මාස කීපයක් හෝ ඇතැම් විට අවුරුදු කීපයක්ද ලැග සිටියි. අවුරුදු 4කටද වැඩි කාලයක් නොකඩවාම බිත්තර රැක්මෙහි යෙදුණු බූවලු අම්මාවරුන් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි ගැඹුරු මුහුදේ ජීවීන් පිළිබඳ මෙම අධ්‍යයනයෙහි යෙදුණු මොන්ටෙරේ ජලජ ජීවී පර්යේෂණ ආයතනය, 2014දී ප්‍රකාශයට පත් කළ අධ්‍යයන වාර්තාවෙහි සඳහන් කළේය. මෙම සතුන්ගේ හැසිරීම අසාමාන්‍ය සිද්ධියක් නොවන නමුත් ඔවුන් දහස් ගණනක් බිත්තර රැකීම සඳහා එක්රැස් වීමේ දර්ශනය අසාමාන්‍යය.

මෙය මෙම සාගර කලාපයෙහි මින් පෙර කවදාවත් දක්නට නොලැබුණු විස්මයජනක දර්ශනයක් බව නෝටිලස් ගවේෂණ කාර්ය මණ්ඩලයද ට්විටර් පණිවුඩ මඟින් පවා ප්‍රචාරය කළ අතර අධ්‍යයනයෙහි යෙදුණු පර්යේෂකයෝද මෙම සතුන්ගේ ඡායාරූප අදාළ වෙනත් අංශ සමඟ බෙදා ගත්හ. ඉතා මෑතකදී දක්නට ලැබුණු දර්ශනීය සුදු බූවල්ලන් වර්ගයක ඡායාරූපද ඊට ඇතුළත් විය. මෙම විශේෂ සත්ත්වයා බේවිච්සන් මූදුපරය අසලදී කිමිදුම්කරුවන් පිරිසකට දක්නට ලැබී ඇති අතර උෟ පියාපත් වැනි කුඩා වරල් සලමින් සාගර පත්ලේ අඳුරු පෙදෙස්හි සැරිසරන අතර විටෙක එම වරල් කුඩයක් මෙන් විහිදුවන හෙයින් උෟ කුඩ බූවල්ලා යනුවෙන්ද හැඳින්වෙයි. කිමිදුම්කරුවෝ මෙහිදී එතෙක් ගවේෂණයට ලක් නොවුණු සාගර කලාප නිරීක්ෂණය කරනු පිණිස දුරස්ථ පාලකයකින් ක්‍රියා කරවන කුඩා යානයක් යොදා ගත්හ.

බූවල්ලන්ගේ ආත්මාරක්ෂක උපක්‍රම

සතුරන්ගෙන් බේරීම සඳහා බූවල්ලන් ක්‍රියාත්මක කරන ප්‍රබලතම ආරක්ෂක උපක්‍රමය පරිසරයේ වර්ණය ආරෝපණය කරගෙන පරිසරයට මුසු වීමයි. සිය සමේ පැහැය පාලනය කිරීමට බූවල්ලන් උපකාරී වන විශේෂ වර්ණක සෛල ඔවුන්ගේ සිරුරෙහි තිබේ. එය සිය සිරුරේ වර්ණය පරිසරය අනුව වෙනස් කර ගැනීමට කටුස්සන්ට ඇති හැකියාවට සමානය. එපමණක් නොව ඉතා වේගවත් ජල දහරාවක් පසු පසට විහිදුවා ගෙන ජෙට් යානයක බඳු වේගයෙන් ඉදිරියට ඇදී යෑමේ හැකියාවක්ද බූවල්ලන්ට තිබේ. නිනාළය (ඉඪනඩධද) නමින් හැඳින්වෙන වක් නළයකින් විහිදෙන එම ජල දහරාව සමඟ වර්ණයක්ද නික්මෙන හෙයින් බූවල්ලන් හඹා එන ගොදුරු භක්ෂකයෝ එයින් මුළා වෙති.

පාද අටක් ඇති බූවල්ලාගේ ග්‍රාහික (ඊඥථබචඥතඥඵ) මත තිබෙන චුෂ්ක (ඉභජඬඥපඵ) ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වන අතර ගොදුර මුඛය තුළට ඇද ගැනීම සඳහා උෟ චූෂක පාවිච්චි කරයි. එවැනි ආත්මාරක්ෂක උපක්‍රමවලට අමතරව ගිනි කඳු පිපිරීම, භූමි කම්පා යනාදී ස්වභාවික අනතුරු කල් තියා හඳුනාගත හැකි ශක්තියෙන් යුත් අතිධ්වනිත තරංග විශේෂයක්ද බූවල්ලන් තුළ ඇති බව මෑතදී සොයා ගන්නා ලදී. එම බූවල්ලා පළමුවෙන්ම උගේ පියාපත් වැනි වරල් සලමින් තම කැමරාව පසුකරගෙන වේගයෙන් ඇදී ගොස් උගේ දළ කුඩයක් මෙන් යටිකුරු කොට විහිදුවා එක් එක් අඬුවෙහි චූෂක අට පෙනෙන ලෙස ඒවා දිගු කළේ යැයි පර්යේෂක කණ්ඩායම පැවැසීය. මෙම බූවල්ලාගේ දිග අඩි දෙකක් පමණ වන බවත් මොවුන් හැසිරෙන ඩේවිඩ්සන් මූදු පරය අසල ප්‍රදේශය අග්නේය පාෂාණ බහුල බවත් ඔවුහු සඳහන් කළහ. මෙම මුහුදු කලාපය තවදුරටත් ගවේෂණය කිරීමටත් එහි ගැඹුරෙහි

වෙසෙන ජීවීන් පිළිබඳව පුළුල් පර්යේෂණයක යෙදීමටත් විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon