ආතුරයා කෝවිලට ආපු නිසා අමනුස්සයන්ට බිල්ලක් ගන්න බැරි වෙලා

  👤  3070 readers have read this article !
2018-09-09

 

හින්දු ලබ්ධිකයන් විසින් මහා බලසම්පන්න මවු දෙවඟන ලෙස පූජෝපහාරයට ලක් කරනු ලබන කාලි මාතා වන්දනාව ඉතා අෑත අතීතයේ සිටම පැවැතෙන්නක් බව අති පුරාණ ග්‍රන්ථවල පවා සඳහන් වෙයි. කාලිමාතාව හැඳින්වෙන විවිධ නම් රාශියක් ඇති අතර ඇයගේ විවිධ ස්වරූප අනුව එකී නම් යෙදී ඇත. ඇය ඉතාම බලසම්පන්න උග්‍ර ස්වරූපයෙන් සිටින කල්හි ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවි නමින් හැඳින්වෙයි. එවැනිම තවත් බලසම්පන්න අවස්ථාවකදී ඇය නිකුම්භිලා දේවි නමින්ද හැඳින්වෙන බව පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙයි.

අති පුරාණ රාමායන මහා කාව්‍යයේ දැක්වෙන අන්දමට මහා රාවණා රජුගේ පුත් කුමරුන් වූ මේඝනාද (ඉන්ද්‍රජිත්) ඉමහත් භක්තියෙන් පූජෝපහාර දැක්වූ නිකුම්භිලා දේවිය මහා කාලි මාතාවම 'බව (ඉපඪ ර්චඩච ර්ථීපචබරචදඨඪපච ඤඥමඪ (ඩ්ධතර ච්ඪමඪදඥ ර්ධබඩඥප ඪද ජ්ඥපධජඪභඵ ටධපථ)' (ග්‍රන්ථයේ කර්තෘ ආචාර්ය රාමමූර්ති සඳහන් කරයි. ඒ පිළිබඳ විස්තරයක් පසුගිය සතියේ ඉරිදා 'මව්බිම' පත්‍රයේ පළ විය.) එය එසේ නම් රාම- රාවණා සමයේ සිටම කාලි මාතා වන්දනාව පැවැති බව අපට සිතා ගත හැකිය.

නරසිම්හි එසේත් නැතිනම් නරම්හිකා යනුවෙන්ද ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවි හැඳින් වෙයි. ශක්තිය මෙම දේවතාවියගෙන් පිළිබිඹු බවයි. හින්දු ලබ්ධික සංකල්පයට අනුව ඉන් පිළිබිඹු වන්නේ සදාකාලික ශක්තියයි. බලයයි. එනම් විශ්ව ශක්තියයි. පිළිම හා රූපවල ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවි දක්වා ඇත්තේ සිංහයකුගේ මුහුණක් හා අංගසම්පූර්ණ ස්ත්‍රී මනුෂ්‍ය ශරීරයක් සහිතවය. සිංහල මුහුණෙන් නරකත් මනුෂ්‍ය ශරීරයෙන් හොඳත් පිළිබිඹු වන බව බැතිමතුන්ගේ විශ්වාසයයි.

ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවි බැතියෙන් වන්දනාමාන කරන බැතිමතුන් සතුරු බිය, අපල උපද්‍රව අනවින කොඩිවින, හූනියම් ආදියෙන් මුදා ආරක්ෂාව ලබා දෙන බවට විශ්වාසයක් පවතී.
හලාවත, මුන්නේශ්වරම, අයියනායක දේවාල පාරේ පිහිටි ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසන්නේ කෝවිලට පැමිණෙන බැතිමතුන් බොහෝමයක්ම තමන්ගේ දුක් කරදර, තමන්ට එල්ලවන සතුරු පීඩා, කොඩිවින සූනියම්වලින් නිදහස් වීමට ප්‍රත්‍යාන්ගිරා මෑණියන්ගේ පිහිට බලාපොරොත්තු වන බවය. කාලි මාතාවගේ උග්‍ර ස්වරූපයෙන් සිටින ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවිය ඒ කරදර උවදුරුවලින් නිදහස් වීමට ක්ෂණිකවම පිහිට වෙන බව මහේන්ද්‍රසාමි පවසයි.

'කෝවිලට ඇවිල්ලා අම්මාගේ දෙපා ළඟ වැටිලා පිහිට ඉල්ලන බොහොමයක් දෙනකුට පිහිට ලැබිල තියෙනවා. තමන්ගෙ ප්‍රාර්ථනය ඉෂ්ට වුණාම බාරහාර ඔප්පු කරන්න එන විදියෙන් ඒක අපිට තේරුම් ගන්න පුළුවන්.

මේ ළඟදී වෙන්නප්පුව පැත්තේ තරුණ හාදයෙක් කෝවිලට ආවා. එයා වසරකට කලින් විවාහ වෙලා තියෙන්නේ. දරුවකුත් ඉන්නවා. ඒත් පවුලේ ආරවුල් නිතරම. දෙන්නාටම තරහා යනවා. ඉතින් මෑණියන්ගෙ පිහිට පතාගෙන අර තරුණ හාදයා කෝවිලට ආවා. මට විස්තරේ කිව්වා. මට දැනුණා ගෙදර යම් කිසි බලවේගයක් අරක් ගෙන සිටින බව. මම ඒ තරුණයාගෙන් ඒ ගැන විමසුවා. එයා කිව්වා ගෙදර එහෙම එකක් තියෙනවා කියලා. දවසක් එයාගෙ අම්මා පුතාවයි, ලේලියවයි, පුංචි මිනිපිරියවයි බලන්න ආපු වෙලාවක එක රැයක් ගෙදර නැවැතිලා තියෙනවා. එයාට අමුතු ශබ්ද අමුතු හඬවල් ඇහිල තියෙනවා. කාගේ හරි ඡායාවක් ගේ ඇතුළේ එහෙ මෙහෙ පාවෙනවා වගේ දැනිලා. බිල්ලක් ගන්න කතාවකුත් එහෙන් මෙහෙන් ඇහිල තියෙනවා. ඒ අම්ම හොඳටම බයවෙලා පුතාට මේ ගැන කියලා. ඊට පස්සේ තමයි එයා මාව හොයාගෙන කෝවිලට ආවෙ.

එයා බිරියටත් නැන්දම්මටත් ගෙදර අනෙක් කට්ටියටත් මේ ගැන කිව්වත් ඒ කිසි කෙනෙක් ඒවා විශ්වාස කරන්නේ නැතිලු. 'මනස්ගාත' කියල ගණන් ගන්නේ නැහැලු. මම ඒ හාදයාට ආරක්ෂාවක් දාලා කොහොම හරි බිරියව කෝවිලට එක්කන් එන්න කිව්වා. එයා පහුවදාම කොහොම හරි බිරිය කැමැති කරවාගෙන කෝවිලට ආවා.

අපි අත්තන කපල, මතුරපු දෙහි කපල මෑණියන්ට කන්නලව් කළාට පස්සේ අර තරුණයාගේ බිරියට පිළිගන්න සිද්ධ වුණා තමන් ඉන්න නිවෙසේ අමනුස්ස දෝෂයක් තියෙන බව. මම ඒ දෙන්නට ආරක්ෂාව දාලා කහ නූල් බැන්දා. මම කිව්වා ගෙදර තියෙන අමනුස්ස දෝෂය අයින් කරන්න පුළුවන්. ඒත් ගෙදර ඉන්න අනෙක් කට්ටිය මේව විශ්වාස කරන්නේ නැති නිසා මොකවත්ම කරන්න බෑ. ඒ නිසා ඔය දෙන්නා ඒක තීරණයකට ඇවිල්ලා වෙනම ගෙදරක පවුල් ජීවිතය පටන් ගන්න. පුංචි දරුවෙකුත් ඉන්නවනෙ.

දැන් ඒ අය ඉන්නේ වෙනම ගෙදරක. සතුටින් ඉන්වා. වෙනදා වගේ ආරවුල් මොකවත්ම නෑ. මෑණියන්ට වෙච්ච බාරහාර අඩුවක් නැතිව ඔප්පු කළා. කලින් ගෙදර අමනුස්ස දෝෂය තවම තියෙනවා. කොයි වෙලාවක හරි ඒ දෝෂයේ ප්‍රතිඵල ඒ අය අත්විඳ ගනියි. අපට කරන්න කිසිම දෙයක් නෑ. මේ අමනුස්ස දෝෂය ගැන වැටහිලා මේ තරුණ ජෝඩුව කෝවිලට ආවේ ඒ අයගෙ පූරුවේ වාසනාවකට මහේන්ද්‍රසාමි කීය.

නන්දන තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon