ප්‍රංශයේ ගෞරවනීය සිහිවටනය

  👤  3419 readers have read this article !
2018-07-29

ප්‍රංශයට ගිය අයකුට දැකගත හැකිවන සුවිශේෂ ස්මාරකයකි "ආක් ඩී ත්‍රීයොම්ප්" (Arc de Triomphe). මෙය පිහිටා ඇත්තේ ප්‍රංශයේ අගනුවර වන පැරිසියේ එරට ජනාධිපති මන්දිරය ඉදිරිපිටය. එය ආරුක්කු හැඩයේ වන දැවැන්ත ස්මාරකයකි. එබැවින් "ලොව විශාලතම ස්මාරකයක්" හැටියට සැලකෙයි.

මෙය පළමුවැනි නැපෝලියන් අධිරාජ්‍යයාගේ චජයග්‍රහණයන් සමරනු වස් 1806 සිට 1836 අතර කාලයේදී ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි. මෙහි සුපිරි සැලසුම්කරුවා වන්නේ ෂාන් ෆ්‍රොංශුවා ෂෝල් ග්‍රැන් (1739-1811) ය.

මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ නිර්මාණයේ හුරුබුහුටිකම පමණක් නොව ප්‍රමාණයෙන් ද විසල් වීමක් යන කරුණුය. එය උසින් අඩි 162කි. එනම් මීටර් 49කි. අඩි 147ක් පළලය. එනම් මීටර් 45කි.

අරුක්කු ඉදිකිරීමේ සම්ප්‍රදායේ ප්‍රංශයේ නව නිමැවුමක් ලෙස මෙය එකල සිට හැඳින්විණි. විශේෂයෙන් දැවැන්ත ජයග්‍රහණයක් සිදු කළ පසු එය අනාගත ප්‍රජාවටද දැනගනු වස් මෙය ඉදිකළ බැව් නැපෝලියන්ගේ කතා හා බැඳුණු තොරතුරුවල ඇත.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon