පාට පාට තවරගත්ත පාට පෙට්ටියක්ද මේ

  👤  3211 readers have read this article !
2018-09-09

 

කුරුල්ලන් ඕනෑ තරම් ඉන්නට පුළුවන්. ඒත් අළුහිස් කහ - මැසිමාරා නම් වෙනස්ම කුරුල්ලෙක්. කුලිසිකාපා සිලොනෙන්සිස් (ඛ්භතඪජඪජචනච ඛ්ඥරතධදඥදඵඪඵ) කඳුකරයේ ද පහතරට තෙත් කාලාපයේත් කෑලෑ බද ගෙවතු ආශි්‍රතවත් දැකිය හැකි සුන්දර සතෙක්.

මොවුන් මුස්සිකැපිඩේ (ර්භඵජඪජචනඪචඥ) හෙවත් මැසිමාරා කුලයට අයිතියි. උගේ හිස අළු පැහැතියි. කුඩා සිළුවක් තියෙනවා. උඩුකය කොළ මුසු කහ පැහැයට හුරුයි. යටි කය කහ පාටයි. ඒ වුණත් උගුර දෙපැත්තම අළු පාටයි. පාට පාට නිසා පාට පෙට්ටියක් වගෙයි. ඇස් නම් ලොකුයි. සිහින් හ¾ඩක් "ටි්‍රල්" කියන නාදය අහලත් ඇති. නිතරම කලබල ගතියෙන්, එහා මෙහා පියාඹා ගිහින් ගොදුරු සොයනවා.

ගව පට්ටි, කසළ ගොඩවල් හා මැස්සන් බහුල තැන්වලට ඇලුම් කරනවා. උන් බිත්තර දමන්නේ පෙබරවාරි - මැයි අතර කාලය තුළයි. උගේ කූඩුව විවෘත ස්වභාවයක් පෙන්වනවා. ඒ අවට පරිසරයේ පෙ¼ද පාසි, කෙඳි සොයා ගෙන ඇවිත් මකුළු දැල්වලින් එකට යා කර කුඩා කෝප්පයක් වගේ ගසක හෝ ගලක හෝ පැත්තක සවි කරලා කූඩුව තනාගන්නවා.

එක් වතාවකට මි.මී. 15×12 ප්‍රමාණයේ ලොකු, පැත්තේ අළු හෝ ළා දුඹුරු තිත් සහිත කහට සුදු හෝ පඬුවන් බිත්තර 2-3 ක් දමනවා. වැඩුණු කුරුල්ලෙක් සෙ.මී. 9ක් තරම් වෙනවා. කුරුල්ලන්ට, සතුන්ට ආදරය කරනවා නම් ට්පඥර - ඩඥචඤඥඤ ඛ්චදචපර ජ්තරජචබජඩඥප (ට්පඥර ජ්තරජචබජඩඥප) නමින් ටයිප් කර අන්තර්ජාලයෙන් තවත් තොරතුරු සොයා ගන්න පුළුවන්.

සුලක්ඛන ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon