එල්ලුම් ගහ එපා කියූ සුදු දිසාපති

  👤  3919 readers have read this article !
2018-09-02

 

අපරාධකරුවන් සඳහා එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම ඇරැඹුණේ යටත් විජිත යුගයේදීය. ඉංගී්‍රසි පාලන යුගයේදී බරපතළ චෝදනා ලැබූවන් එල්ලා මැරීම සිදු කෙරිණි. එල්ලුම් ගහට අමතරව එදා වෙඩි තබා මරා දැමීමද ක්‍රියාත්මක විය.

ඉංගී්‍රසි පාලන යුගයේ ප්‍රධාන බන්ධනාගාරය වැලිකඩ වුවත් එල්ලුම් ගහ පිහිටා තිබුණේ පෑලියගොඩය. වැලිකඩ හිර ගෙදර 'චැපල්' ශාලාවේ දකුණු පස පහළ මාලය පෝරකයට වෙන් කෙරිණි. එහි බිත්ති හතර මැද මුල්වරට මිනිසකු එල්ලා මැරුවේ 1884 පෙබරවාරි 11 වැනිදාය. එදා සිට නොකඩවා ක්‍රියාත්මක කෙරුණු මරණ දඬුවම 1956 අප්‍රේල් 18දා අහෝසි කෙරිණි.

එනිසා එම අප්‍රේල් 20 වැනිදා එල්ලා මැරීමට නියමිතව සිටි එරික් බචෝ මරණයෙන් බේරුණු මුල්ම වාසනාවන්තයා විය. බණ්ඩාරනායක ආණ්ඩුව මරණ දඬුවම ඉවත් කළත් අගමැති ඝාතනයෙන් පසු විජයානන්ද දහනායක අගමැතිවරයා යළිත් මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.

1976 ජුනි 23 වැනිදා දක්වා එලෙස ක්‍රියාත්මක වූ එල්ලුම් ගහ යළි අක්‍රිය වූයේ 1979 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව මරණ දඬුවම ඉවත් කිරීමත් සමඟය.

අපේ නීති පොත්වලින් 'මරණ දඬුවම' තවමත් ඉවත් කර නැත. අත්හිටුවා ඇත්තේ එය ක්‍රියාත්මක කිරීම පමණකි. එල්ලුම් ගස නැවත පණ ගන්වන්නේද නැද්ද යන්න පිළිබඳ ආණ්ඩුව තවමත් අවසන් තීරණයක් ගෙන නැත. එය ක්‍රියාත්මක කරන බවට 2000 වසරේදීත් ඉන්පසුව 2006 වසරේදීත් විශාල ආන්දෝලනයක් ඇතිවී නැතිවී ගියේය. දැන් එය යළිත් කරළියට පැමිණ ඇත.

මීට වසර 130කට පෙර මිනිසුන් එල්ලා මරණ ලද්දේ ප්‍රසිද්ධියේය. එහෙත් ප්‍රසිද්ධියේ එල්ලා මැරීම අශික්ෂිත බව මහනුවර හා රත්නපුර දිසාපතිවරයකු වශයෙන් කටයුතු කළ ඉංගී්‍රසි ජාතික හර්බට් වේස් වරක් යටත් විජිත භාර ලේකම්වරයාට ලිපියකින් දන්වා යවා තිබේ.

ඔහුගේ දිනපොතේ 1889 ජුනි 8 වැනිදා තැබූ සටහනක් මෙසේය.

"ර්ථීධඪදබඥඤ බධ බඩඥ බ්භඤඨඥ ඊඩඥ ඡ්යබපඥථඥ ධ්ථථධපචතඪබර ධට බඩඥ බ්චඪත ඛ්ධථථචදඤ ඡර ඊඹධ ඩ්ඪතතඵ චඡධමඥ ඪබ ටධප චද ඥයඥජභබඪධද. ධ් ඹඪඵඩ චතත ජචනඪබචත ඉඥදබඥදජඥඵ ඹධභතඤ ඡඥ ජචපපඪඥඤ ධභබ ඪද ඛ්ධතධථඡධ.

(ඩ්. ඹචජඥ 08.06.1889)

"කඳුගැට අතරින් උස් තැනක වරදකරුවන්ට මරණ දඬුවම් දීමේ අශික්ෂිත භාවය මම විනිසුරුවරයාට පෙන්නා දුනිමි. සියලු මරණ දඬුවම් කොළඹදී කළ යුතු බව මගේ අදහසයි."

එහෙත් යටත්විජිත භාර ලේකම්වරයා ඒ අදහසට එකඟවී නැත. ඔහු දිසාපති හර්බට් වේස්ට එවූ පිළිතුරු ලිපියේ මෙසේ සඳහන්ය.

"Pointed to the Judge The Extreme Immorality of the Jail Command by Two Hills above it for an execution. I wish all capital Sentences would be carried out in Colombo.
(H. wace 08.06.1889)

"මම ඒ සඳහා කිසිසේත් එකඟ නැත. මරණ දඬුවමක් නිසා වරද වළකන තත්ත්වයක් වේ නම් එය දුරස්ථ පෙදෙසක කිරීමෙන් එය බොහෝදුරට අඩුවන බව දක්වමි."

හර්බට් වේස් දිසාපතිවරයාගේ ඉල්ලීම ඉංගී්‍රසි යුගයේදීත් ඉටුවී නැත. 1903 මාර්තු 18 වැනිදා රත්නපුර දිසාපතිව සිටි ජී. සැක්ස්ටන් ලියූ සටහනක ඇත්තේ හර්බට් වේස් වෙනුවෙන් රත්නපුරයේ ගොඩනැඟිල්ලක්ද විවෘත කර ඇති බවයි.

"විවෘත කළ ශාලාව කියවීම් ශාලාවක් හා මහජන උත්සව සඳහා පාවිච්චි කරනු ඇත. වේස් මහතා යළි දිවයිනට පැමිණි පසු යළි උත්සවයක් පැවැත්වීමට අදහස් කරමි. අද උත්සවයට උඩරට ප්‍රධානීන් කිසිවකුත් සහභාගි වූයේ නැත. රුපියල් 3,880ක් පෞද්ගලික ආධාර වශයෙන් ලැබිණි. ප්‍රාදේශීය මණ්ඩලයට රු. 2,000ක් වියදම් විය. රුපියල් 1,500ක් වටිනා සියලුම ලී පොරෝලිස්හාමි කොන්ත්‍රාත්කරුට දුන්නෙමි. මම ඔහුට වඩු මුහන්දිරම් තනතුර දුනිමි."

ජී. සැක්ස්ටන්
(1903. 04. 18)

හර්බට් වේස් මහතා මහනුවර දිසාපතිවරයා ලෙසද කලක් කටයුතු කළේය. මහනුවර කිරිමුහුද වැවට මුහුණලා අදටත් දක්නට ලැබෙන "වේස් පාක්" නමින් හඳුන්වන උද්‍යානය ඔහු සිහිපත් කිරීම සඳහා තැනුනකි.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon