ජීවිත 4200ක් අනතුරේ හෙළුෑ කොන්කෝඩියා නෞකාවේ විනෝද චාරිකාව

  👤  4979 readers have read this article !
2018-05-13

"යුරෝපීය ජාතීන් අතර එක්සත්කම සහ සාමය" සඳහා වූ අපේක්ෂාව කුළුගන්වනු වස් එම අති සුඛෝපභෝගී නෞකාවට 'කොස්ටා කොන්ඩ්‍රියා' යන නම ලැබී තිබිණි. එහෙත් ඒ දෛවෝපගත රාත්‍රියේ එහි ගමන් කළ 4,200ක් වූ මගීන් සහ කාර්ය මණ්ඩලයට දැනුණේ ජීවිතයත් මරණයත් අතර මොහොතකදී තමාට තමන්ම හැර කිසිවකු නැති බව නොවේද!

1912 අප්‍රේල් 15 දින ව්‍යසනයට ලක්වූ ටයිටැනික් නැව මෙන් දෙගුණයක් විශාල කොස්ටා කොන්ඩ්‍රියා දැවැන්ත නෞකාව නිපදවූයේ ඉතාලි සමාගමකි. එය දිගින් මීටර් 290ක්ද පළලින් මීටර් 35.5ක්ද වූ අතර එහි වේගය 23ඬදධබඵ(43ඬථඩ)කි. මෙගාවොට් 76ක ධාරිතාවකින් යුතු ඩීසල් විදුලි බලාගාරයකින්ද සියලු පහසුකම්වලින් සමන්විත කැබින් කාමර 1,500ක්ද තිබුණු අතර එයින් 505ක්ම සඳලුතල සහිත ඒවා විය. පිහිනුම් තටාක හතරක්ද, කෝපි හා චොකලට් බාර් එකක් ඇතුළුව බාර් දහතුනක්ද තිබිණි. පාවෙන අති සුඛෝපභෝගී නැව තුළ විනෝදය සඳහා නෘත්‍ය ශාලා, කැසිනෝ ශාලා, සුපිරි ඩිස්කෝ සහ වීඩියෝ ක්‍රීඩා සහිත ළමා ක්‍රීඩංගණයක්, අන්තර්ජාල කැෆේ ආදී මෙකී නොකී නවීන උපාංගවලින් සමන්විත අති අලංකාරවත් පරිසරයක් නිර්මාණය කොට තිබිණි.

ඒ 2012 ජනවාරි 13දා දිනයයි. සයුර කුණාටුවලින් තොරව සන්සුන්ව තිබිණි. කොස්ටා කොන්ඩ්‍රියා නෞකාව ඉතාලියේ රෝම නගරයේ ඛ්ඪමඪබචමඥජජඩඪච වරායෙන් රෑ 9.10ට පමණ පිටත් වූයේ මධ්‍යධරණී මුහුදේ සත් දින චාරිකාවක් සඳහාය. මගීන් 3,229ක් සහ 1,023 සේවක පිරිසක්ද සහිතව කොස්ටා කොන්ඩ්‍රියා රැජනකගේ අභිමානයෙන් යුතුව සමුදුර වෙත පාවී ගියේ ගොඩබිම සිටි නෑදෑ හිතමිතුරන්ගේ සියලු සුබපැතුම් මැදය.

හදිසියේ නාවික කාර්ය මණ්ඩලයට අණ ලැබුණේ සුපුරුදු ගමන් මාර්ගය වෙනස් කොට නැව ගුග්ලි දූපත දෙසට ගමන් කරවන ලෙසය. කැප්ටන්ට අවශ්‍ය වූයේ නැවේ සිටි මිතුරියක වෙනුවෙන් ගුග්ලි දූපතේ විසූ ඇගේ නෑදෑයන්ට නැව පෙන්වාගෙන ඒ අසලින් යාත්‍රා කරවීමටය. එහෙත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ගල් පර සහිත වෙරළ දෙසට යාත්‍රා වූ බව වැටහුණෙන් නැව නැවත හරවා ගන්නට තැත් කරද්දී ජල මට්ටමෙන් මීටර් අටක් යට නැව් බඳ විශාල ගල් පර්වතයක වැදී පිපුරුමක් ඇති විය. බඳෙහි මීටර් 53ක විවරයක් සෑදිණි. ඒ මොහොතේ රාත්‍රි ආහාර ගනිමින් සිටි විශාල පිරිසක් අත්දුටුවේ භූමි කම්පාවක් සිදුවන විට පවතින තත්ත්වයට සමාන තත්ත්වයකි. මේස මත තිබූ පිඟන් කොප්ප විසි වී ගිය අතර ඉහළ තිබූ බඩු බාහිරාදිය හිස් මත කඩාවැටිණි. ඒ සමඟම නෞකාව ඝනාන්ධකාරයේ ගිලී ගියේය.

ඒ මොහොතේ නැවේ සිටි කාන්තාවක් ඉතාලියේ සිටි තම මවට මේ ගැන දැනුම් දුන් බැවින් ඔවුන් වහාම පොලිසිය හරහා කැප්ටන්ට කතා කළේය. "ඔබේ නැවට කරදරයක්ද?"

"නැහැ පොඩි පවර් කට් එකක්. අපි ඒ ගැන බලාගන්නවා බය වෙන්න දෙයක් නෑ." කැප්ටන්ගෙන් ලැබුණු පිළිතුර විය. මගීන්ටද දැනුම් දුන්නේ කලබල නොවන ලෙසය.

ආබාධිත තත්ත්වයට පත් නැව ඒ වන විට ඉතාලියේ බටහිර වෙරළින් කි.මී. සියයක් ඔබ්බෙහි සිටි අතර වේලාව 9.45 විය.

නෞකාවකට ජලය ඇතුළු වන විට ගුරුත්ව කේන්ද්‍රයේ වෙනස් වීමත් උඩුකුරු තෙරපුමේ ප්‍රතිවිරුද්ධ බලයත් යන භෞතික විද්‍යා නියමයන්ට අනුව අස්ථාවරව පැද්දෙන්නට වූ නැව තද සුළඟක් හමන්නට වූයෙන් නැවත අනෙක් පසට පෙරළී (ඵබචපඡධචපඤ ඵඪඤඥ) ගුග්ලියෝ දූපත දෙසට තල්ලු වී ගොස් මීටර් පන්සියයක් දුරින් පැත්ත වැටුණේ ගල් පර සහිත මුහුදු අඩියට හේත්තු වෙමිනි. අනතුරට පත්ව පැයක් පමණ ගත වන තුරු ජනතාව ඉන් ඉවත් කිරීමේ ආඥාව නිකුත් නොවීම බරපතළ ගැටලුවක් විය. නැවේ එක් පසක් මුහුදට යටව තිබූ බැවින් ජීවිතාරක්ෂක බෝට්ටු පාවිච්චියට ගත හැකි වූයේ අඩක් පමණි. ඒ නිසා ඒවාට ගොඩ වීමට තැත් දරමින් මිනිසුන් හාරදහසක් කළ අති මහත් කලබලය සිතා ගැනීමටත් අපහසුය.

අනපේක්ෂිත සිදුවීම් පෙළකින් සුඛෝපභෝගී මුහුදු චාරිකාව උඩු යටිකුරු වූයේ එහි කපිතාන් ජ්පචදජඥඵජධ ඉජඩඥබබඪදධ විසින් ඔහුගේ පෞද්ගලික වුවමනාව මත ගත් තනි තීරණයක් නිසාය. කෙළින්ම ඇඟිල්ල දිගු වූයේ ඔහුටය. 1.42ට වෙරළ සංරක්ෂණ නිලධාරීන්ගෙන් කැප්ටන්ට ඇමතුමක් ලැබෙන විට සිය ගණනක් මගීන් තවම නැවේ සිටියදී කැප්ටන් පලාගොස් තිබිණි.

ජීවිත 32ක් ඝාතනය සහ නෞකාව අත්හැර පලායෑමට වරදකරු වූ කැප්ටන් ජ්පචදජඥඵජධ ඉජඩඥබබඪදධටට 16 වසරක සිරදඬුවමක් නියම කෙරිණි.

දිවි ගලවාගත් අන්තිම පස්දෙනා අතර වූ එහි නැටුම් කණ්ඩායමක තරුණියක් වූ රෝස් මෙසේ මාධ්‍යයට අදහස් දැක්වූයේ කඳුළු පිරි දෙනෙතිනි.

"ඇත්තෙන්ම ඒ නෞකාව සුරපුරයක්. අප එහි සේවය කළේ ඉමහත් සතුටින්. නැව අත්හැර යන ලෙස දැනුම්දීම සිදුවූයේ පමා වී. එතැන එකම යුද පිටියක් වගේ කලබලයක් තිබුණේ. මා අන් අයට බෝට්ටුවලට නැඟ ගැනීමට පැය හයක් තිස්සේ උදවු කළා. මම ජීවිතාශාව අත්හැරයි සිටියේ. එහෙත් මගේ මවුපියන් තනි කොට මිය යෑමට නොහැකි බව හැඟුණා. මගේ දිවි ගැලවුණේ ඒ නිසා විය හැකියි.


වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon