රට හදන තැන

  👤  3730 readers have read this article !
2018-06-07

අර්ජුන මහේන්ද්‍රන් සමඟ දැන් මගේ සම්බන්ධයක් නෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටියදී "සිංගප්පූරුවේ මඟුල් ගෙදරක යන බව දැනුම් දී ගිය අර්ජුන මහේන්ද්‍රන් සමඟ දැන් මගේ සම්බන්ධයක් නැහැ" යි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවැසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ පැවැසීය.

"අර්ජුන මහේන්ද්‍රන් මා යටතේ වැඩ කරන කාලෙ මට කියලා තමයි රට යන්නෙ. දැන් ඉන්න අධිපතිතුමත් රට යනකොට කියලයි යන්නෙ. ඒ විතරක් නෙවි, මගේ අමාත්‍යාංශ නිලධාරීනුත් රට යන කොට මට කියලයි යන්නේ"
"අපෙන් ඉවත් වුණාට පස්සෙ ඒ අය ගැන මගේ වගකීමක් නැහැ. හැබැයි අර්ජුන මහේන්ද්‍රන්ගෙ ප්‍රශ්නෙ මතුවුණු වෙලාවෙ මං ඇහුවා ප්‍රශ්නයක් තියෙද්දි රට යන එක සුදුසු නැහැ නේද කියලා. ඊට පස්සෙ තමයි ඔහු කීවෙ මංගල උත්සවයකට රට යනවා කියලා. දැන් ඔහු සමඟ මගේ සම්බන්ධයක් නැහැ."

"මට ආරංචියක් ආවා ඔහු විටින් විට ගෙවල් මාරු කරනවා. හොඳ ගෙයක් හොයනවා කියලා. ඒක සිංගප්පූරුවෙ සිරිතක්. උදයංග වීරතුංග නම් මම දන්නෙ නැහැ. ජාලිය වික්‍රමසූරිය සමඟත් නම් මම කථා කරලා නැහැ"
2008 වසරේ සිට 2014 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසූරිය, 2006 වසරේ සිට 2015 දක්වා රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග සහ 2015 ජනවාරි සිට 2016 ජුනි දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් යන තිදෙනා සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදී ඇති නියෝග පහත පරිදියි.

2008 වසරේ සිට 2014 දක්වා ඇමෙරිකානු එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසූරිය මහතා,
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නව ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමට අදාළව
ශ්‍රී ලංකා රජය මඟින් වැය කරන ලද මුදලින් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ තුනකට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට අදාළව එවකට ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කළ ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව සිදුකරන ලද විමර්ශන තුළින් අනාවරණය වූ කරුණු මත ඔහු 2016 නොවැම්බර් 08 දින අත්අඩංගුවට ගෙන 2016 නොවැම්බර් 09 වැනි දින අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබෙනවා. ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව
රු. 50,000 මුදල් ඇපයක්ද රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇපකරුවන් දෙදෙනකුද විදේශ ගමන් තහනමක්ද, විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටද යටත්ව 2017 මාර්තු 20 වැනි දින ඔහු වෙත ඇප ලබාදී තිබෙනවා.

එසේම ජාලිය වික්‍රමසූරිය මහතා පදිංචිව සිටින අංක 65/58 පළමු පටුමඟ, කටුවාන පාර, හෝමාගම ලිපිනයේ පිහිටි නිවෙසද ඔහු විසින් පවත්වාගෙන යන ලද නො. 02, කර්මාන්ත සංකීර්ණය, කටුවාන පාර, හෝමාගම පිහිටි සිලෝන් රෝයල් ටී ඇන්ඩ් සප්ලයර් නමැති ලිපිනයද ඔහු විසින් වංචා කර ඇතැයි පැවසෙන මුදල ආයෝජනය කොට ඇති පී.පී.පී. ඉන්ටර්නැෂනල් සමාගමේ නො. 36/4 ඒ.සී. මේධානන්ද පාර, පහත සුජාතා පාර, කළුබෝවිල, දෙහිවල යන ලිපිනයත් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග මඟින් සෝදිසි වරෙන්තුවක් 2016 නොවැම්බර් 23 වැනි දින ලබාදී තිබෙනවා.

මීට අමතරව ඔහුගේ දේශීය සහ විදේශීය බැංකු ගිණුම් සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහාත් ඔහුගේ පී.පී.පී. ඉන්ටර්නැෂනල් සමාගමේ ලැප්ටොප් පරිගණක යන්ත්‍රද, සිලෝන් රොයල් ටී සමාගම සතු පරිගණක යන්ත්‍රද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මඟින් දත්ත පරීක්ෂා කිරීම සඳහාත් ගරු අධිකරණය විසින් නියෝග ලබාදී තිබෙනවා.

ඉන් අනතුරුව අක්ෂි ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තය වෙත විදේශ ගතවීම සඳහා කර ඇති ඉල්ලීමට අනුව අධිකරණය වෙතින් ඔහුට 2017 ජූලි 17 වැනි දින සිට 2017 සැප්තැම්බර් 08 දින දක්වා කාලය සඳහා විදේශගත වීමට අවසර ලබාදී තිබෙනවා. මෙහිදී පෙර ඇපකරුවන්ට අමතරව රුපියල් ලක්ෂ 15 බැගින් අමතරව ශරීර ඇපකරුවන් දෙදෙනකුද, සහතික ඇපයක් වශයෙන් සැකකරු වෙත අයිතිය ඇති ඉඩමක් ද ඉදිරිපත් කරන ලෙසට නියෝග ලබාදී තිබෙනවා.

සැකකරු විදේශගතව සිට 2017 නොවැම්බර් 17 වැනි දින අධිකරණය වෙත ඉදිරිපත් නොවීම මත එදින අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇති අතර මේ දක්වා සැකකරු අධිකරණය වෙත ඉදිරිපත්වීමක් සිදුව නැහැ.

සැකකරු විදේශ ගතවන අවස්ථාවේ ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වූ අමතර ඇපකරුවන් වන එච්.එම්. ප්‍රියංගා ඩිලානි විජේසිංහ සහ දීපිකා කුමුදුනී වික්‍රමසූරිය යන අය වෙතද සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම මත 2018 පෙබරවාරි 16 දින වරෙන්තු නිකුත් කර ඇති අතර මෙම ඇපකාරියන්ද මෙතෙක් අධිකරණය වෙත ඉදිරිපත් වී නැහැ. විමර්ශන තුළින් අනාවරණය වී ඇත්තේ දැනට මෙම ඇපකාරියන්ද සැකකරු සමඟ විදේශගතව ඇති බවයි.

ගරු කථානායකතුමනි,
2006 වසරේ සිට 2015 දක්වා රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා විසින් 2006 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත බී/639/15 යටතේ කරුණු වාර්තා කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් එම අධිකරණය විසින් පහත අධිකරණ නියෝග නිකුත් කර තිබෙනවා.

2015.04.06
උදයංග වීරතුංග විසින් කොමර්ෂල් බැංකුව කඩවත ශාඛාවේ රණවීර කළුආරච්චිලාගේ ‍ෙදාන් නොයෙල් රණවීර යන අය සමඟ පවත්වාගෙන ගොස් ඇති බද්ධ ගිණුමට අදාළ විස්තර ලබාගැනීම.

2015.04.09
උදයංග වීරතුංගට සම්බන්ධ ශ්‍රී ලන්කන් ලිමිටඩ් ලයබිලිටි යන සමාගම නමින් කොමර්ෂල් බැංකු මූලස්ථාන ශාඛාවේ අක්වෙරළ ගිණුම් අංක 1951458901 දරන ගිණුමෙහි විස්තර වාර්තා ලබා ගැනීම.

2015.04.29
කොමර්ෂල් බැංකු මූලස්ථාන ශාඛාවේ අක්වෙරළ ගිණුම් අංක 1951458901 දරන ගිණුමෙහි ගනුදෙනු අත්හිටුවීමට නියෝග නිකුත් කිරීම.

2015.06.29
ශ්‍රී ලංකා වරාය අධිකාරිය භාරයේ තිබූ උදයංග වීරතුංගට අයත් ර්ඉඛ්උ3324231 දරන කන්ටේනර් බහාලුමෙහි වූ භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් නිකුත් කිරීම.

2016.06.08
උදයංග වීරතුංග යන අයට 2016.07.15 දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කිරීම.

2016.07.08
උදයංග වීරතුංග යන අය පදිංචි බවට අනාවරණය වී තිබූ විදේශීය ලිපිනය වන ජ්තචබ ව්ධ. 20, ඩ්ධභඵඥ, ව්ධ 07, ර්ඥඩචදඪලචබධප ඉබපඥඥබ, ම්ඪඥම, 03110, උඬපචඪදඥ දරන ලිපිනය වෙත විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා නොතිසියක් නිකුත් කිරීම.

2016.09.30
2016.09.26 දින උදයංග වීරතුංග යන අය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නොතිසියට අනුව අධිකරණයේ පෙනී නොසිටීම අනුව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණය වෙතින් වරෙන්තුවක් ඉල්ලා සිටීමට අදාළව වරෙන්තුවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර නියෝගයක් නිකුත් කිරීම.

2016.10.11
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇති කරුණු අනුව උදයංග වීරතුංග සැකකරුවකු ලෙස නම් කිරීම.

2016.10.19
උදයංග වීරතුංග යන අයට අයත් ඹඹඹ.භඤචරචදඨච.දඥබ සහ ඪදටධ@භඤචරචදඨච.දඥබ යන වෙබ් අඩවි සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙතින් වාර්තාවක් ලබාගැනීමට නියෝග නිකුත් කිරීම.

2016.10.20
2016.10.19 වන දින උදයංග වීරතුංග යන අයට වරෙන්තුවක් නිකුත් කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කිරීම.

2016.11.28
උදයංග වීරතුංග යන අයට අයත් කොමර්ෂල් බැංකුවෙහි බැංකු ගිණුම් 04ක් සහ හොංකොං ඇන්ඩ් ෂැන්හයි බැංකුවේ බැංකු ගිණුම් 01ක විස්තර වාර්තා ලබා ගැනීමට අධිකරණ නියෝග නිකුත් කිරීම.

2016.12.15
උදයංග වීරතුංග යන අයට අයත් කොමර්ෂල් බැංකුවෙහි බැංකු ගිණුම් 11ක් සහ හොංකොං ඇන්ඩ් ෂැන්හයි බැංකුවේ බැංකු ගිණුම් 01ක විස්තර වාර්තා ලබා ගැනීමට අධිකරණ නියෝග නිකුත් කිරීම.

2017.01.04
උදයංග වීරතුංග යන අයට කොමර්ෂල් බැංකුවෙහි බැංකු ගිණුම් 14ක් සහ හොංකොං ඇන්ඩ් ෂැන්හයි බැංකුවේ බැංකු ගිණුම් 02ක ගිණුම් කටයුතු අත්හිටුවීමට අධිකරණ නියෝග නිකුත් කිරීම.

2017.06.30
උදයංග වීරතුංග යන අයට නිකුත් කර තිබූ ච්3643585 දරන රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ ව්5400885 දරන සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රය අවලංගු කරන ලෙසට ආගමන විගමන පාලක වෙත අධිකරණ නියෝග නිකුත් කිරීම.

2017.11.02
උදයංග වීරතුංග යන අයට අයත් කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 1670000805 සහ 8670000805 දරන ගිණුම්වලින් මුදල් ප්‍රේෂණයන් සිදුකර ඇති. පුද්ගලයන් 12කට අයත් ගිණුම් සම්බන්ධයෙන් විස්තර වාර්තා ලබා ගැනීමට අධිකරණ නියෝග නිකුත් කිරීම.

2018.01.18
උදයංග වීරතුංග යන අයට අයත් ‍ෙදාම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි අක්කර 07යි රූඩ් 01යි පර්චස් 24.5ක්, ‍ෙදාම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි අක්කර 01යි රූඩ් 0යි පර්චස් 03ක් වන ඉඩම සහ ඇල්විටිගල මාවත, කොළඹ 08 ලිපිනයේ පිහිටි ටි්‍රලියම් නිවාස සංකීර්ණයේ නිවෙසක් සහ දේපළ විකිණීම සහ අන්සතු කිරීම තහනම් කිරීමට නියෝග නිකුත් කිරීම.

2018.02.07
උදයංග වීරතුංග යන අයට එරෙහිව ලබාගත් වරෙන්තුවෙහි ඉංගී්‍රසි භාෂාවෙන් පිටපතක් නිකුත් කිරීම.

ගරු කථානායකතුමනි,
2015 ජනවාරි සිට 2016 ජුනි දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් මහතාට 2018.03.08 දින හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හමුවන ලෙස ඩී.එච්.එල්. මඟින් හා අධිවේගී තැපැල් මඟින් දන්වා යැවීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2018.02.16 වැනි දින නොතිසි නිකුත් කර තිබෙනවා. ඉන් අනතුරුව, 2018.03.15 දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙතින් ඔහුට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මොවුන් තිදෙනා ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට පහත පරිදි පියවර ගෙන තිබෙනවා. අධිකරණය වෙත ඉදිරිපත් නොවී අධිකරණය මඟහරිමින් සිටින 2008 වසරේ සිට 2014 දක්වා ඇමෙරිකානු එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීම සඳහා රතු නිවේදනයක් ලබා ගැනීමට 2018.04.05 වෙනි දින ඉල්ලීමක් ඉදිරිපත් කොට තිබෙනවා. මේ වන විට ඒ සම්බන්ධ ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව පොලිස්පති විසින් වාර්තා කොට තිබෙනවා.

2006 වසරේ සිට 2015 දක්වා රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා 2016.11.15 දින ජාත්‍යන්තර පොලිසිය විසින් නිල් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන් අනතුරුව 2018.02.12 දින ජාත්‍යන්තර පොලිසිය විසින් උදයංග වීරතුංගට අදාළව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහිදී 2018.03.24 දින උදයංග වීරතුංග මහතාව එරට බලධාරීන්ගේ භාරයට ගෙන ඇත. ඉන් අනතුරුව, උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉල්ලීමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි අබුඩාබි බලධාරීන් වෙත යොමු කර තිබෙනවා. එසේම, උදයංග වීරතුංග ශ්‍රී ලංකාව වෙත උදර්පනය කිරීම සඳහා ඉල්ලීමක් 2018.05.14 දින ආරක්ෂක ලේකම් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වෙතින් ඉල්ලා තිබෙනවා.

2015 ජනවාරි සිට 2016 ජුනි දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත නිකුත් කරන ලද නොතිසිය ඔහු වෙත යොමු කිරීමට කටයුතු සිදු කර ඇති අතර, නොතිසිය නිකුත් කරන ලද සිංගප්පූරු ලිපිනයේ ඔහු පදිංචිව නොමැති බැවින් නොතිසිය නිසි පරිදි භාරදීමට නොහැකි වී ඇති බව වාර්තා කර තිබෙනවා. එම පසුබිම තුළ ඔහුගේ ජංගම දුරකථනයට අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණය දුරකථනයෙන් කෙටි පණිවුඩයක් මඟින්ද, විද්‍යුත් ලිපිනයට විද්‍යුත් ලිපියක් මඟින්ද නොතිසිය පිළිබඳව දැනුම් දී ඇති අතර, අදාළ පණිවුඩය ඔහු වෙත යොමුවී ඇති බවට ජංගම දුරකථනය සහ විද්‍යුත් තැපැල් ච්ඥතඪමඥපර අඥනධපබඵ ලැබී ඇති බවට වාර්තා කර ඇත. ඒ අනුව, 2018.03.15 දින අර්ජුන මහේන්ද්‍රන් යන අයට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් මහතා සිටින ස්ථානය සොයා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය පතා ඇති අතර 2018.04.05 වැනි දින ජාත්‍යන්තර පොලිස් නිල නිවේදනයක්ද, 2018.04.19 වැනි දින ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කොට තිබෙනවා. නමුත් සිංගප්පූරු නීතිය අනුව ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනය මත පදනම්ව තැනැත්තකු අත්අඩංගුවට නොගන්නා බැවින් උදර්පන නීතිය යටතේ ඔහු මෙරටට උදර්පනය කිරීම සඳහා නියමිත ක්‍රමවේදයක් අනුව ඉල්ලීමක් කරන ලෙසට සිංගප්පූරු රජය විසින් දන්වා තිබෙනවා. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018.05.25 දින අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට උදර්පනය කර ගැනීම පිණිස උදර්පන නීතියට අනුව මෙරට බලධාරියා වන ආරක්ෂක ලේකම් වෙත ඉල්ලීමක් යොමුකර ඇති බව වාර්තා කර තිබෙනවා.

ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමාගේ ප්‍රශ්නයේ සඳහන් පුද්ගලයන් තිදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතේ උපරිම ක්‍රියාමාර්ග රජයක් වශයෙන් අප විසින් මේ වනවිට ගෙන තිබෙනවා. ජාත්‍යන්තර පොලිසියේ සහායත් අප විසින් ලබාගෙන තිබෙනවා.

අප රජය විසින් කිසිදු වැරදිකරුවෙක් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවට ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්නට කැමැතියි. මුදල් වංචා හා දූෂණවලට සම්බන්ධ ඕනෑම අයකුට තරාතිරම පක්ෂ පාට භේද නොසලකා අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය ශක්තිය අප විසින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ලබාදී තිබෙනවා. කිසිදු අයකුට අනිසි අත පෙවීමක් සිදු කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ. නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී යම් යම් ප්‍රමාදයන් සිදු විය හැකියි. එම ප්‍රමාදයන් අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද අප විසින් කටයුතු කරනු ලබනවා. විශේෂයෙන්ම, පසුගියදා සමම්ත කරගන්නා ලද අධිකරණ සංවිධාන (සංශෝධන) පනත මෙහි එක වැදගත් පියවරක් බව අවසන් වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.

සිංගප්පූරුවට යන බව කියලා ගියානම් දැන් මහේන්ද්‍රන් සිටින තැනත් අගමැතිතුමා දන්නවා ඇති

"අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ මංගල උත්සවයකට යන බව අගමැතිතුමාට කියල ගියා නම්, දැන් ඔහු සිටින තැනත් ඔබතුමා දන්නවා ඇතැයි" විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"උදයංග වීරතුංගත්, ජාලිය වික්‍රමසූරියත් හිටපු ජනාධිපතිතුමාගේ ඥාතීන්. ඒ අය ඉන්න තැනත් එතුමා දන්නවා ඇති. ඔබතුමාලා දෙන්නට පුළුවන් මේ අය ඉන්න තැන්වලට දන්වලා ගෙන්වලා දෙන්න. මේ ඉන්ටර්පෝල් අවශ්‍ය වෙන්නේ නැහැ."

"මූල්‍ය වංචාවල නිරතවීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක වියයුතුව ඇති ශ්‍රී ලංකා රජයේ ප්‍රකට තනතුරු දැරූ පුද්ගලයන් තිදෙනෙක් මේ වන විට මෙරට අධිකරණ නියෝග කඩකරමින් රටින් පලාගොස් විදේශයන්හි ජීවත්වන බවට තොරතුරු වාර්තා වෙනවා. 2008 වසරේ සිට 2014 දක්වා ඇමෙරිකානු එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසූරිය, 2006 වසරේ සිට 2015 දක්වා රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග සහ 2015 ජනවාරියේ සිට 2016 ජුනි දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් මෙම පුද්ගලයන් තිදෙනායි."

"මොවුන් තිදෙනා සම්බන්ධයෙන් මෙරට අධිකරණ විසින් ලබාදී ඇති නියෝග වෙන් වෙන් වශයෙන් කවරේද? ඒ කුමන දිනවලද?"

"ඔවුන් තිදෙනා මෙරට අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගනු ලැබ ඇති පියවර කවරේද?

"ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන ඇත්ද? නොමැතිනම් ඊට ඇති බාධාව කුමක්ද?

"රටට අතිවිශාල මුදලක් අහිමි කිරීමට වගකිව යුතුව ඇති මෙම ප්‍රධාන පෙළේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන, නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පුරවැසියන් තුළ නීතිය සම්බන්ධ විශ්වාසය බිඳවැටීමට හේතුවන බව පිළිගන්නේද?"

"මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ වගකීම ආණ්ඩුවක් ලෙස භාරගනු ලබන්නේද?"

සල්ලි ගත්ත අය ඇතුළෙ වගේම පිටත් ඉන්නවා

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තු අය පාර්ලිමේන්තුවේ වගේම ඉන් පිටතත් ඉන්නවා. ගාමිණී වියන්ගොඩ, දඹර අමිල හිමි සහ සමන් රත්නප්‍රියත් ඉන්නවා මේ සල්ලි ගත්තු ලැයිස්තුවේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි සිසිර ජයකොඩි පැවැසීය.

බන්දුලලාල් බණ්ඩාරිගොඩ
මේ සම්මානනීය පුද්ගලයන්ට මඩ ගහන්න එපා. ඒ අයට මේ සභාවේ අදහස් දක්වන්න බැරි අය. කරුණාකරලා ඉල්ලා අස් කරගන්න ඒ ප්‍රකාශය.

සිසිර ජයකොඩි
ආ ඒ අය සම්මානනීයද? අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තු හොරු සම්මානනීය නම් මට සම්මානනීය කියන වචනයටත් අර්ථ කථනයක් ඕනෑ. එදා මේ සභාවේ නැති මාධ්‍යවේදියො ගැන කියලා අගමැතිතුමා බැන්නා. නම් කියලම බැන්නා. එතකොට ඒවා ඉල්ලා අස්කරගත්තාද?

මුදල් ලබාගත් අයගේ නම් ලැයිස්තුව ලබා දෙන්න

''පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයෙන් මුදල් ලබාගත් මන්ත්‍රිවරු සංඛ්‍යාව 118ක් බව කීවත් එම සංඛ්‍යාව 166ක් බව ප්‍රකාශ වෙනවා. මේ නම් ලැයිස්තුව හෙළි නොකිරීම නිසා මන්ත්‍රිවරු අපහසුතාවට පත් වෙනවා. මේ ලැයිස්තුව මන්ත්‍රිවරුන්ට ලබා දෙන්න'' යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. ''මේ ලැයිස්තුව හෙළි නොකිරීමෙන් කවුරු මුදල් ලබා ගත්තාද කියලා හරි හැටි දැන ගැනීමට නොහැකි වී තිබෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. කාරක සභා නියෝජ්‍ය සභාපතිතුමත්, කථානායකතුමත් මැදිහත් වෙලා මේ නම් ලැයිස්තු පාර්ලිමේන්තුවට ලබා දෙන්න.''

කාරක සභා නියෝජ්‍ය සභාපති - ''මම මේ ගැන කථානායකතුමාට දැනුම් දෙන්නම්.''

මගේ ආසනයට යන්නත් බැහැ මගේ කරෙත් අළු තියෙනවද කියලා ජනතාව බලනවා

'මට මගේ පඬුවස්නුවර ආසනයට යන්නත් බැහැ. මගේ කරෙත් අළු තියෙනවාද කියලා ජනතාව බලනවා' යැයි එක්සත් ජාතික පක්ෂයේ තුෂාර ඉඳුනිල් පැවැසීය.
කවුද පුහුල් ගෙනිච්චේ, කවුද පොල් අතු ගෙනිච්චේ, කවුද කැකිරි ගෙනිච්චේ කියලා බලන්න මේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවට ලබාදෙන්න.

මේ ලැයිස්තුව ගැන ජනාධිපති ලේකම්ගෙන් ඇහුවම කියනවා ඒක ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යැව්වා කියලා. එතැනින් ඇහුවම කියනවා ඒ ගැන නීතිපතිගෙන් අහන්න ඕන කියලා. මන්ත්‍රිවරුන්ට මුහුණපාන්න සිදුවෙලා තියෙන මේ තත්ත්වයෙන් මිදෙන්න මේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවට ලබාදෙන්න.

අපි කැකිරි හිටවලත් නෑ. විකුණලත් නෑ. හැමදාම මේ කතාව මඩේ දම දමා සෝදන්න එපා. මේක ඉවරයක් කරන්න.

මන්ත්‍රිවරයෙක් - ඔබතුමා එතකොට සියඹලා ගෙනාවෙ නැහැ.

තුෂාර ඉඳුනිල් - මොකක්ද ඇහුවෙ සියඹලා... මේ සල්ලි කවුරු ගත්තත් හෙළිකරන්න ඕන. ඒකයි කියන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon