ඉන්දියානු ධනවතුන්ගේ මැඳුරු තුළ රස උතුරා ගිය හැටි
ඉන්දියානු සිනමා කර්මාන්තය අද කෙතරම් ඉහළට එසැවී තිබුණද එහි අතීතය බොහෝ අයට අමතකය. 1913 ප්‍රථම හින්දි කතානාද චිත්‍රපටය බිහිවීමෙන් පසු මේ ගත කරන්නේ හින්දි සිනමාවේ 105 වැනි වසරය.
එරට ප්‍රථමයෙන්ම චිත්‍රපටයක් තිරගත කර පෙන්වා ඇත්තේ ඊටත් පෙරය. එනම් 1896 ජූලි 7 දා කැමරා ශිල්පී මොරිස් සෙස්ටයර් විසින් බොම්බායේ වොට්සන් හෝටලයේදීය. එවක හැටියට ඉහළ ප්‍රභූ පිරිසක සහභාගි කරවා රුපියලක් වැනි මුදලක් අයකර තිරගත කළ කෙටි චිත්‍රපට 2කි. ඒ ඒපපඪමචත ධට ච ඊපචඪද සහ ඹ්ඥචමඪදඨ බඩඥ ජ්චජබධපර නම් කෙටි චිත්‍රපට දෙකය.
මේ සිනමා රසවින්දනය ප්‍රභූ පන්තියෙන් පොදු ජනයා අතරට ගලා යන්නට වැඩි කලක් ගත නොවූයේ එය හොඳ ආදායමක් උපයාගත හැකි බව දැනුණු නිසාවෙනි.
මුම්බායිහි පිහිටි ව්ධමඥතබර සහ ට්චඪඥබර නම් රංග ශාලාවල කෙමෙන් කෙමෙන් සුදු තිර සකසා විදේශයෙන් ගෙන්වා ගත් කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය ඇරැඹිණි. එය කොතෙක් දුරට ව්‍යාප්ත වීද යතොත් නගරයෙන් බැහැර ගම්මාන කරාද ව්‍යාප්ත වෙමින් ප්‍රේක්ෂකයන් අන්දමන්ද කරමින් කුඩාරම් තුළ තිර රෙදි ඇද තැන තැන කෙටි චිත්‍රපට පෙන්වන්නට විය.
මේ ප්‍රවණතාව දෙස හොඳින් බලාසිටි එවක ඉන්දියාවේ රැඳී උන් මහාචාර්ය ස්ටීවන්සන් සහ මහාචාර්ය ඇන්ඩර්සන් යන අය ඉන්දියානු තේමා මුල්කරගනිමින් කෙටි චිත්‍රපට කිහිපයක් නිමවන්නට පටන් ගත්හ. ඒවා අතර මතක හිටින කෙටි චිත්‍රපට වූයේ ඒ නචදධපචථච ධට ධ්දඤඪචද ඉජඥදඥඵ සහ ඊපචඪද ඒපපඪමඪදඨ චබ ඡධථඡචර ඉබචබඪධද ය.
සුදු ජාතිකයන් අතින් නිමැවෙන මෙවැනි ඉන්දියානු තේමා මුල්කරගත් කෙටි චිත්‍රපට සියල්ල හොඳින් නැරඹූ ඉන්දියානු රසිකයන් මෙන්ම චිත්‍රපටයක් නිපදවිය හැකි දැනුමක් තිබුණු අයට ඉස්පාසුවක් නොවීය. ඒ තමන්ම කෙසේ හෝ කෙටි චිත්‍රපටයක් හදන්නට ඕනෑය යන අදහස පෙරදැරිකරගෙනය.
ඒ අනුව එච්.එස්. බටා වඩේකර් නමැත්තා (ප්‍රකට වූයේ "සාවේඩඩා" නමිනි) සහ හරිලාල් නමැත්තා ස්වදේශිකයකු අතින් නිමැවුණු පළමු හින්දි කෙටි චිත්‍රපටය නිමැවිණි.
මෙම චිත්‍රපටය බොහෝ දුරට තිරගත කරන්නට සැලසුම් කර තිබුණේම ඉන්දියානු ධනවතුන්ගේ නිවෙස් තුළ මුදලක් අයකර ගනිමිනි.
මේ රහ සාවේඩඩාට හොඳින් දැනී තිබුණේය. පිටරටින් ආනයනය කළ කැමරාවක් උපයෝගි කරගෙන හොඳින් සැලසුම් කරමින් සාවේඩඩා ඊඩඥ එපඥඵබතඥපඵ සහ ර්චද චදඤ ර්ධදඬඥර කෙටි චිත්‍රපට තැනුවේය. හරිලාල් සෙන් නමැත්තාද 1898 වෙද්දී මහාචාර්ය ස්ටීවන්සන්ගේ උපදෙස් මත චිත්‍රපට තනන්නට පටන් ගත්තේය.
පසු කලෙක ඉතා ජනප්‍රිය බවට පත්වූ චිත්‍රපට බෙදාහරින්නන් අතර දැවැන්තයකු වූ ජේ.එෆ්. මදන් "මදන් තියටර්ස්" සමාගම පිහිටුවාගෙන මේ උත්සාහයේ ඉදිරි පියවර තැබීය.
එහෙත් ප්‍රථම කතානාද හින්දි චිත්‍රපටය නිමැවූ ඩඩාසහබ් පල්කී "රාජා හරිශ්චන්ද්‍ර" නිමවමින් හින්දි සිනමාවේ පියා යන විරුදාවලිය ලබන තුරුම කෙටි චිත්‍රපට නිමැවීමත් ප්‍රදර්ශනයත් බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි.
ඒ වෙද්දී ප්‍රථම කතානාද චිත්‍රපටය රසවිඳින්නට රසවතුන් තනා තිබිණි. කෙටි චිත්‍රපට රස වින්දෝ වැල නොකැඩී "රාජා හරිශ්චන්ද්‍ර" නරඹන්නට වූහ. එය ආදායම් වාර්තා තබන්නට සමත් විය. පල්කී ද කෙටි චිත්‍රපටයක් නිමැවූ අතර එයද මෙම ප්‍රථම කතානාද හින්දි චිත්‍රපටය තනන්නට පෙර චිත්‍රපටයක් හැදෙන්නේ කොහොමද?" යන්න කියා දෙන කෙටි චිත්‍රපටයක් විය.
"ඩ්ධඹ ටඪතථ චපඥ ථචඤඥ" එම කෙටි චිත්‍රපටය පල්කීම රඟමින් චිත්‍රපට පහසුතල හදන හැටි නළු නිළියන් හසුරුවන හැටි, රූපගත කරන හැටි දැක්වූයේය. මෙයද ලොකු කතානාද චිත්‍රපටයක් නරඹන්නට ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීමක්, සූදානම් කිරීමක් හා සමාන විය.
(ලබන සතියට)
සජිත් රෝහිත ලියනගේ
විනෝදාත්මක
අද මව්බිමෙන්
- පලාලි නවීකරණය කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-18
- මධුෂ් ඇතුළු 31 දෙනාට එරෙහි නඩුව 28දා යළි කැඳවයි 🕔2019-02-18
- ජිනීවා සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් පෙත්සම් 12ක් 🕔2019-02-18
- දකුණේ සීනියර් DIG කොළඹට මාරුවක් 🕔2019-02-18
- කථානායක වගකීමකින් ක්‍රියා නොකළ නිසා මැතිසබය නොසන්සුන් වුණා 🕔2019-02-18
- පොල්තෙල් නිපදවන, විකුණන තැන් 28දා තෙක් පරීක්ෂා කරනවා 🕔2019-02-18
- පළාත් ඡන්දය ගැන අවසන් තීරණය මේ සතියේ 🕔2019-02-18
- කරදර හිරිහැර දරාගන්න බැරි තැන නාවික හමුදා සෙබළිය එල්ලී මැරිලා 🕔2019-02-18
- පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින්ගේ තැපැල් දීමනාව වැඩි කෙරේ 🕔2019-02-18
- අගමැතිගේ මුලතිව් සංචාරයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවක 🕔2019-02-18
- ලංවිමට වසර 50ක් සපිරීමත් සමරා හෙට කිරිවෙහෙරේ පින්කම් රැසක් 🕔2019-02-18
- ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ධීවරයකු නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රාවකින් ගොඩ බිමට 🕔2019-02-18
- නරමානේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය 20දා පානදුරේ නගර සභා ක්‍රීඩාංගණයේදී 🕔2019-02-18
- තායිලන්තයේ දහ වැනි රජතුමාගේ රාජාභිෂේක මෞලි මංගල්‍යයට ශ්‍රී මහා බෝධි අංකුරයක් 🕔2019-02-18
- මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 17 දෙනකු අත්අඩංගුවට 🕔2019-02-18
- හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි 🕔2019-02-18
- කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙසට සංවර්ධනය කරනවා 🕔2019-02-18
- මහා පරිමාණ මුදලාලිලා ටික අහිංසක ගොවියා සූරාකන්න පටන් ගනීවි 🕔2019-02-18
- ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක දශම 0.7කින් ඉහළ යයි 🕔2019-02-18
- ජනපතිගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එජාපය සූදානමක 🕔2019-02-18
- ජර්මන් තානාපති ඔහුට පැවරී ඇති වැඩේ කළා නම් ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ 🕔2019-02-18
- හෘද රෝගීන් වෙනුවෙන් හදට හදක් එළි දැක්වෙයි 🕔2019-02-18
- සිවු හැවිරිදි දරුවාගේ ඇටමිදුලු බද්ධයට මුදල් සොයා ගැනීම අපිට සිහිනයක් 🕔2019-02-18
- නිදහස්ව හා සාධාරණව නිසි කලට මැතිවරණ පැවැත්විය යුතුයි 🕔2019-02-18
- රටේ පාලනය කපටි දේශපාලනඥයන්ට භාරදී බුද්ධිමතුන් වියතුන් උගතුන්ට නිහඬ වෙන්න බැහැ 🕔2019-02-18
- අස්වනු සඳහා පොරොන්දු වූ මුදල් ඉල්ලා පොල් ගසා දේව කන්නලව්වක 🕔2019-02-18
- තෝලන්තෝට්ටම් ප්‍රදේශයේ වළක් හෑරීමේදී ගිනි අවි නවයක් හමු වෙයි 🕔2019-02-18
- ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී. ආයතනයට මහ බැංකුවෙන් නියාමන ක්‍රියාවලියක් 🕔2019-02-18
- දෝහා කටාර් රජතුමා පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි 🕔2019-02-18
- මන්නාරම සමූහ මිනී වළේ අස්ථි සාම්පල පහක කාබන් කාලනිර්ණ වාර්තාව ලැබෙයි 🕔2019-02-18
- මීටියාගොඩදී ටී 56ක් හා උණ්ඩ සමඟ පුද්ගලයෝ් දෙදෙනෙක් කොටු වෙති 🕔2019-02-18
- විදුලි රැහැන් යෙදූ කෙසෙල් වත්තක විදුලි සැර වැදී වන අලියකු මිය ගිහින් 🕔2019-02-18
- L.T.T.E. නිල ලාංඡනය සහිත කැප් තොප්පියක් සහ M.P.M.G පතරොම් වැලක් කසළ බෑගයක 🕔2019-02-18
- විනිවිදභාවයෙන් තොර ටෙන්ඩර් ප්රදානය ලංකාවට කළු පැල්ලමක් 🕔2019-02-18
- විසුරුවා හරිනු ලැබූ පළාත් සභා හයක මූල්‍ය අවභාවිතාවක් සිදුවෙනවා 🕔2019-02-18
- මල්වාන නිවෙසේ ඉදිකිරීම්වලට බැසිල් රාජපක්ෂ මිලියන 100ක් දුන්නා 🕔2019-02-18
- පුද්ගලයකුට පහර දුන් පොලිස් නිලධාරීන් 2කට අත්හිටුවූ සිරදඬුවම් 🕔2019-02-18
- ප්‍රංශයේ රියුනියන් දූපතෙන් මෙරටට පිටුවහල් කළ 4ක් රිමාන්ඩ් 🕔2019-02-18
- රන් - මැණික් හා මුදල් සොරාගෙන නිවෙසට ගිනි තැබූ රියැදුරු අත්අඩංගුවට 🕔2019-02-18
- ටියුෂන් පන්තියක් තුළ මත්පැන් පානය කළ සිසුන් තිදෙනකුට පොලිස් ඇප 🕔2019-02-18
- චීන ණය උගුලේ වැටුණු පස්වැනි රට ලංකාවයි 🕔2019-02-18
- මේ වසරේ අපි අලුත් ආණ්ඩුවක් ස්ථිර වශයෙන් හදනවා 🕔2019-02-18
- මේ ණය උගුලෙන් නොගැලවුණොත් රටට අනාගතයක් නෑ 🕔2019-02-18
- නව ව්‍යවස්ථාවක් හදන බවට මෛත්‍රි ලිඛිත පොරොන්දුවක් අපට දෙන්න හැදුවා 🕔2019-02-18
- ලංකාවට ටෙස්ට් ජයක් කැන්දයි 🕔2019-02-18
- කේ.පී.ගේ ඉනිමට දෙස් විදෙස් ශුභ පැතුම් 🕔2019-02-18
- කරන්න දෙයක් නැත්නම් මම ඇඟෙන් හරි ගහන්නම් විශ්ව ඇවිත් මට කිව්වා 🕔2019-02-18
- බර පැන දැරීමේ වගකීමෙන් මලල ක්‍රීඩා සංගමය කර අරී 🕔2019-02-18
- ශෙලින්ඩාගේ සහ සදීපාගේ දස්කමින් ගේට්වේ සත්කාරකත්වයට වටිනාකමක් 🕔2019-02-18
- ETI ගනුදෙනුවේ ඩොලර් මිලියන 17ක හිඟය හිතාමතාම සැඟවූයේ ඇයි ? 🕔2019-02-18