විශ්වාසභංග මල්ටිබැරල් රොකට් තවමත් පුපුරන හැටි

  👤  4638 readers have read this article !
2018-04-15

 ඉතිහාසය විසින් වරක සිදුවූ දෙයක් යළිත් ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය නොකරන අතර යම් හෙයකින් එවැන්නක් සිදුවුවහොත් එය නිසැක ලෙසම විගඩමක ස්වරූපය ගනු ඇතැයි කියමනක් තිබේ. ලංකාවේ දේශපාලනයද මේ වනවිට එය සනාථ කරමින් පවතී. පළාත් මැතිවරණය සමඟ උණුසුම් වූ දේශපාලනය විටෙක සිසිල් වෙමින්ද නැවතත් ගිනි ඇවිළෙමින්ද අවුල් ජාලයක් බවට පත්වෙමින් තිබේ.ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය කණ්ඩායම් තුනකට කැඩී ඇති අතර ඉන් බහුතරය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි.

විශ්වාසභංගයේදී ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළැකී සිටි කණ්ඩායම තවදුරටත් ආණ්ඩුව සමඟ සිටිමින් දැනට දරන තනතුරු ඉදිරියටත් දැරිය යුතුය යන මතයේ සිටිති. අනෙක් කණ්ඩායම බදාදා රාත්‍රියේ ආණ්ඩුවෙන් ඉවත් වූ අතර ඔවුන් අයත් වන්නේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රිවරු පිරිසටය. මේ පිරිස එන 19දා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවද කියති.මෙහි ඇති උත්ප්‍රාසජනක ස්වරූපය වන්නේ මේ සියල්ලෝම බරපතළ විවේචන, ප්‍රහාර එල්ල කරමින් නමුත් දිගටම ජනාධිපති මෛත්‍රිගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රීලනිපයේ තනතුරු හා සාමාජිකත්වය දැරීමය. පවතින පැටලිලිසහගත දේශපාලන තත්ත්වයේ අවසානය පෙනෙන තෙක් මානයක නැත.විශ්වාසභංග මල්ටිබැරල් බෝම්බයමේ වන විට විශ්වාසභංග යෝජනාව මල්ටි බැරල් බෝම්බයක් බවට පත්වෙමින් පුපුරන්නට පටන්ගෙන තිබේ. එහි ප්‍රතිඵල ලෙස සෑම දේශපාලන පක්ෂයකම අභ්‍යන්තර පුපුරායෑම් වැලක් එක දිගටම තවමත් සිදුවෙමින් තිබේ. විශ්වාසභංග බෝම්බයේ කම්පනය ජවිපෙට දැනී නැති අතර ඔවුහු සයුරේ කුණාටුව මැද නියමුවා නෞකාව ඉදිරියට ගෙනයන නව උපායමාර්ග සැලසුම් කරමින් සිටිති.බරපතළම අර්බුදයට මුහුණ දී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එහි ප්‍රතිඵලය වූයේ ආණ්ඩුවෙන් 16 දෙනකුගේ කුට්ටියක් ගෙඩිය පිටින්ම ගැලවී යෑමය. අගමැතිට විරුද්ධ වූ ශ්‍රීලනිප ඇමැතිවරු තමන් ධුරවලින් ඉවත් වීමට තීරණය කළ බව ජනපතිට දැනුම් දුන්නේ විශ්වාසභංගය පරාජය වූ 4 වැනිදා රාත්‍රියේමය. ඔවුන් එම තීරණය ගෙන තිබුණේ ඇමැති එස්.බී.ගේ නිවෙසේ පැවැත්වූ හදිසි සාකච්ඡාවකින් පසුවය. එහෙත් ජනපති මෛත්‍රි ඔවුන්ගේ ඉල්ලා අස්වීම එකවර පිළිගත්තේ නැත. ජනපතිට අවශ්‍යව තිබුණේ ජලයේ කැලඹීම නිසල වූ පසු නැවත සියලු කටයුතු යථා පරිදි ඉදිරියට ගෙන යෑමටය.රංජිත-වසන්ත-රංගේ ඇමතිකම් ඉල්ලතිඑහෙත් දින ගෙවී ගියද එජාපය පැත්තෙන් අනුකූලතාවක් ලැබුණේ නැත. අගමැති එපා නම් ඔහු සමඟ වැඩ කරන්නේ කෙලෙසදැයි එජාපයේ පහළ මට්ටමින් මතුවූ පීඩනය ඉහළ ගියා මිස අඩුවූයේ නැත. කොරේ පිටට මරේ කීවාක් මෙන් එජාපයේ රංජිත් අලුවිහාරේ, වසන්ත සේනානායක හා රංගෙ බණ්ඩාරද තමන්ටද ඇමැති තනතුරු අවශ්‍ය යැයි ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.ඇමැතිවරු කැබිනට් මණ්ඩලය වර්ජනය කිරීම පිළිබඳ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථමයෙන්ම වාර්තා වූයේ 1956දීය. අගමැති බණ්ඩාරනායකගේ කැබිනට් මණ්ඩලයේ සී.පී. ද සිල්වා, ස්ටැන්ලි ද සොයිසා, විමලා විජයවර්ධන ඇතුළු පිරිසක් එදා කැබිනට මණ්ඩලය වර්ජනය කළහ. සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන සමයේ පිලිප් ගුණවර්ධන කුඹුරු පනත ගෙනා විටද ඇමැතිවරු කිහිපදෙනකු කැබිනට් මණ්ඩලය වර්ජනය කළහ. ඇමැතිකම් බෙදා ගැනීම අවුලක්සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය කිරීමේදී ප්‍රධාන පක්ෂ දෙක අතර ඇමැති ධුර බෙදා ගැනීම නිශ්චිත ක්‍රමවේදයක් තීරණය කර තිබිණි. ඒ අනුව ඇමැති ධුර 45ක් දෙපාර්ශවය අතර බෙදාගෙන තිබූ අතර 16 කණ්ඩායම පිටතට යෑම නිසා පුරප්පාඩු වූයේ ඇමැති ධුර හයකි. ඒවා පවතින සම්මතයට අනුව අයත් වන්නේ ශ්‍රීලනිපයටයි. එබැවින් එජාපයේ ප්‍රශ්නයට එයින් විසඳුමක් නොලැබේ.රනිල්-ෆවුසි සාකච්ඡා බිඳ වැටේමේ අතර 16 කණ්ඩායම යම් සමථයකට නම්මවා ගැනීමට ජනපති උත්සාහයක නිරතව සිටියේය. බදාදා ශ්‍රීලනිප ජේ‍යෂ්ඨයකු වූ ඒ.එච්.එම්. ෆවුසි උපදේශකයකු වශයෙන් පත් කරගත් හෙතෙම 16 දෙනාගේ කණ්ඩායමට  එරෙහිව ඇති විරෝධය සමහන් කරන අටියෙන් අගමැති රනිල් වෙත යැවීය. එහෙත් රනිල්-ෆවුසි සාක්ච්ඡා ඵලදායි නොවීය.අගමැති ප්‍රකාශ කළේ මේ පිළිබඳ තමන්ට තනි තීරණයක් ගත නොහැකි බවය. කෙසේ වුවද පැලැස්තර සියල්ල ගැලවුණු අතර බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ ජනපති ඇමැතිවරුන්ගේ අස්වීම පිළිගත්තේය.පොහොට්ටුව අපේ 'ලේ' නෑයෝ එස්.බී. කියයිසිකුරාදා මාධ්‍ය හමුවක් පැවැත්වූ 16 කණ්ඩායම ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩු පරීක්ෂණය අසමත් වූ බව පිළිගැනීමට සිදුවන බවය. ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීම බවද ප්‍රකාශ කෙරිණි. පොහොට්ටුව සමඟ එක් වෙනවාද නැද්ද යන්න ප්‍රශ්නයක් ලෙස මතු නොවූ බව ප්‍රකාශ කරමින් එස්. බී. දිසානායක පවසා තිබුණේ පොහොට්ටුවේ ඉන්නේ අපේ ලේ නෑයින් නිසා අපට එක්වීමට බාධාවක් නැත කියාය.මහින්ද වැඩ අල්ලන්න පොළොන්නරු යයිමහින්ද අවුරුදු නිවාඩුව ගත කරන්නේ තංගල්ලේය. ඔහු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමද එහිම සිදු කරනු ඇත. ජාතික ආණ්ඩුවේ සිදුවන කලබැගෑනි පැය 24 පුරාම ඔහුට වාර්තා වේ. ගම්වැසියන් සමඟ අවුරුදු පී්‍රතිය භුක්ති විඳින මහින්ද හිසතෙල් ගාන්නට පෙරදින ජනාධිපති මෛත්‍රිගේ වැයික්කියට යෑමට නියමිතය.එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයත් උණුසුම් වෙයිවිශ්වාසභංගය පැරැදවීමෙන් පසු එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පළමුවරට රැස්වූයේ පසුගිය සෙනසුරාදාය. ඒ සිරිකොතේදීය. මෙහිදී වැඩිදුරටත් කතාබහට ලක්වූයේ එජාපයේ සිදුකළ යුතු නව ප්‍රතිසංස්කරණ පිළිබඳවය.මූලිකවම පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් නොකර අනෙකුත් තනතුරුවල පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතු බවට තීරණය කෙරිණි.ප්‍රතිසංවිධානය ගැන සොයා බලන්නට පත් කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාවට අනුව සඳහන්ව තිබුණේ නායකගෙන් පසු තිබෙන්නේ එක් නියෝජ්‍ය නායක තනතුරක් බවය. නමුත් මෙහිදී රවි කරුණානායක මන්ත්‍රිවරයා නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇති කළ යුතු බවට වෙනම යෝජනාවක් ගෙනැවිත් තිබිණි.රවිගේ යෝජනාව කරළියට පිවිසීමත් සමඟම සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා නැඟී සිටියේය.“අලුතෙන් ඔය විදියට වෙනස්කම් කරන්න හදනවා නම් මම ඔය කිසිම තනතුරක් භාර ගන්න සූදානම් නෑ. මම ඉල්ලා අස් වෙනවා.”මේ අතරේ සරත් ෆොන්සේකාද නිකම් සිටියේ නැත.“නියෝජ්‍ය නායක තනතුරු දෙකක් තිබුණාම මොකද වෙන්නේ.”මේ ගැටලුව අර්බුදයක් බවට පත්වන ලකුණු පහළ වෙද්දී හර්ෂණ රාජකරුණා මන්ත්‍රිවරයා නැඟිට්ටේය.“අපට මේ වෙනකොට තියෙන ප්‍රශ්න මදිවාට අලුතෙන් තවත් ප්‍රශ්න ඇති කරගන්න හොඳ නෑ. ඒ නිසා මේ ගැටලුව මෙතැනදීම විස¼දා ගනිමුඊළඟට නැඟිට්ටේ රවිද්‍ර සමරවීර ඇමැතිවරයාය. ඔහු කීවේද හර්ෂණ කී දේමය. ඒ සමඟම හේෂා විතානගේ මන්ත්‍රිවරයා නැඟී සිටියේය.“මේ වෙනකොටත් ඔය කතාව ප්‍රවෘත්තිවලටත් ගිහින් තියෙනවා. අපි මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න යන්නේ. මේක දැන්මම විස¼දාගෙන ඉවර කරමු.”මේ ආකාරයේ යෝජනා ඉදිරිපත් වෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හඬ අවදි කළේය.“මේ වෙනකොට ඔය ඔක්කොම තනතුරු ගැන ප්‍රශ්න තියෙනවා. තවමත් ඒවා ගැන යෝජනා ඉදිරිපත් වුණා විතරයි. අපේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව නියෝජ්‍ය නායක එක තනතුරක් විතරයි තියෙන්නේ. ගයන්ත රවි ගැන මාධ්‍යයට කියනකොට මේ විදියට කියන්න.”අගමැතිවරයා ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාට උපදෙසක්ද දුන්නේය.එජාප මහ ලේකම් කමට ඉම්තියාස් ? ඊළඟට කතාබහ යොමුවූයේ මහ ලේකම් තනතුර පිළිබඳවය. ඒ සමඟම ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයා නැඟී සිටියේය. ඒ තනතුරට හොඳම කෙනා ඉමිතියාස් බාකීර් මාකාර්. මහ ලේකම්කමට සුදුසු හැමෝම එක්ක සුහදව වැඩ කරන්න පුළුවන් ඒ වගේ කෙනෙක්. ඒ සමඟම සභාවේ අසුන්ගෙන සිටි 75%ක් පමණ නැඟී සිටිමින් ඉමිතියාස් තමයි ඒ තනතුරට සුදුසුම කෙනා යැයි එක හ¾ඩින්ම කියා සිටියහ.“ඒ ගැන අපි බලමු” යැයි කී අගමැතිවරයා ඊළඟට මෙසේ කීවේය.“මේ විදියට ඉදිරිපත් වෙන යෝජනා ගැන සාකච්ඡා කරල ඉහළට නිර්දේශ කරන්න අපි සාමාජිකයෝ 10 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරගන්න ඕනෑ. එතකොට මේ වැඩේ ක්‍රමානුකූලව පහසුවෙන් කරන්න පුළුවන්. ඒ කමිටුව පත් කර ගත යුත්තේ මෙතැන ඉන්න අයගේ රහස් ඡන්දයෙන්”ඊළඟට රහස් ඡන්දයෙන් කමිටුව පත් කරගැනීමේ කටයුතු ඇරඹුණේ පක්ෂයේ නීතිඥවරුන් කිහිපදෙනකුගේද මෙහෙයවීම ඇතිවය.ඒ අනුව කමිටුවට රංජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, නවීන් දිසානායක, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, අජිත් පී. පෙරේරා, රුවන් විජයවර්ධන, ඉරාන් වික්‍රමරත්න, අශෝක ප්‍රියන්ත, හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර හා ජේ.සී. අලවතුවල යන මැති ඇමැතිවරු තෝරා පත් කර ගැනිණි. නමුත් දහදෙනකුගේ කමිටුව 12ක් දක්වා වැඩි කරන්නට සිදුවූයේ තිදෙනෙක්ම සමාන ඡන්ද ලබා ගැනීම හේතුකොටගෙනය. මේ අතර එතැන සිටි සමහර කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මේ අතර මෙම රැස්වීම සඳහා විශේෂ ආරාධිතයන් ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයාත්, ඔහුගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රිවරයාත් එක්ව සිටියහ. ඒ පිළිබඳ අගමැතිවරයා මෙසේ සඳහන් කළේය.“රාජිතටත්, චතුරටත් අපි මේ රැස්වීමට සහභාගි වෙන්න කියලා ආරාධනා කළේ ඒ දෙන්නාම අපේ පක්ෂයත් එක්ක එකතුවෙලා වැඩ කරන්න ලෑස්ති නිසයි. ඒ වගේම විශ්වාසභංගය වෙලාවේ රාජිත අපි වෙනුවෙන් ලොකු වැඩකොටසක් ඉටු කළා. අපි ඒකටත් රාජිතට සලකන්න ඕනෑ” යැයි අගමැතිවරයා සිනාමුසුව කියද්දී රාජිත සේනාරත්න ඇමැතිවරයාද මහ හ¾ඩින් සිනාසුණේය.එජාපයේ නිලධාරි මණ්ඩලයේ ධුර කාලය අප්‍රේල් මස 3 වැනිදා අවසන් වන බැවින් ඊට පෙර සියලු ප්‍රතිසංවිධාන කටයුතු සිදුකර නිමවිය යුතු බවට එහිදී තීරණය විණි.ජනපතිගේ රාත්‍රි භෝජන සංග්‍රහයලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සංවත්සරය මෙවර පවත්වනු ලැබූයේ ශ්‍රී ලංකාවේදීය. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කලාපීය අධ්‍යක්ෂවරිය ඇතුළු නිලධාරීන් රැසක් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔවුන් සඳහා රාත්‍රි භෝජන සංග්‍රහයක් ජනාධිපතිවරයා විසින් උත්සවයට පෙර දින රාත්‍රියේ සූදානම් කොට තිබිණි. ජනාධිපති මන්දිරයේ පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගි වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්ද සමඟනි. බටර් කලර් (ළා කහ පාටට හුරු) ඇඳුමකින් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සැරසී සිටිනු දක්නට ලැබිණි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඩොක්ටයි මායි එකම පාට ඇඳුම් ඇඳගෙන ඉන්නේ. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කියා සිටියේ කොහොමද අපි දෙන්නා එකම පාට වගේම එකටම වැඩ කරන්නේ යනුවෙන් පැවැසීය. ඉන් පසු රාත්‍රි භෝජන සංග්‍රහය ආරම්භ වූ අතර එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේ මම අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ඉදිරිපත් වන විට ශ්‍රී ලංකාවෙන් හොඳ සහයෝගයක් ලැබුණ කියාය. ජනාධිපතිවරයා හමුවී මම ගත්ත පින්තූරය මැතිවරණ පත්‍රිකාවෙත් යොදා තිබුණා. කරපු උදවු අමතක කරන්නේ නැහැ. සෞ ඛ්‍ය අමාත්‍යවරයා අපේ ඡන්ද විමසීම පැවැත්වූ දින සෑහෙන සහයෝගයක් ලබාදුන්නා. අපි ලංකාවට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරනවා යනුවෙන් පැවැසීය. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරිය සෑහෙන සහයෝගයක් ලබාදෙනවා. ඇය ඉන්දීය ජාතික කාන්තාවක් වුවත් ලංකාවට තමයි උදවු කරන්නේ. ලංකාවේ ඉන්න නියෝජිතවරියත් උදවු කරනවා යනුවෙන් පැවැසීය. අගමැතිතුමා ඔබට ආදරෙයි රාජිත ජනපතිට කියයිමේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපති දේශපාලන සංවාදයක් ආරම්භ කළේය. එහිදී සෞඛ්‍ය ඇමැති රාජිත ජනාධිපති මෛත්‍රිට මෙසේ ප්‍රකාශ කළේය. “එක්සත් ජාතික පක්ෂය සමඟ විරසක වෙන්න එපා. ඔබතුමා ජනාධිපති පුටුවේ වාඩි කර වීමට ඔවුන් උදවු කළා. දැන් වුණත් ආදරෙයි. අගමැති රනිල් ඔබතුමා විවේචනය කරන්නේ නැහැ. මලික් සමරවික්‍රමද ඔබතුමා සමඟ සහයෝගයෙන් වැඩ කළ යුතු බව කියනවා. පක්ෂ දෙකම එකතු වෙලා රජය ගෙනියන්න ඕන. විශ්වාසභංග යෝජනාවේදී අගමැතිට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ඇමැතිවරුන් නම් ඉවත් කරන්න ඕන යනුවෙන් සෞඛ්‍ය ඇමැති රාජිත කීය. ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රිද කරුණු රැසක් ඉදිරිපත් කළේය.රාජිතයි - චතුරයි එජාපයට බැඳෙතිලෝක සෞඛ්‍ය සමුළුව අවසන් වූ පසු සෞඛ්‍ය ඇමැති කෙළින්ම පැමිණියේ අරලියගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනටය. සෞඛ්‍ය අමාත්‍යවරයා පසුපෙළ අසුනක අසුන්ගත් අතර, අවට සිටි මන්ත්‍රිවරුන් මෙසේ ප්‍රකාශ කළේය. “ඔබතුමාගේ පුතා චතුර හොඳ කතාවක් තමයි කළේ. කරුණු කාරණා රැසක් තිබුණා. ඔබතුමාගේ කතා මොන කතාද අන්න කතාව යැයි සමහරු පැවැසූහ. එහිදී රාජිත අසලට පැමිණි සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ඉදිරි පෙළ අසුනකට යමු. ඔබතුමා වෙනුවෙන් අසුනක් වෙන් කර තිබෙනවා කියාය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපෙළ අසුනක අසුන් ගත්තේය. ඉන් පසු උපදේශක මණ්ඩලයක් පත්කරන ලදී. එවිට මලික් සමරවික්‍රම ප්‍රකාශ කළේ නායකතුමා කියන්න කිව්වා රාජිත පක්ෂ සාමාජිකත්වය ලබා නොගත් නිසා නිලතලවලට දාන්නෙ නැහැ කියලා දැනුම් දෙන්න කිවුවා යැයි පැවැසීය. එවිට නායක රනිල් ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ චතුර සේනාරත්න මන්ත්‍රිවරයා පක්ෂයට බැඳීමට කැමැත්ත පළ කර ඇති බවයි. එවිට ප්‍රතිසංවිධාන කටයුතුවලට සහභාගිව සිටි සියලුම මන්ත්‍රිවරුන් අත්පුඩි ගසා සතුට පළ කරන ලදී. මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ අතරතුර තේ පානය සඳහා රැස්වීම මඳකට නතර කරන ලදී. එම අවස්ථාවේදී රාජිත අසලට පැමිණි අජිත් පී. පෙරේරා පැවැසුවේ ඔබතුමා තමයි කළුතර දිස්ත්‍රික්කයේ නායකයා. මම දෙවැනියා විදියට ඉන්නම්. ඔබතුමා ජේ‍යෂ්ඨයි අපි දෙන්නා එකතු වෙලා දිස්ත්‍රික්කය ගොඩ දාමු යනුවෙන් පැවැසීය. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අපි සියලු දෙනාම එකතු විය යුතුයි. එවිට පක්ෂය ගොඩනඟන්න පුළුවන් කියාය.වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ සභාපති සුජාතාකොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පරිපාලකයන්ගේ සංගමයේ 25 වැනි සංවත්සර උළෙලට පැවැත්විණි. එම සංගමයේ සභාපති ධුරයට ඇමැති රාජිතගේ බිරිය සුජාතා සේනාරත්න මෙවර පත්වී තිබේ. මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කලාපීය අධ්‍යක්ෂවරියද සහභාගි වූහ. ඔවුන් දෙදෙනාට සුජාතා සේනාරත්න මහත්මිය උත්සවයට සහභාගි වන ලෙස ආරාධනා කළේ පෙරවරුවේ පැවැති ලෝක සෞඛ්‍ය දින උත්සවයේදීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවැනි උත්සවයකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙය වන්නේය.අගමැතිට විරුද්ධ වූ ඇමැතිවරුන් ඉවතටපසුගිය සති අන්තයේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ජනාධිපතිවරයා හමුවිය. රාජිත, මලික්, කබීර්, අකිල, මංගල, හකීම් සමඟ අගමැති රනිල් ඊට එක්ව සිටියහ. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අග්‍රාමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කරලා අමාත්‍ය මණ්ඩලයේ ඉන්න බැහැ. ඔවුන් අයින් කරන්න ඕනි. යනුවෙනි. එවිට ජනාධිපතිවරයා කියා සිටියේ මෙම අමාත්‍යවරුන් අයින් කළොත් අනෙක් අමාත්‍යවරුන්ද යයි. එවිට ආණ්ඩුව ගෙනයන්න බැරි වනවා. කියාය. නමුත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අවධාරණය කර සිටියේ මෙම පිරිස ඉවත් කළ යුතු බවයි. මෙහිදී නව පූර්ණ කැබිනට් මණ්ඩලය පත් කිරීම පිළිබඳවද සාකච්ඡා කරන ලදී. එහිදී අගමැතිට විරුද්ධ ඡන්දය ප්‍රකාශ කළ ඇමතිවරුන් ඉවත් කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලය පත් කරන්නේ. ලබන සතියේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට පියවර ගන්නවා යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.ලංකාවේ අගමැතිකම මට දෙන්න හදනවා මම එපා කියනවා මගෙ ඇඟේ ගහනවාවිශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46කින් පරාජය කිරීමෙන් පසු අගමැතිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. එම මාධ්‍ය හමුව අවසන් වීමෙන් පසු අගමැති රනිල් සෞඛ්‍ය ඇමැති රාජිතට කියා සිටියේ මගේ විශ්වාසභංග යෝජනාවේදී එය පරාජය කිරීමට ඔබතුමා විශාල සේවාවක් ඉටු කළා. එයට බොහෝම ස්තුතියි. මම හෙට හම්බවෙනවා. යනුවෙනි. කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාවට පෙර දින තවත් පිරිසක් උත්සාහ කළේ ජනාධිපතිවරයා කැමැති කරවා ගෙන රාජිත අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමටයි. විශ්වාසභංග යෝජනා විවාදයට පෙර දින මධ්‍යම රාත්‍රිය වන තුරු එම උත්සාහය ක්‍රියාත්මක වුවද රාජිත එම සියලු දෙනාටම කීවේ, මට අගමැතිකම එපා. මම භාර ගන්නෙත් නැහැ. මගේ නායකයාගේ බෙල්ල කපලා මම අගමැතිකම භාර ගන්නේ නැහැ. මම අග්‍රාමාත්‍යවරයා බේරාගන්න උපරිම සහයෝගය ලබාදෙනවා. මට අවශ්‍ය මේ රජය ඉදිරියට ගෙනයන්න විතරයි. විශ්වාසභංග යෝජනාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් 11ක් පමණක් අපට සහයෝගයෙන් ඡන්දය ලබාදෙනවා. එම නිසා කිසිදු ප්‍රශ්නයක් නැහැ. විශ්වාසභංගය ජය ගන්නවා. මම තනතුරුවලට පැමිණෙන්නේ ඉදිරිපස ‍ෙදාරටුවෙන් මිස පසුපස ‍ෙදාරටුවෙන් නොවෙයි. යනුවෙන් අවධාරණය කර සිටියේය. කෙසේ වෙතත් යළි මන්ත්‍රිවරුන් සහ අමාත්‍යවරුන් පිරිසක් රාත්‍රි 12 පමණ වන තුරු රාජිත අගමැති තනතුරට කැමැති කර ගැනීමට උත්සාහ කරනු පෙනිණි. පසුදින රාජිත විශ්වාසභංග යෝජනාවේ සිය කතාව සඳහා අවශ්‍ය කරුණු සූදානම් කරමින් සිටියේය. අලුයම 2.00ට පමණ රාජිතගේ බිරිය සුජාතා සේනාරත්නගේ දුරකතනයට ද යළි මැති ඇමැතිවරුන් කතා කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට ඉල්ලා සිටියහ. නමුත් ඇය ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා නිදාගෙන ඉන්නා බවයි. ඒ වන විටත් සෞඛ්‍ය අමාත්‍යවරයා නිදිවර්ජිතව පසුදින සිදු කරන කතාව සකස් කරමින් සිටියේය.අගමැතිකම රිදී බන්දේසියක තියලා රාජිතට දෙන්න හැදුවාලුනොසිතූ විරූ ලෙස ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල නායකයකුගෙන් රාජිතට දුරකතන ඇමැතුමක් ලැබිණි. එහිදී ප්‍රකාශ කෙරුණේ රාජිත ඔයා අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්න. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 54 දෙනාගේ සහයෝගය මම අරගෙන දෙන්නම්, වැඩ කරගෙන යන්නත් සහයෝගය ලබාදෙන්නම්. අපි උදවු කරමු. හැබැයි මේ ගැන කතා කරන්න ඔයයි මමයි තනියම හමු වෙමු. කාටවත් කියන්න එපා යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයා පැවැසීය. එවිට රාජිත පැවැසුවේ මට අගමැතිකම එපා. ඔබතුමාගේ යෝජනාව මම ප්‍රතික්ෂේප කරනවා. මම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුව ආරක්ෂා කරනවා. ඔබත් මමත් අතර තිබෙන මිතුදම ඊට වඩා වටිනවා. ඒ මිත්‍රකම ආරක්ෂා කරගමු කියාය.හවුල් ආණ්ඩුවේ කැබිනට්ටුව ශ්‍රීලනිප ඇමැතිවරු නැතිව රැස්වෙයිජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා උදෑසන පැවැත්විණි. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු සහභාගි වී නොසිටියහ. පළමුව ජනාධිපතිවරයා දුම්රිය වැඩ වර්ජනය පිළිබඳව අදහස් දැක්වීය.

මෙම වැඩවර්ජනය පිටුපස රාජපක්ෂලත් ඉන්න පුළුවන් යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. එවිට ඇමැති රාජිත ප්‍රකාශ කළේ, දුම්රිය වැඩ වර්ජනයට අදාළ ගැටලු මමත් සරත් අමුණුගම ඒකාබද්ධව විස¼දා තිබෙනවා. දුම්රිය සේවාව සංවෘත සේවාවක් කළ යුතුයි. එම විසඳුම් ක්‍රියාත්මක නොකිරීම නිසා සේවකයන් කලබල වෙනවා. අපි විසඳුම් ලබාදුන් පසු සේවකයන් ප්‍රශංසා කළා යනුවෙන් පැවැසීය. ජනාධිපතිවරයා කියා සිටියේ ගුවන් සේවයේද වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කළ බවයි. එම වෘත්තීය සමිති ත්‍රස්තවාදී කල්ලියක් ලෙසයි හැසිරුණේ ජනාධිපතිවරයා චෝදනා කළේය. ඊට පිළිතුරු ලබාදුන් රාජිත ප්‍රකාශ කළේ මෙතැන දේශපාලන පටු අරමුණු ද තිබෙන බවයි. ඉන් පසු පූර්ණ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ විද්‍යානුකූලව විෂයන් බෙදා අවුරුද්දට පෙර පූර්ණ කැබිනට් මණ්ඩලය පත් කළ යුතු බවයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් දැනුවත් කරන්නම්. යන අය යයි. මගේ යටතේ තිබෙන ජාතික ඒකාබද්ධතා කොටසත් මනෝ ගනේෂන් අමාත්‍යවරයාට ලබාදෙන්න කැමැතියි. ජනාධිපතිවරයා කියා සිටියේය. එහෙම කරන්න එපා ජනාධිපතිතුමනි. අපි ජාත්‍යන්තරයට ගිහිල්ලා කියන්නේ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තබා ගනිමින් සංහිඳියාව ගොඩනඟන බවයි. මංගල සමරවීර අමාත්‍යවරයා පැවැසීය. එවිට මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කළේ මගේ අමාත්‍යාංශයේ කොටසුත් අරගෙන රජය ආරක්ෂා කරන්න ජනාධිපතිතුමනි කියලයි. ඉන් පසු චම්පික රණවක අමාත්‍යවරයා පැවැසුවේ ජාතික වැඩපිළිවෙළක් කඩිනමින් දියත් කළ යුතු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 16 දෙනාට යන්න කියන්න. ඉතිරි 25 සමඟ අපි වැඩ කරමු. දේශපාලන අනාගතය ගැන කතා කරන්න. කාටවත් දේශපාලන අනාථයන් වෙන්න බැහැ. ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතුයි. යනුවෙන් චම්පික රණවක සඳහන් කළේය.මේ ආණ්ඩුව එළහරකයි මීහරකයි එකට බැඳලා වගේමහින්ද පසුගිය සතියේ මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගියේ සනත් නිශාන්තගේ සුවදුක් විමසීමටය. මහින්ද සමඟ ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා ද සනත්ගේ සුවදුක් බැලීමට ගියහ. එහිදී ඔවුන් කතාබහ කළේ විශ්වාසභංග යෝජනාවෙන් පසුව උදා වී ඇති වාතාවරණය ගැනය.“ආණ්ඩුව විශ්වාසභංගය දිනුම් කියලා හිතන් හිටියට ඇත්තටම වෙලා තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත” ප්‍රසන්න කතාබහ අරඹමින් පැවැසීය.“මේ විශ්වාසභංග යෝජනාවෙන් පැරදුණේ අපි කියලා පෙන්නන්න හැදුවට ඇත්තටම පැරදිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අපි පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් පැරදුණේ එක පාරයි. හැබැයි මේ පක්ෂ දෙක හත්අට වතාව බැගින් පැරදිලා තියෙන්නේ” ලන්සා කීවේය.“ඒ කතාව නම් ඇත්ත තමයි. පක්ෂ දෙක එකතු වෙලා හදපු ආණ්ඩුව දැන් ගමනේ කෙළවරට ඇවිත් ඉවරයි. මේ ආණ්ඩුව හදනකොටම මම කිව්වා එළ හරකයි මී හරකයි එකට බඳින්න බැහැ කියලා. එදා අපි පෙන්වා දීපු දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අනුගමනය කරන ප්‍රතිපත්ති අහසයි පොළොවයි වගේ හාත්පසින්ම එකිනෙකට වෙනස්. ඉතින් කොහොමද එකට ආණ්ඩුවක් කරගෙන යන්නේ? මහින්ද පැහැදිලි කළේය.“සර් කියපු එක නම් හරියටම හරි. අන්තිමේදී වුණේ බණ්ඩාරනායක මහත්තයා හදපු නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ රට විකුණන ප්‍රතිපත්තිවලට යටකරලා දාලා රටම විනාශ කරපු එක විතරයි. නිදහස් පක්ෂයේ මූලස්ථානය ඩාර්ලි පාරේ තිබුණට ඇත්තටම දැන් ඒක සිරිකොතේ ශාඛාවක් වෙලා ඉවරයි.” ප්‍රසන්න කීවේය.රනිල්ට බයේ ඇඳ යට රිංගුවේ කවුද?“විශ්වාසභංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කරපු නිදහස් පක්ෂ ඇමැතිවරුන් කණ්ඩායම දැන් මොකක්ද දන්නේ නැහැ කරන්න යන්නේ? ඉන්දික ඇසුවේය.“අගමැතිට විරුද්ධව ඡන්දය දුන්නා නම් ඇමැතිකම්වලින් අයින් වෙලා විපක්ෂයට එනවා මිසක් වෙන මොනවා කරන්නද? ඒ අයට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බැහැ” ප්‍රසන්න පැවැසීය.“ඒ අය මට කතා කරලා ඇහුවා මොකද දැන් කරන්නේ කියලා. මමත් කිව්වේ දැන් අපිත් එක්ක එකතු වෙන්න කියලයි. ආණ්ඩුවටත් අගමැතිටත් විරුද්ධ නම් ඉන්න තියෙන එකම තැන අපි ඉන්න තැන විතරයි“ මහින්ද හෙළි කළේය.“මහින්ද අමරවීරයි දුමින්ද දිසානායකයි දැන් කියනවා විශ්වාසභංගයට ඡන්දෙ  නොදුන්නේ පරදින බව දන්න නිසයි කියලා. පරදින්න හරි දිනනන් හරි සටන් කරන එකයි වැදගත්. එහෙම නැතිව රනිල්ට බයේ ඇඳන් යට රිංගන් හිටියට වැඩක් වෙන්නේ නැහැ” ප්‍රසන්න පැවැසීය.“විශ්වාසභංගය දා පාර්ලිමේන්තු ආවේ නැතිව හැංගුණු නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් බැලුවේ අගමැතිව තරහා කරගන්නේ නැතිව ඇමැතිකම් ටික පරිස්සම් කරගන්නයි. ඒ අයට රනිල් නෙමේ මොකා හිටියත් කමක් නැහැ ඇමැතිකම තියෙනවා නම්” ලන්සා කීවේය.“ඒක තමයි එයාලා කරගත්ත ලොකුම මෝඩකම. දැන් නිදහස් පක්ෂයේ ඉතුරු වෙලා ඉන්න පාක්ෂිකයොත් කල්පනා කරනවා ඇති මේ මොක්කුන්ටද අපි ඡන්දේ දීලා තියෙන්නේ කියලා. තමන්ගේ කැමැත්ත අකැමැත්ත කෙළින් කියා ගන්න බැරි මේ වගේ ඇමැතියෝ මොකටද කියලා එයාලා හිතනවා ඇති. එයාලට ආයෙත් පාර්ලිමේන්තු නම් එන්න වෙන්නේ නැහැ. එයාලගේ දේශපාලන ගමන මෙතැනින් ඉවරයි“ ප්‍රසන්න පැවැසීය.හොර බදු මංගල්ලෙට හොර කොට්ටෝරුවෝ“අපේ ගම්වල මිනිස්සු බලාගෙන ඉන්නේ ආණ්ඩුවේ ඇමැතියෝ ටික ගමට එනකම් තමයි. බදු ගහලා ගහලා අලුත් අවුරුද්දට කිරිබතක් වත් උයා ගන්න විදියක් නැහැ කියලා මිනිස්සු බනිනවා” රණවීර කීවේය. “මේ පාර අවුරුද්දට තියෙන්නේ එරබදු නෙවේ මංගලගේ හොර බදු අවුරුද්දට අඬන්නේ කොහා නෙවේ මංගල කියන හොර කොට්ටෝරුවා” ප්‍රසන්න කීවේ සැවොම සිනාගන්වමිනි. සනත් නිශාන්තගේ සුවදුක් විමසීමෙන් පසුව මහින්ද තංගල්ල බලා පිටත්ව ගියේය. ජනාධිපති ධුරය දරන සමයේ පටන්ම මහින්ද සිරිතක් වශයෙන් සිංහල අලුත් අවුරුදු සමය ගතකරන්නේ තංගල්ල කාල්ටන් නිවෙසේය. සිය ඥාති හිතමිත්‍රාදීන් සමඟ සිංහල අලුත් අවුරුද්ද සැමරීමට මහින්ද ප්‍රිය කරයි.මොන අවුරුදුද සර්?ඒ අනුව මහින්ද පැමිණි ආරංචිය ලැබුණු වහාම බොහෝ දෙනා කාල්ටන් නිවසට පැමිණ මහින්ද මුණගැසුණාහ. සියලු දෙනා මහින්දට පැමිණිලි කළේ ජීවන වියදම අහස උසට නැඟ ඇති බැවින් අවුරුදු කන්නට විදියක් නැතැයි කියාය. තව ටිකක් ඉවසන් ඉන්නකෝ කියමින් මහින්ද ඔවුන් සැනසුවේය.මහින්ද ඇතුළු පිරිස එදින සවස් කාලය ගත කිරීම සඳහා තංගල්ල මුහුදු වෙරළට ගියෝය. යෝජනාව ගෙනාවේ රෝහිතය.

නාමල් මහින්දට ද ආරාධනා කළේය. ඒ වන විට ජීවන් මෙන්ඩිස් සහ තරංග පරණවිතාන යන නාමල්ගේ මිත්‍රයන්ද පැමිණ සිටි බැවින් ඔවුන්ද ගමනට එකතු විය.රිය පැදවූයේ නාමල්ය. මුහුදු වෙරළේ සැහැල්ලුවෙන් ගත කළ මහින්ද ඇතුළු පිරිසට ගම්වැසියන්ගේ දුක්ගැනවිලිවලට ද කන්දෙන්නට සිදුවිය. මහින්ද සියලුදෙනාගෙන් ඇසුවේ “කොහොමද අවුරුදු?” කියාය. හැමෝම කිව්වේ “මොන අවුරුදුද සර්? සර් හිටපු කාල් නම් කාලා ඇඳලා හිටියා දැන් ඒකත් නැහැ” කියාය. පසුව නාමල්ලා ඇතුළු පිරිස දෙපිරිසකට බෙදී වොලිබෝල් ක්‍රීඩා කළ අතර මහින්දද මඳවේලාවක්  ක්‍රීඩා කළේය.ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තීරණ එවෙලේම මහින්දටඑදින  රාත්‍රියේ මහින්දට ඇමැතිවරයකුගෙන් ඇමතුමක් ආවේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙමින් තිබෙන අතුරතුරය. මධ්‍යම කාරක සභාවේ සිදු වූ සියල්ල ඔහු මහින්දට හෙළි කළේය. මෛත්‍රිපාල නොමැතිව වෙනත් අයකු ඉදිරිපත් කළද ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නට තිබුණා යැයි චන්ද්‍රිකා පැවසූ බවද ඇමැතිවරයා මහින්දට කීවේය.“මේ වැඩේ හරිය්නේ නැහැ සර්. මෙයාලා හදන්නේ අපිව ආයෙත් වතාවක් රවට්ටන්න. අපි තවත් රැවටෙන්න කැමැති නැහැ. ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී අපි අනිවාර්යයෙන්ම විපක්ෂයේ වාඩි වෙනවා” ඇමැතිවරයා මහින්දට කීවේය.“ඔව් ඔයාලා තීන්දුවක් ගන්න. අපිත් එක්ක ඇවිත් විපක්ෂයේ වාඩි වෙන්න. අපි එකතු වෙලා මේ ආණ්ඩුව ගෙදර යවමු” මහින්ද පැවැසීය.නාමල්ට තිස් දෙකක් වෙලත් කිසි උනන්දුවක් නැතිලුනාමල්ගේ 32 වැනි ජන්ම දිනය පසුගිය සතියේ යෙදී තිබිණි. එදින උදෑසන නාමල්ට සෙත් පතා පිරිත් දේශනාවක් පැවැත්වුණු අතර පසුව නාමල් උපන් දින කේක් ගෙඩියක් කැපුවේය. මුලින්ම මහින්දටත් ශිරන්තිටත් කේක් කැව්ව නාමල් අනතුරුව කේක් කැව්වේ සිය කාර්ය මණ්ඩලයේ තරුණයන් දෙදෙනකුටය.“මෙයාලා තමයි අපිට බලය නැතුව ගිය දවසේ ඉඳලා අපිව බලාගත්තේ. එයාලාට කවලා ඉන්න ඕනේ ඉස්සරින්ම” නාමල් පැවැසීය. “ඒක නෙමේනේ තාත්තේ මට මාර වැඩක්නේ වෙලා තියෙන්නෙ. කවුද කෙනෙක් මගේ පෞද්ගලික ලේකම් කිය කියා යනවනේ” නාමල් කීවේය.“ඕක නම් මොකක්ද මට වෙච්ච වැඩෙත් එක්ක බලනකොට? මම මුලින්ම මන්ත්‍රිකමට තේරුණාම මට මරු වැඩක් වුණානේ. මම මන්ත්‍රි වුණාම කාල්ටන් එකට මිනිස්සු එනවා මාව මුණගැහෙන්න. එක දවසක් මාව මුණගැහෙන්න ආපු එක මනුස්සයෙක් කියනවා.මට මහින්ද රාජපක්ෂ මුණගැහෙන්න ඕනේ කියලා. මම කිව්වා මම තමයි මහින්ද රාජපක්ෂ කියලා. මිනිහා කියනවා බොරු කියන්න එපා ගිය සතියේ මට හම්බ වුණේ වෙන කෙනෙක්නේ කියලා. බැලින්නම් මගේ ඔෆිස් එකේ කෙනෙක් මහින්ද රාජපක්ෂ විදියට පෙනී ඉඳලා. බොහොම අමාරුවෙන් තමයි මම අර මනුස්සයට මම මහින්ද රාජපක්ෂ කියලා තේරුම් කළේ” මහින්ද කීවේය.“දැන් මේ අවුරුද්දේවත් නාමල් මන්ත්‍රිතුමා පිළිවෙළක් වෙනවද? ඩී.වී. ඇසුවේය.“ඒක තමයි දැන් 32ටත් ලැබුවා. මොනවා හරි කළොත් හොඳයි“ ජොන්ස්ටන්ද කීවේය.“මේ  මේ මාව අමාරුවේ දාන්නේ නැතුව ඉඳපල්ලා” නාමල් පැවැසුවේ සිනාසෙමිනි.“අපිත් මේ බලන් ඉන්නවා මොනවා හරි දෙයක් කරගනියි කියලා. කෝ මේ යෝධයාගේ නැහැනේ කිසිම උනන්දුවක්” මහින්ද කීවේය.නාමල්ගේ උපන් දිනයසාම්ප්‍රදායික උපන් දින සැමරීමකට වඩා ආගමික කටයුත්තකට මුල් තැන දෙමින් සිය උපන් දිනය සමරන්නට නාමල් තීරණය කර තිබේ. මුල්කිරිගල රජමහා විහාරයේ චෛත්‍යරාජයාණන් ඇතුළුව ගොඩනැඟිලිවල තීන්ත ආලේප කර අලුත්වැඩියාවක් කරන්නට නාමල් රාජපක්ෂ මහතා සූදානම්ව සිටියේය. ඒ අනුව සිය හිතවතුන්ද සමඟින් එහි ගිය නාමල් මන්ත්‍රිවරුන් එදින උදෑසන සිටම එම කටයුත්තේ නිරත විය. එහි විශේෂත්වයක් වූයේ පසුගිය රාජ්‍ය සමයේ උතුරු පළාත නියෝජනය කරමින් මුලින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරයකුව සිට පසුව ශ්‍රීලනිපයට එක්වූ එස්.එම්. ජයසේන මහතාගේ පුත්‍රයාද ඊට එක්ව සිටයේය. ඔහු සමඟ උතුරේ දෙමළ තරුණයන් කිහිපදෙනකුද මුල්කිරිගල රජමහා විහාරයේ පිළිසකර කටයුතු සඳහා එක්ව සිටීම විශේෂත්වයක් විය.මහින්ද වහාම මහින්දානන්දට ඇමතුමක් ගෙන විස්තර ඇසුවේය. මහින්දානන්ද මහින්දට කීවේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම නිසා මෙම අත්අඩංගුවට ගැනීම කරන්නට සැලසුම් කර ඇති බවය. අනතුරුව නාමල්ද මහින්දානන්දට කතා කළේය. පසුව මන්ත්‍රිවරුන්ට ඇමතුම් ගත් නාමල් පසුදින මහින්දානන්ද උසාවි ගෙන යන අවස්ථාවට එක්වන ලෙස ඉල්ලා සිටියේය.වැරදි හදාගත්තොත් දේශපාලන ආයු කාලය දික්වන බව සජිත් කියයිසජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ 52 වැනි සහ 53 වැනි උදා ගම්මාන ලෙස “සැළමුතුගම” සහ “ජයනදගම” පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. යාපහුව මැතිවරණ කොට්ඨාසයේ මහව, කුඹුක්වැව පැවැති මෙම උත්සවයට එජාපයේ අචිනි ලොකුබණ්ඩාර මන්ත්‍රිවරිය, ශ්‍රීලනිපයේ ටී.බී. ඒකනායක ඇමැතිවරයා මෙන්ම විශේෂ ආරාධිතයකු වූ එස්.බී නාවින්න ඇමැතිවරයාද එහි පැමිණ සිටියහ. “පොඩි මිනිහ ගැන හිතන්නෙ බලන්නෙ නැතිව - පොහොර සහනාධාරය, පාසල් ළමයින්ගේ දිවා ආහාරය, නිල ඇඳුම අමතක කරලා අපට ගමනක් යන්න බෑ” සජිත් කියද්දී නාවින්න ඇමැතිවරයා කීවේ “මිනිස්සුන්ට බලපාන මේ ප්‍රශ්නවලට වහාම විසඳුම් හොයන්න ඕනෑ. ජීවන වියදම අඩු කරන්න ඕනෑ මිනිස්සුන්ට වදයක් නොවන විදියට පාස් නිල ඇඳුම් බෙදා දෙන්න ඕනෑ” කියාය. “පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ආණ්ඩුවට හොඳ පාඩමක් ඉගැන්නුවා. අපි ඒකත් හොඳින් හිතේ ධාරණය කරගෙන තව මාස 18කින් එළැඹෙන මහ මැතිවරණයට සූදානම් වෙන්න ඕනෑ. මේ අවුරුද්දේ පළාත් සභා 6ක ඡන්දේ තියෙනවා. වැරදි හදාගෙන ජනතාව ඉල්ලන දේ දෙන්න වැඩ කළොත් දේශපාලන ආයු කාලය දික් වෙයි. නැත්නම් කෙටි වෙයි“ සජිත් කීවේය. අනතුරුව පැවතුණේ කොටවෙහෙර, පහළ කැලේගමදී “යොවුන් සෙත්ගම” යොවුන් ගම්මානයට මුල්ගල් තැබීමයි. සජිත් කීවේ, “ඉන්දික බණ්ඩාරනායක මගේ නියෝජ්‍ය ඇමැතිතුමාගේ කොට්ඨාසයේ පැවැත්වෙන මේ උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ටී. එම්. හේරත් බණ්ඩා තෙන්නකෝන් මැතිතුමාත් සහභාගි වීම ආදර්ශයක්. මෙහෙම එකුමුතුකමින් එකට ගමනක් යන්න තමයි ජනතාව ජන වරමක් දුන්නේ” කියාය.කෝකිලායි සම්බෝධි විහාරයේ ඉඩම දෙමළ වැසියකුගේ පරිත්‍යාගයක්උතුරු පළාතේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් පිරිසක් 10දා මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ගම්මාන හා බෞද්ධ සිද්ධස්ථාන වෙත සංචාරයක නිරතව තිබේ. මුලතිව් කෝකිලායි පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉඩම් පරීක්ෂාවකින් අනතුරුව වැලිඔය ජනකපුර ප්‍රදේශයේ ඉඩම් පරීක්ෂාවක හා ඉන් අනතුරුව කෝකිලායි සම්බෝධි විහාරයටද මෙම පිරිස පැමිණ තිබේ. එහිදී උතුරු පළාත් සභා මන්ත්‍රිවරුන් පිරිස පන්සල් ඉඩම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇති බවයි වාර්තා වෙන්නේ.මෙම සංචාරයට උතුරු පළාත් සභාවේ සභාපති සී.ටී.කේ. සිවඥානම්, එම්.කේ. ශිවාජිලිංගම්, පී. සත්‍යලිංගම්, ටී.රවිකරන්, ජී.ටී. ලිංගනාදන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙන බව පැවැසේ.එහිදී කෝකිලායි සම්බෝධි විහාරාධිපති පූජ්‍ය ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් හමුවී සම්බෝධි විහාරයේ ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව විමසා ඇති අතර මන්ත්‍රිවරුන් පිරිස කියා ඇත්තේ එම ඉඩම අයිති පුද්ගලයා දෙමළ වැසියකු යන්නයි.එහිදී ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් මන්ත්‍රිවරුන්ට පවසා ඇත්තේ තමන්ට මෙම ඉඩම නීත්‍යනුකූලව මැරටික න්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලැබුණු බවත් ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳ මීට පෙර මුලතිව් අධිකරණයේ නඩුවක් ගොනු කොට තිබුණේ පසුකාලීනව එම නඩුව ඉල්ලා අස් කරගෙන ඇති බවයි. පන්සල හරහා දෛනිකව සිංහල සහ දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරමින් සිටින බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

උදේනි සමන් කුමාරඉතිහාසය විසින් වරක සිදුවූ දෙයක් යළිත් ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය නොකරන අතර යම් හෙයකින් එවැන්නක් සිදුවුවහොත් එය නිසැක ලෙසම විගඩමක ස්වරූපය ගනු ඇතැයි කියමනක් තිබේ. ලංකාවේ දේශපාලනයද මේ වනවිට එය සනාථ කරමින් පවතී. පළාත් මැතිවරණය සමඟ උණුසුම් වූ දේශපාලනය විටෙක සිසිල් වෙමින්ද නැවතත් ගිනි ඇවිළෙමින්ද අවුල් ජාලයක් බවට පත්වෙමින් තිබේ.

ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය කණ්ඩායම් තුනකට කැඩී ඇති අතර ඉන් බහුතරය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි. විශ්වාසභංගයේදී ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළැකී සිටි කණ්ඩායම තවදුරටත් ආණ්ඩුව සමඟ සිටිමින් දැනට දරන තනතුරු ඉදිරියටත් දැරිය යුතුය යන මතයේ සිටිති. අනෙක් කණ්ඩායම බදාදා රාත්‍රියේ ආණ්ඩුවෙන් ඉවත් වූ අතර ඔවුන් අයත් වන්නේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රිවරු පිරිසටය. මේ පිරිස එන 19දා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවද කියති.

මෙහි ඇති උත්ප්‍රාසජනක ස්වරූපය වන්නේ මේ සියල්ලෝම බරපතළ විවේචන, ප්‍රහාර එල්ල කරමින් නමුත් දිගටම ජනාධිපති මෛත්‍රිගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රීලනිපයේ තනතුරු හා සාමාජිකත්වය දැරීමය. පවතින පැටලිලිසහගත දේශපාලන තත්ත්වයේ අවසානය පෙනෙන තෙක් මානයක නැත.

විශ්වාසභංග මල්ටිබැරල් බෝම්බය
මේ වන විට විශ්වාසභංග යෝජනාව මල්ටි බැරල් බෝම්බයක් බවට පත්වෙමින් පුපුරන්නට පටන්ගෙන තිබේ. එහි ප්‍රතිඵල ලෙස සෑම දේශපාලන පක්ෂයකම අභ්‍යන්තර පුපුරායෑම් වැලක් එක දිගටම තවමත් සිදුවෙමින් තිබේ. විශ්වාසභංග බෝම්බයේ කම්පනය ජවිපෙට දැනී නැති අතර ඔවුහු සයුරේ කුණාටුව මැද නියමුවා නෞකාව ඉදිරියට ගෙනයන නව උපායමාර්ග සැලසුම් කරමින් සිටිති.

බරපතළම අර්බුදයට මුහුණ දී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එහි ප්‍රතිඵලය වූයේ ආණ්ඩුවෙන් 16 දෙනකුගේ කුට්ටියක් ගෙඩිය පිටින්ම ගැලවී යෑමය. අගමැතිට විරුද්ධ වූ ශ්‍රීලනිප ඇමැතිවරු තමන් ධුරවලින් ඉවත් වීමට තීරණය කළ බව ජනපතිට දැනුම් දුන්නේ විශ්වාසභංගය පරාජය වූ 4 වැනිදා රාත්‍රියේමය. ඔවුන් එම තීරණය ගෙන තිබුණේ ඇමැති එස්.බී.ගේ නිවෙසේ පැවැත්වූ හදිසි සාකච්ඡාවකින් පසුවය. එහෙත් ජනපති මෛත්‍රි ඔවුන්ගේ ඉල්ලා අස්වීම එකවර පිළිගත්තේ නැත. ජනපතිට අවශ්‍යව තිබුණේ ජලයේ කැලඹීම නිසල වූ පසු නැවත සියලු කටයුතු යථා පරිදි ඉදිරියට ගෙන යෑමටය.

රංජිත-වසන්ත-රංගේ ඇමතිකම් ඉල්ලති

එහෙත් දින ගෙවී ගියද එජාපය පැත්තෙන් අනුකූලතාවක් ලැබුණේ නැත. අගමැති එපා නම් ඔහු සමඟ වැඩ කරන්නේ කෙලෙසදැයි එජාපයේ පහළ මට්ටමින් මතුවූ පීඩනය ඉහළ ගියා මිස අඩුවූයේ නැත. කොරේ පිටට මරේ කීවාක් මෙන් එජාපයේ රංජිත් අලුවිහාරේ, වසන්ත සේනානායක හා රංගෙ බණ්ඩාරද තමන්ටද ඇමැති තනතුරු අවශ්‍ය යැයි ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

ඇමැතිවරු කැබිනට් මණ්ඩලය වර්ජනය කිරීම පිළිබඳ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථමයෙන්ම වාර්තා වූයේ 1956දීය. අගමැති බණ්ඩාරනායකගේ කැබිනට් මණ්ඩලයේ සී.පී. ද සිල්වා, ස්ටැන්ලි ද සොයිසා, විමලා විජයවර්ධන ඇතුළු පිරිසක් එදා කැබිනට මණ්ඩලය වර්ජනය කළහ. සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන සමයේ පිලිප් ගුණවර්ධන කුඹුරු පනත ගෙනා විටද ඇමැතිවරු කිහිපදෙනකු කැබිනට් මණ්ඩලය වර්ජනය කළහ.

ඇමැතිකම් බෙදා ගැනීම අවුලක්
සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය කිරීමේදී ප්‍රධාන පක්ෂ දෙක අතර ඇමැති ධුර බෙදා ගැනීම නිශ්චිත ක්‍රමවේදයක් තීරණය කර තිබිණි. ඒ අනුව ඇමැති ධුර 45ක් දෙපාර්ශවය අතර බෙදාගෙන තිබූ අතර 16 කණ්ඩායම පිටතට යෑම නිසා පුරප්පාඩු වූයේ ඇමැති ධුර හයකි. ඒවා පවතින සම්මතයට අනුව අයත් වන්නේ ශ්‍රීලනිපයටයි. එබැවින් එජාපයේ ප්‍රශ්නයට එයින් විසඳුමක් නොලැබේ.

රනිල්-ෆවුසි සාකච්ඡා බිඳ වැටේ

මේ අතර 16 කණ්ඩායම යම් සමථයකට නම්මවා ගැනීමට ජනපති උත්සාහයක නිරතව සිටියේය. බදාදා ශ්‍රීලනිප ජේ‍යෂ්ඨයකු වූ ඒ.එච්.එම්. ෆවුසි උපදේශකයකු වශයෙන් පත් කරගත් හෙතෙම 16 දෙනාගේ කණ්ඩායමට එරෙහිව ඇති විරෝධය සමහන් කරන අටියෙන් අගමැති රනිල් වෙත යැවීය. එහෙත් රනිල්-ෆවුසි සාක්ච්ඡා ඵලදායි නොවීය.

අගමැති ප්‍රකාශ කළේ මේ පිළිබඳ තමන්ට තනි තීරණයක් ගත නොහැකි බවය. කෙසේ වුවද පැලැස්තර සියල්ල ගැලවුණු අතර බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ ජනපති ඇමැතිවරුන්ගේ අස්වීම පිළිගත්තේය.

පොහොට්ටුව අපේ 'ලේ' නෑයෝ එස්.බී. කියයි

සිකුරාදා මාධ්‍ය හමුවක් පැවැත්වූ 16 කණ්ඩායම ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩු පරීක්ෂණය අසමත් වූ බව පිළිගැනීමට සිදුවන බවය. ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීම බවද ප්‍රකාශ කෙරිණි. පොහොට්ටුව සමඟ එක් වෙනවාද නැද්ද යන්න ප්‍රශ්නයක් ලෙස මතු නොවූ බව ප්‍රකාශ කරමින් එස්. බී. දිසානායක පවසා තිබුණේ පොහොට්ටුවේ ඉන්නේ අපේ ලේ නෑයින් නිසා අපට එක්වීමට බාධාවක් නැත කියාය.

මහින්ද වැඩ අල්ලන්න පොළොන්නරු යයි
මහින්ද අවුරුදු නිවාඩුව ගත කරන්නේ තංගල්ලේය. ඔහු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමද එහිම සිදු කරනු ඇත.ජාතික ආණ්ඩුවේ සිදුවන කලබැගෑනි පැය 24 පුරාම ඔහුට වාර්තා වේ. ගම්වැසියන් සමඟ අවුරුදු පී්‍රතිය භුක්ති විඳින මහින්ද හිසතෙල් ගාන්නට පෙරදින ජනාධිපති මෛත්‍රිගේ වැයික්කියට යෑමට නියමිතය.

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයත් උණුසුම් වෙයි

විශ්වාසභංගය පැරැදවීමෙන් පසු එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පළමුවරට රැස්වූයේ පසුගිය සෙනසුරාදාය. ඒ සිරිකොතේදීය. මෙහිදී වැඩිදුරටත් කතාබහට ලක්වූයේ එජාපයේ සිදුකළ යුතු නව ප්‍රතිසංස්කරණ පිළිබඳවය.
මූලිකවම පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් නොකර අනෙකුත් තනතුරුවල පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතු බවට තීරණය කෙරිණි.

ප්‍රතිසංවිධානය ගැන සොයා බලන්නට පත් කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාවට අනුව සඳහන්ව තිබුණේ නායකගෙන් පසු තිබෙන්නේ එක් නියෝජ්‍ය නායක තනතුරක් බවය. නමුත් මෙහිදී රවි කරුණානායක මන්ත්‍රිවරයා නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇති කළ යුතු බවට වෙනම යෝජනාවක් ගෙනැවිත් තිබිණි.
රවිගේ යෝජනාව කරළියට පිවිසීමත් සමඟම සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා නැඟී සිටියේය.

"අලුතෙන් ඔය විදියට වෙනස්කම් කරන්න හදනවා නම් මම ඔය කිසිම තනතුරක් භාර ගන්න සූදානම් නෑ. මම ඉල්ලා අස් වෙනවා."
මේ අතරේ සරත් ෆොන්සේකාද නිකම් සිටියේ නැත.

"නියෝජ්‍ය නායක තනතුරු දෙකක් තිබුණාම මොකද වෙන්නේ."

මේ ගැටලුව අර්බුදයක් බවට පත්වන ලකුණු පහළ වෙද්දී හර්ෂණ රාජකරුණා මන්ත්‍රිවරයා නැඟිට්ටේය.

"අපට මේ වෙනකොට තියෙන ප්‍රශ්න මදිවාට අලුතෙන් තවත් ප්‍රශ්න ඇති කරගන්න හොඳ නෑ. ඒ නිසා මේ ගැටලුව මෙතැනදීම විස¼දා ගනිමු
ඊළඟට නැඟිට්ටේ රවිද්‍ර සමරවීර ඇමැතිවරයාය. ඔහු කීවේද හර්ෂණ කී දේමය. ඒ සමඟම හේෂා විතානගේ මන්ත්‍රිවරයා නැඟී සිටියේය.

"මේ වෙනකොටත් ඔය කතාව ප්‍රවෘත්තිවලටත් ගිහින් තියෙනවා. අපි මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න යන්නේ. මේක දැන්මම විස¼දාගෙන ඉවර කරමු."
මේ ආකාරයේ යෝජනා ඉදිරිපත් වෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හඬ අවදි කළේය.

"මේ වෙනකොට ඔය ඔක්කොම තනතුරු ගැන ප්‍රශ්න තියෙනවා. තවමත් ඒවා ගැන යෝජනා ඉදිරිපත් වුණා විතරයි. අපේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව නියෝජ්‍ය නායක එක තනතුරක් විතරයි තියෙන්නේ. ගයන්ත රවි ගැන මාධ්‍යයට කියනකොට මේ විදියට කියන්න."

අගමැතිවරයා ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාට උපදෙසක්ද දුන්නේය.

එජාප මහ ලේකම් කමට ඉම්තියාස් ?

ඊළඟට කතාබහ යොමුවූයේ මහ ලේකම් තනතුර පිළිබඳවය. ඒ සමඟම ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයා නැඟී සිටියේය. ඒ තනතුරට හොඳම කෙනා ඉමිතියාස් බාකීර් මාකාර්. මහ ලේකම්කමට සුදුසු හැමෝම එක්ක සුහදව වැඩ කරන්න පුළුවන් ඒ වගේ කෙනෙක්. ඒ සමඟම සභාවේ අසුන්ගෙන සිටි 75%ක් පමණ නැඟී සිටිමින් ඉමිතියාස් තමයි ඒ තනතුරට සුදුසුම කෙනා යැයි එක හ¾ඩින්ම කියා සිටියහ.

"ඒ ගැන අපි බලමු" යැයි කී අගමැතිවරයා ඊළඟට මෙසේ කීවේය."මේ විදියට ඉදිරිපත් වෙන යෝජනා ගැන සාකච්ඡා කරල ඉහළට නිර්දේශ කරන්න අපි සාමාජිකයෝ 10 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරගන්න ඕනෑ. එතකොට මේ වැඩේ ක්‍රමානුකූලව පහසුවෙන් කරන්න පුළුවන්. ඒ කමිටුව පත් කර ගත යුත්තේ මෙතැන ඉන්න අයගේ රහස් ඡන්දයෙන්"

ඊළඟට රහස් ඡන්දයෙන් කමිටුව පත් කරගැනීමේ කටයුතු ඇරඹුණේ පක්ෂයේ නීතිඥවරුන් කිහිපදෙනකුගේද මෙහෙයවීම ඇතිවය.

ඒ අනුව කමිටුවට රංජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, නවීන් දිසානායක, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, අජිත් පී. පෙරේරා, රුවන් විජයවර්ධන, ඉරාන් වික්‍රමරත්න, අශෝක ප්‍රියන්ත, හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර හා ජේ.සී. අලවතුවල යන මැති ඇමැතිවරු තෝරා පත් කර ගැනිණි. නමුත් දහදෙනකුගේ කමිටුව 12ක් දක්වා වැඩි කරන්නට සිදුවූයේ තිදෙනෙක්ම සමාන ඡන්ද ලබා ගැනීම හේතුකොටගෙනය. මේ අතර එතැන සිටි සමහර කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මේ අතර මෙම රැස්වීම සඳහා විශේෂ ආරාධිතයන් ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයාත්, ඔහුගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රිවරයාත් එක්ව සිටියහ. ඒ පිළිබඳ අගමැතිවරයා මෙසේ සඳහන් කළේය.

"රාජිතටත්, චතුරටත් අපි මේ රැස්වීමට සහභාගි වෙන්න කියලා ආරාධනා කළේ ඒ දෙන්නාම අපේ පක්ෂයත් එක්ක එකතුවෙලා වැඩ කරන්න ලෑස්ති නිසයි. ඒ වගේම විශ්වාසභංගය වෙලාවේ රාජිත අපි වෙනුවෙන් ලොකු වැඩකොටසක් ඉටු කළා. අපි ඒකටත් රාජිතට සලකන්න ඕනෑ" යැයි අගමැතිවරයා සිනාමුසුව කියද්දී රාජිත සේනාරත්න ඇමැතිවරයාද මහ හ¾ඩින් සිනාසුණේය.

එජාපයේ නිලධාරි මණ්ඩලයේ ධුර කාලය අප්‍රේල් මස 3 වැනිදා අවසන් වන බැවින් ඊට පෙර සියලු ප්‍රතිසංවිධාන කටයුතු සිදුකර නිමවිය යුතු බවට එහිදී තීරණය විණි.

ජනපතිගේ රාත්‍රි භෝජන සංග්‍රහය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සංවත්සරය මෙවර පවත්වනු ලැබූයේ ශ්‍රී ලංකාවේදීය. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කලාපීය අධ්‍යක්ෂවරිය ඇතුළු නිලධාරීන් රැසක් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔවුන් සඳහා රාත්‍රි භෝජන සංග්‍රහයක් ජනාධිපතිවරයා විසින් උත්සවයට පෙර දින රාත්‍රියේ සූදානම් කොට තිබිණි. ජනාධිපති මන්දිරයේ පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගි වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්ද සමඟනි.

බටර් කලර් (ළා කහ පාටට හුරු) ඇඳුමකින් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සැරසී සිටිනු දක්නට ලැබිණි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඩොක්ටයි මායි එකම පාට ඇඳුම් ඇඳගෙන ඉන්නේ. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කියා සිටියේ කොහොමද අපි දෙන්නා එකම පාට වගේම එකටම වැඩ කරන්නේ යනුවෙන් පැවැසීය.

ඉන් පසු රාත්‍රි භෝජන සංග්‍රහය ආරම්භ වූ අතර එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේ මම අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ඉදිරිපත් වන විට ශ්‍රී ලංකාවෙන් හොඳ සහයෝගයක් ලැබුණ කියාය. ජනාධිපතිවරයා හමුවී මම ගත්ත පින්තූරය මැතිවරණ පත්‍රිකාවෙත් යොදා තිබුණා. කරපු උදවු අමතක කරන්නේ නැහැ. සෞ ඛ්‍ය අමාත්‍යවරයා අපේ ඡන්ද විමසීම පැවැත්වූ දින සෑහෙන සහයෝගයක් ලබාදුන්නා. අපි ලංකාවට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරනවා යනුවෙන් පැවැසීය. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරිය සෑහෙන සහයෝගයක් ලබාදෙනවා. ඇය ඉන්දීය ජාතික කාන්තාවක් වුවත් ලංකාවට තමයි උදවු කරන්නේ. ලංකාවේ ඉන්න නියෝජිතවරියත් උදවු කරනවා යනුවෙන් පැවැසීය.

අගමැතිතුමා ඔබට ආදරෙයි රාජිත ජනපතිට කියයි

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපති දේශපාලන සංවාදයක් ආරම්භ කළේය. එහිදී සෞඛ්‍ය ඇමැති රාජිත ජනාධිපති මෛත්‍රිට මෙසේ ප්‍රකාශ කළේය. "එක්සත් ජාතික පක්ෂය සමඟ විරසක වෙන්න එපා. ඔබතුමා ජනාධිපති පුටුවේ වාඩි කර වීමට ඔවුන් උදවු කළා. දැන් වුණත් ආදරෙයි. අගමැති රනිල් ඔබතුමා විවේචනය කරන්නේ නැහැ. මලික් සමරවික්‍රමද ඔබතුමා සමඟ සහයෝගයෙන් වැඩ කළ යුතු බව කියනවා. පක්ෂ දෙකම එකතු වෙලා රජය ගෙනියන්න ඕන. විශ්වාසභංග යෝජනාවේදී අගමැතිට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ඇමැතිවරුන් නම් ඉවත් කරන්න ඕන යනුවෙන් සෞඛ්‍ය ඇමැති රාජිත කීය. ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රිද කරුණු රැසක් ඉදිරිපත් කළේය.

රාජිතයි - චතුරයි එජාපයට බැඳෙති

ලෝක සෞඛ්‍ය සමුළුව අවසන් වූ පසු සෞඛ්‍ය ඇමැති කෙළින්ම පැමිණියේ අරලියගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනටය. සෞඛ්‍ය අමාත්‍යවරයා පසුපෙළ අසුනක අසුන්ගත් අතර, අවට සිටි මන්ත්‍රිවරුන් මෙසේ ප්‍රකාශ කළේය. "ඔබතුමාගේ පුතා චතුර හොඳ කතාවක් තමයි කළේ. කරුණු කාරණා රැසක් තිබුණා. ඔබතුමාගේ කතා මොන කතාද අන්න කතාව යැයි සමහරු පැවැසූහ. එහිදී රාජිත අසලට පැමිණි සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ඉදිරි පෙළ අසුනකට යමු. ඔබතුමා වෙනුවෙන් අසුනක් වෙන් කර තිබෙනවා කියාය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපෙළ අසුනක අසුන් ගත්තේය. ඉන් පසු උපදේශක මණ්ඩලයක් පත්කරන ලදී.

එවිට මලික් සමරවික්‍රම ප්‍රකාශ කළේ නායකතුමා කියන්න කිව්වා රාජිත පක්ෂ සාමාජිකත්වය ලබා නොගත් නිසා නිලතලවලට දාන්නෙ නැහැ කියලා දැනුම් දෙන්න කිවුවා යැයි පැවැසීය. එවිට නායක රනිල් ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ චතුර සේනාරත්න මන්ත්‍රිවරයා පක්ෂයට බැඳීමට කැමැත්ත පළ කර ඇති බවයි. එවිට ප්‍රතිසංවිධාන කටයුතුවලට සහභාගිව සිටි සියලුම මන්ත්‍රිවරුන් අත්පුඩි ගසා සතුට පළ කරන ලදී. මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ අතරතුර තේ පානය සඳහා රැස්වීම මඳකට නතර කරන ලදී. එම අවස්ථාවේදී රාජිත අසලට පැමිණි අජිත් පී. පෙරේරා පැවැසුවේ ඔබතුමා තමයි කළුතර දිස්ත්‍රික්කයේ නායකයා. මම දෙවැනියා විදියට ඉන්නම්.

ඔබතුමා ජේ‍යෂ්ඨයි අපි දෙන්නා එකතු වෙලා දිස්ත්‍රික්කය ගොඩ දාමු යනුවෙන් පැවැසීය. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අපි සියලු දෙනාම එකතු විය යුතුයි. එවිට පක්ෂය ගොඩනඟන්න පුළුවන් කියාය.

වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ සභාපති සුජාතා

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පරිපාලකයන්ගේ සංගමයේ 25 වැනි සංවත්සර උළෙලට පැවැත්විණි. එම සංගමයේ සභාපති ධුරයට ඇමැති රාජිතගේ බිරිය සුජාතා සේනාරත්න මෙවර පත්වී තිබේ. මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කලාපීය අධ්‍යක්ෂවරියද සහභාගි වූහ. ඔවුන් දෙදෙනාට සුජාතා සේනාරත්න මහත්මිය උත්සවයට සහභාගි වන ලෙස ආරාධනා කළේ පෙරවරුවේ පැවැති ලෝක සෞඛ්‍ය දින උත්සවයේදීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවැනි උත්සවයකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙය වන්නේය.

අගමැතිට විරුද්ධ වූ ඇමැතිවරුන් ඉවතට

පසුගිය සති අන්තයේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ජනාධිපතිවරයා හමුවිය. රාජිත, මලික්, කබීර්, අකිල, මංගල, හකීම් සමඟ අගමැති රනිල් ඊට එක්ව සිටියහ. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අග්‍රාමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කරලා අමාත්‍ය මණ්ඩලයේ ඉන්න බැහැ. ඔවුන් අයින් කරන්න ඕනි. යනුවෙනි. එවිට ජනාධිපතිවරයා කියා සිටියේ මෙම අමාත්‍යවරුන් අයින් කළොත් අනෙක් අමාත්‍යවරුන්ද යයි. එවිට ආණ්ඩුව ගෙනයන්න බැරි වනවා. කියාය. නමුත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අවධාරණය කර සිටියේ මෙම පිරිස ඉවත් කළ යුතු බවයි. මෙහිදී නව පූර්ණ කැබිනට් මණ්ඩලය පත් කිරීම පිළිබඳවද සාකච්ඡා කරන ලදී. එහිදී අගමැතිට විරුද්ධ ඡන්දය ප්‍රකාශ කළ ඇමතිවරුන් ඉවත් කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලය පත් කරන්නේ. ලබන සතියේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට පියවර ගන්නවා යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

ලංකාවේ අගමැතිකම මට දෙන්න හදනවා මම එපා කියනවා මගෙ ඇඟේ ගහනවා

විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46කින් පරාජය කිරීමෙන් පසු අගමැතිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. එම මාධ්‍ය හමුව අවසන් වීමෙන් පසු අගමැති රනිල් සෞඛ්‍ය ඇමැති රාජිතට කියා සිටියේ මගේ විශ්වාසභංග යෝජනාවේදී එය පරාජය කිරීමට ඔබතුමා විශාල සේවාවක් ඉටු කළා. එයට බොහෝම ස්තුතියි. මම හෙට හම්බවෙනවා. යනුවෙනි. කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාවට පෙර දින තවත් පිරිසක් උත්සාහ කළේ ජනාධිපතිවරයා කැමැති කරවා ගෙන රාජිත අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමටයි. විශ්වාසභංග යෝජනා විවාදයට පෙර දින මධ්‍යම රාත්‍රිය වන තුරු එම උත්සාහය ක්‍රියාත්මක වුවද රාජිත එම සියලු දෙනාටම කීවේ, මට අගමැතිකම එපා. මම භාර ගන්නෙත් නැහැ. මගේ නායකයාගේ බෙල්ල කපලා මම අගමැතිකම භාර ගන්නේ නැහැ. මම අග්‍රාමාත්‍යවරයා බේරාගන්න උපරිම සහයෝගය ලබාදෙනවා.

මට අවශ්‍ය මේ රජය ඉදිරියට ගෙනයන්න විතරයි. විශ්වාසභංග යෝජනාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් 11ක් පමණක් අපට සහයෝගයෙන් ඡන්දය ලබාදෙනවා.

එම නිසා කිසිදු ප්‍රශ්නයක් නැහැ. විශ්වාසභංගය ජය ගන්නවා. මම තනතුරුවලට පැමිණෙන්නේ ඉදිරිපස ‍ෙදාරටුවෙන් මිස පසුපස ‍ෙදාරටුවෙන් නොවෙයි. යනුවෙන් අවධාරණය කර සිටියේය. කෙසේ වෙතත් යළි මන්ත්‍රිවරුන් සහ අමාත්‍යවරුන් පිරිසක් රාත්‍රි 12 පමණ වන තුරු රාජිත අගමැති තනතුරට කැමැති කර ගැනීමට උත්සාහ කරනු පෙනිණි. පසුදින රාජිත විශ්වාසභංග යෝජනාවේ සිය කතාව සඳහා අවශ්‍ය කරුණු සූදානම් කරමින් සිටියේය. අලුයම 2.00ට පමණ රාජිතගේ බිරිය සුජාතා සේනාරත්නගේ දුරකතනයට ද යළි මැති ඇමැතිවරුන් කතා කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට ඉල්ලා සිටියහ. නමුත් ඇය ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා නිදාගෙන ඉන්නා බවයි. ඒ වන විටත් සෞඛ්‍ය අමාත්‍යවරයා නිදිවර්ජිතව පසුදින සිදු කරන කතාව සකස් කරමින් සිටියේය.

අගමැතිකම රිදී බන්දේසියක තියලා රාජිතට දෙන්න හැදුවාලු

නොසිතූ විරූ ලෙස ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල නායකයකුගෙන් රාජිතට දුරකතන ඇමැතුමක් ලැබිණි. එහිදී ප්‍රකාශ කෙරුණේ රාජිත ඔයා අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්න. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 54 දෙනාගේ සහයෝගය මම අරගෙන දෙන්නම්, වැඩ කරගෙන යන්නත් සහයෝගය ලබාදෙන්නම්. අපි උදවු කරමු. හැබැයි මේ ගැන කතා කරන්න ඔයයි මමයි තනියම හමු වෙමු. කාටවත් කියන්න එපා යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයා පැවැසීය. එවිට රාජිත පැවැසුවේ මට අගමැතිකම එපා. ඔබතුමාගේ යෝජනාව මම ප්‍රතික්ෂේප කරනවා. මම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුව ආරක්ෂා කරනවා. ඔබත් මමත් අතර තිබෙන මිතුදම ඊට වඩා වටිනවා. ඒ මිත්‍රකම ආරක්ෂා කරගමු කියාය.

හවුල් ආණ්ඩුවේ කැබිනට්ටුව ශ්‍රීලනිප ඇමැතිවරු නැතිව රැස්වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා උදෑසන පැවැත්විණි. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු සහභාගි වී නොසිටියහ. පළමුව ජනාධිපතිවරයා දුම්රිය වැඩ වර්ජනය පිළිබඳව අදහස් දැක්වීය. මෙම වැඩවර්ජනය පිටුපස රාජපක්ෂලත් ඉන්න පුළුවන් යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. එවිට ඇමැති රාජිත ප්‍රකාශ කළේ, දුම්රිය වැඩ වර්ජනයට අදාළ ගැටලු මමත් සරත් අමුණුගම ඒකාබද්ධව විස¼දා තිබෙනවා. දුම්රිය සේවාව සංවෘත සේවාවක් කළ යුතුයි. එම විසඳුම් ක්‍රියාත්මක නොකිරීම නිසා සේවකයන් කලබල වෙනවා. අපි විසඳුම් ලබාදුන් පසු සේවකයන් ප්‍රශංසා කළා යනුවෙන් පැවැසීය.

ජනාධිපතිවරයා කියා සිටියේ ගුවන් සේවයේද වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කළ බවයි. එම වෘත්තීය සමිති ත්‍රස්තවාදී කල්ලියක් ලෙසයි හැසිරුණේ ජනාධිපතිවරයා චෝදනා කළේය. ඊට පිළිතුරු ලබාදුන් රාජිත ප්‍රකාශ කළේ මෙතැන දේශපාලන පටු අරමුණු ද තිබෙන බවයි.

ඉන් පසු පූර්ණ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ විද්‍යානුකූලව විෂයන් බෙදා අවුරුද්දට පෙර පූර්ණ කැබිනට් මණ්ඩලය පත් කළ යුතු බවයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් දැනුවත් කරන්නම්. යන අය යයි. මගේ යටතේ තිබෙන ජාතික ඒකාබද්ධතා කොටසත් මනෝ ගනේෂන් අමාත්‍යවරයාට ලබාදෙන්න කැමැතියි. ජනාධිපතිවරයා කියා සිටියේය. එහෙම කරන්න එපා ජනාධිපතිතුමනි. අපි ජාත්‍යන්තරයට ගිහිල්ලා කියන්නේ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තබා ගනිමින් සංහිඳියාව ගොඩනඟන බවයි. මංගල සමරවීර අමාත්‍යවරයා පැවැසීය. එවිට මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කළේ මගේ අමාත්‍යාංශයේ කොටසුත් අරගෙන රජය ආරක්ෂා කරන්න ජනාධිපතිතුමනි කියලයි. ඉන් පසු චම්පික රණවක අමාත්‍යවරයා පැවැසුවේ ජාතික වැඩපිළිවෙළක් කඩිනමින් දියත් කළ යුතු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 16 දෙනාට යන්න කියන්න. ඉතිරි 25 සමඟ අපි වැඩ කරමු. දේශපාලන අනාගතය ගැන කතා කරන්න. කාටවත් දේශපාලන අනාථයන් වෙන්න බැහැ. ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතුයි. යනුවෙන් චම්පික රණවක සඳහන් කළේය.

මේ ආණ්ඩුව එළහරකයි මීහරකයි එකට බැඳලා වගේ

මහින්ද පසුගිය සතියේ මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගියේ සනත් නිශාන්තගේ සුවදුක් විමසීමටය. මහින්ද සමඟ ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා ද සනත්ගේ සුවදුක් බැලීමට ගියහ. එහිදී ඔවුන් කතාබහ කළේ විශ්වාසභංග යෝජනාවෙන් පසුව උදා වී ඇති වාතාවරණය ගැනය.

"ආණ්ඩුව විශ්වාසභංගය දිනුම් කියලා හිතන් හිටියට ඇත්තටම වෙලා තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත" ප්‍රසන්න කතාබහ අරඹමින් පැවැසීය.

"මේ විශ්වාසභංග යෝජනාවෙන් පැරදුණේ අපි කියලා පෙන්නන්න හැදුවට ඇත්තටම පැරදිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අපි පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් පැරදුණේ එක පාරයි. හැබැයි මේ පක්ෂ දෙක හත්අට වතාව බැගින් පැරදිලා තියෙන්නේ" ලන්සා කීවේය.

"ඒ කතාව නම් ඇත්ත තමයි. පක්ෂ දෙක එකතු වෙලා හදපු ආණ්ඩුව දැන් ගමනේ කෙළවරට ඇවිත් ඉවරයි. මේ ආණ්ඩුව හදනකොටම මම කිව්වා එළ හරකයි මී හරකයි එකට බඳින්න බැහැ කියලා. එදා අපි පෙන්වා දීපු දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අනුගමනය කරන ප්‍රතිපත්ති අහසයි පොළොවයි වගේ හාත්පසින්ම එකිනෙකට වෙනස්. ඉතින් කොහොමද එකට ආණ්ඩුවක් කරගෙන යන්නේ? මහින්ද පැහැදිලි කළේය.

"සර් කියපු එක නම් හරියටම හරි. අන්තිමේදී වුණේ බණ්ඩාරනායක මහත්තයා හදපු නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ රට විකුණන ප්‍රතිපත්තිවලට යටකරලා දාලා රටම විනාශ කරපු එක විතරයි. නිදහස් පක්ෂයේ මූලස්ථානය ඩාර්ලි පාරේ තිබුණට ඇත්තටම දැන් ඒක සිරිකොතේ ශාඛාවක් වෙලා ඉවරයි." ප්‍රසන්න කීවේය.

රනිල්ට බයේ ඇඳ යට රිංගුවේ කවුද?

"විශ්වාසභංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කරපු නිදහස් පක්ෂ ඇමැතිවරුන් කණ්ඩායම දැන් මොකක්ද දන්නේ නැහැ කරන්න යන්නේ? ඉන්දික ඇසුවේය.

"අගමැතිට විරුද්ධව ඡන්දය දුන්නා නම් ඇමැතිකම්වලින් අයින් වෙලා විපක්ෂයට එනවා මිසක් වෙන මොනවා කරන්නද? ඒ අයට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බැහැ" ප්‍රසන්න පැවැසීය.

"ඒ අය මට කතා කරලා ඇහුවා මොකද දැන් කරන්නේ කියලා. මමත් කිව්වේ දැන් අපිත් එක්ක එකතු වෙන්න කියලයි. ආණ්ඩුවටත් අගමැතිටත් විරුද්ධ නම් ඉන්න තියෙන එකම තැන අපි ඉන්න තැන විතරයි" මහින්ද හෙළි කළේය.

"මහින්ද අමරවීරයි දුමින්ද දිසානායකයි දැන් කියනවා විශ්වාසභංගයට ඡන්දෙ නොදුන්නේ පරදින බව දන්න නිසයි කියලා. පරදින්න හරි දිනනන් හරි සටන් කරන එකයි වැදගත්. එහෙම නැතිව රනිල්ට බයේ ඇඳන් යට රිංගන් හිටියට වැඩක් වෙන්නේ නැහැ" ප්‍රසන්න පැවැසීය.

"විශ්වාසභංගය දා පාර්ලිමේන්තු ආවේ නැතිව හැංගුණු නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් බැලුවේ අගමැතිව තරහා කරගන්නේ නැතිව ඇමැතිකම් ටික පරිස්සම් කරගන්නයි. ඒ අයට රනිල් නෙමේ මොකා හිටියත් කමක් නැහැ ඇමැතිකම තියෙනවා නම්" ලන්සා කීවේය.

"ඒක තමයි එයාලා කරගත්ත ලොකුම මෝඩකම. දැන් නිදහස් පක්ෂයේ ඉතුරු වෙලා ඉන්න පාක්ෂිකයොත් කල්පනා කරනවා ඇති මේ මොක්කුන්ටද අපි ඡන්දේ දීලා තියෙන්නේ කියලා. තමන්ගේ කැමැත්ත අකැමැත්ත කෙළින් කියා ගන්න බැරි මේ වගේ ඇමැතියෝ මොකටද කියලා එයාලා හිතනවා ඇති. එයාලට ආයෙත් පාර්ලිමේන්තු නම් එන්න වෙන්නේ නැහැ. එයාලගේ දේශපාලන ගමන මෙතැනින් ඉවරයි" ප්‍රසන්න පැවැසීය.

හොර බදු මංගල්ලෙට හොර කොට්ටෝරුවෝ
"අපේ ගම්වල මිනිස්සු බලාගෙන ඉන්නේ ආණ්ඩුවේ ඇමැතියෝ ටික ගමට එනකම් තමයි. බදු ගහලා ගහලා අලුත් අවුරුද්දට කිරිබතක් වත් උයා ගන්න විදියක් නැහැ කියලා මිනිස්සු බනිනවා" රණවීර කීවේය.

"මේ පාර අවුරුද්දට තියෙන්නේ එරබදු නෙවේ මංගලගේ හොර බදු අවුරුද්දට අඬන්නේ කොහා නෙවේ මංගල කියන හොර කොට්ටෝරුවා" ප්‍රසන්න කීවේ සැවොම සිනාගන්වමිනි. සනත් නිශාන්තගේ සුවදුක් විමසීමෙන් පසුව මහින්ද තංගල්ල බලා පිටත්ව ගියේය. ජනාධිපති ධුරය දරන සමයේ පටන්ම මහින්ද සිරිතක් වශයෙන් සිංහල අලුත් අවුරුදු සමය ගතකරන්නේ තංගල්ල කාල්ටන් නිවෙසේය. සිය ඥාති හිතමිත්‍රාදීන් සමඟ සිංහල අලුත් අවුරුද්ද සැමරීමට මහින්ද ප්‍රිය කරයි.

මොන අවුරුදුද සර්?

ඒ අනුව මහින්ද පැමිණි ආරංචිය ලැබුණු වහාම බොහෝ දෙනා කාල්ටන් නිවසට පැමිණ මහින්ද මුණගැසුණාහ. සියලු දෙනා මහින්දට පැමිණිලි කළේ ජීවන වියදම අහස උසට නැඟ ඇති බැවින් අවුරුදු කන්නට විදියක් නැතැයි කියාය. තව ටිකක් ඉවසන් ඉන්නකෝ කියමින් මහින්ද ඔවුන් සැනසුවේය.

මහින්ද ඇතුළු පිරිස එදින සවස් කාලය ගත කිරීම සඳහා තංගල්ල මුහුදු වෙරළට ගියෝය. යෝජනාව ගෙනාවේ රෝහිතය. නාමල් මහින්දට ද ආරාධනා කළේය. ඒ වන විට ජීවන් මෙන්ඩිස් සහ තරංග පරණවිතාන යන නාමල්ගේ මිත්‍රයන්ද පැමිණ සිටි බැවින් ඔවුන්ද ගමනට එකතු විය.

රිය පැදවූයේ නාමල්ය. මුහුදු වෙරළේ සැහැල්ලුවෙන් ගත කළ මහින්ද ඇතුළු පිරිසට ගම්වැසියන්ගේ දුක්ගැනවිලිවලට ද කන්දෙන්නට සිදුවිය. මහින්ද සියලුදෙනාගෙන් ඇසුවේ "කොහොමද අවුරුදු?" කියාය. හැමෝම කිව්වේ "මොන අවුරුදුද සර්? සර් හිටපු කාල් නම් කාලා ඇඳලා හිටියා දැන් ඒකත් නැහැ" කියාය. පසුව නාමල්ලා ඇතුළු පිරිස දෙපිරිසකට බෙදී වොලිබෝල් ක්‍රීඩා කළ අතර මහින්දද මඳවේලාවක් ක්‍රීඩා කළේය.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තීරණ එවෙලේම මහින්දට

එදින රාත්‍රියේ මහින්දට ඇමැතිවරයකුගෙන් ඇමතුමක් ආවේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙමින් තිබෙන අතුරතුරය. මධ්‍යම කාරක සභාවේ සිදු වූ සියල්ල ඔහු මහින්දට හෙළි කළේය. මෛත්‍රිපාල නොමැතිව වෙනත් අයකු ඉදිරිපත් කළද ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නට තිබුණා යැයි චන්ද්‍රිකා පැවසූ බවද ඇමැතිවරයා මහින්දට කීවේය.

"මේ වැඩේ හරිය්නේ නැහැ සර්. මෙයාලා හදන්නේ අපිව ආයෙත් වතාවක් රවට්ටන්න. අපි තවත් රැවටෙන්න කැමැති නැහැ. ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී අපි අනිවාර්යයෙන්ම විපක්ෂයේ වාඩි වෙනවා" ඇමැතිවරයා මහින්දට කීවේය.

"ඔව් ඔයාලා තීන්දුවක් ගන්න. අපිත් එක්ක ඇවිත් විපක්ෂයේ වාඩි වෙන්න. අපි එකතු වෙලා මේ ආණ්ඩුව ගෙදර යවමු" මහින්ද පැවැසීය.

නාමල්ට තිස් දෙකක් වෙලත් කිසි උනන්දුවක් නැතිලු

නාමල්ගේ 32 වැනි ජන්ම දිනය පසුගිය සතියේ යෙදී තිබිණි. එදින උදෑසන නාමල්ට සෙත් පතා පිරිත් දේශනාවක් පැවැත්වුණු අතර පසුව නාමල් උපන් දින කේක් ගෙඩියක් කැපුවේය. මුලින්ම මහින්දටත් ශිරන්තිටත් කේක් කැව්ව නාමල් අනතුරුව කේක් කැව්වේ සිය කාර්ය මණ්ඩලයේ තරුණයන් දෙදෙනකුටය.

"මෙයාලා තමයි අපිට බලය නැතුව ගිය දවසේ ඉඳලා අපිව බලාගත්තේ. එයාලාට කවලා ඉන්න ඕනේ ඉස්සරින්ම" නාමල් පැවැසීය. "ඒක නෙමේනේ තාත්තේ මට මාර වැඩක්නේ වෙලා තියෙන්නෙ. කවුද කෙනෙක් මගේ පෞද්ගලික ලේකම් කිය කියා යනවනේ" නාමල් කීවේය.

"ඕක නම් මොකක්ද මට වෙච්ච වැඩෙත් එක්ක බලනකොට? මම මුලින්ම මන්ත්‍රිකමට තේරුණාම මට මරු වැඩක් වුණානේ. මම මන්ත්‍රි වුණාම කාල්ටන් එකට මිනිස්සු එනවා මාව මුණගැහෙන්න. එක දවසක් මාව මුණගැහෙන්න ආපු එක මනුස්සයෙක් කියනවා.

මට මහින්ද රාජපක්ෂ මුණගැහෙන්න ඕනේ කියලා. මම කිව්වා මම තමයි මහින්ද රාජපක්ෂ කියලා. මිනිහා කියනවා බොරු කියන්න එපා ගිය සතියේ මට හම්බ වුණේ වෙන කෙනෙක්නේ කියලා. බැලින්නම් මගේ ඔෆිස් එකේ කෙනෙක් මහින්ද රාජපක්ෂ විදියට පෙනී ඉඳලා. බොහොම අමාරුවෙන් තමයි මම අර මනුස්සයට මම මහින්ද රාජපක්ෂ කියලා තේරුම් කළේ" මහින්ද කීවේය.

"දැන් මේ අවුරුද්දේවත් නාමල් මන්ත්‍රිතුමා පිළිවෙළක් වෙනවද? ඩී.වී. ඇසුවේය.
"ඒක තමයි දැන් 32ටත් ලැබුවා. මොනවා හරි කළොත් හොඳයි" ජොන්ස්ටන්ද කීවේය.

"මේ මේ මාව අමාරුවේ දාන්නේ නැතුව ඉඳපල්ලා" නාමල් පැවැසුවේ සිනාසෙමිනි.
"අපිත් මේ බලන් ඉන්නවා මොනවා හරි දෙයක් කරගනියි කියලා. කෝ මේ යෝධයාගේ නැහැනේ කිසිම උනන්දුවක්" මහින්ද කීවේය.

නාමල්ගේ උපන් දිනය

සාම්ප්‍රදායික උපන් දින සැමරීමකට වඩා ආගමික කටයුත්තකට මුල් තැන දෙමින් සිය උපන් දිනය සමරන්නට නාමල් තීරණය කර තිබේ. මුල්කිරිගල රජමහා විහාරයේ චෛත්‍යරාජයාණන් ඇතුළුව ගොඩනැඟිලිවල තීන්ත ආලේප කර අලුත්වැඩියාවක් කරන්නට නාමල් රාජපක්ෂ මහතා සූදානම්ව සිටියේය. ඒ අනුව සිය හිතවතුන්ද සමඟින් එහි ගිය නාමල් මන්ත්‍රිවරුන් එදින උදෑසන සිටම එම කටයුත්තේ නිරත විය. එහි විශේෂත්වයක් වූයේ පසුගිය රාජ්‍ය සමයේ උතුරු පළාත නියෝජනය කරමින් මුලින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරයකුව සිට පසුව ශ්‍රීලනිපයට එක්වූ එස්.එම්. ජයසේන මහතාගේ පුත්‍රයාද ඊට එක්ව සිටයේය. ඔහු සමඟ උතුරේ දෙමළ තරුණයන් කිහිපදෙනකුද මුල්කිරිගල රජමහා විහාරයේ පිළිසකර කටයුතු සඳහා එක්ව සිටීම විශේෂත්වයක් විය.

මහින්ද වහාම මහින්දානන්දට ඇමතුමක් ගෙන විස්තර ඇසුවේය. මහින්දානන්ද මහින්දට කීවේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම නිසා මෙම අත්අඩංගුවට ගැනීම කරන්නට සැලසුම් කර ඇති බවය. අනතුරුව නාමල්ද මහින්දානන්දට කතා කළේය. පසුව මන්ත්‍රිවරුන්ට ඇමතුම් ගත් නාමල් පසුදින මහින්දානන්ද උසාවි ගෙන යන අවස්ථාවට එක්වන ලෙස ඉල්ලා සිටියේය.

වැරදි හදාගත්තොත් දේශපාලන ආයු කාලය දික්වන බව සජිත් කියයි

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ 52 වැනි සහ 53 වැනි උදා ගම්මාන ලෙස "සැළමුතුගම" සහ "ජයනදගම" පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. යාපහුව මැතිවරණ කොට්ඨාසයේ මහව, කුඹුක්වැව පැවැති මෙම උත්සවයට එජාපයේ අචිනි ලොකුබණ්ඩාර මන්ත්‍රිවරිය, ශ්‍රීලනිපයේ ටී.බී. ඒකනායක ඇමැතිවරයා මෙන්ම විශේෂ ආරාධිතයකු වූ එස්.බී නාවින්න ඇමැතිවරයාද එහි පැමිණ සිටියහ. "පොඩි මිනිහ ගැන හිතන්නෙ බලන්නෙ නැතිව - පොහොර සහනාධාරය, පාසල් ළමයින්ගේ දිවා ආහාරය, නිල ඇඳුම අමතක කරලා අපට ගමනක් යන්න බෑ" සජිත් කියද්දී නාවින්න ඇමැතිවරයා කීවේ "මිනිස්සුන්ට බලපාන මේ ප්‍රශ්නවලට වහාම විසඳුම් හොයන්න ඕනෑ. ජීවන වියදම අඩු කරන්න ඕනෑ මිනිස්සුන්ට වදයක් නොවන විදියට පාස් නිල ඇඳුම් බෙදා දෙන්න ඕනෑ" කියාය. "පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ආණ්ඩුවට හොඳ පාඩමක් ඉගැන්නුවා. අපි ඒකත් හොඳින් හිතේ ධාරණය කරගෙන තව මාස 18කින් එළැඹෙන මහ මැතිවරණයට සූදානම් වෙන්න ඕනෑ. මේ අවුරුද්දේ පළාත් සභා 6ක ඡන්දේ තියෙනවා. වැරදි හදාගෙන ජනතාව ඉල්ලන දේ දෙන්න වැඩ කළොත් දේශපාලන ආයු කාලය දික් වෙයි. නැත්නම් කෙටි වෙයි" සජිත් කීවේය. අනතුරුව පැවතුණේ කොටවෙහෙර, පහළ කැලේගමදී "යොවුන් සෙත්ගම" යොවුන් ගම්මානයට මුල්ගල් තැබීමයි. සජිත් කීවේ, "ඉන්දික බණ්ඩාරනායක මගේ නියෝජ්‍ය ඇමැතිතුමාගේ කොට්ඨාසයේ පැවැත්වෙන මේ උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ටී. එම්. හේරත් බණ්ඩා තෙන්නකෝන් මැතිතුමාත් සහභාගි වීම ආදර්ශයක්. මෙහෙම එකුමුතුකමින් එකට ගමනක් යන්න තමයි ජනතාව ජන වරමක් දුන්නේ" කියාය.

කෝකිලායි සම්බෝධි විහාරයේ ඉඩම දෙමළ වැසියකුගේ පරිත්‍යාගයක්

උතුරු පළාතේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් පිරිසක් 10දා මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ගම්මාන හා බෞද්ධ සිද්ධස්ථාන වෙත සංචාරයක නිරතව තිබේ. මුලතිව් කෝකිලායි පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉඩම් පරීක්ෂාවකින් අනතුරුව වැලිඔය ජනකපුර ප්‍රදේශයේ ඉඩම් පරීක්ෂාවක හා ඉන් අනතුරුව කෝකිලායි සම්බෝධි විහාරයටද මෙම පිරිස පැමිණ තිබේ. එහිදී උතුරු පළාත් සභා මන්ත්‍රිවරුන් පිරිස පන්සල් ඉඩම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සංචාරයට උතුරු පළාත් සභාවේ සභාපති සී.ටී.කේ. සිවඥානම්, එම්.කේ. ශිවාජිලිංගම්, පී. සත්‍යලිංගම්, ටී.රවිකරන්, ජී.ටී. ලිංගනාදන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙන බව පැවැසේ.

එහිදී කෝකිලායි සම්බෝධි විහාරාධිපති පූජ්‍ය ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් හමුවී සම්බෝධි විහාරයේ ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව විමසා ඇති අතර මන්ත්‍රිවරුන් පිරිස කියා ඇත්තේ එම ඉඩම අයිති පුද්ගලයා දෙමළ වැසියකු යන්නයි.

එහිදී ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් මන්ත්‍රිවරුන්ට පවසා ඇත්තේ තමන්ට මෙම ඉඩම නීත්‍යනුකූලව මැරටික න්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලැබුණු බවත් ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳ මීට පෙර මුලතිව් අධිකරණයේ නඩුවක් ගොනු කොට තිබුණේ පසුකාලීනව එම නඩුව ඉල්ලා අස් කරගෙන ඇති බවයි. පන්සල හරහා දෛනිකව සිංහල සහ දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරමින් සිටින බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon