ලිංගික හිංසන ඉරණම සේ සලකා නිහඬ වන්න එපා

  👤  3144 readers have read this article !
2018-12-02

"හොඳින් සිරුර වැසෙන සේ හැඳ පැලඳ ගත් ඇෆ්ගන් තරුණියක් කාබුල් වීදි දිගේ ගමන් කරයි. ඇය පසු කරමින් යන වාහන ඇය අසලදී වේගය අඩු කොට අසභ්‍ය යමක් පවසයි. නැත්නම් ඔවුන් හා යන්නට ආරාධනා කරයි. තරුණිය පාර මාරුවේ. අසලින් යන මිනිසා වුවමනාවෙන්ම ඇගේ සිරුර ස්පර්ශ වන ලෙස ගමන් කරයි. ඇය පොදු ප්‍රවාහන සේවයේදීද නොයෙකුත් අතවරයන්ට ලක්වන අයුරු පෙනේ."

මේ උදඪමඥපඵධජධපබධ ඡ්;ඡච සිනමා උළෙලේ හොඳම කෙටි සිනමාපටය ලෙස සම්මාන දිනූ සිනමා පටයේ දර්ශනයකි. එය ච්ධ දධබ ඡඥතඪමඥ ඪද ථර ඵඪතඥදජඥ (මගේ නිහඬ බව පිළිබඳ විශ්වාස කරන්න එපා) යන නමින් කාන්තාවන් වීථිවලදී පිරිමින්ගෙන් විඳින හිරිහැර පීඩා තේමා කොට නිර්මාණය කරන ලද්දේ ඇෆ්ගනිස්තාන් ක්‍රියාකාරිනියක වන සහාර් පෙට්රට්ය.

සම්මාන උළෙලේදී එය තෝරා ගැනීමට හේතුව ලෙස ඔවුන් පැවැසුවේ ' ඇෆ්ගන් කාන්තාව වෙනුවෙන් ඉමහත් ධෛර්ය සම්පන්න ඉදිරිපත් කිරීමක් සහ සඟවා ගත් කැමරාවකින් එය කැමරාගත කිරීමේදී දැක්වූ කුසලතාවත් යන කරුණු බවය. එය විනාඩි දහයක කුඩා රූප පෙළක් වුවද ඇෆ්ගනිස්තානයේ පමණක් නොව ලොව පුරා දිනපතා අත්දකින පොදු තේමාවකි.

"ඇත්තෙන්ම කියනවා නම් අප අත්විඳින සියලුදේ ඊට වඩා බොහෝයි. මගේ නිර්මාණ කාන්තාවන් සහ පිරිමින් දෙපාර්ශ්වයම සඳහායි. ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් ගත කරන ජීවිතය ගැන එහි පිරිමින්ටවත් හරි අවබෝධයක් නැහැ. බොහෝ අය සිතන විදියට බුර්කාව අපට පීඩාවක් නොවෙයි. ඔවුන් දකින්නේ බුර්කාව යටින් ඇති ගැහැනු සිරුරයි. අප කොතරම් හොඳින් සිරුර වසාගෙන සිටියත් ලිංගික හිංසාවල අඩුවක් නැහැ. මම කාන්තාවන්ට කියන්නේ මෙය මගේ ඉරණම සේ සලකා නිහඬව ඉන්න එපා යන පණිවුඩයයි."

සහාර් පෙට්රට් ඡායාරූපකරණයට යොමු වන්නේ වයස අවුරුදු පහළොවේදී පාසල් වැඩසටහනකට දායක වීමෙනි. ඇයට ලැබෙන ර්ථීඩඪතඪනඵ ජචථජධපඤඥප වර්ගයේ කුඩා කැමරාව ඇගේ ජීවිතය වෙනස් මාවතකට යොමු කළේය.

"මා අතට පත් වුණ මේ පුංචි කැමරාව කොතරම් බලවත් උපකරණයක්ද යන්න මට වැටහුණා. මඟතොටේ යන එන විට නිතර පිරිමින්ගෙන් පීඩාව පත් වන විට මම ඔවුන්ට නොදැනෙන්ට ඒ දේවල් කැමරාගත කළා. අවසානයේදී "දැන් මේවා ටීවී එකෙන් බලාගන්න පුළුවන් වෙයි." කියන විට ඔවුන් බොහෝ කබලයට පත් වුණා. කිසිම පිරිමියකු තමන් කාන්තාවන්ට හිරිහැර කරන්නකු ලෙස ලෝකයා දකිනවාට අකැමැතියි. මෙය පුංචි උපකරණයක් ඒත් මම මේකට ගොඩක් ආදරෙයි." විසි හතර හැවිරිදි තරුණියක වන ඇය පවසන්නේ සිනාමුසු මුහුණිනි.

සමාජ ප්‍රශ්න සාකච්ඡා කරන ඬචඡභත ඛ්චපඤඵ ලෙස හැඳින් වූ ලොව අගැයීමට ලක්වූ නිර්මාණාත්මක වීඩියෝ පෙළක් නිර්මාණය කරමින් අෑ ලැබූ අත්දැකීම්වලට අනෙක් කාන්තාවන්ද එක්කර ගනිමින් ඇය කාන්තා සිනමා පාසලක්ද පිහිටුවා ඇත.

යුද පසුබිමක් ඇති, ත්‍රස්තවාදය මුල්බැසගත් ඇෆ්ගනිස්තානය වැනි රටක අපට නිතරම සිනමා මාධ්‍යයෙන් දකින්න ලැබෙන්නේ කාන්තාවන්ගේ ජීවිතයේ දුක්ඛ පක්ෂයම පමණි. එහෙත් සහාර් ඊට වෙනස් මාවතක ඇගේ ඡායාරූපකරණය මෙහෙයවයි. "එඥ චපඥ බ්භඵබ ටධභප රධභදඨ ඹධථඥද ඩචමඪදඨ ටභද" නමින් යුවතියන් සතර දෙනකු එදිනෙදා ජීවිතයේ සුළු දේවලින් සතුටු වන අයුරු දැක්වෙන කෙටි සිනමා පටයක් ඇය විසින් නිර්මාණය කරන ලදී. එහිදී ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම, ආහාර ගැනීම, රූපලාවණ්‍ය කටයුතු කිරීම, එකිනෙකාට විහිළු තහළු කර ගැනීම ආදී සරල ක්‍රියාවලින් විනෝද වන යුවතියන් සතර දෙනකු පිළිබිඹු වේ. එයින් ඇය අදහස් කරන්නේ ගැහැනු ළමයකු යනු කොතරම් අහිංසක, කොතරම් නිදහසක් බලාපොරොත්තු වන කෙනෙක් දැයි පැවැසීමටය. 'කාන්තාවන්ද මනුෂ්‍යයන්ය' යන්න ඇෆ්ගන් සමාජයට කියා දීමටය.

"බටහිර රටවල් අප ගැන සඳහන් කරන්නේ එක්කෝ පීඩාවට යටත් අය ලෙස (මඪජබඪථඵ) නැත්නම් ඔවුන් විසින් බේරා ගන්නා චරිත ලෙස. (ඵචමඥඤ) එහෙත් අපට අවශ්‍ය එය නොවේ. අපේ තරුණ තරුණියන් බුද්ධිමත්, සාමකාමී දේශපාලන රටාවක් තුළ යහපත් අධ්‍යාපන අවස්ථා ලබාගෙන අභිමානයෙන් ජීවත් විය හැකි ජාතියක් බවට පත්වීමයි අපේ බලාපොරොත්තුව. දියුණු යැයි සම්මත රටවල පිළිසරණ පතන, එම රටවලට අත පාන නිවට ජාතියක් වීම නොවෙයි." මාධ්‍ය සාකච්ඡාවකදී සහාර් පැවැසූ අදහස්ය ඒ.

ඛ්චභය ඉජඩධතචපඵ ර්ථීපධඨපචථ (ඛ්ඉර්ථී) අන්තර්ජාතික වැඩසටහනට සහභාගි වූ විසිදෙනා අතරට ඇයද එක් වූවාය. මාස්ටර් උපාධියක් සඳහා හංගේරියාවට යෑමට ඇයට අවස්ථාව සැලසිණි.

"බුඩාපේස්ට් ඉතාම සාමකාමී මනහර නගරයක්. එහෙත් එහිදී ඔබේ සමේ ඇති 'මෙලනින්' වර්ණකය ගැන ඔබට ඔවුන් නිතර සිහිපත් කරනවා. ඒ කියන්නේ ඔබේ සමේ වර්ණය තද නම් ඔවුන්ගේ අවමානයට ලක්වෙනවා. පෝලිම්වලින් විසි වෙනවා. කාන්තාවක් ලෙස මා ඇෆ්ගනිස්තානයේ විඳි වෙනස්කම් හමේ වර්ණය නිසා මෙහිදී වින්දා."

"මගේ මව කිසිදා ස්ත්‍රී වාදිනියක ලෙස පෙනී නොසිටියත් ඇගේ ගති පැවතුම්වල එය තිබුණා. ඇය මගේ සහෝදරයන්ටත් මට හා මගේ සහෝදරියන්ටත් සැලකුවේ එක ලෙස." තම මවගෙන් ලැබුණ උත්තේජනය අගය කරන සහ්රා ඇයට ලැබුණ අන්තර්ජාතික කීර්තිය හරහා ලෝකයේ සියලු කාන්තාවන් එක් කරන 'ඨතධඡචත ඵඪඵබඥපඩධධඤ දඥබඹධපඬ' නමින් ජාලයක් ගොඩනැංවීම ඇගේ සිහිනයයි."

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon