සෞදි අරාබියේ උප්පැන්න සහතිකය මෙන්න

  👤  3592 readers have read this article !
2018-11-04

'අරාබිය' කියූ පමණින් අද ඇතැමුන් දකින්නේ එය 'සෞදි අරාබිය' පමණක් කියලාය. එහෙත් මුළු අරාබියම මැදපෙරදිග අයත් වන අර්ධද්වීපයයි. ආසියාවේ වයඹ දිග තීරුවක පිහිටි රතු මුහුදට, ඒඩ්න් බොක්කට, ඕමාන් බොක්කට, පර්සියන් බොක්කට මායිම්ව පිහිටියේය. ඊට සෞදි අරාබිය, යේමනය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, බහරේනය, කුවේට් යන රාජ්‍යයන් ඇතුළත් වෙයි.

මෙහි ඇති අපූරුව නම් බටහිරින් කඳු බෑවුම් පිහිටද්දී නැඟෙනහිරට යද්දී කාන්තාර හමුවීමේ විශේෂයයි. දකුණු දිග සශ්‍රීක වූ භූමි ප්‍රදේශ දක්නට ඇත. නවීනත්වය මුල්කරගත් තෙල් කර්මාන්ත ව්‍යුහයක් පැතිරී තිබුණත්, කර්මාන්ත ආශ්‍රිත රැකියා බහුල වශයෙන් තිබුණත් මෙහි රටවැසියන් බොහෝ දෙනකුගේ රැකියාව කෘෂිකර්මාන්තය බව ඔබ විශ්වාස නොකරන්නටද පුළුවන්.

අරාබි ඉතිහාසය අමුතු එකකි. වෙනස්කම් සහිත වූවකි. අර්බුද රැසකින් පිරී තිබෙන්නකි. මෙහි විසිරී ඇති නටබුන්ව තිබෙන වාරිමාර්ග පද්ධති හොඳින් නිරීක්ෂණය කර බැලුවහොත් පැරැණි ශිෂ්ටාචාරයක දියුණු තාක්ෂණයක් සහිතව විසූවන් සිටි බවට හඳුනාගත හැකි වන්නේය. එය අතීතයේද කෘෂිකර්මාන්තයට ප්‍රමුඛ වූවන්ගේ ඉතිහාස කතාවක් සිහිගන්වයි.

අරාබිය බොහෝ ආක්‍රමණවලට ගොදුරු ප්‍රදේශයකි. එහෙත් ස්වභාවික පරිසරයේ හේතු සාධක නිසා කෙතරම් ආක්‍රමණවලට ගොදුරු වුවත් මුළු ප්‍රදේශයම අල්ලා ගන්නට ආක්‍රමණිකයන්ට නොහැකි විය. ඊට ප්‍රධානම හේතුව වූයේ කාන්තාර ප්‍රදේශද බහුලව පැවැතීමය.

එහෙත් පර්සියන්වරු 575දී පමණ මෙම ප්‍රදේශයෙන් සැලකිය යුතු තරමේ ප්‍රමාණයක් අල්ලා ගත්හ. ඉන් පසු මක්කම කේන්ද්‍රස්ථානය කරගෙන ඉස්ලාම් වාදය ව්‍යාප්තවීමත් සමඟම 7 වැනි සියවසේදී මෙය එක්සත් විය. නමුදු ඒ ටික කාලයකට පමණක්ය. කෙසේ වෙතත් 16 වැනි සියවසේ සිට පළමුවැනි ලෝක සංග්‍රාමය තෙක් මෙම ප්‍රදේශය පාලනය කළේ තුර්කි ඔටොමාන්වරුය. ඔවුහු අර්ධද්වීපයෙන් වැඩි කොටසක් පාලනය කළහ.


එයද වෙනස් වූයේ තුර්කි ඔටෝමාන්වරුන්ට එරෙහිව සාවුද් පවුලේ නායකත්වය දැරූ වහාබියා නැඟී සිටීම නිසාය. ඔහු මුළු අරාබියම එක්සත් කොට 1932දී සවුදි අරාබිය' පිහිටු වූයේය. 19 වැනි සියවස මැද භාගය වන තුරුම අරාබියත් සමඟ නිරතුරු සබඳතා දැක්වූ විදේශ ජාතිය වූයේ ඉංග්‍රීසීන්ය

එබැවින් අද ඉස්ලාම් ධර්මය ස්ථාපිතව විවිධ වෙනස්කම්වලට ලක්වී තිබුණත් අරාබියට ග්‍රීක බලපෑමක්, තුර්කි බලපෑමක් නිසා ලැබුණු දේ බොහෝය. මුළු අරාබීන් කළු පැහැති වර්ණයෙන් යුතු ගෝත්‍රික ජනයා වූ අතර මෙම බලපෑම් හා ජන සම්මිශ්‍රණය නිසාවෙන් මේ වෙද්දී ග්‍රීක තුර්කි ඔටෝමාන් ජන වර්ගවල පැහැයට මිශ්‍ර වූ පැහැපත් අරාබීන් දැකගත හැකිය. මානව විද්‍යාව හදාරන අයට මේ විකාශනය දැන ගැනීම වැදගත්ය.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon