ඇමෙරිකන් ලොක්කෝ ධවල මන්දිරයේ නිදි නැති රැයක්

  👤  3641 readers have read this article !
2018-07-08

මෙහි දැක්වෙන්නේ විසි එක්වැනි සියවසේ දෙවැනි දශකය ආරම්භයේ ලෝක අවධානය දිනාගත් සුවිශේෂී ඡායාරූපයකි. මෙහි රැස්ව සිටින මිනිස්සු ලොව ඉහළම බලවතුන් අතර සිටි තැනැත්තන් වෙති. ඔවුන් රැස්ව සිටින්නේ ඇමෙරිකාවේ ධවල මන්දිරයේ රහසිගත නිරීක්ෂණ කාමරයක් තුළය. ධවල මන්දිර ඡායාරූප ශිල්පී ර්ථීඥබඥ ඉධභලච විසින් මෙම ඡායාරූපය ගෙන තිබෙන්නේ 2011 මැයි මස 2දා අලුයම 1ටය.


දැන් ප්‍රශ්නය මේ උදවිය මෙතරම් උනන්දුවෙන් බලා සිටින්නේ කුමක්ද යන්නය. ඔබේ පහසුව සඳහා ඡායාරූපයේ වම් කෙළවරේ දෙවැනියට වාඩි වී සිටින කුඩා මිනිසා හඳුනාගන්න. ඔහු එවකට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාය. රෑ දෙගොඩහරියේ ඔබාමා ඇතුළු පිරිස නිදි වරාගෙන මේ බලා සිටින්නේ රූපවාහිනි තිරයක් දෙසය. එහි දැක්වෙන සජීවී දර්ශනය ඔබ හැම දෙනාම දන්නා බිහිසුණු අවස්ථාවකි.


ඔබාමා මෙහි අසුන් ගෙන සිටින්නේ ලෝකයම භීතියට පත් කළ අල්කයිඩා නායක ඔසාමා බිල් ලාඩන් විනාශ කිරීම සඳහා ඇමෙරිකා නාවික හමුදාවේ අති විශේෂ මෙහෙයුම් බළකාය වූ ව්චමර ඉඥචතඵ කණ්ඩායමට නියෝග ලබාදීමෙන් පසුවය. ඔසාමා බින් ලාඩන්ගේ අල්කයිඩා සංවිධානය 2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ එධපඤ ඊපචඤඥ ඛ්ඥදබඥප හි ඊඹඪද ඊධඹඥපඵ වලට සහ පෙන්ටගනයට එල්ල කළ බිහිසුණු ප්‍රහාරයෙන් පුද්ගලයන් 2996ක් මරණයට පත්වූ අතර 6000කට වැඩි පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වූහ. විනාශයට පත් දේපොළවල වටිනාකම ඇ.ඩො. බිලියන 10ක් වී යැයි ගණනය කර තිබිණි.


අල්කයිඩා ප්‍රහාරයෙන් ඇමෙරිකානු අභිමානය පලුදු වූ අතර ඇමෙරිකාව බින් ලාඩන් විනාශ කිරීම සඳහා මුළු ශක්තිය මුදාහැර තිබිණි. ලොව සියලු ඔත්තු සේවා වාර්තා කළේ බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ තෝරා බෝරා කඳු වැටියේ සිට සිය ගරිල්ලා හමුදාවට නායකත්වය දෙන බවය. එහෙත් ඇමෙරිකන් ජ්ඕධ් රහස් පරීක්ෂකයන් බින් ලාඩන් පාකිස්තානයේ කයිබර් පළාතේ ඇබොටාබාද්හි මන්දිරයක වෙසෙන බව සොයාගත්තේය. නේවි සීල්ස් මෙහෙයුම සැලසුම් කරන ලද්දේ ක්ෂණික ප්‍රහාරයකින් බින් ලාඩන් මරා දැමීමටයි. මේ රාත්‍රිය එම බිහිසුණු මෙහෙයුම ක්‍රියාත්මක වන රාත්‍රියයි. ඇෆ්ගනිස්තාන් ජලාලාබාද් කාන්තාර ප්‍රදේශයේ ඇමෙරිකානු හමුදා කඳවුරක සිට පාකිස්තානයේ ඇබොටාබාද් දක්වා නේවි සීල්ස් සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානා දෙකක් පිටව ගියේ ජනාධිපති ඔබාමා නියෝග ලබා දීමෙන් පසුවය.


සීල් සෙබළුන් රහසිගතව පාකිස්තානු දේශ සීමාවට ඇතුළු වන අයුරුත් ඔබාමාගේ මන්දිරයට කඩාවදින අන්දමත් මෙහෙයුම් කණ්ඩායමේ නයිට් විෂන් කැමරා ආධාරයෙන් ලැබෙන සජීවී රූප මෙම පිරිස නරඹමින් සිටිති.


වම් කෙළවරේ සිටින ජෝ බිඩ්න් එවකට උප ජනාධිපතිය. ඔබාමා අසල අසුන් ගෙන සිටින්නේ විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරි ජනරාල් මාර්ෂල්, ඔබාමා පිටුපසින් සිටගෙන සිටින්නේ අද්මිරාල් මයික් මුලීන්ය. වයිට් හවුස් කාර්ය මණ්ඩල ප්‍රධානි බිල් ඩේලි ඔහු අසල සිටී. ඉදිරි පස කට අතින් වසාගෙන සිටින්නේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ය. ඇයට ඉදිරියෙන් ආරක්ෂක ලේකම් රොබට් ගේට්ද පිටුපසින් නියෝජ්‍ය ආරක්ෂක උපදේෂක ඩෙනිස්ද සිටී. තරමක් පසු පසට වෙන්නට එබී ගෙන සිටින කාන්තාව ඔඩ්රි තොම්සන්ය. ඔබාමාගේ සිරුර රැගත් සීල් භටයන් පාකිස්තාන දේශ සීමාව පසු කරන තුරු ඔවුහු ඇසිපිය නොහෙළා බලා සිටිති.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon