ලෝකයේ කොහේවත්ම නැති චීනයේ පමණක්ම ඇති මීට්ටන් වෙනුවෙන්ම හදපු අපූරු කුරුලන්තය

  👤  3185 readers have read this article !
2018-07-08

කුරු මිනිසුන් බොහෝ විට සමාජයෙන් කොන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, හිංසාවන්ට පවා ලක් වෙනවා. මේ වගේ අයට රස්සාවක් හොයා ගන්න, පරස්තාවක් කරගන්න එහෙම ලේසි නැහැ. මේ ගැන අවධානය යොමු කළ චීන ව්‍යාපාරිකයෙක් ඔවුන්ට සිත් සේ ඔවුන්ගේම සමාජයක ජීවත් වෙන්න හැකියාව ඇති අපූරු ගමක් ඉදිකිරීමට පියවර ගත්තා.

'ම්ඪදඨඤධථ ධට බඩඥ ඹ්ඪබබතඥ ර්ථීඥධනතඥ' නමින් හැඳින්වෙන මේ ගම එහෙමත් නැත්නම් 'කුරුලන්තය' පිහිටා ඇත්තේ චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුන්මින් නගරයේයි. චෙන් මින්ජින්ග් නම් ව්‍යාපාරිකයා විසින් ඉදිකරවන ලද මේ කුරුලන්තය පවත්වාගෙන යන්නේ විනෝද උයනක් හැටියටයි. මෙහි සේවය කරන සියලුම දෙනා කුරු මිනිසුන්. විශේෂත්වය වන්නේ සේවය කරමින් ඔවුන් එහිම ජීවත් වීමයි. මේ වන විට 120ක පමණ කුරු ජනගහනයක් එහි ජීවත් වෙනවා. මේ කුරුලන්තයේ සාමාජිකයකු වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම වන්නේ අඩි 4කට වඩා උසින් අඩු වීමයි.

කුරුලන්තයේ වැසියන් දිවා කාලයේ ජීවත් වන්නේ හතු හැඩයට ඉදිකළ නිවෙස්වලයි. රාජකාරි වෙලාවේදී ඔවුන් සුරංගනා කථාවක එන චරිත මෙන් හැඳ පැලඳ සිටිනවා. ඔවුන් සමරු භාණ්ඩ අලෙවි කරමින් වැටුපට අමතරවද මුදලක් උපයා ගන්නවා. මේ කුරුලන්ත වැසියන්ගේ ආරක්ෂාව සඳහා පොලිසියක්, ගිනි නිවන හමුදාවක් ඇති අතර එහි සේවය කරන්නේද කුරු මිනිසුන්.

මේ අපූරු කුරු මිනිසුන්ගේ රාජධානිය නරඹන්න දිනපතා දහස් ගණනින් ජනයා ඇදී එනවා. ඔවුන් එම සංචාරකයන් වෙනුවෙන් නැටුම්, ගැයුම්, වැයුම්, වේදිකා සන්දර්ශන ආදිය ඉදිරිපත් කරනවා. බොහෝ චීන ජාතිකයන්ට ඉංග්‍රීසි බස හසුරුවන්න බැහැ. ඒත් මේ කුරුලන්ත වැසියන්ට ඉතා චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරවිය හැකියි. කුරුලන්තයට එන සංචාරකයන් සමඟ සබඳකම් ඇති කරගැනීම සඳහා ඔවුන්ට ඉංග්‍රීසි දැනුම ලබා දී ඇත්තේ එහි නිමැවුම්කරු වන මින්ජින්ග් විසිනුයි. මෙහි ජනගහනය 1000 දක්වා වැඩි කිරීම ඔහුගේ අපේක්ෂාවයි.

කොහොම වුණත් මේ කුරුලන්තය ඹ්ඪබබතඥ ර්ථීඥධනතඥ ධට ඒථඥපඪජච, ඩ්චදඤඪජචන ධ්දබඥපදචබඪධදචත වැනි ජාත්‍යන්තර සංවිධානවල විවේචනයට ලක්ව තිබෙනවා. විටෙක ඔවුන් එය හඳුන්වා ඇත්තේ 'මානව සත්ත්වෝද්‍යානයක්' ලෙසයි. සමාජයෙන් වෙන් කොට මේ අන්දමින් ඔවුන් රඳවා තැබීම මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙසයි ඔවුන් දකින්නේ. නමුත් මින්ජින්ග් පවසන්නේ සමාජය තුළ මෙම කුරු ජනයා කොන් වන අතර මේ කුරුලන්තය තුළදී ඔවුන්ට තම ආත්ම ගරුත්වය රැකගෙන ජීවත් විය හැකි බවයි. මෙහි වාසය කරන කුරු ජනයාද තමන් වැනිම මිනිසුන් සමඟ එහි සතුටින් කල් ගෙවිය හැකි බව පවසනවා.

ගැමුණු රත්නායක

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon