වඳකර දැමුණු පණ ගැහුණු ජීවිත

  👤  3436 readers have read this article !
2018-10-07

දකුණු ඇමෙරිකාවේ ඇමසන් ගංගා නිම්නයේ විසූ ස්වදේශික ගෝත්‍රික ජනතාව හඳුන්වන්නේ 'ඇමසෝනියානු ඉන්දියානුවන්' (AMAZONIAN INDIANS) හැටියටය. මොවුන් පිළිබඳ අධ්‍යයනයක යෙදුණු විද්වතුන් හඳුනාගත් තොරතුරුවලට අනුව මෙම ගෝත්‍රික ජනතාවට අයත් වූයේ ඥාති සබඳතා ඇති කුඩා සමාජයකි. එය සරල වූවකි.

ඔවුන්ගේද ප්‍රධාන ජීවන රටාව වූයේ දඩයම් කිරීමය. ආහාර හා වෙනත් ද්‍රව්‍ය එක් රැස් කර ගැනීම, මසුන් මැරීම හා හේන් ගොවිතැනද ජීවන රටාවේ තවත් ප්‍රධාන අංගයන්ය. ඔවුන් අතර තවත් වැදගත් කමක් දක්වන්නේ ස්වදේශික භාෂා ව්‍යවහාරයන් කිහිපයක්ම ඔවුන් අතර භාවිත වීම නිසාය.

16 වැනි සියවස වන විට ඇමසෝනියානු ඉන්දියානුවන් මිලියන 2.5ක් පමණ සිටි අතර 1820 දශකය වන විට එය ඉන් දහයෙන් එකක් දක්වා අඩු වී ගියේය. මීට ප්‍රධානම හේතුව වූයේ සංවර්ධනයත් කර්මාන්ත ඇතිවීමත් වේගයෙන් සිදු වී පතල් හා ආකර කර්මාන්ත මෙන්ම මහා පරිමාණයේ ගවපට්ටි ඇති වීම නිසා ඔවුන් ජීවත් වූ වැදගත්ම වැසි වනාන්තර වීමත් නිසාය.

එපමණක් නොව ඔවුන්ව ආක්‍රමණය කළ පිටස්තර ජාතීන් විසින් ඇමසෝනියානු ඉන්දියානුවන් මරාදැමීමත් මීට හේතු විය. තවත් පිරිසක් අල්ලාගෙන වහලුන් ලෙස වෙනත් රටවලට යැවීමත් සිදුවිය. ඇතැම් පිරිස් නවීන සමාජය තුළට ගෙන සමාජගත කර ගැනීමත් මීට හේතු විය. අද ඔවුන් වඳ වී ගිය ගෝත්‍රිකයන් පිරිසක් බවට පත් වී ඇත.
සුලක්ඛන ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon