අද කාටත් අමතක - කවුරුත් නොදන්න කවුද මේ ආටිගල

  👤  3166 readers have read this article !
2018-09-09

 

ඉංගී්‍රසි වෙදකම හදාරා වෛද්‍යවරයකු විදියට මෙරට වෛද්‍ය සේවයට එක්වූ ප්‍රථම සිංහලයා ගැන ඔබ නොදන්නවත් ඇති. ඒ වෛද්‍ය ජෝන් ආටිගලයි. එපමණක් නොව එම්.සී. (ඇබර්ඩීන්) හා එම්.ආර්.සී.එස්. (ලන්ඩන්) යන ඉංගී්‍රසි වෛද්‍ය උපාධි ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේද ඔහුයි.

පිළියන්දල මඩපාත ගමෙන් හංවැල්ල නගරයට පදිංචියට එන පවුලකින් පැවත එන ජෝන් ආටිගල 1942 ජනවාරි 13 වැනි දින උපන්නා. කොළඹ ශා. තෝමස් සහ රාජකීය විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලබා රජයේ ශිෂ්‍යත්වයක් හිමිකර ගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා කල්කටාවට ගොස් එතැනින් එංගලන්තයටද ගොස් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබෙනවා.

1866 රටට වැඩ කරන්නට ඕනෑ යන අදහසින් පිටරට නොරැඳි ජෝන් ආටිගල ‍ෙදාස්තර මහතා ලංකාවට ඇවිත් රාජකාරි පටන් ගත්තා. වෛද්‍ය සේවයේ නොයෙක් තනතුරු දරමින් වසර 32ක් සේවය කළ ඔහු විශ්‍රාම ගන්නා විට කොලෝනියල් ශල්‍ය වෛද්‍ය තනතුර දරමින් සිටියා.

ඉන්පසු ඔහු සිය විවේක කාලය දේශීය වෙදකම, ඉතිහාසය හා සාහිත්‍ය වෙනුවෙන් කැප කළා. ඔහු සිය විශිෂ්ටතම මෙහෙවර ඉටුකළේ 1917දී. ඒ ලංකාවේ වගේම ඉන්දියාවේදී ඇති ද්‍රව්‍ය ගුණ නිඝණ්ඩුවල විතරක් නොව ස්වදේශීය වෛද්‍යවරුන් අතර භාවිත වන දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගනු ලබන ඔෟෂධවල උද්භිද විද්‍යා නාමය, සිංහල, දෙමළ නම් පමණක් නොව සංස්කෘත නම්ද ඇතුළත් කර ඒවායෙහි ඔෟෂධ ගුණාංගද ඇතුළත් වන විදියට තොරතුරු එක් රැස් කරමින් "සිංහලීස් මැටීරියා මැඩිකා" (ඉඪදඩචතඥඵඥ ථචපඥබපඪච ර්ඥඤඪජච) නම් ඉතාමත් වටිනා ඉංගී්‍රසි ග්‍රන්ථය සම්පාදනය කළා. මෙය බටහිර හා දේශීය වෛද්‍යවරුන්ට අද සිය පර්යේෂණ කටයුතු හා ඉදිරි පැවැත්ම සඳහා කිසියම් දෙයක් සොයා ගන්නට ශක්තිමත් මඟ පෙන්වීමක් සිදුකරන්නක් බවට පත්වුණා.

අද සිටින, නමට පමණක් වූ ‍ෙදාස්තර මහත්වරුන් මෙන් නොව රටටත් ජනතාවටත් ආදරය කළ ගෞරවාන්විත සේවයක් කළ අයෙකි. මැරුණත් රටට ණය නැති මනුස්සයෙක් විදියට ඉතිහාසය දන්නෝ ජෝන් ආටිගල ගැන කතා කරනවා. එබැවින් ච්අ - බ්ධඩද ඒබබරඨචතතඥ ගැන ඔබත් තව තොරතුරු හොයාගෙන කියවීම වටිනවා.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon