ආර්ථිකය අනතුරේ?

  👤  2090 readers have read this article !
2018-11-20

දේශපාලන අර්බුදය තෙවැනි සතියටත් දිග්ගැස්සෙන ලකුණු පළවෙමින් තිබේ. ඉකුත් ඉරිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික හමුවේදී ද අවසන් එකඟතාවකට පැමිණීමට සමත් වූයේ නැත.

පාර්ලිමේන්තුව ගැටුමකින් තොරව සාමකාමීව පවත්වාගෙන යෑමට මෙහිදී සියලු පාර්ශ්ව එකඟ වූ බව පැවසුණද ගැටුමට මුල්ව ඇති ප්‍රශ්නයට තවමත් පිළිතුරක් සොයා ගැනීමට අපොහොසත් වී තිබේ. ඊයේ පාර්ලිමේන්තුව රැස් වී විනාඩි 10කටත් අඩු කාලයක් තුළ විසිර ගියේය. යළි 23 වැනිදා රැස්වීමට නියමිතය.

මේ දේශපාලන අර්බුදය ආරම්භ වන විටත් ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිබිණි. මේ වනවිට ඩොලරය රුපියල් 178 වී ඇත. රුපියල හා ඩොලරය ගැන අවධානය යොමු කළේ රටක දේශපාලන අර්බුදයක් හමුවේ "ආර්ථිකය" බරපතළ තත්ත්වයකට පත්වන නිසාය. විශේෂයෙන් ණය උගුලක සිරවී දැඩි ආර්ථික අභියෝගයකට මුහුණ දී සිටින ලංකාවට මෙවැනි දේශපාලන අර්බුද කිසිසේත් ඔරොත්තු දෙන්නේ නැත.


මේ දේශපාලන අර්බුදය නිර්මාණය වී ඇත්තේ රටේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතරය.

අධිකරණයද මේ වනවිට ඊට අෑඳී ඇත. ඒ අර්බුදය සම්බන්ධයෙන් විනිශ්චයක් ඉල්ලා අදාළ දෙපාර්ශ්වයම අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ. ඉන් ව්‍යවස්ථා ගැටලුවට විසඳුම් ලැබුණද නොලැබුණද මේ දේශපාලන අර්බුදයට විසඳුම් ලැබේද යන්න සැක සහිතය. බරපතළ ප්‍රශ්නයක් වන්නේ ආර්ථිකයට සිදුවන හානිය පියවා කරගැනීමය.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගියදා ප්‍රකාශ කර තිබුණේ පවතින ආර්ථික තත්ත්වය තවමත් කළමනාකරණය කර ගත හැකි මට්ටමක පවතින බවය. "තවමත්" යන්නෙන් කියැවෙන්නේ තවදුරටත් මේ ආකාරයට පැවතුණොත් කළමනාකරණය කරගත නොහැකි මට්ටමකට ආර්ථිකය පත්වන බව මිස අනෙකක් නොවේ.

පාර්ලිමේන්තුවේ ගහ-මරා ගන්නා සියලු මන්ත්‍රිවරුන් මේ යථාර්ථය අවබෝධ කරගත යුතුය. දකුණේ සන්නද්ධ නැඟිටීම් දෙකක් හා උතුරේ ජන ඝාතන යුද්ධයක් හට ගෙන ඇති තරම් ලේ ගලා ගොස් තිබියදී තවදුරටත් බාහු බලයෙන් ප්‍රශ්න විස¼දා ගැනීමට යෑම ප්‍රඥාගෝචර නැත. ඇත්ත වශයෙන්ම ඉතිහාසයේ ඛේදවාචක අමතක කිරීම මුග්ධ කමකි. අනාගත පරම්පරාව ගැන මායිම් නොකිරීමකි.

ප්‍රජාතන්ත්‍රවාදය හා ආර්ථිකය එකම කාසියේ දෙපැත්තය. ප්‍රජාතන්ත්‍රවාදය නැති රටකට සැබෑ ආර්ථික සංවර්ධනයක් කරා යා නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය රහිතව සංවර්ධනයක් අත්කරගත්තද අවසානයේ ගොඩනැඟූ සියල්ල බිඳවැටී තිබුණාටත් වඩා අන්ත ආර්ථිකයක් ඔවුන්ට හිමිවනු නියතය. අෑත අතීතයේ හිට්ලර්ගේ ජර්මනියටත් මෑත අතීතයේ ගඩාෆිගේ ලිබියාවටත් අත්වූයේ එවැනි ඉරණමකි. ඒ නිසා රාජ්‍ය නායකයන් ඇතුළු පාලක පන්තියත්් සෙසු දේශපාලන නායකයනුත් මේ පිළිබඳව ගැඹුරින් සිතා බලා මේ ව්‍යවස්ථා අර්බුදය විස¼දාගෙන දෙවැනුව රට මුහුණදී සිටින බරපතළ දේශපාලන ආර්ථික හා සමාජ අර්බුදයට විසඳුම් සොයාගත යුතුය.

සාකච්ඡාවෙන් සම්මුතියෙන් මිස බාහු බලයෙන් ප්‍රශ්න විස¼දාගත නොහැකි බව ඊනියා දේශපාලනඥයන් මෙන්ම පිල් බෙදී ඔවුන්ට "හුරේ" දමන ඊනියා ජනතාවත් තේරුම් ගත යුතුව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon