පෑ හතරම ගල් වීලා - කොලු රෑනම බලු වීලා

  👤  3740 readers have read this article !
2018-06-10

විශ්‍රාමලත් ආචාර්ය
බිංගිරිය කොස්වත්තේ, ඩී.එන්. දිසානායක

පොල් ත්‍රිකෝණයට අයත් වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බෝවත්ත ප්‍රදේශයේ කරදනයාගම විහාරස්ථානයක එකල වැඩ විසූ සද්ධානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක් වූහ.

ප්‍රදේශයේ ප්‍රසිද්ධ ප¾ඩි රුවනක් වූ උන්වහන්සේ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, වස්කවි හා සෙත්කවි පිළිබඳව ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූහ. මහත් කතිකත්වයක් ඇති උන්වහන්සේ දිනක් යම් කටයුත්තක් සඳහා තම විහාරස්ථානයේ සිට සැතපුම් දෙකක් දුරින් පිහිටි බෝවත්ත නගරයට වැඩියේ පා ගමනින්ය. ඉක්මන් ගමනින් වැඩි උන්වහන්සේ දුටු කොලු රෑනක් බෝවත්ත නගරයට ආසන්නව ඇති කොළමුණු ඔය පාලම සමීපයේදී අසංවර ලෙස ඔලොක්කුවට සිනාසෙමින් උසුළු විසුළු කළෝය.

මින් තදබල ලෙස කෝපාවිෂ්ට වූ සද්ධානන්ද හිමියෝ උසුළු විසුළු කරන කොලු රෑන සමීපයට ගොස් තම අත දිගුකර මන්තරයක් මතුරා ජපකර නැවත සුපුරුදු පරිදි තම කටයුත්ත සඳහා වැඩම කළේ කිසිම හැලහොල්මනක් නොමැතිවය. තමාගේ අවශ්‍යතාව ඉටුකර ගත් සද්ධානන්ද හිමියෝ වේලාවද දහවල් එකළොහ පමණ වූ නිසා දාන වේලාවද කිට්ටු වූ බැවින් නැවත තම විහාරස්ථානය වෙත යෑමට පිටත් වූහ.

ඒ එන අතරතුර උන්වහන්සේට දැකගත හැකිවූයේ උදේ තමාට උසුළු විසුළු කළ එම කොලු රෑන තවමත් හිටිවනම සිටගෙන සිටින බවය. පැය හතරක් පමණ එකතැන සිටගෙන සිටි කොලු රෑන සමීපයට ගිය උන්වහන්සේ ඔවුනට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කර නැවත තම අත්ලට මතුරා ජපකර නැවත ඔවුන් දෙසට අත දිගුකරමින් මන්තරයක් මැතිරීමෙන් පසුව කොලු රෑන වහ වහා හිස් ලූ ලූ අත දිව ගියහ. උන්වහන්සේ විසින් මන්ත්‍ර බලයෙන් කරන ලද මෙවැනි සිදුවීම් රාශියක්ම මෙම ප්‍රදේශයේ අදටත් ප්‍රචලිතව පවතී. මෙහි නම් මන--කල්පිතය. මෙය සත්‍ය සිදුවීමකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon