අර්බුදය තියුණුයි

  👤  3788 readers have read this article !
2018-11-16

ඉතිහාසයේ කවරදාකවත් නැති තරමට රට ඉතාමත් උණුසුම් තත්ත්වයකය. මෛත්‍රි විසින් ඇරැඹූ මේ උණුසුම මවන ක්‍රියාදාමයේ කූටප්‍රාප්ති අවස්ථාව එළැඹ තිබෙන්නේ දැන්ය. විධායක ජනාධිපතිවරයාගේ බලයත් ව්‍යවස්ථාදායකයේ බලයත් ගැටුමකට පරිවර්තනය වූ මෙම තත්ත්වය ජාත්‍යන්තරය හමුවේ විශේෂ අවධානයකට ලක්ව තිබෙන්නේය. එබැවින් මේ මොහොතේ පුරවැසියා පත්ව සිටින්නේද කනගාටුදායක තත්ත්වයකටය.


'රටේ ආණ්ඩුවක් තියෙනවාද?' කියා මේ කිසිදෙයක් නොදත් අයකු පවා විමසන තරම්ය. මෛත්‍රි අගමැතිවරයකු පත් කිරීමෙන් නොනැවතී පාර්ලිමේන්තුවද විසුරුවා දැමීම නිසා තත්ත්වය තව තවත් අවුලකය. කෙසේ වෙතත් ශේ‍ර්ෂ්ඨාධිකරණය මඟින් ලබා දුන් අතුරු තහනම් නියෝගය ප්‍රකාරව ජනාධිපතිවරයා ආණ්ඩුව විසුරුවා හැරීමට ගත් තීන්දුව, ගැසට්ටුව තාවකාලිකව හෝ තහනම් කිරීමත් මෙරට ඉතිහාසයේ විශේෂ වැදගත්කමක් ගන්නා වූ සිදුවීමක් බවට පත්ව තිබෙන්නේය.


මේ නිසා මෛත්‍රි හා මහින්ද තදබල ලෙසම අර්බුදයකය. මෛත්‍රි ගනු ලැබූ තීන්දුව නිවැරැදි යැයි ප්‍රකාශ විණි නම්, අධිකරණය මඟින් තීන්දු කෙළේ නම් එතැනදීද යළි ගැටලු මවන තත්ත්වයක් මතු කර ඇත්තේය. කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ රනිල් හා එජාපයත් මෛත්‍රි - මහින්ද ඇතුළු බලවේගත් පමණක් නොව පාර්ලිමේන්තු ක්‍රියාදාමයට සම්බන්ධ දේශපාලන පක්ෂත්, සමාජ ව්‍යාපාරත් විසින් කාර්යබහුල තැනකට ඇද දමා ඇත.


මහින්ද පත්වූයේද කනගාටුදායක තත්ත්වයකටය. මේ පිළිබඳව වෙහෙසුණු, ඔහු වෙනුවෙන් කැපවුණු ප්‍රබලයන්ගේ මතය වූයේ,
'මහින්ද මහත්තයාට හීන් සීරුවේ ඉඳලා පොහොට්ටුවේ බලවේග තර කරලා මෛත්‍රිගේ උදවු ඇතිව යූ.එන්.පීයේ අය - වැය පරද්දලා ඡන්දෙකට ගියා නම් රටේ තිබුණු තත්ත්වයත් එක්ක මහා බලවේගයක් ගොඩනැඟෙනවා. එහෙම ඉඩක් තියාගෙන ඇයි මේ වගේ අනතුරුදායක තැනකට මහින්ද මහත්තයා මෛත්‍රි ඇදලා දැම්මේ. දැන් මේ දේශපාලන වැඩපිළිවෙළත් එහි හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමත් අර්බුදයකට වැටුණනේ. අපරාදේ කරගත්තු දේ' කියලාය.


මහින්ද ජයගන්නවා ඇර ඉන් එහා දෙයක් පෙනෙන්නට නොතිබුණු වාතාවරණයක මේ තත්ත්වය අබිමුව එය සසල වී ගියාදෝයි සාධාරණ සැකයකින් මහින්දගේ ප්‍රබලයන් ද අවදියෙනි. එනිසාම ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග දැඩිව කතාබහට ලක් කෙරෙමින් පවතින වාතාවරණයකය.


පාර්ලිමේන්තුව 14දා රැස් වූ මොහොතේ එතුළම සිටි විදෙස් තානාපතිවරු සියලු දෙනාම තත්ත්වය දැඩිව නිරීක්ෂණය කළ අතර එය වෙන කවරදාකටත් වඩා විශේෂයෙන් කැපී පෙනෙන්නට තිබුණේය. රටක ව්‍යවස්ථාමය අර්බුදයක් හට ගෙන, එම රටේ පාලනය දෙදරා ගොස් ඇති තත්ත්වයක් හමුවේ උණුසුම වාර්තා කර ගන්නට විදෙස් මාධ්‍යවේදීන්ද විශාල පිරිසක් ලංකාවට පැමිණ තිබීම තවත් කැපී පෙනුණේය. ඔවුන් හරහා ජාත්‍යන්තරයට යැවෙන පණිවුඩයද මේ මොහොතේ කවුරු රට කරවූයේ වුවද අතිශය තීරණාත්මකය. මෙය පාලක පැළැන්තිය හා විපක්ෂ ක්‍රියාකාරීන්ට නොව පොදු මහජනතාවට අනේකවිධ අයුරින් බලපාන්නට නියමිතය.


ඊඩඥ ඩ්ඪදඤභ පුවත්පත ආසන්නතම තත්ත්වය විග්‍රහ කරමින් සටහන් කර තිබුණේ මෙරට දේශපාලන තත්ත්වය ව්‍යාකූල වී ඇති බවය. මෛත්‍රි විසින් පත් කළ අගමැති මහින්ද සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව බහුතරයකගේ විරෝධතාව ගොනු වූ බවත්ය. ඒ අනුව මන්ත්‍රිවරු 225 දෙනාගෙන් බහුතරයක් ආණ්ඩුවට විරුද්ධ වීම නිසා රට පත්ව ඇති තත්ත්වය පිළිබඳවය.


ඕඕඛ් පුවත් සේවය මෙම තත්ත්වය හොඳින් අධ්‍යයනය කරගනිමින් වාර්තා කරමින් කියා සිටියේ මෛත්‍රි පාර්ශ්වයේ ප්‍රබලයන් වූ පියසේන ගමගේ සහ ඒ.එච්.එම්. ෆවුසි වැන්නවුන් මෛත්‍රිගේ ආණ්ඩුවටම එරෙහිව නැඟී සිටීම මෙහිදී කැපී පෙනෙන්නක් වී තිබුණු බවය. තවදුරටත් තත්ත්වය පැහැදිලි කරමින් දක්වා තිබුණේ ආණ්ඩුවට එරෙහි බලවේග අතර මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ප්‍රබලම කණ්ඩායම් එකතුවී සිටීමෙන් මෛත්‍රිගේ අධිකාරි බලයට එරෙහිව ප්‍රබල විරෝධතාවක් ඇති බවටය.


තත්ත්වය එසේ පෙළ ගැසෙද්දී පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කරමින් විශ්වාසභංග යෝජනාවක් මේ කියන විරුද්ධ බලවේග ගෙන ඒම හා යෝජනා සම්මතය කිසිසේත් පිළිගත නොහැකි බව මෛත්‍රිපාල - මහින්ද පාර්ශ්වයේ අදහස වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේය. නමුත් විදෙස් මාධ්‍ය ප්‍රබලව මතුකරන දෙයක් අමතක කොටද බැහැර කළ නොහැකි තත්ත්වයක පවතී. එනම් විපක්ෂ නායක සම්පන්දන්, ජවිපෙ නායක අනුර කුමාර ඇතුළු සියලු බලවේග එක් පෙරමුණකට එක් වීම පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කර ජය ගන්නා තත්ත්වයට වඩා වත්මන් රජයට එරෙහිව ජනමතයක් ගොඩනඟන තැනක බවය.


ආණ්ඩුවට සහාය දක්වා ඇමැති තනතුරු ගත් වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ් වැන්නවුන් ද වෙනස්වීමත්, ආණ්ඩුවට විරුද්ධ බලවේග සමඟ එකතු වීමත් මෛත්‍රිගේ පිලට එරෙහිව ජාත්‍යන්තරයටද ගෙන යන්නේ සුබ පණිවුඩයක් නොවේය.


මෙහිදී මහින්ද හා බැඳුණු ඔහු රකින්නට හැමදාමත් කැප වූ ප්‍රබලම සාමාජිකයන් සිදු වූ දේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටින අතර මෛත්‍රි ගත් මේ හදිසි දේශපාලන තීන්දුවලින් මහින්ද එතෙක් ගොඩනඟාගෙන ආ දේශපාලන බලයටත්, එම ව්‍යාපාරයත් බරපතළ හානි වීම ගැන සැලකිලිමත්ය.


'රට භාරගන්න තිබුණේ මීට වඩා වෙනස් වැදගත් ආකාරයට. මේවට උපදෙස් දුන්න, ඒ වෙනුවෙන් කතා කරපු අය මහින්ද මහත්තයාව අමාරුවේ දැම්මාද කියලාත් සැක හිතෙනවා.'


සැබැවින්ම මීටත් වඩා දුරදිග සිතාබලා මෛත්‍රිවද දැනුවත් කරමින් සැලැසුම් සහගතව ආණ්ඩුව වට්ටවා මහ මැතිවරණයකට යන්නට පුළුවන්කම තිබියදී මෙවැනි විපත්තිකර වාතාවරණයක් උදාකර මහින්දට තිබුණු, පහසුවෙන් ලබාගත හැකිව තිබුණු ජනවරම කඩාකප්පල් කළාදෝයි මේ කියන බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් තිබේ.
රට තුළ ඒ ඒ පාර්ශ්වයන් මෙසේ බලය රැකගැනීම උදෙසාත්, බලයට ඒම උදෙසාත් අරගලයක නිරතව සිටියදී ලංකාව හා ගනුදෙනු කරන ලෝකයා දකින්නේ ඔවුන්ට දක්වන තොරතුරු පදනම් කරගෙන නිසා මේ කියන සියලු පාර්ශ්වයන් එම තත්ත්වය අවබෝධ කරගත යුතුය.


ඒධ් බ්චලඥඥපච පුවත් සේවය ලංකාවේ තත්ත්වය ගැන කීවේ 'අර්බුදකාරී තත්ත්වයකට පත් වූ රටක්' හැටියටයි. අභිනව අගමැති මහින්දට එරෙහි විශ්වාසභංගයකට බහුතරයක් අස්සන් තබා ඇති වගත් එය පුන පුනා කියා තිබුණේය.


මහින්ද හා නාමල් සභාවේ ඡන්දය ගණනයට පෙර ඉවත්ව යෑමත්, මහින්දට මෙවැනි තත්ත්වයක් උදා කර දීමත් පිළිබඳ ජවිපෙ අනුර කුමාර යම් කනගාටුවක් ප්‍රකාශ කිරීමත් ඔහුගේ කතාව උපුටා දක්වමින් පළ කර තිබුණේය.


රනිල්ට නැති අනුකම්පාවක් ඇති කරමින් ප්‍රශ්නය මතු වුවත්, මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂය තුළද රනිල්ගේ නායකත්වයෙන් මහ මැතිවරණයකට නොයන පසුබිමක් සැකසී අවසන්ය. රනිල් ජනපති සටනට නම් කර සජිත්ව අගමැති අපේක්ෂකත්වයට නම් කොට මැතිවරණයකට යන පසුබිමක් සකස් වී අවසන්ය. එයට රනිල් එරෙහි වුවහොත් එය රනිල්ටද එරෙහිව මහා ප්‍රවාහයක් විත් ඔහු ගසාගෙන ඉවතට විසිකර දමන තැනට බලවත්ය.


යම් කිසි විදියකින් රනිල්ව තවදුරටත් පක්ෂ නායකත්වයේ තබාගෙනම හෝ සජිත්ට අගමැති අපේක්ෂකත්වය ලබා දී මැතිවරණ සටනේ මින් පෙර නොමැති ජීවයක් ලබාගෙන ගමේ කලකිරී සිටි එජාප පාක්ෂිකයා ඡන්ද පොළට කැඳවාගෙන ආ හැකි වැඩපිළිවෙළක් වෙත යන්නට යම් සුබවාදී ප්‍රතිචාරයක් රනිල්ගේද නැතිවා නොවේ.

 

ඒ අනුව රනිල්ට පක්ෂ නායකත්වයේ සිටිමින් හෝ ඉන් ඉවත් වී ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැඳගත් පුළුල් ජනතා පෙළ ගැස්මක් සකස් කරගන්නට සජිත්ටද දායකත්වය ලබාදීමට පුළුවන්කමක් ලැබෙනු ඇතැයි මේ පිළිබඳව වෙහෙසී වැඩ කරන ප්‍රබලයන්ගේ අදහසය.


කෙසේ වෙතත් පෙර කවරදාකවත් සිදු නොවූ ආකාරයේ අර්බුදයකට තල්ලු කරමින් ශ්‍රී ලනිපයද දැවැන්තම දේශපාලන පක්ෂයක් වශයෙන් කැඩී බිඳී විසිරී ගිය අවිනිශ්චිත ඉරණමකය. මහින්ද කෙතරම් දේශපාලන වශයෙන් අර්බුදයකට ගියේ වුවද ඔහු පසුබිමේ සිට ගොඩනැඟූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලනිපයට වඩා ඉදිරියෙන්ය. මහ මැතිවරණයකදී මහින්දගේ බලවේගය හෝ සජිත්ගේ බලවේගයත් අතර තරගයක් විනා හෝ එජාපය අතර බල තරගයක් ඇති නොවන තැනට වැඩ සිදු වී අවසන්ය. මේ අනුව පෙළ ගැසෙන දේශපාලන අර්බුදය ලබන වසර ඇරඹුණත් විසඳෙන ලකුණු පෙනෙන්නට නොතිබීම කනගාටුදායක තත්ත්වයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon