නීල මහා යෝධ කන්ද වාතරියේ වාරියපොළ දන්ත ධාතු දළදාගම කටවහරක ගම් තුලාන

  👤  3899 readers have read this article !
2018-04-15

යෝධයාකන්ද අයත් වන්නේ පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. එය ග්‍රාම නිලධාරි වසමේ අංක 1430 අයත්ය. වර්තමානයේ මෙම ගම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ යෝධයාකන්ද ආරණ්‍ය සේනාසනය නිසාය. යෝධයාකන්ද ආරණ්‍ය සේනාසනය තවුස්දම් වඩන ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේට වැඩවාසය කිරීමට ඉතා යෝග්‍ය ස්ථානයක් ලෙස ප්‍රසිද්ධය. ගුණසේකර රත්නායක හිටපු ගම්සභාපතිවරයා කරුණාසේන වෛද්‍යාචාර්යතුමාද මේ යෝධයාකන්ද ආරණ්‍ය සේනාසනයක් බවට පත්කිරීමට කටයුතු කළ පුරෝගාමීහු අතර සිටිති.

ගැටුලාව ගම තිසෝගම ආසන්නයේ පිහිටා තිබේ. බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොටසට අයිති ගම්මානයකි. මේ ගැටුලාව ගම පැරැණි අය කියන විදියට දැදුරු ඔය කටේ පිහිටි ගමකි. ඔය ගැලූ විට එදා ගම එහෙම පිටින්ම යට වේ. එවිට මිනිස්සු ගමේ පන්සලට ගොස් පිහිට ලබාගති. ඉස්සර භික්ෂුන් වහන්සේ දැදුරු ඔයෙන් මෙගෙඩ වෙලා තම සිවුරු ගැටවටු ලෑවේ මෙම ගමේදීය. ඒ නිසා පුරාණ අය මේ ගමට කීවේ ගැටවටු ගෑ ගම කියලා. පසු කලෙක ගැටුලා ගම කියලා හැඳින්නුවා. ඊට පසුව ගැටුලාව ගම කියලත් කිව්වා. තවත් කාලයක් ගියාට පස්සේ නිකම්ම ගැටුලාව කියලා කියන්ඩ පුරුදු වුණා යනුවෙන් ගමේ පැරැන්නෝ කියා සිටිති. මේ ප්‍රවෘත්තිය වන්නිහාමි නමැති අයකුගෙන් අසා දැනගෙන මුඛ පරම්පරාවෙන් පැවත එන කතා පුවතක් බව දැනගන්නට ලැබී ඇත.

සත්කෝරලයේ කුරුණෑගලට සැතපුම් දහයක් පමණ ආසන්නයේ පිහිටි නගරයකි. අද එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත්කර තිබේ. වාරියපොළ නාමය රාවණා යුගය දක්වා අෑතට විහිදී යන බව සමහර අයගේ මතයයි. රාවණා සතුව දඬුමොනර යන්ත්‍රයක් හෙවත් අහසින් ගමන් කළ හැකි පක්ෂියකු වැනි යානයක් තිබූ බවට ප්‍රකට කරුණකි. මේ වාකරිය හෙවත් අහස් රිය බැස්ස වූ ස්ථානය වාරියපොළ නමින් පසු කලෙක ප්‍රසිද්ධ වූ බවට මතයක් තිබේ. 1815 ගිවිසුමේ වගන්ති කඩ කරමින් ඔසවන ලද ඉංගී්‍රසි කොඩිය බිමට ඇද පාගා දැමූ වාරියපොළ සුමංගල හිමි නිසා මේ නගරයට පසු කලෙක වඩාත් ප්‍රසිද්ධය. ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය මෙම නරගයේ පිහිටුවා ඇත. එසේම සුමංගල පිරිවෙනද මෙහි පිහිටුවා තිබේ. සත්කෝරලයේ නිකවැරටිය ප්‍රදේශයට ආසන්න මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් "දළදාගම" යන ගමට එම නම පටබැඳීම පිළිබඳව ද ඓතිහාසික සිදුවීමක් ඇති බව පෙනී යයි. ප්‍රදේශයේ පැරැන්නෝ පවසන පරිදි දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩමවන වකවානුවේ මෙම ප්‍රදේශයේ දළදාව ටික දිනක් නවතා තබා පුද පූජා පවත්වා පසුව මහනුවරට වැඩම කරවූ බවය. දළදාව ආ ගම පසු කලක දළදාගම නමින් හඳුන්වන්නට පටන් ගත් බවය.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාගුල්ඕතොට කෝරලයේ හලඹගල ගම පිහිටා තිබේ. නිකවැරටිය නගරයේ සිට දනිකිතව අඹන්පොළ මාර්ගයේ කි.මී. 13ක් පමණ දුර ගමන් කළ විට හලඹගල ගමට පිවිසීමට පුළුවන. මෙම ගමට නම ලැබුණේ ගජබා රජතුමා ඉන්දියාවේ සිට ලංකාවට ගෙන ආ පත්තිනි හලඹ මුල් වරට මෙම ප්‍රදේශයේ ඇති පර්වතයක තැබූ බවත් ඒ ගල හලඹගල ලෙස පසුව ප්‍රකට වූ බවත් ජනප්‍රවාදයේ එයි.

දැනට මෙම ප්‍රදේශයේ හලඹගල රජමහා විහාරයක් සහ හලඹගල පත්තිනි දේවාලයක්ද පිහිටා තිබේ. පත්තිනි අබරණ ලෙන තුළ තිබූ පසු එම ගල්ලෙන් ‍ෙදාර වැසුන බවත්, එතැන් සිට එතැන පත්තිනි දේවියට පුද පූජා පවත්වන හලඹගල පත්තිනි දේවාලය ආරම්භ වූ බවත් ජනප්‍රවාද අතර වැඩිදුරටත් දැනගන්නට තිබේ. මේ හලඹගල දේවාලයේ පුරාණය ගජබා රාජ්‍ය යුගය ක්‍රි.පූ. 114- 130 අතර කාලයට අයත් වේ යැයි සලකනු ලැබේ. හලඹගල රජමහ විහාරයේ අතීතය දෙවනපෑතිස් යුගය දක්වා විහිදී යන බවට විශ්වාස කරනු ලැබේ.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon