ආණ්ඩුවේ ගම්පෙරළිය
ගම්පෙරළිය නවකතාව ලිව්වේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ය. ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියා ඒ නවකතාව ඇසුරෙන් දෙස්-විදෙස් සම්මානයට පාත්‍ර වූ විශිෂ්ට චිත්‍රපටයක් හැදුවේය. 88-89 ධවල භීෂණ සමයේ 'ගම්පෙරළිය' නවකතාව ළඟ තබා ගැනීම ඇතැම් විට මරණයට හේතුවක් වී තිබිණි. දේශප්‍රේමීන් සොයා ගම් දනව් පීරන ආරක්ෂක අංශවලට විශේෂයෙන් පොලිසියට 'ගම්පෙරළිය'ද ජවිපෙ අත්පොතක් විය. තොපි ගම් පෙරළන්නේ මේවා කියවා යැයි කියමින් ඔවුහු තරුණයන් අත්අඩංගුවට ගත්හ. මෙය රටේම පොදු අත්දැකීමක් නොවුණද එවැනි සිදුවීම් ඕනෑ තරම් වූ බව නොරහසකි. එවක රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂයයි.
හවුල් ආණ්ඩුවක් යැයි පැවසුණද දැන් රට පාලනය කරන්නේද එක්සත් ජාතික පක්ෂයයි. එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් "ගම්පෙරළිය" නමින් වැඩසටහනක් අරඹා ඇත. ඒ ගම පෙරළන්න නොව ගම හදන්නය. රණසිංහ ප්‍රේමදාස 1979 අගමැති ධුරය බාරගත් පසු "ගම හදා - රට හදමු" නමින් සංකල්පයක් හඳුන්වා දුන්නේය. 'ගම්උදාව' නිවාස වැඩපිළිවෙළ හරහා ග්‍රාමීය නිවාස හා නාගරික නිවාස ඉදි කළේය. ජනසවිය, සමෘද්ධි ව්‍යාපාර ඉලක්ක ගත කළේ ගම සංවර්ධනය කිරීමය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 'ගම නැඟුම හා දිවි නැඟුම' වැඩසටහන් හඳුන්වා දුන්නේ ගම සංවර්ධනය කිරීම අරමුණු කරගෙනය. 2015 බලයට පැමිණි එජාප-ශ්‍රී ලනිප හවුලට ගම්පෙරළිය ඇරැඹීමට අවුරුදු 3ක් ගත විය. තරුණ සේවා සභාවේ නායකත්වයෙන් "ගමට කෝටියක්" නමින් සංවර්ධන ව්‍යාපාරයක් හඳුන්වා දුන් අතර එය මෑත කාලීන යුගයක වූ සාර්ථක සංවර්ධන වැඩසටහනකි. "ගම්පෙරළිය" ආණ්ඩුව හඳුන්වා ඇත්තේ "දෙවැනි ආර්ථික දිග හැරුම" ලෙසය. පළමුවැනි දිගහැරුම හරහා රටේ ණය ගෙවීමට සිදුවූ බව ගම්පෙරළිය නිකවැරටිය උත්සවයේදී අගමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.
බලයට පැමිණි දින සිට ආණ්ඩුව විවිධ ආර්ථික ප්‍රතිපත්තිමය වැඩසටහන් ඉදිරිපත් කළේය. මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ කුමන ප්රතිපත්තියද යන්න අපැහැදිලිය.
මැතිවරණ - ළංවන්නට ළංවන්නට ආණ්ඩුව ගමට ළංවෙමින් සිටින බව නම් පැහැදිලිය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වැව් දහසක් පිළිසකර කිරීමේ වැඩසටහනක් අරඹා ඇත. එය ශ්‍රී ලනිපයට බර තැබූ ව්‍යාපෘතියක් වන විට "ගම්පෙරළිය" එජාපයට බර තැබූ ව්‍යාපෘතියකි. අවසානයේ මේ සියලු ව්‍යාපෘති "බලය" ලබාගැනීම සඳහා බර තැබූ ව්‍යාපෘති බව බැලූ බැල්මට පෙනේ. "ඡන්ද" ඉලක්ක කරගත් සංවර්ධන වැඩසටහන්වලින් "ගම" හැදිය නොහැකිය. ඉන් සිදුවන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට වැඩසටහන් වෙනස් වී සංවර්ධනය අච්චාරුවක් වීම පමණි.
මේ යථාර්ථය පාලකයන් කවදා තේරුම් ගනීද යන්න ප්රශ්නයකි. 70 අවුරුද්දක කාලය තුළ ගම-රට හැදීමට කෙතරම් වලිකෑවද රට - ගම දෙකම දිනෙන් දින අගාධය දෙසට ඇදී යෑම මිස අන් යමක් සිදුවී නැත. කාලයට සාපේක්ෂව රට-ගම දියුණු වී තිබුණද එය "සැබෑ" දියුණුවක් නොවන බව පැහැදිලිය. නොඑසේනම් "කොළඹට කිරි - ගමට කැකිරි" කියමින්, රටින් වෙනම කෑල්ලක් ඉල්ලමින් තරුණයන් ආයුධ අතට ගන්නේ නැත.
මෙතෙක් කාලයකට ගම-රට හැදුවා නම් ගම් පෙරළන්න, ගම නඟන්න, ගම හදන්න අමුතුවෙන් වැඩසටහන් අවශ්‍ය වෙන්නේ නැත. පරිසරයත්, මිනිසාත් සුරැකෙන තිරසර සංවර්ධන වැඩපිළිවෙළක් තුළින් මිස අන් කිසිවකින් රටට යහපත් හෙටක් උදාවේ යැයි සිතිය නොහැකිය. රට මුහුණදී ඇති කනගාටුදායක ඉරණම සුබදායක ඉරණමකට පෙරළිය හැක්කේ එවැනි වැඩපිළිවෙළකට පමණි.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- කපුකාර සාමි මතුරලා දුන් තැඹිලි ගෙඩි පහක් බිව්ව රෝගියා මරුට 🕔2019-02-21
- ගේට්වේ එඩියුකේෂනල් ආයතනයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිනියට අත්හිටුවූ සිරදඬුවම් හා දඩ 🕔2019-02-21
- ලේඛන පොතේ සඳහන් සෑම සටහනකට පසු අධ්යක්ෂවරයා සහතික කරනවා 🕔2019-02-21
- තල්ගස්පේ මනානදී දරුණු ලෙස පහරදී පුද්ගලයකු ඝාතනය කරයි 🕔2019-02-21
- ගුණධර්ම යටපත්වීම නිසා දරුවන් රැකගැනීම අභියෝගයක් වෙලා 🕔2019-02-21
- සමහරුන් කියන්නේ විජයබා කොල්ලයේ වගේ අපි රට කෑලිවලට කඩන බවයි 🕔2019-02-21
- රන්ජන්ගේ චෝදනාව ගැන පරීක්ෂණයක් කිරීමට කුඩ්ඩන් නොවන ඇමැතිවරුන් බලපෑම් කළ යුතුයි 🕔2019-02-21
- ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ 🕔2019-02-21
- රනිල්-මෛත්‍රි දේශපාලන දීගය කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ 🕔2019-02-21
- සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ක්‍රමය අහෝසියි 🕔2019-02-21
- කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි 🕔2019-02-21
- මැල් මැඳුර ආයතනයෙන් අසාමාන්‍ය ඇබ්බැහිවීම්වලට පුරුදු වූවන් සඳහා නව චිකිත්සක ක්‍රමවේදයක් 🕔2019-02-21
- රාජ්‍ය සේවකයා හරියට වැඩ කරනවා නම් මේ රට හොඳ රටක් කරන්න පුළුවන් 🕔2019-02-21
- මන්නාරම් සමූහ මිනී වළේ ඇමෙරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි 🕔2019-02-21
- වවුනියාව ඩිපෝවේ සංකේත වර්ජනයක් 🕔2019-02-21
- මොනරාගල මුප්පනේ රජමහ විහාරයට අයත් ඉපැරැණි විහාර මන්දිරයේ චිත්රවලට කිසියම් පිරිසක් හානි කරලා 🕔2019-02-21
- යාපනයේ මාධ්‍යවේදියකුට පහරදුන්නැයි කෝපායි වැඩ බලන පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට 🕔2019-02-21
- මිරිදිය මසුන් සඳහා පාලන මිලක් 🕔2019-02-21
- මාර්තු 16දා සිට ඉඩම් ඔප්පු දෙන්න එක්දින කඩිනම් සේවාවක් ඇරැඹේ 🕔2019-02-21
- දුලබ අක්මා රෝගයකින් පුතු ගලවාගන්නට සේසතම අහිමි කරගත් අසරණ පවුලක් 🕔2019-02-21
- ජලභීතිකා රෝග මර්දන වැඩසටහනට අදාළව පශු වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධය ගැන ඇමැති තීරණය වෙන් නොකළහෝත් 26දා සිට වෘත්තීය ක්‍රියාමාර්ග වලට 🕔2019-02-21
- තනතුරු දෙකකට වසර හතරක සිට බඳවා ගැනීම් ඇනහිටලා 🕔2019-02-21
- රන්ජන් කිව්වේ ඇත්තක්ද ? බොරුවක්ද? කොකේන් කතාව මැතිසබේ රැව්දේ 🕔2019-02-21
- බාලිකා ශූරතාව - පොළොන්නරුවට : බාලක ශූරතාව - කළුතරට 🕔2019-02-21
- ක්‍රිකට් ක්‍රීඩකයන්ට සල්ලි හම්බ කරන්න මින් පසු රට යන්න ඉඩ තියන්නේ නැහැ - ක්‍රීඩා ඇමැති 🕔2019-02-21
- මොහාන්ට සභාපති තනතුරට වැට බැඳේ: ලේකම් තනතුරට ඉල්ලන්න ඉඩ ලැබේ 🕔2019-02-21
- මෙන්ඩිස්ගේ ආබාධය සුව අතට 🕔2019-02-21
- සටන්කාමී පක්ෂයට සහාය දෙන්න ඩයස්පෝරාවේ 4ක් උතුරට 🕔2019-02-21
- දකුණු පළාත් විශේෂ විමර්ශන OIC ඇතුළු තිදෙනාගෙන් CID ප්‍රශ්න කෙරේ 🕔2019-02-21
- ඡන්දෙ ගැන තීරණයක් ගන්න පක්ෂ නායකයෝ ජනපති හමුවට 🕔2019-02-21
- ශ්‍රී ලංකාවේ සිට යළිත් දකුණු ඉන්දියාවට කෝච්චියක් 🕔2019-02-21
- පළමු වසරට අයැදුම්පත් එකක්වත් නැති පාසල් 350ක් 🕔2019-02-21
- කරුංකා ජාවාරම පිටුපස කැබිනට් ඇමැති දෙපළකගේ සහෝදරයෝ 2ක්: හිටපු ඇමැති පුතෙක් 🕔2019-02-21
- කොකේන් ගන්න මන්ත්‍රිවරුන් ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් 🕔2019-02-21
- නීතිඥ සංගමයේ නව සභාපති කාලිංග ඉන්දතිස්ස 🕔2019-02-21
- දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනපතිගෙන් ජාතික අරමුදලක් 🕔2019-02-21
- කොකේන් ගන්න 24 දෙනාගේ නාමලේඛනය කථානායකට දුන්නා 🕔2019-02-21
- එහෙම නාමලේඛනයක් මට ලැබුණේ නෑ 🕔2019-02-21
- කතුන් 45,000කගේ මිලියන 1400ක ක්ෂුද්‍ර ණය කපා හරිනවා 🕔2019-02-21
- ගම්මන්පිලගේ යෝජනාව පලදරයි: ව්‍යවස්ථා සභාව ගැන විවාදය අද 🕔2019-02-21
- ප්‍රතිඅපනයන ජාවාරමෙන් සුළු අපනයන බෝග කර්මාන්තය බිඳවැටේවි 🕔2019-02-21
- 'රන්ජන් මෙතන හිටියානම් හොම්බට දෙකක් ගහනවා' 🕔2019-02-21
- ඡන්දය ගැන තීරණයක් ගන්න අපි නඩු මඟට යනවා 🕔2019-02-21
- නීත්‍යනුකූල සැමියාගේ මන්නා පිහි පහරින් අනියම් සැමියා මරුට 🕔2019-02-21
- කොකේන් ගන්නා මැති ඇමැතිවරුන් හිටියොත් පක්ෂයෙන් නෙරපනවා - කබීර් හෂීම් 🕔2019-02-21
- මිහින්තලේ පුදබිමේ දා ගැබක් මත නැඟී ඡායාරූප ගත් සිසුන්ට ඇප නෑ 🕔2019-02-21
- රණවිරු දඩයම වළක්වන්න 🕔2019-02-21
- නීති විරෝධී සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍ය මවුපියන්ගෙන් ජනපතිට ලිපියක් 🕔2019-02-20
- 2018 ජනවාරියට වඩා 2019 ජනවාරියේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යෑමක් 🕔2019-02-20
- බෝගවලට වන හානි වැළැක්වීමට කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයෙන් නව වැඩපිළිවෙළක් 🕔2019-02-20