තවත් එක් අබිරහසක් වුණු Mary celeste නෞකාවේ අද්භූත කතාව මෙන්න

  👤  3124 readers have read this article !
2018-11-04

ඒ එක්දහස් අටසිය හැත්තෑ දෙකේ දෙසැම්බරය විය. පළපුරුදු කවියකු ලෙස කවුරුත් පිළිගත් බෙන්ජමින් බි්‍රග්ස්ට මේ දින කිහිපය බෙහෙවින් කාර්යබහුල එකක් වූයේය. සුප්‍රකට බි්‍රතාන්‍ය ඇමෙරිකානු ර්චපර ඛ්ඥතඥඵබඥ නෞකාවේ සුක්කානම බි්‍රග්ස් අතට පත්වී තිබුණේය. ඔහුගේ මීළඟ රාජකාරියව තිබුණේ ර්චපර ඛ්ඥතඥඵබඥ නිව්යෝර්කයේ සිට ඉතාලියේ ජිනෝවා වෙත යාත්‍රා කරවීමය. අවශ්‍ය අඩුමකුඩුම සපයා ගැනීමේ හා නැවේ යාන්ත්‍රික යෝග්‍යතාව අන්තිම මුරිච්චියටම පරීක්ෂා කිරීමේ උනන්දුවෙන් කපිතාන් බි්‍රග්ස්ගේ දවස ගෙවිණි.

'බි්‍රග්ස්, ඔයාට උදේ කෑම ගැනවත් නිච්චියක් නැද්ද? ඔය මැදෑ නැහුණා. එන්න ඇවිත් කාලා හිටින්න.'

බි්‍රග්ස්ගේ බිරිය මොනවාදෝ අඩුමකුඩුම මල්ලක් අදිමින් සිටි බි්‍රග්ස්ට කෑගැහුවාය.

'කන්න නම් කොයි වෙලේ බැරිද? හිටින්න තව ඇබින්දෙන් එන්නම්. තව හෝරාවක් ඇතුළත මං වරායට යන්නත් ඕන ආපහු'
කපිතාන් බි්‍රග්ස් සිය පවුලේ සාමාජිකයන් සමඟ කෑම වේලකට මෙසේ හිඳගත්තේ බොහෝ දිනකට පසුවය.

'කොච්චර කාලයක් යැයිද බි්‍රග්ස් අපට මේ ගමනට'

බිරින්දෑ ඇසුවාය.
'මට හිතෙන්නේ දෙමාසයක්. ඒත් ඒක මාස තුනක් වෙන්නේ නැති බව නම් සහතිකයි' බෙන්ජමින් බි්‍රග්ස් උත්තර බැන්දේය.

'එහෙම නම් අපි ආතර්ව අම්මලා ළඟ තියලා යමු. නැත්නම් එයැයිට ඉස්කෝලේ වැඩ අතපසු වෙයි. මාස තුනක් කියන්නේ බොහොම ලොකු කාලයක්.'
'මොකද කියන්නේ ආතර්?' බි්‍රග්ස් ඇසුවේ සිය වැඩිමලා වූ හත් හැවිරිදි ආතර් දෙස බලමිනි.

'හ්ම්, අකැමැත්තෙන් හෝ එයට එකඟ වන්නට සිදුවන බව දත් ආතර් එයට එකඟ වන්නට හිස සැලීය.

නෞකාව ඉතාලිය බලා නිව්යෝර්ක් තොටින් ගමන් ආරම්භ කළේ අටසිය හැත්තෑ දෙකේ නොවැම්බරයේ හත් වැනිදාය.

මේ දිගු මුහුදු ගමනට බි්‍රග්ස්ගේ බිරින්දෑ ද දෙහැවිරිදි දියණියද එක් වී සිටිය නමුදු වැඩිමහල් පුතු ආතර් පමණක් බි්‍රග්ස්ගේ බිරින්දෑගේ මවුපියන් සමඟ ඇමෙරිකාවේ නතර වී සිටියේය. නෞකාවේ කාර්ය මණ්ඩලය සත් දෙනකුගෙන් සමන්විත වූවේය.

ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ තවත් මාසයක් ගත වන තැන ඔවුනට ඉතාලියේ ජිනෝවා වරායට සේන්දු විය හැකි බවය. අනෙක් අතට ජිනෝවාහි නියෝජිතයෝද ර්චපර ඛ්ඥතඥඵබඥ අතර දෙසැම්බරයේ මුල එහි ළඟා වනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුවූවෝය. මේ සැපපහසු ර්චපර ඛ්ඥතඥඵබඥ නෞකාවේ මාස හය හතකට ප්‍රමාණවත් ආහාර තොගයක් ද අනෙක් බඩු බාහිරාදියද ගබඩා කොට තැබිණි. වෙන එකක් තබා මහන මැෂිමක්ද, පියානෝවක් වැනි ගේ ‍ෙදාර උපකරණ හා සංගීත භාණ්ඩද එහි විය. ඇමෙරිකාවේ නිපදවනු ලැබූ මත්පැන් වර්ගයක බැරල් එක් දහස් හත්සීයක් පමණ ප්‍රවාහනය කිරීම ර්චපර ඛ්ඥතඥඵබඥ නෞකාවට පැවැරුණු රාජකාරිය නමුත් එය කිසිසේත්ම භාණ්ඩ නෞකාවක් පමණකැයි සැලකිය යුතු නොවීය. අනෙක් අතට එය ඕනෑම දීර්ඝ මුහුදු ගමනකට සුදුසු ශක්තිමත් හා ආරක්‍ෂිත යාත්‍රාවක්ද වූයේය.

එහෙත් සිදුවූයේ කිසිවකු නොපැතූ දෙයකි. මාසයකින් පමණ එය ඉතාලියට සේන්දුවන්නට නියමිතව තිබුණේ වුව එය එසේ වූයේ නැත.

ර්චපර ඛ්ඥතඥඵබඥ නෞකාවට සිදුවූයේ කවර අකරතැබ්බයක්ද?

ඒ දෙසැම්බරයේ පස් වැනිදා විය. කුඹු දෙකේ බි්‍රතාන්‍ය නෞකාවක් (ඕපඪඨ) වූ 'ච්ඥඪ ට්පචබඪච' යාත්‍රා කරමින් සිටියේ ඇසෝර්ස් ප්‍රදේශයට මයිල හාරසියයක් පමණ එපිටින් වූ මුහුදෙහිය. තරමක් රළු මුහුදේ ඉදිරියට ඇදෙද්දී ච්ඥඪ ට්පචබඪච හි කපිතාන් තැන ඩේවිඩ් මෝර්හවුස්ගේ නෙතට හසුවූයේ අසාමන්‍ය දසුනකි. යම් යාත්‍රාවක් ඔහේ එහි මෙහි වැනෙමින් මේ පාළු මුහුදෙහි නතර වී ඇති අයුරක් ඔහුට දකින්නට ලැබිණි. එක්වරම ඔහුගේ සිතට නැඟුණේ මුහුදු කොල්ලකරුවන් පිළිබඳ බියකරු හැඟීමකි. එහෙත් නෞකාවේ බාහිර පෙනුමින් කිව හැකි වූයේ එය ඇමෙරිකාවට හෝ බි්‍රතාන්‍යට අයත් යාත්‍රාවක් විය හැකි බවයි. එබැවින් සැක නැතිවම ඒ ආසන්නයටම යාත්‍රාව පදවන්නට මෝර්හවුස් කල්පනා කළේය.

'දෙයියන්ට ඔප්පු වෙච්චාවේ, මේ ර්චපර ඛ්ඥතඥඵබඥ නේද?'

කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලය පත් වූයේ පුදුමයෙනුත් පුදුමයකටය. මේ පාළු ඉසව්වේ නවතාගෙන එය කුමක් කරන්නේ දැයි ඔවුනට අනුමාන කළ නොහැකි වූයේය.

එබැවින් ඔවුන්ගේ උදව්වට තමා එහි යායුතු බව කපිතාන් මෝර්හවුස් තීන්දු කළේය. ඒ අනුව ඔරු පියැල්ලෙක නැඟුණු කණ්ඩායමක් ර්චපර ඛ්ඥතඥඵබඥ වෙත පිටත් කර හැරිණි.

එහි ගොඩ වූ බි්‍රතාන්‍ය නාවුකයන්ට නැවේ කිසිවකුත් සිටින බවක් සොයා ගන්නට නොහැකි විය. වඩාත් විමසිලිමත් වූ ඔවුන්ට දැක ගන්නට ලැබුණේ නැවේ පහත තට්ටුවෙහි බඩු භාණ්ඩ ආදිය එහි මෙහි ඇද දමා ඇති බවය. ඒ හැරුණු කොට වෙනත් කිසියම්ම අසුබ ලකුණක් එහි දැකගත නොහැකි වූයේය.

ඒ හැරුණු කොට නෞකාවේ කිසිදු භාණ්ඩයක් අතුරුදන්ව ගිය බවක් නොපෙනුණි. අනෙක් අතට නාවිකයන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය පවා අඩුවක් නැතිව එහි තිබෙනු බි්‍රතාන්‍ය නාවුකයන්ට දැක ගත හැකි විය.
එහෙත් එහි වූ මිනිසුනුත්, ජීවිතාරක්ෂක බෝට්ටුවක් පමණක් අතුරුදන්ව ගොස් තිබිණි. ච්ඥඪ ට්පචබඪච නෞකාවේ කාර්ය මණ්ඩලයට පමණක් නොව ඉනික්බිති එය මුළු ලෝකයටම විස¼දා ගත නොහැකි අබිරහසක් බවට පත්විය. නාවුක ඉතිහාසයේ නොවිසඳුණු අබිරහස් ගොන්නට අලුත් පරිච්ඡේදයක් එක් කළ ර්චපර ඛ්ඥතඥඵබඥ නෞකාවට කුමක් සිදුවීද?

මේ අතුරුදන් වීම පිළිබඳ මතිමතාන්තර රැසක් විටන් විට ඉදිරිපත් විය.

ඉන් එක් අදහසක් වූයේ කපිතාන් තැනත් කාර්ය මණ්ඩලයත් අතර හටගත් ගැටුමකින් මේ අකරතැබ්බය සිදුවන්නට ඇති බවය. එහෙත් කිසියම්ම අලාභ හානියක් දකින්නට නොමැති වීමත්, දිනූ පාර්ශ්වයක හෝඩුවාවක් නැති වීමත් නිසා ඒ අදහස සහමුලින්ම ප්‍රතික්‍ෂේප විය. එසේත් නැත්නම් මුහුදු මංකොල්ලකරුවන්ගේ ප්‍රහාරයක්, දැවැන්ත බූවල්ලකුගේ හෝ වෙන යම් දැවැන්ත මුහුදු සතකුගේ ප්‍රහාරයක් වුව මීට හේතු වන්නට ඉඩ ඇති බවය.

මේ ඛේදජනක අබිරහස අලළා පසුකාලීනව යම් යම් නිර්මාණද බිහි විය. සර් ආතර් කොනන් ඩොයිලිගේ නිර්මාණයකටද වරක් මෙය දායක විය. රූපවාහිනි වාර්තාකාරිනියක වන ඇනී මැක්ගේ‍රගර් වඩා විධිමත් අධ්‍යයනයක්් කරමින් නිර්මාණය කළ ඊඩඥ ර්රඵබඥප ධට බඩඥ ර්චපර ඛ්ඥතඥඵබඥ ද ඒ අතර වෙයි. මැක්ගේ‍රගර් හුදෙක් සිනමා නිර්මාණයකින් ඔබ්බට ගිය වෙහෙසක් දරමින් ඒ වන විට ජීවතුන් අතර සිටි බි්‍රග්ස්ගේ වැඩිමහලු පුතුගේ දරු මුනුපුරන්ද හමුවී මේ පිළිබඳ විස්තර සෙව්වාය.

කෙසේ හෝ වේවා මේ අබිරහස විසඳුණු වස් ලැබුණු තාර්කිකම යෝජනාව වූයේ ප්‍රවාහනය කරමින් තිබුණු ඇල්කොහොල් හේතුවෙන් යම් ගින්නක් හට ගැනීමේ ලකුණක් මතුවන්නට ඇති බවත් එයින් බියපත් බි්‍රග්ස් ඇතළු සියලු දෙනා ජීවිතාරක්‍ෂක යාත්‍රාවට පැනගන්නට ඇති බවත්ය. අනෙක් අතට එහි ප්‍රවාහනය කෙරුණු බැරල් එක්දහස් නවසිය එකක ප්‍රමාණයෙන් නවයක් (9) පමණක් කාන්දුවී හෝ වාෂ්ප වී ගොස් තිබුණු බව පසුව සොයා ගන්නට යෙදුණි. ඒ බැරල නවයම සාදා තිබුණේ රතු ඕක් දැවයෙනි. මේ ගැන විද්‍යාත්මක ඇසින් සැක පළ කරන්නන්ගේ අදහස වන්නේ රතු ඕක් දිය උරා ගන්නා (සවිවර) දැවයක් වන බැවින් එසේ කාන්දුවක් වන්නට ඉඩ තිබුණු බවය.

එහෙත් එයින් බියට පත්ව ජීවිතාරක්‍ෂක බෝට්ටුවට පැනගත් බෙන්ජමින් බි්‍රග්ස් ඇතුළු පිරිසට සිදුවූයේ කුමක්ද යන්න තවමත් නොවිසඳුණු රහසකි.

පාලිත ජයකොඩි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon