පුංචි කාලේ සුරාපාන ශික්ෂාපදය කැඩූ හැටි

  👤  3758 readers have read this article !
2018-07-08

මා උපන්නේ හත්කෝරලයට අයත් හිරියාලයේ උඩකැන්දවල නම් පිටිසර ගමකයි.

මාගේ උපන්දිනය, මාසය හා වර්ෂය ගැන මට දැනගන්නට ලැබුණේ මහණ වුණාටත් පසුවය. ඊට හේතුව වූයේ මා උපන් පවුල ගමේ අනෙක් පවුල් මෙන් සාමාන්‍ය එකක් වුවත්, මගේ තාත්තා කේන්දර, යන්ත්‍ර, හදි හූනියම් ගැන විශ්වාස නොකිරීමයි. ඔහු අපේ පවුලේ කාගේවත් කේන්දර ලියා තැබුවේ නැත. තාත්තා උගතකුත් නොවීය. එහෙත් ඔහු අවුරුදු පතාම දින පොතක් තබාගත්තේය. මා පැවිදි වුණාටත් පසු දවසක ගෙදර තිබුණු පරණ පොත් පෙට්ටියක් අදිමින් සිටින විට තාත්තාගේ දින පොත් ගොඩක් හමුවිය. ඒවායේ නොයෙක් දේ ලියා තිබුණු බව මට මතකයි. එසේ වුවත් ඒවා වැදගත් දේ වශයෙන් සලකා රැකගැනීමට තම් බුද්ධියක් ඒ දවස්වල මට තිබුණේ නැත. එසේ වුවත් 1902 දින පොත බලද්දී ජනවාරි 7 වැනි දිනට නියමිත පිටුවේ 'මෙදින රංබණ්ඩාගේ උපන් දිනයයි' කියා ලියා තිබිණි. ඒ මා උපන් දිනය බව ස්ථිර වශයෙන්ම දැන ගත්තේ, මගේ ගිහි නම 'රංබණ්ඩා' වීමත්, අපේ පවුලට අයත් වෙන රංබණ්ඩකු නොසිටීමත් නිසාය.

මගේ තාත්තා උෟව පළාතේ දඹවින්න වලව් පෙළපතේ කෙනෙක්ලු. කුඩා කාලයේම ගෙදරින් පැන ගොස් පාත රට ප්‍රසිද්ධ වතුකාරයකු වන එච්. ඇල් ද මැල් ගේ පියා ආශ්‍රයෙන් තමා හැදුණු බව දවසක් තාත්තා මා සමඟ කීවේය.

තාත්තා පත්තර කියැවීමට බොහෝම කැමැත්තක් දැක්වීය. ඔහු ඒ දිනවල සඳරැස පත්‍රයට දායක වී සිටි වග මට මතකයි. මා පාසලට ගිය මුල් දවස්වලම ඔහු පත්‍රය කියවන්නැයි මට නියම කළේය. මට පත්තරේ කියවන්නට බැරි බව දැක මගේ ඉගෙනීම ප්‍රමාද බව කියමින් තාත්තා ගුරුවරුන්ට පවා ‍ෙදාස් කීවේය. මා පත්තරේ කියවනවා දකින්නට තාත්තා තුළ පැවැත්තේ එතරම් තද ආශාවකි.

ඒ දවස්වල ගමේ බොහෝ දෙනකු ප්‍රවෘත්ති ඇසීමට ආවේ අපේ ගෙදරටයි. ඒ කාලේ දිනමිණ ඉතා කුඩා පත්තරයකි. එනිසා ප්‍රවෘත්ති පත්තරයක් වශයෙන් ගැමියන්ගේ ප්‍රසාදය විශ්වාසය දිනාගෙන තිබුණේ සඳරැස පත්තරයයි. එය සතිපතා පළ විය.

පළමුවැනි ලෝක යුද්ධය ආරම්භ වූ කාලයේ මම පාසල් සිසුවෙක් වීමි. ඒ කාලයේදී ද දිනමිණ පත්තරයේ පළ වූ යුද පුවත් ගැන කියැවූ ගැමියෝ ඒවා ගැන විශ්වාස නොකළහ. එහෙම වුණත් සඳරැස පත්තරයේ පළ වූ යුද පුවත් ගැන ගැමියන්ගේ ද සෑහෙන අවධානයක් යොමු වූ බව මට මතකයි. යම්තම් කියැවීමට පුරුදු වුණු දා සිට මම ගෙදරට පැමිණෙන ගැමියන්ට යුද පුවත් කියෙව්වෙමි. මගේ තාත්තා සමහර දවස්වල වෙළෙඳපොළේ විකුණන කවි කොළ ගෙනාවේය. මම ඒවා ශබ්ද නඟා තාලෙට කියෙව්වෙමි. තාත්තාත්, අනෙක් ගැමියෝත් ඒවා අසාගෙන වුන්හ. ඇතැම්විට තාත්තා මා කියවන කවිවල අදහස මටත් අනෙක් ගැමියන්ටත් විස්තර කර දුන්නේය.

මේ පත්තර, කවි කොළ කියැවීමේ රක්ෂාව බොහෝ වාසි ඇති වැඩක් බව මට හැඟී ගියේ අවුරුද්දට තාත්තාට බුලත් හුරුලු දී කතා කිරීමට එන ගැමියන් මා ගැනත් අමතක නොකළ නිසයි. ඔවුහු තාත්තාට බුලත් හුරුලු දෙන අතර, මට රතිඤ්ඤා පෙට්ටියක් දෙකක් දුන්නහ.

එදා මේ රටට රතිඤ්ඤා ගෙන්නුවේ චීන, ජපන් රටවලිනුයි. හොඳ හැඩේට ඔතා තිබුණු ඒ රතිඤ්ඤා පෙට්ටි ළමයින්ගේ හිත් තදින් ඇද ගති.

ගමේ අවුරුදු චාරිත්‍ර නියම වශයෙන් අකුරටම පාලනය කළ බව මට මතක ඇත්තේ අවුරුදු දින සංක්‍රාන්තියට කිසිත් කෑමට නොලැබීමෙන් බඩගින්නේ සිටීමට සිදුවුණු නිසයි. අපේ තාත්තා නැකැත්, යන්තර, මන්තර ආදිය ගැන සැලකිල්ලක් නොදැක්වූවත්, අවුරුදු චාරිත්‍ර විධි ගැන ලොකු සැලකිල්ලක් දැක්වීය. එයට හේතුව කුමක්දැයි කීමට මම නොදනිමි. තාත්තා අනෙක් ගැමියන් මෙන්ම අවුරුදු චාරිත්‍ර විධි ඉටුකළේ මහත් උනන්දුවකිනි.

මගේ පියාට ගමේ ගොඩේ සැලකිල්ල තිබුණු නිසා, අවුරුදු කාලේ බුලත් හුරුල්ලක් පිරිනමාලීමට බොහෝ ගැමියෝ අපේ ගෙදරට පැමිණියහ. එසේ එන්නවුන්ට බීමෙන් හා වෙනත් තෑගිබෝගවලින් තාත්තා ද සංග්‍රහ කළේය. මත්පැන් බීමට බොහෝ දෙනා දක්වන අධික කැමැත්ත නිසා මටද දවසක් සුරා රස බැලීමට අදහසක් ඇතිවිය. මම ඒ අදහස ක්‍රියාත්මක කළෙමි. ඒ මොහොතේ මගේ කට බඩ උගුර දැවී අළු වී යනවා මෙන් මට දැනිණ. මගේ සිහිය පවා විකෘති වී ගියේය. මම ගෙදර සිටි අහිංසක අක්කාට බැන වැදුණෙමි. අතට අසුවුණු පිඟන් කෝප්ප හා ගේ‍ෙදාර වෙනත් බඩු ඒ - මේ අත විසි කළෙමි. මගේ වෙරි හිඳී බලන විට තාත්තා දඬු වේවැලක් අතේ ඇතිව මා ළඟට එන්නට හදන හැටිත්, අක්කා අඬමින් තාත්තාට ‍ෙදාස් කියන හැටිත් මට පෙනිණි.

"ඔය අන්දමට රා අරක්කු ගෙනත් ගෙදරම තැබුවාම මල්ලි විතරක් නෙවෙයි. දවසක මාත් බීලා වැටිලා හිටිනවා" යි අක්කා කීවේ තද කෝපයකිනුයි. මේ කතාවෙන් පස්සෙ තාත්තා පසු බැස්සේය. ඔහු ගෙදරින් ද පිටවී ගොස් නැවත ආවේ බොහෝ සෙයින් රෑ වුණාටත් පසුවයි.
මීට පසු තාත්තා මට පේන්න කිසිවකුට සුරාවෙන් සංග්‍රහ කළේවත්, තමා බීවේවත් නැත. එහෙත් මා පැවිදි වූවාටත් පසු කලක් යනතුරු අපේ ගෙදර පුංචි කාමරයක් 'සුරා දෙවියා' වෙනුවෙන් වෙන් කර තිබුණු බව මට මතකය.

අපේ පියාට ජය කාලයක් තිබිණ. මිනිරන් වෙළෙඳපොළට හොඳ කාලයක් උදාවී තිබුණු නිසා ඒවා තිබුණු පළාත්වල ජාවාරම්කාරයන්ට පමණක් නොව,
ඒ පෙදෙස් වැසියන්ටද එය ලොකු වාසනාවක් විය. පළාතේ කාටත් රක්ෂාව තිබුණු නිසා ගම් ගොඩටද එය භාග්‍යයකි. රා ගෙදර මැල් සමාගමේ මිනිරන් පතල්වල කොන්ත්‍රාත්කාරයකුව සිටි අපේ තාත්තාගේ අතේ නිතරම මිල මුදල්වලින් අඩුවක් වුණේ නැත. තාත්තාට යහළුවොත් බොහෝ වූහ. යහළුවන් සමඟ එක්ව තාත්තා සුරාපාන ශික්ෂාපදය කඩ කළත් අසල්වැසියන් වෙනුවෙන් තමාගෙන් විය යුතු යුතුකම් බොහොම උනන්දුවකින් ඉටු කළ බව ගැමියෝ දැනුත් කියති.

තාත්තා බීමතින් වළක්වන්නට ගමේ පන්සලේ හාමුදුරුවෝ බණ කීහ. ඒ බණවලින් තාත්තා බීම නතර කළේ නැත. තාත්තා පුරුදු පරිදි සුරා දේව පූජාව පැවැත්වීය. එහෙත් අනුන්ට කන්‍ෙදාස්කිරියාවක් වන පරිද්දෙන් නොපැවැත්වූ බව ඇත්තය.

මේ කාලයේදීය මා පාඨශාලාවට ඇතුළු කරන ලද්දේ. මා පාසල් ගියේද තද ආශාවකිනි. එහෙත් ඒ ආශාව වැඩි කලක් තිබුණේ නැත. මගේ පාඨශාලාව තිබුණේ මැදමුල්ලේය. එහි ප්‍රධානාචාර්යවරයාව සිටියේ කවුදැයි මට දැන් සිහිපත් කරන්නට අමාරුයි. ඔහුගේ අතේ දිග කෙවිටක් තිබිණි. ඇතැම් විට ඔහු එයින් ළමයින්ට පහර දුන්නේ ගවයන්ට පහර දෙන අකාරුණික එ‍ෙ¾ඩ්රකු පරිදිය. ඔහුගේ ඒ අකාරුණික විලාසයෙන් මම කොතරම් බිය වීම්දැයි කියතොත් ගෙදරදී පාඩම් කරගෙන ආ පාඩම පාසලට එන විට අමතක වෙයි. අනෙක් ළමයින්ටද එසේමයි.

මගේ මව මිය ගියේ මට වයස අවුරුදු දෙක පමණ කාලයේදීයි. ඒ කාලයේ පටන් මා හදා වඩා ගනු ලැබුවේ මගේ ලොකු අක්කා විසිනුයි. ඒ කාලේ ගම් පැත්තේ ගෑනු ළමයින්ට ඉගෙන ගන්නට පාඨශාලා තිබුණේ නැත. තිබුණත් ගෑනු ළමයින්ට ඉගැන්වීමට මවුපියෝ කැමැති නොවූහ.
මගේ අක්කාද මළපත අකුරවත් දැනගෙන සිටි තැනැත්තියක් නොවූවාය. ඒත් ඇය බුද්ධිමත්, කාරුණික ගැමි කාන්තාවකි. ඇගේ අවවාදවලට මම නිතර කීකරු වුණෙමි. අර ඉහත දී කියූ ප්‍රයෝගකාරයාට මුළා වී මා පෙරකදෝරුවකු කරන්නට භාර දෙන්න යන බව දැනගත් අක්කා හඬා වැලපී එයට තදින් විරුද්ධ වූවාය. 'ඔය පෙරකදෝරුකම්වලට වඩා පුරුදු ගොවිතැනම අපට හොඳයි.... අපේ මේදුප්පත් ජීවිතය ම මල්ලිටත් පුරුදු වුණාවේ' කියා එයට විරුද්ධ වූ ඕ තොමෝ නවත්වා ගත්තාය.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon