රහස් යට අබිරහස්

  👤  5300 readers have read this article !
2018-06-08

ජනාධිපතිවරයා හිටි ගමන් කේන්ති ගිය සාමාන්‍ය කෙනකු ලෙස, හිතට ආ සියලු දේම සීමාවක් නැතිව ප්‍රකාශ කිරීම දැන් දැන් වැඩි බව සිතෙන්නේය. ආසන්නතම සිදුවීම නම් "දින 100 වැඩසටහන ගැන මම දන්නේ නෑ. කවුරු හැදුවද දන්නේ නෑ" කීමත්, ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ "මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තංගල්ලට යන්න හෙලිකොප්ටර් දුන්නේ කවුද" කියා ප්‍රශ්න කිරීමත්ය.

මේ හදිස්සියේම වෙන කවරදාකවත් නැති විදිහට මෛත්‍රි මෙහෙම කෑ මොර දෙන්නේ ඇයි? යන්න දේශපාලනඥයන් අතර බෙහෙවින් කතාබහට ලක්වූයේ ඊට හේතුවක් තිබුණු නිසාය.

"මෛත්‍රිට මොනවා හරි තොරතුරක් ලැබිලා. නැත්තන් මෙහෙම කුලප්පු වෙලා කතා කරන්නෙ නෑ. ලොක්කගෙ නම නොකියා ලොක්කටම වදින්න කියලා දැම්මා. කවුරු හරි දුන්න වැරැදි තොරතුරක් නිසාද මේ? කාටහරි ඕන මෛත්‍රිව කේන්ති කරවලා මෛත්‍රි හරහා මොනවා හරි වැරැද්දක් කරවන්නද මේ...?"

එජාපයේ ප්‍රබලම පුද්ගලයෙක් මෛත්‍රිගේ උපදේශක මට්ටමේ ඇමැත්තකුට මෙසේ කීවේ ඒ ඇමැත්තා දන්න තොරතුරක් වෙත්නම් තමන්ද හරි හැටි දැන ගන්නට විය යුතුය. එයට ලැබුණු පිළිතුර තුළ බොහෝ දේ ඇත.

"රාජ්‍ය නායකයා විදියට, ආණ්ඩුවේ නායකයා විදියට ඒ වගකීමෙන් මෛත්‍රිට ගැලවෙන්න බැහැනේ. ඒ නිසා පසුගිය කාලේ තිබ්බ හිත් නොහො¼දකම් අත්ඇරලා දාලා මෛත්‍රි හිතා උන්නේ මේ ඉතිරි කාලයේදීවත් යූඑන්පියේ යහපත් වැඩවලට සහාය දීලා හොඳින්, නියමිත වෙච්චි ඉතිරි කාලය අවසන් කරලා දාන්නයි. නමුත් කාට හරි ඕනෑ වුණා මේ භේදභින්න වීම තවත් ෂේප් කරගන්න ඉඩක් නොතියාම අවුලවලා දාන්න. ඒකයි මේ. මට හිතෙන විදියට මහින්දගේ ඔත්තුකාරයෝ මෛත්‍රිට වෙනස් විදියකින් ළං වෙලා ඉවරයි. ඔය දුන්නෙත් ලණුවක් වෙන්න පුළුවන්. මෛත්‍රි ඒ ලණුව කෑවා වගෙයි. නැත්තං ඔහොම කතා කරන්නේ නෑ.

මෛත්‍රි දේශපාලනය කරන්නට ඕනෑ නිසාමත් හතර පැත්තෙන් එන පීඩනයෙන් මිදෙන්නට ඕන නිසාමත් කිසියම් හේතුවක් මත වැරැදි තොරතුරු මත තමන්ගේම ආණ්ඩුවේ අගමැතිටත්, ආණ්ඩුවටත් කනේ පහර කීපයක් ප්‍රසිද්ධියේ දෙන්නට යෑමෙන් ඉහත ප්‍රකාශයෙන් කියැවුණු දේ අනුවද ලණුවක් ගිල දැමූ බවක් කියැවෙයි.

මෛත්‍රිවයි-රනිල්වයි හප්පන තරමට අපට වාසි වැඩියි. ඒ හැප්පිල්ලෙන් මෛත්‍රිව තව තවත් තල්ලු කෙරෙන්නේ ජාතික ආණ්ඩුවෙන් ඉතිරි සියලු දෙනාම එළියට බස්සවන තැනටයි. එතකොට ආණ්ඩුවේ ඉතිරි වෙන්නේ යූඑන්පී අය විතරයි. යහපාලන පළුව ගැලෙව්වාම නිකම්ම තනි ආණ්ඩුව හැදෙනවා. එහෙම කරලා රනිල්ට මීටත් වඩා අමාරු කරවලා ඒකෙන්ම මිනිසුන්ට එපා කරවලා දාන්නයි"
මෛත්‍රිගේ හිත ගත්ත සගයෙක් ඒකාබද්ධයේ ඇත්තකුගේ කනේ තිබ්බේ එහෙව් අදහසක්ය. එහි සත්‍යතාව දැනෙන නාටකීය ලක්ෂණ දැන් දැන් කරළියට එන බවක්ද පෙනෙන්නට ඇත. මේ ක්‍රියාවලියේ අවසානය වන්නේ එජාපයට තනිවම ආණ්ඩුව ගෙන යන්නට වීමත්,

ඒ නිසාම රනිල්ට ඇමැති මණ්ඩලය 30ක් දක්වා අඩු කරගන්නට වීමත්ය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට තනිවම ආණ්ඩු ගෙනියන්නට වන්නේ මේ 30 දෙනාගේ කැබිනෙට්ටුවෙනි. එය මේ මොහොතේ එජාපයේ අභ්‍යන්තර කැරැල්ල සක්‍රියව තියෙද්දී "සියල්ලන් සතුටු කරගෙන ඉදිරියට ඇදගෙන යෑමේ මෙහෙයුම" ක්‍රියාත්මක කරගෙන යෑමට නොහැකි වන්නකි. එයින් එජාපයේ අභ්‍යන්තර බල අරගලය තියුණු කරවන්නටත් අර්බුද මවන්නටත් හේතුවනු ඇත. මේ තත්ත්වය උදා වෙනවාට රනිල්ද කැමැති නැත. එයින් සිදුවෙන්නේ ආණ්ඩුවක් හැටියට එකට ගොඩනැඟී යද්දී තිබෙන වාසිය මේ ආකාරයෙන් තනිව ආණ්ඩු කිරීමට යෑමේදී නොලැබී යෑමය. එමෙන්ම එයින් සිදුවෙන්නේ මෛත්‍රි පාර්ශ්වයේ බළල් අත්වලින් හා මහින්ද පාර්ශ්වයේ සියලු කඩාකප්පල්කාරී ගැටලුවලට මුහුණ දීමට සිදුවීමත්ය. කෙසේ වෙතත් තත්ත්වයේ බරපතළකම දන්නා රනිල් හා මෛත්‍රි පාර්ශ්වයේ මේ යහපාලනය ඉදිරියට ගෙන යා යුතු යැයි සිතන මධ්‍යස්ථ කිහිප දෙනකුගේ උත්සාහයක් ගැනද එජාපයේ ප්‍රබලයකු කීවේය.

"මෛත්‍රිගේ දුර්වලකම් හොඳින් තේරුම් ගත්ත පිරිසක් එයාව කුලප්පු කරන්නේ මොනවටද කියලා මෛත්‍රිට ළං වෙච්ච තේරුමක්, පළපුරුද්දක් ඇති කිහිප දෙනෙක් මෛත්‍රිට තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ තමයි මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, මහින්ද අමරවීර වගේ අය මංගලයි, කබීර් හෂීමුයි, මලික් සමරවික්‍රමයි එක්ක එකතු වෙලා කතා කළේ. මේ මිනිස්සු වෙන්න යන විපත තේරුම් අරන්, තත්ත්වය සාමාන්‍ය අතට පත් කරගන්න හොඳ උත්සාහයක් ගත්තා.

ඒක කාට හරි රිදුණා. ඒකයි ජනාධිපතිතුමාට වැරැදි තොරතුරු දීලා කුලප්පු කරන්නේ. මේක රටට හරිම හානි කරයි. ජනාධිපතිතුමාටත් හොඳ නැහැ. එයා බනින්නේ තමන්ගෙම ආණ්ඩුවෙ අගමැතිට, තමන්ගෙම කැබිනෙට්ටුවට, තමන්ගෙම ආණ්ඩුවට. ජනාධිපතිට මේ උල්පන්දම් දෙන උන්දැලාට එහෙම නම් ඕන වෙලා තියෙන්නේ ජනාධිපති හරහා යූඑන්පියට බැට දීලා ඉතිරි ශ්‍රී ලංකාකාරයෝ ටිකත් ආණ්ඩුවෙන් එළියට ගන්න තැනට වැඩ හදන එකයි"

සැබැවින්ම මෛත්‍රිට මේ දිරච්ච ලණු දීමේ ප්‍රවණතාව තවදුරටත් සක්‍රිය වන්නේ නම් තත්ත්වය භයානකය. එහි කූටප්‍රාප්ති අවස්ථාව නම්....
"දින 100 ගැන මම දන්නේ නෑ. ඒක හැදුවෙ කවුද කියලත් මම දන්නේ නෑ" යන දුරදිග නොබලා පැවැසූ කතාව කීමය. ඊට හොඳ උත්තර එජාපය පැත්තෙන් දෙනු ඇතැයි ජනතාව සිතුවද ඒ වෙනුවට උත්තර දුන්නේ සමාජ මාධ්‍ය ජාලාය. මෛත්‍රි දන්නේ නැති දින 100 වැඩපිළිවෙළට ඔහු පැවැසුවක් මෙලෙස උත්තර ලෙස සමාජ මාධ්‍ය ප්‍රචාරය කළේය. මේ මෛත්‍රිගේ වචනය.

"අද මේ තමුන්නාන්සේලා අතට පත් කරපු ප්‍රකාශන දෙකේම තිබෙන කරුණ දින 100 වැඩපිළිවෙළත් ඉන් එහාට රජයක් විදියට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළත්. වැඩපිළිවෙළවල සඳහන් ප්‍රකාශන දෙකේම සඳහන් මේ ඓතිහාසික කොළඹ නගරයේ මේ සම්මා සම්බුදු පියාණන් අබියස අපි........ ප්‍රතිඥා දෙනවා.....මේ කරුණු ක්‍රියාත්මක කිරීමේ වගකීම.......මේ අපි, මම සම්පූර්ණයෙන්ම භාර ගන්නවා, ස්ථීරවම ක්‍රියාත්මක කරනවා කියලා"

මෛත්‍රිපාල සිරිසේන

ඊට එහා ගිය මෛත්‍රි අමාරුවේ වැටුණු ඊළඟ අවස්ථාව වන්නේ ජනාධිපතිවරණයෙන් පැරැදුණු මහින්දට තංගල්ලේ ගෙදර යන්න හෙලිකොප්ටර් දුන්නේ තමන්ගෙන් අහන්නේ නැතිව රනිල් යැයි නොකියා කීමය. එයද මෛත්‍රිගේ ප්‍රකාශවල විශ්වාස කළ නොහැකි අවස්ථාවක් බව මතු කරන්නක් විය.

එය මෙසේය.

"තමුන්නාන්සේලා අහලා තියෙනවාද ලෝකේ කොහේ හරි රටක රාජ්‍ය නායකයකුට පැරදුණාට පස්සේ රජයේ හෙලිකොප්ටර් එකකින් ගෙදර යන්න දුන්නා කියලා. ජනවාරි මාස 8.....2015 ඡන්දෙ තියලා ජනවාරි 9 ප්‍රතිඵල නිකුත් කෙරුවෙ පාන්දර 2ට. ඒ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයට තංගල්ලට යන්න හෙලිකොප්ටර් දුන්නෙ මමද?

මෛත්‍රිපාල සිරිසේන

මීට උත්තරද දෛවෝපගත ලෙස මෛත්‍රිගේම එදා ප්‍රකාශයකින් දැක්විණි. එය මෙසේය.

"මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනවාරි මාසේ 10දා උදේ තංගල්ලට යන්න හෙලිකොප්ටර් 2ක් දුන්නා මම"

මෛත්‍රිපාල සිරිසේන

මෛත්‍රිට මේ ප්‍රකාශ කවුරු කරන්නටැයි උපදෙස් දුන්නද පළපුරුද්දක් ඇති අයකු ලෙස දේශපාලනයේ නිරතව සිටි අතීතයක් ඇති මෛත්‍රි එම කතාව නොකළ යුතුම දෙයක් බවට රට පුරාම කතා කෙරුණේය. එය ජනාධිපතිවරයාට නොතරම් දෙයකැයි කාගෙත් අදහස විය. එය සැබැවින්ම මෛත්‍රිට භූමරංගයක් වී තිබෙන්නේය.

තත්ත්වය මෙසේ පෙළ ගැසීම රටට හොඳ නැති වග ජනාධිපතිවරයා තේරුම් ගෙන නැති වග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේදී කතා බහට ලක්වී ඇති බැව් පෙනෙන්නේ විදෙස් මාධ්‍ය පළ කළ අදහස් අනුවය. ඊඩඥ ඩ්ඪදඤභ පුවත්පත සෘජුවම කියා තිබුණේ සිරිසේන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව චූදිතයකු බවට පත් කොට රනිල් හිටපු ප්‍රබලයකු වන මහින්ද රාජපක්ෂව රකින බවත් ඔහු හා ඩීල් එකක් දමාගෙන තිබෙන බවත්ය. එය ප්‍රකට වූ ප්‍රබලම අවස්ථාවක් හැටියට ඊඩඥ ඩ්ඪදඤභ පුවත්පත දකින්නේ මාදුළුවාවේ සෝභිත හිමි ගුණානුස්මරණ උත්සවයේදී කළ කතාවය. ඊඩඥ ඊඪථඥඵ ධට ධ්දඤඪච හා ඩ්ඪදඤභඵබඩචද ඊඪථඥඵ යන පුවත්පත්වල කෙරුණු පුවත් විමසුම්වලින් කියැවෙන්නේද මෛත්‍රිගේ මේ ප්‍රකාශයෙන් ධ්වනිත වන අනවශ්‍ය දේශපාලන අර්බුදය විසින් ශ්‍රී ලංකාවට වන හානිය ගැනය.

මෛත්‍රි හෙලිකොප්ටර් කතාවක් කියන්න යෑමෙන් තවදුරටත් මහින්ද හා ඔහුගේ බලවේග හා ගැටුණේය.

සෘජුවම තමන් බලයට පත් කළ එජාප ඡන්ද දායකයන්ගේ සතුරකු, කෙළෙහිගුණ නොදත් අයකුගේ තැනට වැටුණේය. මෙම තත්ත්වය හමුවේ රනිල් ඊට ප්‍රතිචාර නොදක්වා සිටීමත් තම සගයන්ගේ කටවල් වසා තැබීමත් ගැන රට පුරා කතා කෙරුණේය. තමන්ගේම ජනාධිපතිට එරෙහිව කතා කරන්නට එපා යැයි රනිල් කියද්දී, මෙහෙයවද්දී මෛත්‍රිගේ ප්‍රකාශයෙන් නරක නාමය ගා ගත්තේ මෛත්‍රිම බව ජනතාව අතර කතා කෙරුණේය.

මේ නිසා මෛත්‍රි තව තවත් සතුරන් වැඩිකර ගෙන මොනවායින් මොනවා කරගනීදැයි දන්නේ නැති තැනට පත්ව සිටී. එය රටට හොඳ නැත. මෛත්‍රි ගොඩනඟා දෙන මේ පසුබිම තුළින් කවදා නමුත් මහින්දටත් රනිල්ටත් ආණ්ඩුවක් හදාගෙන හොඳින් කරගෙන යන්නට පුළුවන් වේවිය යන්නද මේ හා බැඳී රට පුරා කතා වෙන්නේය. මෙසේ මතුවන උභතෝකෝටික මානසිකත්වයක් කවුරුන් විසින් හෝ රටවැසියාට උරුම කර දීම යහපත් රාජ්‍ය පාලනයක ලක්ෂණයක් නොවන බව නම් නොකියාම බැරිය.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon