උඩරට පන්සල්වල ඉඩකඩම්, දේපොළ මිස ‘සිල් නැත’ යන අදහසක් ගැමි ජනයා අතර තිබුණා

  👤  2975 readers have read this article !
2018-07-22

‍ෙදාඩම්ගස්ලන්දේ සිට කුරුණෑගලට සැතපුම් දහසයක් පමණ ඇත. අද මෙන් එදා බස් සේවයක් තිබුණේ නැත. මෝටර් රථ සොයා ගැනීමටද පහසුකමක් තිබුණේ නැත. ඒ පළාතේ මෝටර් රථයක් දකින්නට ලැබුණේ සේනානායක, කොතලාවල නැත්නම් මැල් මහතුන් එහි පැමිණි දිනකය. බස් රථයකින් පැය බාගයක්වත් ගත නොවන මේ ගමනට ගොන් කෝච්චියෙන් කුරුණෑගලට පැමිණෙන්නට අපට පැය අටක් පමණ ගත වුණා. ‍ෙදාඩම්ගස්ලන්දෙන් රාත්‍රි 10ට පිටත් වූ (ගොන් කෝච්චිය) තැපැල් බරකරත්තය කුරුණෑගලට එන විට උදේ හයට පමණ වෙයි. මේ බර කරත්තය හැඳින්වූයේ ගොන් කෝච්චිය යන නමිනි. බස් රථ ඒමට පෙර දුම්රිය ස්ථානවලට රටේ සෑම පෙදෙසකින්ම තැපැල් ගෙන ගියේ මෙවැනි ගොන් කෝච්චිවලින් නැතිනම් අශ්ව කෝච්චිවලින්ය.

අශ්ව කෝච්චි නමින් හැඳින්වුණේ අශ්වයන් යෙදූ කරත්තයි. එදා මගීන් එහා මෙහා ගමන් කළේ මේ කෝච්චිවලින්ය. පිටිසර පෙදෙස්වලින් එන්නවුන් ගමන් කළේ ගොන් කෝච්චිවලිනි. මේවායේ මගීන් ගමන් කෙළේ ඉතා විනෝදයෙනි. මුළු රාත්‍රිය අතරමඟ නවත්වමින්, ගාල්වල හරක් මාරු කරමින්, තේ බොමින්, ආප්ප කමින් ඔවුන් ඒ ගිය ගමන බෙහෙවින්ම විනෝදජනකය. කඩකාරයෝ තේ උණු කරමින්ද, ආප්ප පුච්චමින්ද රාත්‍රි කාලයේ ගොන් කෝච්චිවලින් හා පෞද්ගලික කරත්තවලින් ගමන් කළ මගීන්ගෙන් මුදල් සපයා ගත්හ.

ඇතැම් මගීහු අම්බලම් අසල කරත්ත ලිහා තබා විවේක ගෙන පාන්දර ගමනාරම්භ කළහ. එකල විශාල බරකරත්ත කණ්ඩායම් සෑදී රාත්‍රි එළිවන තුරු ගාල්වල ලිහමින්ද, ගොනුන්ට සාත්තු කරමින්ද නගරය දෙසට හා නගරයේ සිට ගම් දෙසට ගමන් කළහ. කරත්තයට බඩු පටවා කරත්ත කාරයන් කරත්තයට වී නිදාගත් අතර ඉදිරියේ ගමන් කළ කරත්තකාරයා පමණක් නොනිදා ගමන් කළේය. අනෙක් කරත්ත මේ කරත්තය පසුපස ඔහේ ගමන් කළේය. ගොනා හොඳට පුරුදු නම් ඔහු තනියම පාර දිගේ යෑමට පුරුදුව සිටියේය. මේ අන්දමට ගමන් කළ කරත්තකාරයන් සිවුපද කියමින් යන අතර කරත්තවල එල්ලා තිබුණු මිණිගෙඩි තාලයකට වදින විට එය ගොනුන්ටද විනෝදයක් වූවාට සැක නැත. මෙවැනි මනහර දර්ශන අද රටේ සුලබ නැත. ඒ සමාජය සමඟම ඒ සමාජයේ විවිධ අංග ද වෙනස් වී අම්බලම්, හරක් ගාල් සියල්ල අතුරුදන් වීමෙන් මහ රෑ කරත්තකාරයාගේ කවිය හෝ කරත්තයේ මිණිගෙඩිය හෝ වෙනුවට අද ඇත්තේ රකුසු හ¾ඩින් හඬලන බස් ලොරිවල නළා හඬය. මේ ගොන් කෝච්චියක අට දෙනකු පමණ ගමන් කළ බවද මෙහිලා කිව යුතුය.

පසුදින උදේ හතට කුරුණෑගලින් පිටත් වූ අපි දවල් එකොළහට පමණ ගම්පහට ළඟා වූයෙමු. එකල දුම්රියද වෙනස්ය. දුම්රියක විදුලි එළිය තිබුණේ කලාතුරකිනි. ගන අඳුරින් පිරුණු දුම්රිය මැදිරි හැඳින්වූයේ 'කෝච්චි පෙට්ටි' නාමයෙනි. ඒවායේ කැසිකිළි, වැසිකිළි හෝ වතුර හෝ තිබුණේ කලාතුරකිනි. පොල්තෙල් පහන් දැල්වූ මේ දුම්රිය ගමන් කෙළේ බොහෝ විට දරවල ආධාරයෙනි. දැන් එබඳු දුම්රිය මැදිරි කොතැනකවත් දක්නට නොලැබේ.

මා බාර ගැනීමට සිටි හාමුදුරුවෝ ගම්පහ දුම්රියපොළට පැමිණ මා කැඳවාගෙන ඉහළගම විහාරයට ගියහ. මා අදත් පදිංචිව සිටින කොස්පිල්ලෑව විහාරයට පැමිණියේ ඊට පසුදාය. 1916 ජූලි මාසයේ දිනක් බව මට හොඳට මතකය. ටික දිනකට පසු දඹගොල්ලේ හාමුදුරුවෝත්, පිළිහුඩුගොල්ලේ හාමුදුරුවෝත් කොස්පිල්ලෑවේ විහාරයට වැඩ එදා ගම්පහ දුම්රියපොළේ සිට මා කැඳවාගෙන පැමිණි මහකටුවන්නාවේ ගුණානන්ද හාමුදුරුවන්ට මා පිළිබඳ වගකීම් පවරා වැඩිසේක. එතැන් පටන් මගේ ආචාර්යවරයා වූයේ කොස්පිල්ලෑව ඉහළගම විහාරය, කන්දඋඩ අභිනවාරාමය යන විහාරත්‍රයාධිපති මහකටුවන්නාවේ ගුණානන්ද මහා ස්ථවිරයන් වහන්සේය. උන්වහන්සේද දඹගොල්ලේ ගුණරතනාභිධාන මහා ස්ථවිර පාදයාණන් වහන්සේගේ පැරැණි ශිෂ්‍ය කෙනෙකි. එහෙත් පසු කලෙක ගම්පහට පැමිණි උන්වහන්සේ ගම්පහ ඉහළගම විහාරාධිපතිව වැඩ විසූ ගම්පහ අත්ථදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේත් එකම ශිෂ්‍යවරයා වූහ.

කොස්පිල්ලෑවේ විහාරයට පැමිණෙන්නට ලැබීම මගේ භාග්‍යයකි. මට හිටිහැටියේ පහත රටට පැමිණෙන්නට සිදුවීම ගැන මා පී්‍රති වූයේ උඩරටට වඩා පහතරට භික්ෂුන් වහන්සේ කුඩා කාලයේ පටන් ආශ්‍රය කිරීම නිසා පහතරට අනෙක් භික්‍ෂුන් වහන්සේ මෙන්ම මටද බාල කාලයේ පටන්ම සිල් රැකීමට පුරුදු වේය යන ඒකාන්ත විශ්වාසයෙනි. උඩරට පන්සල්වලට ඉඩකඩම්, හරකාබාන හා වෙනත් දේපොළ තිබීම නිසා 'සිල් නැත' යන අදහසක් ගැමි ජනයා අතර පවතී. එසේම පහතරට භික්ෂුන්ට දේපොළ නැති නිසා "උන්වහන්සේ සිල්වත්යැ"යි උඩරට වැස්සෝ විශ්වාස කරති. එහෙත් සියම් නිකායට අයත් පහතරට බොහෝ භික්‍ෂුන් වහන්සේ අධිශීල ගුණයෙහි පිහිටුවනු ලබන්නේ 'සිල් නැතැ'යි කියන උඩරට භික්ෂුන් විසින් බව බොහෝ දෙනා අමතක කරති. සිල් දෙන තැන සිල් නැත්නම් අනෙක් තැන කොහොම හිටීදැ'යි සලකා බැලීම යෙහෙකි. වතුර නැති ළිඳකින් වතුර ලබාගන්නේ කෙසේද?

කොස්පිල්ලෑවේ මා ගත කළ ළමා ජීවිතය අමතක නොකළ හැකි පී්‍රතිමත් අවධියකි. ගම්වැස්සන් සියල්ලන්ගේම සුහද බව මා කෙරෙහි ආරෝපණය විය. මම සෑම පෝ දිනකම සිල්කාරයන්ට පොත බලාගෙන බණ කීවෙමි. දිගු කාලෙක සිට මහලු ලොකු හාමුදුරුවන්ටම සීමිතව පැවැති පාළු පන්සලකට ළදරු හෙරණ නමකගේ පැමිණීම සැදැහැවතුන්ගේ සතුටට කරුණක් විය.

පේඩිපොළ කොස්පිල්ලෑවේ පනසවනාරාමය පැරැණි රජමහා වෙහෙරක් නොවුණත්, හොඳ ඉතිහාසයක් ඇති තැනකි. අවසාන සිංහල රජතුමා ඉංගී්‍රසීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව උඩරට ඇතිවූ කලබල තත්ත්වය නිසා උඩරට බොහෝ පවුල් කැඩී බිඳී විසිර ගියහ. එමෙන්ම සඟුන්ට පුණ්‍ය පහසුව නැති විය. රටේ විමුක්තිය උදෙසා ඇතැම් භික්ෂුන් වහන්සේ ඉංගී්‍රසීන්ට විරුද්ධව සටන් බිමට බැසීම නිසා ඉංගී්‍රසීහු අහිංසක බෞද්ධ භික්ෂුන්ට ද බොහෝ සෙයින් හිරිහැර කරන්නට වූහ. එහෙයින් උඩරට බොහෝ භික්ෂුහු පහතරට ආදී කලබල රහිත පෙදෙස් කරා පැන ගියහ. පහතරට පෙදෙස්වල මිසදිටුවන්ගෙන් කලින් ඇති වූ තාඩන පීඩන නිසා භික්ෂුන් සිටියේ ඉතා ටික දෙනෙකි. ඒ නිසා භික්ෂුන් දුටු තැන ගරු කිරීමට, සැලකීමට, අවශ්‍ය විණි නම් උන්වහන්සේට ආවාස පහසුකම් සලසා දීමට පහතරට බෞද්ධයෝ සෑම විටෙකම සැරැසී සිටියහ.

මේ පේඩිපොළ කොස්පිල්ලෑවේ මිනී පිට්ටනියෙහි ආවාසයක් තනවා සඟ නමක් උදෙසා පේළිපොළ වැස්සන් විසින් පිරිනමන ලද්දේ ඒ කාලයේදීය. සීනිදුවේ හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධ උන්වහන්සේ අවුකන පරම්පරාවට අයත් භික්ෂුවකි. පසුකලෙක මෙතැන ඉහළ පෙළේ පිරිවෙනක් පිහිටුවා තිබුණේය. එහි නිරතුරු සඟුන් සැට නමක් වැඩ සිටි බැව් සඳහන් වෙයි. මෙහි ආධිපත්‍යය ගෙන වැඩසිටියේ එකල ලක්දිව කීර්තිධර ප¾ඩිවරයකු වූ ඉළුක්වත්තේ ශ්‍රී මේධංකර මහා ස්ථවිරයන් වහන්සේය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික මහා සංඝයා වහන්සේ සමඟ ඇති වූ ධර්ම විනය පිළිබඳ විවාදයකින් අනතුරුව උන්වහන්සේ සිය සිසු කැලද කැටුව රාමඤ්ඤ නිකායට ගියහ. ඉන් පසු මේ පන්සල අඳුරු විය. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අභිවෘද්ධියට ඉලුක්වත්තේ ශ්‍රී මේධංකර ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් සිදු වූ සේවය සුළුපටු නොවන බව අදත් රාමඤ්ඤ නිකායික භික්ෂුහු ගෞරවයෙන් සිහිපත් කරති.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon