එපා එපා ඔය කුට්ටම දෑතට චී චී ඒ මගෙ බෑනා රාලහාමි

  👤  4362 readers have read this article !
2018-06-10

ඒ.එම්. නවරත්න බණ්ඩා

නිකවැරටිය ප්‍රදේශයේ ගම් දෙකක මාමා කෙනකු සහ බෑනා කෙනකු ජීවත් වී ඇත. මේ දෙදෙනාම බූරු කප්පිත්තන්ය. අහවල් තැන බූරු මණ්ඩියක් තිබෙන බව දැනගතහොත් මේ මාමා සහ බෑනා එම ස්ථානයට ගොස් බූරු ගැසීමට එකතු වෙති.

දවසක් බූරු ගැසීමට ගොස් අපූරු දෙයක් සිදුවී ඇත. උදේ වරුවේ මේ අය ගමක බූරු ගසමින් සිටින අතරවාරයේ නිකවැරටිය පොලිස් ස්ථානයට ඔත්තුවක් ලැබී වහාම එතැනට පොලිස් නිලධාරීන් හත් දෙනකු පමණ ගොස් ඇත. බූරුකාරයන් කිසිවකුට පැන යෑමට නොහැකි සේ වටකර ඇත. එහෙත් කෙසේ හෝ කීපදෙනකු පැන ගොස් ඇති අතර පස් දෙනකු පැන යෑමට නොහැකිව සිට ඇත. පැන යෑමට නොහැකි වූ අය අතරින් මාමාද බෑනාද සිටියහ. මේ බෑනා සහ මාමා බව නොදත් පොලිස් නිලධාරීහු පොලිස් ස්ථානයට ගෙන යෑමට මේ දෙදෙනාට එකට මාංචු දැමීමට සැරසුණහ. ඒ අවස්ථාවේදී මහත් ලැජ්ජාවට පත් මාමා 'චී චී මේ මගෙ බෑනා රාලහාමි. අනේ මාංචු දමන්න එපා' යැයි ඇඹරි ඇඹරී අහිංසක ලෙස කන්නලව් කර ඇත. වයස ගැන බලා පොලිස් නිලධාරීහු මාමාට හා බෑනාට එකට මාංචු නොදැමූහ. ටික වේලාවකින් අසු වූ සියලු දෙනාම පොලිස් ස්ථානයට ගෙන ගොස් සෑහෙන වේලාවක් සිරමැදිරියට දමා එළියට ගෙන තදින් අවවාද කර ගෙවලට පිටත් කර යවා ඇත.

මේ සිද්ධියෙන් පසු මාමාත් බෑනාත් නැවත බූරු ගැසීමට ගිය බවට ආරංචියක් නැත. ලැජ්ජාවටදෝ මේ අය කාලයක් යනතුරු සමාජයේ පෙනෙන්නට නොසිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon