මිනිස් මොළයට සුපිරි චිපයක්: ඕනෑ කෙනෙක් සමඟ සිතිවිලි හුවමාරු කරන දිනය අත ළඟයි

  👤  4353 readers have read this article !
2018-06-10

පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්

හුදෙක් සිය සිතිවිලි පමණක්ම උපයෝගී කොට ගෙන අන්‍යයන් හා සන්නිවේදනයෙහි යෙදීමේ ශක්තියෙන් යුත් නව සුපිරි මිනිස් සංහතියක් දශක කිහිපයක කාලයක් ඇතුළත යථාර්ථයක් බවට පත්වනු ඇතැයි මොළය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එරික් ලියුතාඩ් ප්‍රකාශ කරයි. දූරඥානයෙන් යුත් මේ සුපිරි මිනිසුන් ඔවුන්ගේ මස්තිෂ්ක ආරෝපිත (ඕපචඪද ඪථනතචථබඵ) උපයෝගි කර ගනිමින් සෙසු මිනිසුන් හා යන්ත්‍ර සූත්‍රද සමඟ තොරතුරු හුවමාරු කරගන්නවා ඇතැයිද ආචාර්ය ලියුතාඩ් සඳහන් කරයි. වොෂිංටන් විශ්වවිද්‍යාලයේ මෙම විශේෂඥ වෛද්‍යවරයා විශ්වාස කරන පරිදි මොළයෙහි ආරෝපිතයක් යොදා ගැනීම ස්විකාර්ය (නතචඵබඪජ) සැත්කමක් කර ගැනීම හෝ පච්චයක් කොටා ගැනීම වැනි පොදු කාර්යයක් බවට පත්වනු ඇත.

මෙම සුපිරි මිනිසුන් බිහිවීම කාලය පිළිබඳවත් මිනිස් ඉතිහාසය තුළ අදාළ ද්‍රව්‍යමය වර්ධනය පිළිබඳවත් ප්‍රශ්නයක් පමණක් බවද සඳහන් කරන ආචාර්ය ලියුතාඩ්, එම කාලය වසර දහයක් හෝ සියයක් හෝ විය හැකි බවත් ප්‍රකාශ කරයි. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වශයෙන් සිය සේවයෙහි යෙදෙන අතරම මෙම ආචාර්යවරයා අනාගත වෙනස්කම්වලට ජනතාව සූදානම් කිරීමේ අරමුණ ඇතිව නවකතා දෙකක් ප්‍රකාශයට පත් කොට නාට්‍යයක්ද ලිව්වේය. මිනිසුන්ගෙන් සියයට 90ක් දෙනකුගේම මොළයෙහි පරිගණක දෘඪාංග ඇතුළත් යැයි ආචාර්ය ලියුතාඩ් ඔහු ඒ ඊඥජඩදධ - ඊඩපඪතතඥප ඛ්චතතඥඤ අඥඤ ච්ඥමඪතත යනුවෙන් ලියූ පළමු වැනි නව කතාවෙහි සඳහන් විය. මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය ආවේණිකව සීමා වන්නේ කුමන ප්‍රමාණයකද යන්න පිළිබඳ මනා අවබෝධයක් මෙන්ම එම සීමා ඉක්මවා යන්නට තාක්ෂණ විද්‍යාවට ඇති ශක්තිය පිළිබඳ හොඳ දැනුමක්ද ආචාර්ය ලියුතාඩ් සතුව තිබුණු බව ඔහුගේ එම කෘතිවලින් තහවුරු වෙයි. තාක්ෂණය වෙනස් වේගෙන යන වේගය ගැන සලකා බලන විට සෙල්ෆෝනයක අඩංගු සියලු දේ විසි වසරක කාල පරාසයකදී සහල් ඇටයක් තරම් කුඩා තාක්ෂණ උපකරණයක අන්තර්ගත කරන්නට හැකි වීම ඇදහිය නොහැකි කාර්යයක් නොවේදැයි ලියුතාඩ් විශ්වාස කරයි. එවැන්නක් මිනිස් මොළයට අවම ආක්‍රමණකාරී තත්ත්වයෙන් ඇතුළු කෙරුණු එය මස්තිෂ්ක පරිගණක අකුරු මුහුණතක් (ඪදබඥපටචජඥ) වශයෙන් ඉතාම පලදායක ලෙස ක්‍රියා කරනු ඇතැයි ලියුතාඩ් කියයි.

මස්තිෂ්ක පරිගණක නිර්මාණය කිරීමේ දැඩි අපේක්ෂාව ඇති එකම තැනැත්තා ආචාර්ය ලියුතාඩ් නොවේ. ඉලෝන් මස්ක් නමැත්තාද මිනිසුන් හා පරිගණක සම්බන්ධ කළ හැකි අධිශක්තියෙන් යුතු පුළුල් කලාප (ඕචදඤඹඪඤබඩ) සහිත මස්තිෂ්ක යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමෙහි නියැළී සිටී. "ස්නායු තන්තු තාක්ෂණය" යනුවෙන් මස්ක් විසින් හැඳින්වෙන තාක්ෂණ විධිය අනුව මිනිස් මොළයට බද්ධ කරන කුඩා ඉලෙක්ට්‍රෝඩ මඟින් මෙය ක්‍රියාත්මක වන අතර යම් දවසකදී ඒ මඟින් සිතිවිලි උඩුගත හෝ බාගත කිරීමට හැකිවනු ඇතැයිද මස්ක් ප්‍රකාශ කරයි. මොළයට බරපතළ තුවාල සිදුවන අයට වසර හතරක කාලයක් තුළදී ස්නාය ුතන්තු තාක්ෂණ විධියෙන් උපකාර ලබාගත හැකි වන බවත් වසර අටත් දහයත් අතර කාලයක් ඇතුළත "මෙටි්‍රක්ස් ස්ටයිල්" තාක්ෂණයෙන් උපකාර ලද හැකි බවත් ඉලෝන් මස්ක් ප්‍රකාශ කරයි. මෙවැනි කුඩා පරිගණක ඉතා පුළුල් වශයෙන් ව්‍යාප්ත වනු ඇතැයි බොහෝ විශේෂඥයෝ කියති.

ස්නායු චිප (ව්ඥභපච ඛ්ඩඪනඵ) ස්මාර්ට් දුරකතන තරමටම ජනප්‍රිය වන යුගයක් වැඩිකල් නොගොස්ම උදාවනු ඇතැයි මස්තිෂ්ක ක්ෂුද්‍ර චිප (ඕපචඪද ර්ඪජපධජඩඪනඵ) නිපදවීමේ පුරෝගාමියා වූ බ්‍රයන් ජොන්සන් පසුගිය වසරේ ලිස්බන් නුවරදී වෙබ් අඩවි සම්බන්ධයෙන් පැවැත්වුණු සමුළුවේදී ප්‍රකාශ කළේය. මිනිස් මනසේ ශක්තිය වැළකෙන සේ වැටී තිබෙන අගුල් ඉවත් කර ගැනීම මිනිස් සංහතියටම ලැබිය හැකි විශිෂ්ටතම ජයග්‍රහණය බවද බ්‍රයන් එහිදී පැවැසීය. අපගේ ඕනෑම ප්‍රශ්නයක් මොළය වෙත යොමු කළ හැකි වන පරිදි මොළය සඳහා වන ශක්තිමත් තාක්ෂණික මෙවලම් ඉදිරි අවුරුදු 15-20 කාලය තුළ බිහිවෙතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළ බ්‍රයන් ජොන්සන් එසේ මොළයට යොමු කළ හැකි ප්‍රශ්න පිළිබඳ උදාහරණ වශයෙන් මෙම ප්‍රශ්න කීපයද සඳහන් කළේය.

"මට සර්ව සම්පූර්ණ මතක ශක්තියක් උපදවා ගත හැකිවේද?"

"මගේ මතකයෙහි රැඳී තිබෙන දේ මකා දැමිය හැකිද?"

"මගේ ඉගෙනීමේ ශක්තිය වර්ධනය කරගත හැකිද?"

"මට අනෙක් අය සමඟ මොළයට - මොළය අතර සන්නිවේදන යෙදීමට හැකි වේද?"
මෙම තාක්ෂණය අනාගත මානව සංහතියට අත්‍යවශ්‍ය වනු ඇතැයිද බ්‍රයන් ප්‍රකාශ කළේය. මෙම ක්ෂුද්‍ර චිප, ධනවතුනට පමණක් සීමා වනු ඇතැම් කෙනකු සිතන නමුත් මෙය ජංගම දුරකතන මෙන් ජනතාව අතර ප්‍රචලිත වෙතැයි තමා විශ්වාස කරන බවද බ්‍රයන් ප්‍රකාශ කළේය.

පර්යේෂණ සඳහා තම
සිරුරම යොදා ගන්නෝ

මිනිස් ශක්‍යතා වර්ධනය කිරීමත් ව්‍යාප්ත කිරීමත් සඳහා මෙම පුද්ගලයෝ අදාළ ස්වයංක්‍රිය තාක්ෂණ මෙවලම් තම සිරුර මතම යොදාගෙන පර්යේෂණවල යෙදෙති. කොවෙන්ටි්‍ර විශ්වවිද්‍යාලයේ උපකුලපති හා ඉන්ජිනේරු ශිල්පියකුද වූ කෙවින් වෝර්වික් මෙවැන්නන් අතර මුල්ම කිහිපදෙනාගෙන් කෙනෙකි. ගුවන් විදුලි තරංග සංඛ්‍යාත හඳුනා ගත හැකි චිපයක් තමාගේ අතකට බද්ධ කරගත් විට තම අතේ ඇඟිලිවල සුළු චලනයකින් විදුලි පහන්වල ආලෝකය පාලනය කිරීමේ ශක්තියක් කෙවින් වෝර්වික්ට ලැබිණි.

රිච්ලී නමැති මෙවැනි තවත් පුද්ගලයෙක්, ස්නායු චිප හයක් ඔහුගේ සිරුරට බද්ධ කර ගත්තේය. කන් දෙකේ සවි කරුණු චිප් දෙක හෙඩ්ෆෝන් වශයෙන් යොදා ගැනිණි. චුම්බක ක්ෂේත්‍රවල සංවේදිතාවෙන් යුත් චුම්බක චිප් දෙකක් ඇඟිලි තුඩු දෙකකට බද්ධ කැරිණි. ඔහුගේ එක් අතක බද්ධ කැරුණු "සමීප ක්ෂේත්‍ර සන්නිවේදන" චිපය විවිධ උපක්‍රම නිරීක්ෂණය ස¼දහා යොදා ගැනුණු අතර ඔහුගේ අග්‍රබාහුවක බද්ධ කරන ලද ජෛව - තාප (ඕඪධ-බඩඥපථ) චිපය උෂ්ණත්ව නිරීක්ෂණය සඳහා යොදා ගැනිණි. පළමුවෙන්ම ඔහු ඔහුගේ ඇඟිලි තුඩක චුම්බක චිපයක් බද්ධ කර ගත්තේ ඒ මඟින් අදෘශ්‍යමාන බලවේග දැක ගත හැකි බවටත් නව හැඟීම් උපදවා ගත හැකි බවටත් පැවැති විස්මය දනවන විශ්වාසය අනුවය. එහෙත් එය සාර්ථක නොවීය. සිය දෙපයේ දණහිසෙන් පහළ කොටසෙහි බද්ධ කර ගන්නා ලද චිප් මඟින් සිය අස්ථිවල ආරක්ෂාව කොතෙක් දුරට තහවුරු වේද යන්න පිළිබඳ පර්යේෂණයකද ඔහු යෙදුණේය. මෙම චිප් බද්ධවලින් සමහරක් මිනිස් සිරුර නවීකරණය කිරීම පිළිබඳ විශේෂඥයන් විසින් තවත් සමහරක් විස්මයජනක දේ කිරීමේ උදේ‍යාගයෙන් යුත් ශල්‍ය වෛද්‍යවරුන් විසින්ද කරන ලද්දේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon