බණ්ඩාරනායක ඝාතනය ගැන රුසියන් වාර්තාවක්

  👤  4423 readers have read this article !
2018-06-10

උදේනි සමන් කුමාර

ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය හා ඊට අදාළ ක්‍රියාකාරකම් සම්බන්ධව සෝවියට් රුසියාව ක්ෂේත්‍රයන් ගණනාවක් ඔස්සේ විශ්ලේෂණයක් සිදුකර ඇත. සෝවියට් රුසියානු සමූහාණ්ඩුව බිඳවැටෙන්නට පෙර 1982 වර්ෂයේදී එකී විමර්ශන වාර්තා එළිදක්වා තිබේ. මොස්කව් ප්‍රගති ප්‍රකාශන මන්දිරය විසින් යට කී වාර්තා 1988දී පොතක් වශයෙන් පළකර තිබිණි.

මොස්කව් නුවරදී පියසේන මානිල්ගම විසින් "ජාත්‍යන්තර ත්‍රස්තවාදය සහ සී.අයි.ඒ" එම ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කරන ලදුව ප්‍රගති ප්‍රකාශක මන්දිරය එය පළකර තිබේ.
පහත සඳහන් වන්නේ එම ග්‍රන්ථයෙන් උපුටාගත් සටහනකි.

"රාජ්‍ය ත්‍රස්තවාදය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් බවට පත්වී බොහෝ කල්ය. රාජ්‍ය ත්‍රස්තවාදය විප්ලවීය හා ජාතික විමුක්ති ව්‍යාපාරවලට එරෙහි අරගලයේ ප්‍රධාන ආයුධය බවට පත්වී තිබේ. අධිරාජ්‍යවාදය සෑම දෙයක්ම හිංසාවට භාර දෙන්නේ ඒ නිසාය. ආර්ථික තහංචි, දේශපාලන ඝාතන, කඩාකප්පල් කිරීම් සහ කුමන්ත්‍රණ මඟින් තම අභිමතය අන්‍යයන් මත බලෙන් පටවන්නේ එම නිසාය. එම විනාශකාරී ක්‍රියාවන් සඳහා ප්‍රධාන ආයුධය ලෙස ක්‍රියා කරන්නේ එක්සත් ජනපද මධ්‍යම ඔත්තු සේවයයි. එය ලොව පුරා විප්ලවවාදී සහ ප්‍රගතිශීලී බලවේගවලට එරෙහිව මෙම විනාශකාරී ව්‍යාපාරයේ ප්‍රධාන මෙවලම ලෙස ක්‍රියා කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවල සී.අයි.ඒ. ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ දැනට තිබෙන සාක්ෂි දෙස අපි මෙහිදී හැරී බලමු.

ඇමෙරිකන් මධ්‍යම ඔත්තු සේවය 1981 ජනවාරි වනවිට පහත සඳහන් ජාත්‍යන්තර අපරාධවලට සෘජුවම සම්බන්ධ බව ඔප්පු වී තිබේ. 1953 ඉරාන කුමන්ත්‍රණය සහ මොහමඩ් මොසඩෙග්ගේ ආණ්ඩුව පෙරළීම. 1954 ගෝතමාලාවේ හමුදා කුමන්ත්‍රණය සහ ජාකොබ් අබෙන්ස්ගේ ආණ්ඩුව පෙරළීීම. 1958දී ඊජිප්තු ජනාධිපති නසාර් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය. 1959දී ලංකාවේ අගමැති ඇස්. 1959 දී ඉන්දියාවේ අගමැති ශ්‍රී නේරුට විරුද්ධව කුමන්ත්‍රණය. 1959 කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ අගමැති පැට්රිස් ලුමුම්බා ඝාතනය. 1961 ඩොමිනිකන් සමූහාණ්ඩුවේ කුමන්ත්‍රණය. 1969 මොසැම්බික් විමුක්ති පෙරමුණේ (ජ්පඥතඪථධ) සභාපති මෙන්ඩලේන් ඝාතනය. 1973 ගිනියා සහ කේප්වර්ඩ්හි ස්වාධීනත්වය සඳහා වූ අප්‍රිකානු පක්ෂයේ (ර්ථීඒධ්ට්ඛ්) ප්‍රධාන ලේකම් කබ්රාල් ඝාතනය.
1973 චිලී රටේ ආණ්ඩුව පෙරළා දැමීම සහ ජනාධිපති සැල්වදෝර් අයියන්දේ ඝාතනය.

1975 දී බංගලිදේශයේ ජනතා සමූහාණ්ඩුවේ ජනාධිපති අවාමි පක්ෂයේ නායක ෂික් මුජිබර් රහුමාන් ඝාතනය. 1977දී කොංගෝ ජනතා සමූහාණ්ඩුවේ ජනාධිපති නගෞබි ඝාතනය"
මෙම වාර්තාව තව බොහෝ දිග බව පවසන එම ග්‍රන්ථය එහි සඳහන් කාල පරිච්ඡේදය තුළ ඇමෙරිකානු අභිලාෂයන්ට පටහැනි අයුරින් ක්‍රියා කරන සියලුම රාජ්‍ය නායකයන් ඉවත් කිරීමට කටයුතු කළ බව හේතු සහිතව පෙන්වා දී තිබේ. අගමැති බණ්ඩාරනායක ඉලක්ක වූයේද සී.අයි.ඒ. මෘග හස්තයට බව සිතන්නට කරුණු බොහෝය.

එකල ඇමෙරිකාව ලෝකය හමුවේ තැබූ සටන් පාඨය වූයේ "කොමියුනිස්ට්වාදීන් ලෝකය පාලනය කරනු දැකීමට ඔබ අකැමැති නම් ඇමෙරිකාවට මුදල් ගෙවන්න" යන්නය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon