සිරිමාගේ ආණ්ඩුව අසීරුවට පත්කළ අරුම පුදුම මරණ දැන්වීම

  👤  5348 readers have read this article !
2018-05-06

1974.04.24 බදාදා දින ලේක්හවුස් ආයතයේ දිනපතා ඉංගී්‍රසි පුවත් පත වන ච්චඪතර දඥඹඵ හි මරණ දැන්වීමක් පළ කර තිබුණේය.

O'CRACY - The death occurred under tragic circumstances of D.E.M. O'CRACY. beloved husband of T. Ruth, loving father of L.I. Bertie, brother of Faith, Hope and Justitia, Interred on Saturday, 20th inst. Araliya medura, Panagiyawaththa, Anduruwala.

මේ එම මරණ දැන්වීමයි. මෙම අවමංගල දැන්වීමේ සඳහන් වන්නේ.

ඕ'ක්‍රසි - ටී. රූත් මහත්මියගේ පෙම්බර ස්වාමි පුරුෂයාණන් වූද, එල්.අයි. බර්ටිගේ ආදරණීය පියාණන් වූද, ෆේත්, හෝප් සහ ජස්ටිෂියාගේ දයාබර සොහොයුරාණන් වූද, ඩී.ඊ.එම්. ඕ'ක්‍රසි මහතා ඉතාමත් කනගාටු ලෙස හදිසියේම අභාවප්‍රාප්ත වූ අතර, අවසාන කටයුතු මේ මස 20 වැනි දින සිදුකරන්නට යෙදුණු බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. අරලිය මැඳුර, පනගියාවත්ත, අඳුරුවල.

මේ මරණ දැන්වීම පළ වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමියගේ පාලන සමයේය. මේ වනවිට 1971 අප්‍රේල් කැරැල්ල මැඬ පවත්වා ගෙවී ගොස් තිබුණේ වසර 03ක් වැනි කෙටි කාලයකි. එහෙත් අළු යට ගිනි නොතිබුණාම නොවේ.

තරුණ විප්ලවය රජය විසින් මැඬ පැවැත්වූයේ තරුණ තරුණියන් දස දහස් ගණනකගේ ජීවිත බිල්ලට ගනිමින්ය. බිල්ලට ගත් ජීවිත අතර තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන් ද දහස් ගණන් වූහ. එමෙන්ම අද මෙන් එදා ද පෞද්ගලික තරහ මරහ නිසා දෙන ලද ඔත්තුවලින් ඝාතනය වුණු පිරිස් බොහෝය. මෙම ලේඛකයා ද එවැනි ඔත්තුවක් නිසා ජීවිතය අනූ නවයෙන් බේරා ගත් අයෙකි.

ඉහත අවමංගල දැන්වීම ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල අවධානයට ලක් විය. එය එම රටවල අවමංගල දැන්වීමක් වශයෙන් නොව, විශේෂාංග ලිපියක් වශයෙන් පුවත්පත්, සඟරා කිහිපයකම පළ විය. ලන්ඩන් ඩේලි ටෙලිග්‍රාෆ්, හින්දු, නිව්යෝර්ක් ටයිම්ස් සහ සිඩ්නි සන් වැනි පුවත්පත්වල මේ ගැන තොරතුරු පළ කර තිබූ අතර, එම විශේෂාංගය පළ වූ, ලෝක ප්‍රකට වාර ප්‍රකාශනයක් වූ, රීඩර්ස් ඩෛජස්ට් (නොවැම්බර්) සඟරාව, රේගුවේ දීම අත්අඩංගුවට ගෙන මෙරට වෙළෙඳ පොළෙහි විකිණීම තහනම් කරන ලදී.

මේ අපූරු මරණ දැන්වීම ගැන තවදුරටත් කතා කිරීමට පෙර, එහි සඳහන් පුද්ගලයන් ගැන කතා සොයා බැලීම වැදගත්ය.

• ච්.ඡ්.ර්. ර්ණී'ඛ්අඒඛ්ක (ච්ඥථධජපචජර) ප්‍රජාතන්ත්‍රවාදය
• ඊ. අභබඩ, (ඊපභබඩ) සත්‍යය
• ඹ්.ධ්.ඕඥපබඪඥ, (ඹ්ඪඡඥපබර) නිදහස
• ජ්චඪබඩ, අවංක බව
• ඩ්ධනඥ විශ්වාසය
• බ්භඵබඪබඪච යුක්තිය

ඉහත ඥාතිත්වයට අනුව මෙම දැන්වීමෙහි සඳහන් වන්නේ මෙවැනි අදහසක්ය.

සත්‍යයෙහි පෙම්බර ස්වාමි පුරුෂයාණන් වූද, නිදහසේ ආදරණීය පියාණන් වූද, අවංක බව, විශ්වාසය සහ යුක්තියේ දයාබර සොහොයුරාණන් වූ, ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් කනගාටු ලෙස හදිසියේම අභාවප්‍රාප්ත වූ අතර, අවසාන කටයුතු මේ මස 20 වැනි දින සිදුකරන්නට යෙදුණු බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. අරලිය මැඳුර, පනගියාවත්ත, අඳුරුවල.

අභාවප්‍රාප්ත ඔ'ක්‍රසි මහතාගේ අවසාන කටයුතු අප්‍රේල් මස 20 වැනි දින සිදු කළේ ඇයි දැයි සොයා බැලුව විට පෙනී ගියේ, එකල විපක්ෂය විසින් රටේ පවතින වර්තමාන තත්ත්වය ගැන මහජනතාවට කරුණු පැහැදිලි කිරීමේ රැස්වීම් මාලාවක් එදින රට පුරා පැවැත්වීමට සංවිධානය කර තිබුණත්, රජය කළේ රටෙහි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර මෙම රැස්වීම් මාලාව කඩාකප්පල් කර දැමීමය. පසුව විරුද්ධ පක්ෂය ප්‍රකාශ කළේ අප්‍රේල් 20 වැනි දින රටේ නිදහසේ මළගම සිදු කළ බවයි.

මෙම මරණ දැන්වීම සම්බන්ධයෙන් එකල ජාතික රාජ්‍ය සභාවේද වාද විවාද පැවැත්විණි. එහි දී රාජ්‍ය පරිපාලන, පළාත් පාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ කතාව මහත් විනෝදයක් ගෙන දුන් එකක් විය.

"....... ඩී.ඊ.එම්. ඕ'ක්‍රසි මහතා මෙරට පදිංචි අයිරිෂ් ජාතික මහත්මයෙක්..... ඒ වගේම ඔහු තවමත් ජීවතුන් අතර ඉන්නවා... 1962 අසාර්ථක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ දීත්.... 1971 කැරැල්ලේ දීත් ඔහු සිය පණ බේරාගත්තේ අනූ නවයෙන්..... මම මගේ ආරක්ෂක නිලධාරි ධර්මදාස මහතා, දැන්වීමේ සඳහන් ලිපිනයට යැව්වා.... මේ කනගාටුදායක මරණය ගැන හොඳින් අපක්ෂපාතිව කරුණු පරීක්ෂා කර බලන ලෙස.... ධර්මදාස මහතාට උපදෙස් දුන්නා.... ඔහු මට සිය පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ.... මෙම අවමංගල දැන්වීම මහජනතාව නොමඟ යවන මුසාවක් සහ රැවටිල්ලක් බවයි. ඕ'ක්‍රසි මහතා මහතා වයස්ගත මුත්, ඉතාමත් හොඳින් සහ සුවයෙන් ඒ වගේම සතුටින් පසුවන බව පැවසුවා..... ඒ වගේම එම දැන්වීමේ සඳහන් ඔහුගේ අනෙකුත් ඥාතීන්ද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙනවා... ඒ වුණත්... මහජනතාව නොමඟ යවන සුලු මෙම දැන්වීම සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලන බව. මම මේ ගරු සභාවට වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා...." යනුවෙන් ප්‍රකාශ කළේ, ජාතික රාජ්‍ය සභාවම සිනහ ගස්වමින්ය. රජය, මේ දැන්වීම පළ වීම ගැන සුලමුල සොයන්නට රහස් පොලිසියට භාර කළේය. රහස් පොලිසියේ ඇත්තෝ ලේක්හවුස් බලධාරීන්ගෙන්ද ප්‍රශ්න කළ බව වාර්තා විය.

රහස් පොලිසියට හැකි වුණේ මෙම මරණ දැන්වීම, වැල්ලවත්ත තැපැල් කාර්යාලය හරහා ලේක්හවුසියට යොමුකර ඇති බව පමණක් සොයා ගන්නවාය එවූ පුද්ගලයා සොයා ගැනීමට නොහැකි විය.

මේ අතර එක්තරා දිනක අමාත්‍ය ෆීලික්ස් ඩයස්ගේ පෞද්ගලික නමට යොමුකර තිබූ නිර්නාමික ලිපියක සඳහන් වූයේ, මෙම දැන්වීම නිසා කිසියම් අයකු අපහසුතාවක හෝ අමාරුවේ වැටී ඇත්නම්, ඔවුන් මුදා හරින ලෙසත්, දැන්වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවත්ය.

කිසිදු අර්ථයක් නොමැතිව පැවැත්වෙන රහස් පොලිස් පරීක්ෂණ නවතා දමන ලෙස ෆීලික්ස් ඩයස් පොලිසියට නියෝග කළේය.

මේ අපූරු නිර්මාණශීලී මරණ දැන්වීම ඩේලි නිවුස් පත්‍රයට යොමුකර තිබුණේ, රයිලි ප්‍රනාන්දු නම් වෛද්‍යවරයෙකි. ඔහු පදිංචිව සිටියේ දෙහිවල ගාලු පාරේ නිවෙසකය.

කිසිදු දේශපාලන පක්ෂයක ගැත්තකු නොවුණු වෛද්‍ය රයිලි ප්‍රනාන්දු මහතා රටක නිදහස ඉතාමත් ඉහළින් අගය කළ මානව හිතවාදියෙකි.

ජයන්ත විජේරත්න හේරත්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon