ඇගේ වෛරය

  👤  4329 readers have read this article !
2018-07-12

මේඝනාද

78 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාවේ 1977 ඔක්තෝබර් 04 වැනිදා ය. විධායක යක්ෂයාගේ තරම කල් තියා දුටු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
එදා පාර්ලිමේන්තුව අමතමින් ඓතිහාසික කතාවක් කළා ය.

"තව දින කීපයකින් හෝ සමහර විට තව පැය කීපයකින් නිදහසේ අන්තිම පහන් සිළුව නිවී යෑමට ඉඩ ඇත. ගතවූ මාස කිහිපය තුළ ලංකාවේ ඇතිවූ සිදුවීම් හිට්ලර් බලයට පැමිණීමට කලින් තිබුණු ජර්මන් ජනරජයේ අවසාන කාලය සිහිපත් කරවනසුලුය. හිට්ලර් එදා කළේ වයිමා ජනරජ ව්‍යවස්ථාව උපයෝගී කර ගනිමින් මුළු ව්‍යවස්ථානුකූල රාජ්‍ය ක්‍රමයම විනාශ කර දැමීමයි. හිට්ලර් ප්‍රථමයෙන් කළේ ජනාධිපතිගේ සහ කැබිනට් මණ්ඩලයේ නායකයා වූ චාන්සලර්ගේ සියලුම විධායක බලතල තමාට පවරා ගැනීමයි. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් මඟින් එතෙක් ජනසම්මතවාμ සමූහාණ්ඩුවක් වශයෙන් පැවැති රජය ඒකාධිපති රජයක් බවට පරිවර්තනය කර තමාම එහි ආඥාදායකයා බවට පත්වීමය.

හිට්ලර් ඊට කලින් පැවැති මහජන මතය විමසීමේμ තමා ලත් අති විශාල මහජන වරම පාවිච්චි කළේ වයිමා ජනරජයේ ව්‍යවස්ථාව තුළ තිබූ ප්‍රජාතන්ත්‍රිය අංග සියල්ල අහෝසි කර දැමීම සඳහාය. අන්තිමේμ ජර්මනියේ ඉතිරි වූ එකම දේශපාලන තන්ත්‍රය ඒක පුද්ගල ආඥාදායකත්වයයි. අද ලංකාවටද සිදු වෙමින් තිබෙන්නේ එම සන්තෑසියමය. අවසානයේ සිදුවූයේ කුමක්ද? එම තත්ත්වය හමුවේ උදාසීනව සිටීමේ අති භයානක ප්‍රතිඵලය ජර්මනිය පමණක් නොව මුළු ලෝකයම වින්දේය. නිදහසේ ව්‍යවස්ථාව ගැන කතා කරන්නට මට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය හැකි බව මම දනිමි. එම මහඟු වරප්‍රසාදයේ බලයෙන් මා වෙනුවෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එක්තරා වැදගත් ප්‍රකාශයක් කරනු කැමැත්තෙමි. එනම් ඊනියා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාμ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උපයෝගී කරගෙන ජුනියස් රිචඩ් ජයවර්ධන මේ රටේ ආඥාදායකයා බවට පත් වන දින, අප මේ ගරු සභාවෙන් බැහැරව නිදහස් සටන අරඹන බවයි. අපි මහජනතාව වෙත ගොස් ඔවුන් සමඟ උරෙන් උර ගැටී නිවා දමනු ලබන නිදහසේ පහන් සිළුව යළිත් දැල්වීමට වෙර වඩමු.

එම සටනේμ යළි පණගන්වා ඇති දේශීය ප්‍රතිගාමීත්වය සහ නව යටත් විජිතවාμ බලවේග අපට එරෙහි වනු ඇත. අපට විරුද්ධව මුළු රාජ්‍ය යන්ත්‍රයම යොදවනු ඇත. නව අණ පනත් යටතේ නව උසාවි ඉදිරිපිටට අපව කැඳවා අලුත් පන්නයේ සිරගෙවල්වලට අපව තල්ලු කරනවා ඇත. එහෙත් නිදහස සඳහා සටන් කරනු ලබන ජනතාවක් එවැනි බලපෑම්වලින් බිය ගැන්විය නොහැක.

මේ අනුව වැඩිකල් නොගොස්ම පාර්ලිමේන්තුවේ සිටිනු ඇත්තේ ජනතා ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයන් නොව ශ්‍රී ලංකාවද සිංගප්පූරුව හෝ දකුණු කොරියාව වැනි යැයි සිතන යළිත් ධනපති ආධිපත්‍යය ගැන සිහින මවන ජනාධිපතිගේම සෙවණැලි වශයෙන් සැලකිය හැකි ඔහුගේම ඒජන්තවරුය. ලංකාවේ අෑත පිටිසර ගමකින් පාර්ලිමේන්තුවට පැමිණ ඇති මන්ත්‍රිවරයකු වෙනුවට හිටිහැටියේ මහරාජා කෙනකු හෝ ඥානම් කෙනකු හෝ උපාලි විජේවර්ධන කෙනකු පස්සා ‍ෙදාරින් පත් කිරීමට ජනාධිපතිට බලය ලබාගෙන තිබේ. මේ ආකාරයෙන් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවෙන් පන්නා දමන්නට පසුගිය මැතිවරණයේμ ජනතා වරමක් ලබාගෙන තිබේදැයි මම රජයෙන් ප්‍රශ්න කරනු කැමැත්තෙමි."

මැතිනියගේ මේ කතාව සහතික ඇත්ත ය. ඇය තුන් කල් දුටුවා ය. හැබැයි මේ යකා ඇගේ දුව චන්ද්‍රිකාටත් වැහෙයි කියා නම් ඇය කලෙක නොසිතන්නට ඇත.

ඉතිහාසයේ සිටම ලංකාවේ පැවැතියේ වෛර පිරිමහන දේශපාලනයක් ය. බල අරගලයක් ය. මුල්ම බල ගැටුම පටන් ගත්තේ ඩී.එස්.ගේ මරණයෙන් පසුව ය. සේනානායක සහ කොතලාවල පවුල් දෙක අගමැතිකමට ගැටුණහ. ඩී.එස්.ගෙන් පසු අගමැතිකමට ඇහැ ගහගෙන සිටියේ බණ්ඩාරනායක ය. ඒක එහෙම නොවෙන බව ඉවෙන් දැනගත් බණ්ඩාරනායක කල් තියාම යූඑන්පීයට පස්ස හැරෙව්වේ ය. ඩී.එස්. ගෙන් පසු අගමැති වුණේ ඩඩ්ලිය. ඩඩ්ලිට එරෙහිව කොතලාවල කැරැලි ගැසුවේ ය. 1953දී ඩඩ්ලි විසි විය. අගමැති වුණේ කොතලාවල ය. කොතලාවලට එරෙහිව ආර්.ජී. සේනානායකයි ඩඩ්ලියි එකතු වී බණ්ඩාරනායකට උඩගෙඩි දුන්නේ ය. සේනානායකලා එකතු වී කොතලාවලලා වට්ටන්න ප්ලෑන් හදද්දී බණ්ඩාරනායක අගමැති විය. 1959 බණ්ඩාරනායකගේ මරණයෙන් පසු බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය වූවා ය. මැතිනිය දිනද්දී ශ්‍රී ලනිපයට නායකත්වය දුන්නේ සී.පී. ද සිල්වා ය. මැතිනිය සී.පී.ට කැපුවේ ය. උරණ වූ සී.පී. ඩඩ්ලිට උදවු කළේ ය. 1965දී ඩඩ්ලි නැවතත් අගමැති විය. ඩඩ්ලිගෙන් පසු අගමැති වෙන්න ජේ.ආර්. සිහින මැව්වේ ය.

මෙය ඉව වැටුණු ඩඩ්ලි, ජේ.ආර්. සමඟ ගැටුමක් පටන් ගත්තේ ය. වාසිය ගත්තේ මැතිනිය ය. 1970දී මැතිනිය නැවතත් අගමැතිනිය විය. 1977දී ජේ.ආර්. අලුත් මුහුණුවරකින් ඇවිත් අගමැතිකම දිනා ගත්තේ ය. සේනානායකලා විසිවුණේ ය. 1988දී ජේ.ආර්. කරන්නට දෙයක් නැතිකමට ප්‍රේමදාසට අගමැතිකම දුන්නේ ය. අගමැතිකමට හීන මැවූ ලලිත්-ගාමිණී ප්‍රේමදාසට එරෙහිව කැරැලි ගසන්නේ ය. බණ්ඩාරනායකලත් එකතු කරගෙන දෝෂාභියෝගයක් ගෙන එන්නේ ය. 1993දී ප්‍රේමදාස ඝාතනය විය. ඩී.බී. ජනාධිපති විය. ලලිත්-ගාමිණී අගමැති හුට-පට අස්සේ 1994දී ශ්‍රී ලනිපය යළි හිස එසෙව්වේ ය. 1994 දී ජනාධිපති වන්නේ මැතිනියගේ දුව චන්ද්‍රිකා ය.

ප්‍රශ්නය පටන් ගන්නේ එතැනින් ය. චන්ද්‍රිකා බලයට එන්නෙත් මෛත්‍රිපාල ක්‍රමයටම ය. ඇයගේ පසු පසත් සෝභිත හිමියෝ සිටියහ. රටට හෙණ ගැසූ ජේ.ආර්. ගේ විධායක ජනාධිපති ක්‍රමය නැති කරන බවට සෝභිත හිමිටත් රටටත් ඇය දහ අතේ පොරොන්දු දුන්නා ය. ජනතා විමුක්ති පෙරමුණ හමුවේ ලිඛිත ප්‍රතිඥාවක් ද දුන්නා ය. ඒ නිසා ජවිපෙ සහායත් ලැබුණේ ඇයටමය. 61%ක ප්‍රතිශතයක් ලබා චන්ද්‍රිකා ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා ය. එහෙත් ඇය සියල්ලන්ම පාවා දුන්නා ය. විධායක යක්ෂයාගේ එක මවිල් ගහක්වත් ඇය බිම හෙළුවේ නැත. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැතිකම පැතුවේ එස්.බී. ය. අගමැති වුණේ රත්නසිරි ය. එස්.බී. ගේ අමනාපයයි, මහින්ද රාජපක්ෂගේ අසහනයයි 2001 දී රනිල්ට බලයට එන්න පාර කැපුවේ ය. 2004 දී ජවිපෙ සහායෙන් චන්ද්‍රිකා යළි බලයට ආවා ය. ජේ.ආර්.ට වූ දේම චන්ද්‍රිකාටත් වුණේ ය. අකැමැත්තෙන් වුණත් කරන්නට දෙයක් නැතිකමට මහින්දට අගමැතිකම ගන්නට ඉඩ දුන්නා ය. ඊළගට මහින්ද ජනාධිපති විය.

ජනපතිකම පමණක් නොව පක්ෂ නායකත්වයත් මහින්ද අතට ගත්තේ බණ්ඩාරනායක නාමය ශ්‍රී ලනිපයෙන් අතුගා දමමින් ය. ප්‍රථම වතාවට බණ්ඩාරනායකවරු ශ්‍රී ලනිපයෙන් විසිවුණේ ය. චන්ද්‍රිකාගේ වෛරය පටන් ගන්නේ එතැනින් ය.

මෛත්‍රිපාල, මහින්දට දරදිය ඇද්දේ අගමැතිකම බලාගෙන ය. ඒකත් එහෙම වුණේ නැත. මෛත්‍රි හිටියේ දැඩි හිතේ අමාරුවකින් ය. මහින්දට එරෙහිව පොදු අපේක්ෂකයකු සොයමින් සිටි චන්ද්‍රිකාට මෛත්‍රිව පෙනුනේ ය. වෛර පිරිමහගන්න සිටි චන්ද්‍රිකාට ඉහිලුම් නැති විය. චන්ද්‍රිකාගේ යෝජනාවට මෛත්‍රි එකඟ වුණේ ය. රනිල් ළඟට දුවපු චන්ද්‍රිකා මෛත්‍රිගේ පොදු අපේක්ෂකභාවය සනාථ කළා ය. 1994 චන්ද්‍රිකා කරපු දේ මෛත්‍රි 2015දී කළේ ය. විධායක බලතල අත්හරින බව සෝභිත හිමිට, ජවිපෙට පොරොන්දු වුණේ ය. පිටුපස හිටියේත්, එළියට ඇදලා ගත්තේත් චන්ද්‍රිකා නිසාදෝ මෛත්‍රිටත් ඒ පොරොන්දුව ඒ හැටියටම ඉෂ්ට කරන්නට බැරි වුණේ ය. හැබැයි විධායක යකාගේ මවිල් ගස් ටිකක් නම් ගැලෙව්වේ ය. කොහොම වුණත් රනිල්ගේ චන්ද්‍රිකාගේ යටි කූට්ටු වැඩ නැත්නම් මෙලහකටත් මෛත්‍රි පොරොන්දුව ඉටු කරන්නට ඉඩ නොතිබුණා නොවේ ය.

සියල්ල එසේ සිදු වුණත්, චන්ද්‍රිකාගේ වෛරය තවමත් සංසිඳුණු පාටක් නම් පෙනෙන්නට නැත. චන්ද්‍රිකා පොදු අපේක්ෂක ගේම ගැහුවේ අරමුණු දෙකක් එක්ක ය. එකක් මහින්දගෙන් පළිගැනීම ය. අනෙක පක්ෂයේ බලය මහින්දගෙන් ගලවා තමාගේ අතට ගැනීම ය. දෙකම යම්තාක් දුරට සිදුවිය. ඒත් පක්ෂය සුනු-විසුනු වුණේ ය. රට අරාජික වුණේ ය. නොසංසිඳුණු ඇගේ වෛරයෙන් දැවුණේ ශ්‍රී ලනිපය ය. දැවුණේ රටය. ලංකාවේ දේශපාලනය එහෙම ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon