පිටගම්කාරයන් වන කොළඹ මිනිස්සු

  👤  2792 readers have read this article !
2018-10-21

බස්නාහිර පළාත කේන්ද්‍රකරගත් යහපාලන ආණ්ඩුවේ මෙගා පොලිස් සැලැස්ම පිළිබඳ ජනතා බිය, සැකය හා විචිකිච්ඡාව එන්න එන්නම වැඩි වෙමින් තිබේ. පසුගියදා හෝමාගම නගරයට එක් වූ දහස් සංඛ්‍යාත ජනතාව කියා සිටියේ තමන් උපන් ගම්බිම්, ගේ‍ෙදාර ඊනියා සංවර්ධනයට බිලි දී පිටගම්කාරයන් වන්නට තමන් කිසිසේත් සූදානම් නැති බවය.

මෙගා පොලිස් ඇමැතිවරයා කියන්නේ කොළඹ නගරය ඩුබායි, සිංගප්පූරුව, සෝල් හා ටෝකියෝ වැනි සුපිරි නගරයක් කිරීමේ සංවර්ධන සැලසුම මේ තුළින් ක්‍රියාත්මක වන බවය. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ ආර්ථික සංවර්ධනය, සෞභාග්‍යය, යහපාලනය හා කාර්යක්ෂමභාවය මැනැවින් සැලසුම් කළ කලාපයක් නිර්මාණය කිරීම බවය. ඒ මොනවා කීවත් අප තවමත් සිටින්නේ ලී-ක්වාන් යූ අගමැති සිංගප්පූරුව කොළඹ වැනි නගරයක් කරනවා කියූ වකවානුවේ කොළඹ තිබූ තත්ත්වයේමය.

චම්පික රණවක ඇමැතිවරයා විසින් දූවිලි ගසා දමා මේ උජාරුවෙන් ඉදිරිපත් කරන්නේ 1991දී තරුණ කටයුතු, කර්මාන්ත හා විද්‍යා තාක්ෂණ ඇමැති ලෙස රනිල් වික්‍රමසිංහ ගෙනා සැලැස්ම මිස අනෙකක් නොවේ. එකල එය කඩිමුඩියේ ගෙනාවේ එවකට ජපන් අගමැති ටොෂිකි කයිෆු මහතාට ඉදිරිපත් කර ජපන් ආධාර ලබා ගන්නා අදහසිනි. එහෙත් ඉන්පසු බලයට පැමිණි මහින්ද රාජපක්ෂ රජය එය ඉවත දැමුවේ ඊට මහජන ප්‍රසාදයක් නොවීම නිසාය.

2016 වසරේ ජනාධිපති සිරිසේන මහතාගේද දායකත්වය ඇතිව එය නැවත එළියට ගත්තේය. මෙවර එය ඉර්ඒඅඊ ඛ්ධ්ඊක වශයෙන් හඳුන්වා දී තිබේ. 19 වැනි සියවසේ බි්‍රතාන්‍ය පාලනය යටතේ කොළඹ නගරයේ ඹ්ධ්ර්ථීඊර්ණීව්, ඩ්උව්ඊඡ්අ, ඕඛ්ඛ්, එඒඹ්ම්ඡ්අ, ඹ්ධ්ඍඡ්අ ආදී කර්මාන්ත ව්‍යාපාර බිහිවන විට කොළඹ අවට විසූ ජනතාව බඩු පොට්ටනි රැගෙන කෝච්චියේ නැඟී පිටගම්කාරයන් ලෙස නගරයෙන් විස්ථාපනය වූහ. දැන් නැවතත් නාගරීකරණය තුළ මේ පලවා හරින්නේ ඔවුන්ගේ තුන් වැනි පරම්පරාවය.

නව ලිබරල් ආර්ථික ක්‍රමය යටතේ මිනිසුන්ට හෝ මිනිස් ශ්‍රමයට නිශ්චිත වටිනාකමක් නැත. භෞතික අතින් දියුණුවන නගර මිනිසුන් සලකන්නේ කුණු රොඩු ගණනටය. ඔවුන් එක්කෝ ස්මාට් නගරයට අවශෝෂණය විය යුතුය. නැත්නම් බැහැරට විස්ථාපනය විය යුතුය. හෝමාගම ප්‍රදේශයේ පාරම්පරික ජනතාව මුහුණ දෙන යථාර්ථය එයයි. ආණ්ඩුවේ මෙගා පොලිස් ප්‍රජා මූලික සැලසුමක් නොවේ.
මෙගා පොලිස් පදනම වන්නේ ආර්ථික විභවතාවන් අංක 1 වශයෙන් ගෙනය. මූලික සැලසුමෙහි ව්‍යාපෘති 11ක් තිබේ. ඒවා ජනතාවට පැහැදිලිව ඉදිරිපත් කර නැත. කටුනායක ගුවන් පථය පුළුල් කිරීම සහ එම සැලැස්මට අයත් අනෙකුත් සංවර්ධන කටයුතු මිනුවන්ගොඩ නගරය දක්වාම ගිල ගන්නවා ඇත.

කාර්මික නගරය මීරිගම කේන්ද්‍ර කොට පිහිටුවන අතර විවිධ කර්මාන්ත සඳහා ස්වකීය ගම්බිම් පරිත්‍යාග කොට යහපත් ආත්මභාවයක් ලබාගැනීමේ අවස්ථාව මීරිගම ජනතාවට ලැබෙනවා ඇත. ඒ හැරුණු විට මහ කොළඹ ට්පඥචබඥප ඛ්ධතධථඡධ ප්‍රදේශය ඇතුළු සමස්ත යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තවත් හෙක්ටයාර් දහස් ගණනක් යෙදවේ. ඒ සියල්ල සඳහා කැපවීම් සිදු කළ යුත්තේ සමස්ත ක්‍රියාවලියේ අවම සම්පත් ලාභීන් වන බස්නාහිර පළාතේ ජනතාවය.

කොළඹ නගරයේ බැලූ බැලූ අත අහස උසට ‍ෙදාඹකර ඔසවා තිබේ. දැවැන්ත හෝටල් ඉදිවෙමින් ඇත. ඒත් ජන ජීවිතයට සිදුවන යහපතක් නැත. ජනතාවට කියන්නට සිදුවන්නේ රටට ලස්සනට අපි මහ මැඳුරු තනනවා. ඒත් වැහිදාට අපේ ගේ ඇතුළෙ තෙමෙනවා කියාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon