අපේ රුපියල
80 දශකයේ මුල රුපියල අවප්‍රමාණය වූ අවස්ථාවක ආණ්ඩු හිතවාදී මහාචාර්යවරයකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ රුපියලට ඇති සත සියය එසේම පවතින බවකි. මේ දිනවල රුපියල අවප්‍රමාණය වීම ගැන මහත් ඝෝෂාවක් මතුව තිබේ. ඒ ඝෝෂාව තුළ ඇත්තේ ආර්ථික හේතු දැක්වීම්වලට වඩා දේශපාලනික කාරණාය. ඉහත කී මහාචාර්යවරයාගේ කතාවට දෙවැනි නොවන කතා අසන්නට ලැබෙයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකානු ඩොලරයේ අගය දිගින් දිගටම වර්ධනය වීමට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පවතී. මේ මූල්‍ය කඩා වැටීම දකුණු ආසියාවේ මෙන්ම නැඟෙනහිර ආසියාවේ රටවල් රැසකටද බලපා ඇත.
රුපියල අවප්‍රමාණය වීම, නොඑසේ නම් බාල්දු වීම ආකාර දෙකකට සිදුවිය හැකිය. රුපියලකට ගත හැකි භාණ්ඩ ප්‍රමාණය අඩු වන්නේ නම් එය දේශීය වශයෙන් රුපියල අවප්‍රමාණය වීමකි. විදේශීය වශයෙන්ද රුපියල අවප්‍රමාණය වේ. එය සොයාගත හැක්කේ විනිමය අනුපාතයෙනි. රුපියලක් සඳහා ලැබෙන ඩොලර් ගණන ඊට පෙර ලැබුණු ගණනට වඩා අඩුවේ නම් ඉන් කියැවෙන්නේ රුපියලයේ අගය ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බවය.
ලෝකයේ මූල්‍ය ගනුදෙනුවලින් 90%ක් සිදුවන්නේ ඇමෙරිකානු ඩොලරයෙනි. එනිසා එරට සිදුවෙන සුළු මූල්‍ය වෙනසක් පවා ලෝකයේ සෙසු රටවලට විශේෂයෙන් ආර්ථිකය දුර්වල, උෟන සංවර්ධිත රටවලට දැඩිව බලපායි. 1948 සිට පැවැති මෙරට ස්ථාවර වූ විනිමය අනුපාතය 1977 ආර්ථිකය විවෘත වීමත් සමඟ පාවෙන විනිමය අනුපාතයක් බවට පත් විය. මේ වන විට ඉන්දියානු රුපියල 11%කින් අවප්‍රමාණය වී ඇත.
එහෙත් ඒරට දේශීය නිෂ්පාදන ආර්ථිකයක් පවත්වාගෙන යන රටකි. එහෙත් ලංකාව ඇල්පෙනෙත්තේ සිට ගුවන් යානය දක්වා ආනයනය කරයි. එවැනි රටකට මෙවැනි අවප්‍රමාණය වීමක් කිසිසේත් දරාගත නොහැකිය. ඇත්ත වශයෙන්ම විපක්ෂය කියන්නා සේ එය මස්තබාල්දු වීමකි. වඳුරන් ගෙවල් හදන්නා සේ මෙවැනි අර්බුදයන් මතු වූ විට ආනයනය අවම කර දේශීය නිෂ්පාදනය නැංවීමට කතා කරන ඊනියා දේශපාලන න්‍යායවලින් රටට පලක් නැත. මේ කතාන්දරවලින් ජීවන වියදමින් මිරිකෙමින් සිටින බහුතර ජනතාවටද පලක් නොවේ.
විපක්ෂයේ පිරිසක් පවසන්නේ ඔවුන්ට බලය දුන්නොත් රුපියලේ ප්රශ්නය විසඳන බවය. ආණ්ඩුවට අනුව නම් ප්‍රශ්නයට අද හෙටම විසඳුම් සොයාගත හැකිවනු ඇත. අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ මේ ප්‍රශ්නයට බුද්ධිමත්ව මුහුණ දිය යුතු බවය. කතාව ඇත්තය. එහෙත් 70 වසරක් පුරා අපේ රටේ පාලකයන් ප්‍රශ්නවලට මුහුණ දී ඇත්තේ බුද්ධිමත්ව නොවේ. එසේ වූවානම් රටට මෙසේ වන්නේ නැත. 'කොළඹ' දෙස බලාගෙන සිංගප්පූරුව ගොඩනැගූ ලී ක්වාන් යූ වසර විසිපහක් ඇවෑමෙන් කොළඹ දෙස බලා පලක් නැතැයි පැවැසීය. ඒ තුළින් කියැවෙන්නේ අපේ පාලකයන්ගේ කෙරුවාවය. රුපියල දඩමීමා කරගෙන දේශපාලන බල අරගලයේ නියැළෙනවා මිස අදත් මේ පාලකයන් කරන වෙනත් කිසිවක් නැත. ප්‍රතිපත්තියක් නැතිකම ඔවුන්ගේ එකම ප්‍රතිපත්තිය වී ඇත.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- පලාලි නවීකරණය කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-18
- මධුෂ් ඇතුළු 31 දෙනාට එරෙහි නඩුව 28දා යළි කැඳවයි 🕔2019-02-18
- ජිනීවා සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් පෙත්සම් 12ක් 🕔2019-02-18
- දකුණේ සීනියර් DIG කොළඹට මාරුවක් 🕔2019-02-18
- කථානායක වගකීමකින් ක්‍රියා නොකළ නිසා මැතිසබය නොසන්සුන් වුණා 🕔2019-02-18
- පොල්තෙල් නිපදවන, විකුණන තැන් 28දා තෙක් පරීක්ෂා කරනවා 🕔2019-02-18
- පළාත් ඡන්දය ගැන අවසන් තීරණය මේ සතියේ 🕔2019-02-18
- කරදර හිරිහැර දරාගන්න බැරි තැන නාවික හමුදා සෙබළිය එල්ලී මැරිලා 🕔2019-02-18
- පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින්ගේ තැපැල් දීමනාව වැඩි කෙරේ 🕔2019-02-18
- අගමැතිගේ මුලතිව් සංචාරයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවක 🕔2019-02-18
- ලංවිමට වසර 50ක් සපිරීමත් සමරා හෙට කිරිවෙහෙරේ පින්කම් රැසක් 🕔2019-02-18
- රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති 🕔2019-02-18
- 2 වැනි විශේෂමහාධිකරණයක් 🕔2019-02-18
- ලෝක බැංකු උප සභාපති ශ්‍රී ලංකාවේ දිළිඳු බව දිළිඳු වී ඇතැයි කියයි 🕔2019-02-18
- ජාතික ආණ්ඩු උත්සාහය ගෝලබාලයන්ට ඇමැතිකම් දෙන්න කරන උප්පරවැට්ටියක් 🕔2019-02-18
- පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ 🕔2019-02-18
- හතළිස් හත්වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද සිට මරදාන එල්ෆින්ස්ටන් හිදී 🕔2019-02-18
- 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විපක්ෂ නායකට සංදේශයක් භාර දෙයි 🕔2019-02-18
- අනවසර හෝටලයක සාදයක් වටලා පොලිසිය තාක්ෂණ පරීක්ෂණයක 🕔2019-02-18
- බංග්ලාදේශ පුවත්පත් මණ්ඩල උත්සවයට මාධ්‍යවේදීහූ දෙදෙනෙක් සහ සභාපතිවරයා සහභාගි වෙති 🕔2019-02-18
- විජය සමුගෙන තිස් වස සපිරුණු දා 🕔2019-02-18
- වෙරළ සහ සමුද්‍රාරක්ෂාව සම්බන්ධව ශ්‍රී ලංකාවට ජපානයේ අඛණ්ඩ සහාය 🕔2019-02-18
- සබරගමුව සරසවියේ කෘෂිවිද්‍යා පීඨ සිසුන් 54 දෙනකුට සතියක පන්ති තහනමක් 🕔2019-02-18
- ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ධීවරයකු නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රාවකින් ගොඩ බිමට 🕔2019-02-18
- නරමානේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය 20දා පානදුරේ නගර සභා ක්‍රීඩාංගණයේදී 🕔2019-02-18
- තායිලන්තයේ දහ වැනි රජතුමාගේ රාජාභිෂේක මෞලි මංගල්‍යයට ශ්‍රී මහා බෝධි අංකුරයක් 🕔2019-02-18
- මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 17 දෙනකු අත්අඩංගුවට 🕔2019-02-18
- හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි 🕔2019-02-18
- කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙසට සංවර්ධනය කරනවා 🕔2019-02-18
- මහා පරිමාණ මුදලාලිලා ටික අහිංසක ගොවියා සූරාකන්න පටන් ගනීවි 🕔2019-02-18
- ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක දශම 0.7කින් ඉහළ යයි 🕔2019-02-18
- ජනපතිගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එජාපය සූදානමක 🕔2019-02-18
- ජර්මන් තානාපති ඔහුට පැවරී ඇති වැඩේ කළා නම් ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ 🕔2019-02-18
- හෘද රෝගීන් වෙනුවෙන් හදට හදක් එළි දැක්වෙයි 🕔2019-02-18
- සිවු හැවිරිදි දරුවාගේ ඇටමිදුලු බද්ධයට මුදල් සොයා ගැනීම අපිට සිහිනයක් 🕔2019-02-18
- නිදහස්ව හා සාධාරණව නිසි කලට මැතිවරණ පැවැත්විය යුතුයි 🕔2019-02-18
- රටේ පාලනය කපටි දේශපාලනඥයන්ට භාරදී බුද්ධිමතුන් වියතුන් උගතුන්ට නිහඬ වෙන්න බැහැ 🕔2019-02-18
- අස්වනු සඳහා පොරොන්දු වූ මුදල් ඉල්ලා පොල් ගසා දේව කන්නලව්වක 🕔2019-02-18
- තෝලන්තෝට්ටම් ප්‍රදේශයේ වළක් හෑරීමේදී ගිනි අවි නවයක් හමු වෙයි 🕔2019-02-18
- ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී. ආයතනයට මහ බැංකුවෙන් නියාමන ක්‍රියාවලියක් 🕔2019-02-18
- දෝහා කටාර් රජතුමා පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි 🕔2019-02-18
- මන්නාරම සමූහ මිනී වළේ අස්ථි සාම්පල පහක කාබන් කාලනිර්ණ වාර්තාව ලැබෙයි 🕔2019-02-18
- මීටියාගොඩදී ටී 56ක් හා උණ්ඩ සමඟ පුද්ගලයෝ් දෙදෙනෙක් කොටු වෙති 🕔2019-02-18
- විදුලි රැහැන් යෙදූ කෙසෙල් වත්තක විදුලි සැර වැදී වන අලියකු මිය ගිහින් 🕔2019-02-18
- L.T.T.E. නිල ලාංඡනය සහිත කැප් තොප්පියක් සහ M.P.M.G පතරොම් වැලක් කසළ බෑගයක 🕔2019-02-18
- විනිවිදභාවයෙන් තොර ටෙන්ඩර් ප්රදානය ලංකාවට කළු පැල්ලමක් 🕔2019-02-18
- විසුරුවා හරිනු ලැබූ පළාත් සභා හයක මූල්‍ය අවභාවිතාවක් සිදුවෙනවා 🕔2019-02-18
- මල්වාන නිවෙසේ ඉදිකිරීම්වලට බැසිල් රාජපක්ෂ මිලියන 100ක් දුන්නා 🕔2019-02-18
- පුද්ගලයකුට පහර දුන් පොලිස් නිලධාරීන් 2කට අත්හිටුවූ සිරදඬුවම් 🕔2019-02-18
- ප්‍රංශයේ රියුනියන් දූපතෙන් මෙරටට පිටුවහල් කළ 4ක් රිමාන්ඩ් 🕔2019-02-18