අනෝතත්ත විලෙන් උපන් සොඳුරු අචිරවතී ය

  👤  3032 readers have read this article !
2018-11-04

'අචිරවතී' කියූ පමණින් පැරැණි භාරතයේ ඓතිහාසික යුගය සිහිගන්වන ළඳුන් සිහිවෙනවා වන්නට පුළුවනි. නමුත් 'අචිරවතී' කියන්නේ හින්දු දේව කතාවල එන විලක්. දඹදිව පංච මහා ගංගාවලින් එකක්. ඒවා හිමාලයේ අනෝතත්ත විලෙන් ඇරැඹිලා නැඟෙනහිරට ගලා බසිනවා.

එදා අරචිරවතී නමින් හැඳුන්වුණේ මෙදා 'අවුද්' පෙදෙස හරහා ගලා බසිනා 'රජනී' නමින් හැඳින්වෙන ගංගාව විය හැකි බවට විශ්වාසයක් පවතිනවා. අචිරවතී හැරුණු විට අනෙකුත් ගංගා වන්නේ, ගංගා, යමුනා, සරභූ හා මහී යන ගංගාවනුයි.

අචිරවතී ගංගාවට අජිරවතී, ඓරාවතී කියලත් කියනවා. හියුං සාං නමැත්තා තම දේශාටන වාර්තාවේ මෙම ගංගාව 'අ-වි-ලො' කියා සඳහන් කරලා තියෙනවා. පැරැණි සැවැත්නුවර එනම් වත්මන් ඉන්දියාවේ 'සහෙත් මහෙත්' හී මෙම ගඟබඩ පිහිටා තිබුණු බව කියැවෙනවා. ඒ විතරක් නෙවි අපේ වංසකතාවල කියැවෙන තොරතුරු අනුව මහා පැරැකුම්බා රජු කරවූ පන්සියයක් වූ ඇළ අතුරින් එකක් 'අචිරවතී' කියලත් හඳුන්වලා තියෙනවා.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon