වයින් ගැන කතා කරද්දී ඇම්ෆෝරාව අමතක කරන්නෙ කොහොමද?

  👤  3115 readers have read this article !
2018-09-09

 

ඉතිහාසයට එක්වූ අමුතු නාමයකි ඇම්ෆෝරා (ඒථනඩධපච) යන්නය. එය සැබැවින්ම ඉතිහාසඥයන් හඳුන්වන්නේ පැරැණි ග්‍රීකයන් විසින් නිමැවූ විසිතුරු බඳුනක් ලෙසය. එය කෙතරම් සිත්ගන්නාසුලු අයුරින් නිමැවූවාද කියතොත් ග්‍රීක ඉතිහාසය හා බැඳුණු කතා කිහිපයක්ම මින් වර්ණවත් වී තිබෙනවා.

දෑලේ අඬු දෙකක් සහිත කළයක් බඳු මේ බඳුන දියර වර්ග දැමීමටත්, ඇතැම් විට පලතුරු බහාලීමටත් සැකසූවකි. ගවේෂණාත්මක උත්සාහයන් කිහිපයකදී ලැබුණු සාක්ෂිවලට අනුව මියගියවුන්ගේ භස්මාවශේෂ තැන්පත් කිරීමටත් යොදා ගත් බව තහවුරු වී ඇත.

එහෙත් මෙය ග්‍රීකයන් අතින් නිමැවී පසුව කුසලාන ලෙස වර්ධනය වී, කුසලානයක් සේ ගැනෙනුය් ක්‍රි.පූ. 600 - 480ත් අතර කාලයේය. එකල ඒවා කළු පැහැයෙන් සායම් කළ දුඹුරු මැට්ටෙන් තැනූ විසිතුරු නිර්මාණ ලෙස එළිදැක්වී තිබේ.

මෙම බඳුන් වටා සිත්තම් කළ රූප පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් සිදුවිය. ඒ අනුව සොයා ගනු ලැබුවේ මෙම රූප ස¼දහා බෙහෙවින් යොදා ගෙන තිබුණේ ග්‍රීක මිථ්‍යා කතාවල එන දෙවියන් ගේ චරිත සමූහයාය. එයින් දේව ඇදහිලි හා විශ්වාසයන් කොයි තරම් ගැඹුරින් ග්‍රීක සමාජය තුළ කි¼දා බැස තිබුණේද යන්නත්, එම දෙවිවරුන් අසවල් අය බවටත් හඳුනා ගත හැකි අනුමානයන් ඇතිවීමය.

මෙම බඳුන්වල සැරසිලි චිත්‍රවලට ප්‍රමුඛ තැනක් දී නැතත් දේව රූප වඩාත් ඉස්මතුකොට දැක්වීමට උත්සාහ කර තිබෙන්නේ භක්ත්‍යාදරය පෙරදැරි කරගෙන බැව් කියැවේ. සාමාන්‍යයෙන් බඳුනේ කට ලොකුවට පටන් ගෙන අඩිය දක්වා යන විට ක්‍රමයෙන් සිහින් වන ආකාරයක් ඇත.

මෙම ඇම්ෆෝරා බඳුන් පිළිබ¼දව කළ පර්යේෂණ තොරතුරු ඇතුළත් පොත්පත් කිහිපයක්ද ලියැවී ඇත. ඒවා රෝම යුගය තෙක් බහුලව භාවිත කර තිබෙන්නේ තෙල් හා වයින් වර්ග එහා මෙහා ගෙන යෑමටයි. "ඇම්ෆෝරා" මෙන්ම "ඇම්ප්‍රලා" නමින් බඳුන් විශේෂයක්ද ඇත. කෙසේ වෙතත් අද වන විට විසිතුරු බඳුන් නිර්මාණය වී දියුණු තාක්ෂණයෙන් අති නවීන නිමැවුම් බිහි වුවත් එදා නිමැවූ "ඇම්ෆෝරා" බඳුන්ද අදට නොදෙවැනි ආකාරයෙන් අඩු තාක්ෂණයක් යටතේ මෙතරම් විසිතුරු ලෙස නිමැවී තිබීම පුදුමයකි.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon