ලොව හෙල්ලු ප්‍රකට පුද්ගලයන්ගේ ශරීර අවයව තවමත් සුරකින ක්‍රියාන්විතයක තතු

  👤  4528 readers have read this article !
2018-07-01

ගැමුණු රත්නායක

කලකට පෙර ලොව විසූ ඇතැම් ප්‍රකට පුද්ගලයන්ගේ ජනප්‍රියත්වයට ඔවුන්ගේ අවයවවල සුවිශේෂී හැකියාවන් බලපෑ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ නිසාම ඔවුන් මිය යෑමෙන් අනතුරුව දශක ගණනාවක් ගෙවී යෑමෙන් අනතුරුව අදටත් එම අවයව විවිධාකාරයෙන් සුරක්‍ෂිතව පවතිනවා. මේ ලොව එසේ සුරැකිව පවතින ප්‍රකට පුද්ගලයන් කීප දෙනකුගේ අවයවයි.

* ඉතිහාසයේ වඩාත්ම සුප්‍රකට විද්‍යාඥයා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් මියගියේ වසර 1955දී. ඔහු මියගොස් පැය කීපයක් ගතවීමට පෙර සිරුරින් මොළය ඉවත් කරගන්නා ලද්දේ ඔහුගේ බුද්ධිය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු කිරීම සඳහායි. කෙසේ වුවද පරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව එම මොළය අස්ථානගත වූ අතර නැවත එයා හමුවූයේ 1978දී එය සිරුරින් ඉවත් කළ වෛද්‍ය තෝමස් ස්ටෝල්ට්ස් හාවි සන්තකයේ තිබියදීයි. 2010දී එය සෞඛ්‍ය සහ ඔෟෂධ පිළිබඳ ඇමෙරිකානු ජාතික කෞතුකාගාරය වෙත පරිත්‍යාග කෙරුණා. අයින්ස්ටයින්ගේ ඇස් දෙකද සිරුරින් ඉවත් කරන ලදුව අදටත් එය නිව්යෝර්ක් නගරයේ සේප්පුවක් තුළ සුරක්‍ෂිතව පවතිනවා.

චේ ගුවේරා - බොලිවියානු හමුදාව මඟින් 1967දී ඝාතනය කරන ලද සුප්‍රකට විප්ලවවාදියකු වූ චේ ගුවේරාගේ ඝාතනයෙන් පසු ඛ්ධ්ඒ සංවිධානය මඟින් ඉතා රහසේ ඔහුගේ සිරුරින් කෙස් රොදක් කපා ගැනීමට සමත්ව තිබෙනවා. පසුව අඟල් 3ක පමණ දිගින් යුත් මෙම කොස් රොද, ඔහුගේ මළ සිරුරේ ඡායාරූපයක් හා ඇඟිලි සලකුණුවල පිටපතක් වෙන්දේසියේ අලෙවි කොට තිබෙනවා. එය මිලදී ගෙන ඇත්තෙ බිල් බඩ්ලර් නම් පොත් ව්‍යාපාරිකයකු විසිනුයි.

බෙනිටෝ මුසොලිනි - ලොව දරුණු ඒකාධිපති පාලකයකු ලෙස ප්‍රකටව සිටි මුසොලිනි 1945දී වෙඩි තබා ඝාතනයට ලක් කරනු ලැබුවා. මරණයෙන් අනතුරුව එහි මරණ පරීක්‍ෂණය ඉතාලියේ මිලාන් නගරයේ අධිකරණ වෛද්‍ය ආයතනයේදී සිදු කරන ලද අතර ඇමෙරිකානු රජය විසින් අධ්‍යයන කටයුතු සඳහා ඔහුගේ මොළයෙන් කොටසක් ඉල්ලා සිටියා. වසර ගණනාවක් ඇමෙරිකාවේ තබා තිබූ එය 2007 දී මුසොලිනිගේ වැන්දඹු බිරිය රෙෂල් මුසොලිනි වෙත නැවත භාර දුන්නා.

ගැලිලියෝ ගැලිලිගේ මැද ඇඟිල්ල ලොව ප්‍රකට ගණිතඥයකු මෙන්ම තාරකා විද්‍යාඥයකුවද සිටි ගැලිලියෝ ලොවට වැදගත් සොයා ගැනීම් කීපයක්ම තිළිණ කළ විද්‍යාඥයෙක්. ඔහු මිථ්‍යා ලබ්ධිකයකු ලෙස කතෝලික පල්ලියේ අපවාදයට පවා ලක් වුණා. ඒ ලෝකය පිළිබඳ ඔහු දුටු ආකාරය නිසා ඔහු 1642දී මිය යෑමෙන් අනතුරුව ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ ඩී සැන්ටා කේ‍රාස් බැසිලිකාවේ කුඩා කුටියක් තුළ ඔහුගේ දෙන මිහිදන් කරනු ලැබුවා. ඉන් වසර 95කට පසු 1737දී නැවත දෙන බැසිලිකාවේ ප්‍රධාන කුටියේ තැන්පත් කොට පිළිරුවක්ද ඉදිකරනු ලැබුවා.

එම අවස්ථාවේදී ඔහුගේ දතක් සහ ඇඟිලි 3ක් සිරුරින් ඉවත් කරන ලද අතර ඒ අතරින් දකුණු අතේ මැද ඇඟිල්ල සියවස් ගණනාවක් පුරා ලොව බොහෝ තැන්වල සැරිසරා අවසානයේ නැවත ඉතාලියට පැමිණියා. අද එය ෆ්ලෝරන්ස් ඉතිහාස විද්‍යා කෞතුකාගාරයේ ස්ථිර ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.

ඒබ්‍රහම් ලින්කන් ඇමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වූ ඒබ්‍රහම් ලින්කන් එරට ජනාධිපතිවරු අතරින් මහත් ප්‍රසිද්ධියක් ලැබූ ජනාධිපතිවරයෙක්. 1865 අප්‍රේල් 14 වැනි දින ඔහු ජෝන් විල්ක්ස් බූත් නම් සාහසිකයකුගේ වෙඩි පහරකින් ජීවිතක්‍ෂයට පත් වුණා. ඔහුගේ ජීවිතය රැක ගැනීම සඳහා හිසට සිදු කරන ලද සැත්කමකදී ඉවත් කරන ලද හිස් කබලේ කොටසක් ඔහුගේ ඝාතනයට හේතු වූ වෙඩි උණ්ඩයද සමඟින් සෞඛ්‍ය සහ ඔෟෂධ පිළිබඳ ඇමෙරිකානු ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.

තෝමස් අල්වා එඩිසන් ලොවට වැදගත් නිපැයුම් කීපයක්ම හඳුන්වා දුන් තෝමස් අල්වා එඩිසන්ගේ සුරක්‍ෂිතව ඇත්තේ ඔහුගේ සිරුරේ අවයවයක් නොවේ. පරීක්‍ෂණ නළයකට රැස්කරගත් ඔහුගේ අවසන් හුස්මයි.

තෝමස් අල්වා එඩිසන් සහ මෝටර් රථය ලොවට ඉදිරිපත් කිරීමේ මහත් විප්ලවයක් කළ හෙන්රි ෆෝඩ් හොඳ මිතුරන්. එඩිසන්ගේ ජීවිතයේ අවසන් කාලයේ ෆ්ලොරිඩාවේ ඔහුගේ නිවෙස අසලින්ම ෆෝඩ් ද නිවසක් මිලදී ගත්තා. ඒ නිරන්තරයෙන්ම මිතුරු ඇසුර පවත්වාගෙන යෑමට අවශ්‍ය වූ නිසා. කෙසේ හෝ 1947 ෆෝඩ් මියයන විට ඔහුට අයත් දේ අතර එඩිසන්ගේ අවසන් හුස්ම අඩංගු පරීක්ෂණ නළයද තිබුණා. අනාවරණය වන අන්දමට එඩිසන්ගේ අවසන් සුසුම මේ අන්දමින් රැස්කොට ඇත්තේ ෆෝඩ්ගේ ඉල්ලිමක් අනුව එඩිසන්ගේ පුත් චාල්ස් විසිනුයි.

ජෝජ් වොෂිංටන් ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ජෝජ් වොෂිංටන් මිය ගිය අවස්ථාවේ ඔහුගේ සමීපතමයකු වූ හෙන්රි ලෝන්ග් ෆෙලෝ නම් කවියාගේ නැන්දණිය වූ එලීසා නමැත්තියගේ ඉල්ලීමක් අනුව ඔහුගේ හිසකෙස් රොදක් ඇය වෙත ලබාදී තිබෙනවා. පසුව එය මේන් ඉතිහාස සංගමය වෙත පරිත්‍යාග කොට තිබෙවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon