උළු වහලෙට උළු දෙඤ්ඤං මයෙ මල්ලියෙ මං එඤ්ඤං
ගම්සභා පැවැති එදා යුගයේ ගමින් ගමට ගම්සභා නියෝජිතවරුන් පත් කර තිබිණි. එදා ජනතාවට වැඩි වශයෙන් ඔවුන් ඇමතුවේ මැම්බර් මහතා යනුවෙනි. මේ මැම්බර් මහත්වරුන් අතර අද දේශපාළුවන් වගේ එදත් කපටි අය සිටියහ. සියනෑ ගම පෙදෙසේ සිටි එක්තරා මැම්බර් කෙනකුගේ වචන හරඹයක කතාවක් මෙසේය.
මේ මැම්බර් ගමන බිමන මෙන්ම කතාවෙන්ද ඉතා කඩිසර ගතියක් පෙන්වන නිසා ගම්වැසියන් මොහුට නැති තැන පැවැසුවේ 'ඉක්මන් මැම්බර්' යනුවෙනි. බෝරු බේගල් දෙසා බැන කපටියකු ලෙසට ප්‍රසිද්ධි වී ඇති මොහු වචන හරඹයටද අති දක්ෂයෙකි. කෙසේ හෝ තමන් ජය ලබා ගැනීමටද හපනෙකි.
මැම්බර් පදිංචිව සිටියේ ඉතා පිටිසර ගමකය. මේ ගමට පන්සලක් පවා නොතිබිණි. ගමේ අඩුපාඩු නැති කිරීමට ඔහු උනන්දු වූයේ නැත. මේ අතර ගමේ තරුණ පිරිසක් පන්සලක් තැනීමට ඉදිරිපත් වූහ. ප්‍රථමයෙන් ආවාස ගෙයක් තැනීමට යෝජනා කර ගත් අතර සෑම නිවෙසකින්ම මුදලින් හෝ ද්‍රව්‍යමය වශයෙන් ආධාර එකතු කිරීමට පියවර ගැනිණි. මෙසේ ආධාර එකතු කිරීමට ගිය තරුණ පිරිස මැම්බර්ගේ නිවෙසටද ගියහ. එහිදී ඔවුහු සතුටින් ඉපිල ගියේ මැම්බර් තැන විශාල ආධාරයක් දෙන බවට වූ පොරොන්දුව නිසාය. වහලෙට ඇති තරම් උළු ඔහු තනියෙන් දෙන බව කී නිසා එය ආධාර ලැයිස්තුවටද ඇතුළත් කර ගැනිණි.
ගොඩනැඟිල්ලේ වැඩ ඉක්මනින් සිදු විය. බිත්ති බැඳීම අවසන් කර තිබිණි. වහලයට යටලී දමා රීප්ප ගසා එහි වැඩද නිම කෙරිණි. දැනට අඩුවකට ඇත්තේ උළු පමණි. අද ගෙනෙයි හෙට ගෙනෙයි සිතා බැරිම තැන තරුණ පිරිස උළු ලබා ගැනීමට මැම්බර්ගේ නිවෙසට ගියහ. මෙවෙලේ මැම්බර් තැන ඔවුන් ඉදිරියට පැමිණ 'ඔයගොල්ලෝ උළු ගෙනාවද?' කියා ඇසීය. තරුණ පිරිස අන්දුන්කුන්දුන් වූහ. මෙහිදී එක් තරුණයකු පෙරට පැන 'මැම්බර් මහත්තයානේ උළු දෙනවා කිව්වේ' යනුවෙන් කීවේය. එවිට 'මම කිව්වේ වහලෙට ඇති තරම් උළු තනියෙම දෙනවා කියලා. ඉතින් ඔය ගොල්ලෝ උළු ගෙනත් නැතිව කොහොමද දෙන්නේ' යනුවෙන් මැම්බර් උජාරුවෙන් පැවැසීය. වචන හරඹයේ තරම ඔවුහු වටහා ගත්හ. මේ අතර විසේකාර කොල්ලකු මැම්බර්ගේ ඇඳුම් ගැලවීමට තැත් කළමුත් අනෙක් තරුණයෝ ඊට ඉඩ නොදුන්හ. තරුණ පිරිස මෙවෙලෙහි ඉතා කෝපයෙන් සිටියහ. අපි තමුසෙගේ වයස දිහා බලලා මොකුත් කරන්නේ නෑ. ඔයා මැම්බර් නොවෙයි, නොවැම්බර්. හැබැයි මීට පස්සේ හොට දැම්මොත් මේ විදියට අපි දෙසනවා දෙසැම්බර් වෙනකම්' කියා හූ පූජාවක් තබා මැම්බර්ගේ නිවෙසින් පිටව ගියහ.
විශ්‍රාමික ග්රාමනිලධාරි සිරිසේන සිරිගම්පළ
විනෝදාත්මක
අද මව්බිමෙන්
- මලල ක්‍රීඩකයන්ගේ ගමනට අයි.පී. හරස් කපයි තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට මුදල් දීම ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි 🕔2018-04-25
- අන්තර් පළාත් සිවුදින සුපිරි ක්‍රිකට් තරගාවලියේ ‘දඹුල්ල’ තරගයක් දිනුවත් ශූරතාව ගාල්ලට 🕔2018-04-25
- 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය දෙවැනි දිනයේත් නව තරග වාර්තා 10ක් 🕔2018-04-25
- පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද ජනපති වෙතින් පිදුම් ලබයි 🕔2018-04-25
- කිංස් ඔධ් පෙරමුණ ගනී 🕔2018-04-25
- ‘මැදි මහ සටන’ හෙට දඹුල්ලේදී 🕔2018-04-25
- රනිල් ආණ්ඩුවේ බලය වැඩි කරගන්න ජවිපෙ ඉත්තෙක් කරගෙන 🕔2018-04-25
- ජනතාව නොමරා මරන පාලකයන් ඉන්නකොට මන්දපෝෂණයෙන් රට දෙකට එන එක පුදුමයක්ද 🕔2018-04-25
- විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාව පිටුපස ඇත්තේ පටු අරමුණු තුනක් 🕔2018-04-25
- වෛද්‍ය ආඥාපනත හා විශ්වවිද්‍යාල පනත බරපතළ ලෙස හෑල්ලුවට පත්වනවා 🕔2018-04-25
- අකුණු වැදී මාකඳුරේ නිවෙසක් ගින්නෙන් විනාශ වෙලා 🕔2018-04-25
- මීමැස්මොරය හැදුණු අයකු මුහුදට වැටී නසී 🕔2018-04-25
- මාස 16ට උතුරේ වල් අලි 11ක් මරලා උතුරේ පශු වෛද්‍ය නිලධාරි හෙළි කරයි 🕔2018-04-25
- කඩුගන්නාව ගල් උමඟ හරහා වාහන ධාවනය හා ජනතාවට ගමන් කිරීම අත්හිටුවයි 🕔2018-04-25
- බොරු නඩු කීපයකට රිමාන්ඩ් කළ තරුණයෙක් අනුරාධපුර ඒ.ඉ.ර්ථී ට හා නිලධාරීන් දෙදෙනකුට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරලා 🕔2018-04-25
- උත්සව සමයේ ලංකා ධීවර සංස්ථාවේ මාළු අලෙවිය සියයට 68%කින් ඉහළට ආදායම සියයට 74%ක් නඟියි 🕔2018-04-25
- ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා විපක්ෂයේ අසුන් ගන්නවා 🕔2018-04-25
- නැන්දම්මාට පහරදී ඝාතනය කළ බෑනා නිවෙසේ බාල්කයේ එල්ලී දිවි නසාගෙන 🕔2018-04-25
- බදු බරින් මිරිකෙන ලේඛක ලේඛිකාවනට අපේ ආණ්ඩුවක් එනතුරු ඉවසන්න වෙනවා 🕔2018-04-25
- ජනාධිපතිවරණයට ගෝඨාභය එනවාට මෛත්‍රි-රනිල්-අනුර වගේම ඒකාබද්ධයේ කොටසකුත් විරුද්ධයි 🕔2018-04-25
- අපි බලයට ගෙනාපු ආණ්ඩුව අද අපිත් එක්ක කතා කරන්නේ නෑ 🕔2018-04-25
- ආණ්ඩුව හදන්නේ බෞද්ධයන්ව පන්සලෙන් අෑත් කරවන්නයි 🕔2018-04-25
- බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවන හිමිවරුන්ට රක්ෂණ ක්‍රමයක් ඇති කරනවා 🕔2018-04-25
- ජවිපෙ දැන් සෙල්ලම් කරන්නේ කොළේ වහලා 🕔2018-04-25
- අනාගතයේ බිහිවන මහින්දගේ ආණ්ඩුවක් යටතේ කෘෂි නිෂ්පාදන සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට සාකච්ඡා කරගෙන යනවා 🕔2018-04-25
- වෙසක් සමයේ සුරා අපරාධ වැළැක්වීමට විශේෂ වැඩසටහනක් 🕔2018-04-25
- පාරිභෝගිකයන් මුළා කරන රන් බඩු වෙළෙඳපළට එන ප්‍රවණතාවක් ප්‍රමිතිගත රන් බඩු මිලට ගැනීමට සුපරික්ෂාකාරිවන්න 🕔2018-04-25
- උද්ඝෝෂණයෙන් පසු පා ගමනට පොලිසියෙන් මාර්ග බාධක 🕔2018-04-25
- පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණයට වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 200ක් පමණයි 🕔2018-04-25
- වැලිකඩ බන්ධනාගාරයේදී 27ක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය පොලිස් පරීක්ෂක රංගජීව හා බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් යළිත් රිමාන්ඩ් 🕔2018-04-25
- කතරගම ව්‍යාපාරිකයාගේ මරණයට සැක පස් දෙනාට ශරීර ඇප 🕔2018-04-25
- ඉඩම් ආරවුලකට බහින්බස් වී අයියා දුන් උදලු පහරින් නංගී මරුට 🕔2018-04-25
- පස්දෙනකුට මරු කැඳවූ රබර් කම්හලේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අත්හිටුවයි 🕔2018-04-25
- ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සිංගප්පූරුවට යෑමට ආ තරුණයා කටුනායකදී අත්අඩංගුවට 🕔2018-04-25
- පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංගට එරෙහි ඉඩම් නඩුව ඉල්ලා අස් කරගනී 🕔2018-04-25
- නිදි ඇඳේදී මවට යටවී දින 25 බිලි¼දා මියගිහින් 🕔2018-04-25
- හෙද දියණිය ඝාතනය කළ බෑනා මරා ගල් වළකට දැමීමේ සිද්ධිය හෙදියගේ මවත් අනියම් සැමියාත් මැයි 2 දක්වා යළිත් රිමාන්ඩ් 🕔2018-04-25
- යාල වනෝද්‍යානයේ ඇතකු මරා ගජමුතු දෙකක් විකිණීමට තැත් කළ ව්‍යාපාරිකයන් දෙදෙනා දැලේ 🕔2018-04-25
- වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු එස්. එෆ්. ලොක්කා යළි රිමාන්ඩ් 🕔2018-04-25
- සිංහලයා ගුණාත්මක අවදානමකට මුහුණ පාලා 🕔2018-04-25
- ලංගම බස් රියැදුරකු අමානුෂික වැඩක් කරලා 🕔2018-04-25
- ශ්‍රී ලනිපයේ 26ම ඉවත් වුණත් ආණ්ඩුව වැටෙන්නේ නෑ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් 🕔2018-04-25
- පිටරට වෙසක් කූඩු හා බකට් නිසා දේශීය නිෂ්පාදන අභාවයට ගිහින් 🕔2018-04-25
- විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනම සේවයක් ඉල්ලා වෘත්තීය අරගලයක් අරඹන ලකුණු 🕔2018-04-25
- ජාතික අත්පිටපත් සම්මාන සඳහා පිටපත් බාර ගැනේ 🕔2018-04-25
- සහල් - පොල් - එළවළු තොග මිල පහළට යද්දී සිල්ලර මිල අහස උසට 🕔2018-04-25
- කර්මාන්තශාලාවල පරිසර සහතික ගැන සොයන්න පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි 🕔2018-04-25
- බිලිඳා මරා ගෙල වැල ලා ගත් මවගේ ශෝකාන්තය ‘අම්මා මිය ගිය පසු අක්කා සිටියේ දැඩි සිත් තැවුලෙන්’ 🕔2018-04-25
- මැලේරියාව නැවත ඇතිවීමේ අවදානමක් ගැන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පවසයි 🕔2018-04-25
- අප්‍රේල්වලට වෙසක් දිනය යොදා ගැනීම උචිත නොවේ 🕔2018-04-25