ලන්දේසීන් ගෙන්නා පෘතුගීසීන් පන්නා කළ දේ මන්දා රාසිං උන්දෑ

  👤  3749 readers have read this article !
2018-04-15

1672දී මුල් වරට පළවූ ලංකාවේ විසූ ෆිල්ප්පුස් බැල්සියස් නම් ලන්දේසී දේවගැතිවරයාගේ වාර්තා සටහන්වලින් ඉතිහාසයේ හිඩැස් පූර්ණ කර ගැනීමට ඉහවල් වන්නේය.

පෘතුගීසි පලවා හරින්නට සිංහල රජු හා එක්ව ලන්දේසීන් සටන් කළ අයුරුත් ඒ සඳහා එල්ල කෙරුණු ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර ගැනත් රසවත් සටහන් ඇත්තේය.

එමෙන්ම දෙපාර්ශ්වය එක්ව කළ කී දෑ බොහෝය. මේ ඒ පිළිබඳව බැල්සියස්ගේ කතාවය.

"ජනරාල්වරයා සහ පිරිස රාත්‍රි භෝජනය ගනිමින් සිටියදී වෙනත් පණිවුඩකරුවන් තිදෙනකු පැමිණ දන්වා සිටියේ රජතුමා වෙතින් දූත පිරිසක් පැමිණ සිටින බවත්, තමන්ට එදිනම ජෙනරාල්වරයා හමුවිය යුතු යැයි ඔවුන් පවසන බවත්ය. ඊට වහාම අවසර දෙන ලදී. මෙවැනි අවස්ථාවන් හිදී අනුගමනය කරනු ලබන ගෞරව දැක්වීමේ සිරිත් විරිත් පැවැත්වීම රෑ බෝ වී ඇති හෙයින් නොහැකි වීම ගැන අප්‍රසන්න නොවන ලෙස දන්වමින් ඔවුන් අප කඳවුරට කැඳවා ගෙන ඒම පිණිස කොඩිකාරයකු හා තවත් සෙබළු කීප දෙනකු යවන ලදහ. ඔවුන් පැමිණි විට උපකල්පනය කරන ලද්දේ ඔවුන් වෙත රජුගෙන් යම් රහස් පණිවුඩයක් තිබිය හැකි බවය. එහෙත් පණිවුඩයෙන් පැවැසුණේ ජනරාල්වරයාගේ ලිපිය ලැබී රජතුමා මහත් සතුටට පත් වූ බවත් එතුමා එහි සඳහන් කරුණු සියල්ලක්ම මැනවින් වටහා ගත් බවත් තමා සඳහා එවිට වැලිවිටදී ඉදිකරනු ලබන මාලිගය පරීක්ෂා කිරීමට තමා පැමිණි බවත් එය නිම වූ වහාම ගරු ජෙනරාල්වරයා එහි කැ¼දවනු ලබන බවත්ය. අපගේ කඳවුරේ සිට රයිගම්වත්ත තෙක් මාර්ගය පුළුල් කරන ලෙස සබරගමු දිසාවේට අණ කළ බවත්ය. මෙම දූත පිරිස එදිම රෑ ආපසු යෑමට සූදාම් වූ නමුත් එය ඉතා අන්ධකාර රාත්‍රියක් වූ හෙයින් එකල එහි සැතපී පහන් වූ විට පිටත්ව යෑම සඳහා සුදුසු ස්ථානයක් ඔවුන් සඳහා පිළියෙල කර දෙන ලදී."

"බලකොටුවේ සිට බොහෝ දෙනකු නැවතත් ඉන් පිටවී අපේ ප්‍රදේශය වෙත පැමිණි බවත් අණ ලැබෙන තුරු ඔවුන්ගෙන් 50 දෙනකු තමා විසින් මිලාගිරියට යවන ලද බවත්, ගැහැනුන් සහ ළමයින් ක¼දවුර වෙත යවන ලද බවත්, සම්මත තීරණය අනුව ඔවුන් යළිත් පෘතුගීසීන් වෙතම පිටත් කර හරින ලද බවත්, එහෙත් ඔවුන් අතර, ගම්වලින් කොළඹට ගෙන එනු ලැබූ ගැස්පා ෆිගේරාගේ ඔත්තුකරුවන්ද සිටන්නට ඇතැයි සැක කරන ලද බවත්, ඔවුන් කවුදැයි තෝරා බේරාගන්නට ගියේ නම් එය මහත් කරදරකාරී කටයුත්තක් විය හැකිව තිබුණු බවත්, එවිට ඔවුන් අප වෙත ර¼දවා තබන්නට සිදුවන බවත් එහිදී අපෙන් යම් ප්‍රමාදයක් විණි නම් එයින් අපට මහත් අනර්ථයක් සිදුවිය හැකිව තිබුණු බවත්, සතුරා වෙතින් පැමිණියවුන් ඔවුන් වෙතම ආපසු යැවීම අපේ අරමුණ මුදුන්පත් කර ගැනීමට මෙන්ම සතුරා ප්‍රකෝපකරවීමට අපට තිබුණු එකම උපක්‍රමය බවත්, ඔවුන් ආපසු ශා. ජෝන් අට්ටාලය වෙත පලවා හරින ගමන් මුළු මාර්ගය දිගටම ඔවුන්ට කස පහර ගසන ලද බවත් එදින ම අපි කපිතාන් ඊමන්ට් රුයිෂිගෙන් දැනගතිමු."

"කපිතාන් රුයිෂි විසින් මිලාගිරියෙන් යවන ලද අයගෙන් ඉතිරිව සිටි පිරිමි පිරිසට තවත් 20 දෙනකු ද එකතු කොට ඔවුන්ගෙන් දෙදෙනකුට ජනරාල්වරයා විසින් රහසින් යමක් දන්වන ලදී. එනම්, දැන් ඔවුන් සියලු දෙනාම මෙසේ ආපසු පණපිටින්ම යවන මුත්, ඔවුන් යළිත් ඕලන්ද ප්‍රදේශයට පැමිණියහොත් ඔවුන්ට අත්වන ඉරණම එල්ලුම්ගහ බවත් එසේ නොවන්නට නම් ඔවුන් කළ යුත්තෙත් අපෙන් පලාගොස් සතුරන්ට එක්වූ දුෂ්ටයන් වූ මීගමුවේ ආරච්චිවරුන් මඟින් සතුරන්ගේ බතරොයි එක්ක හෝ වැඩි සංඛ්‍යාවක් විනාශ කර දැමීමේ උපක්‍රමයක් අප හට දැන්විය හැකි නම් ඔවුන් යළිත් අප වෙත කිසිදු බාධාවක් නොමැතිව පැමිණිය හැකි බවත් දන්වන ලදී. මෙසේ ඔවුන්ට දන්වා තදින් වේවැල් පහර දෙමින් ඔවුහු ආපසු පෘතුගීසි බලකොටුව වෙතම පලවා හරින ලදහ. 24 වැනිදා මෙලෙසින්ම දඬුවම් දෙනු ලබමින්ම තවත් 150කින් සැදි පලා ආ පිරිසක් ආපසු පෘතුගීසීන් වෙතට ම පිටත් කර යවන ලදහ."
මේ තවත් එක් වැදගත් තොරතුරු කිහිපයකි.

"මෙම අවස්ථාවේ ජෙනරාල්වරයාට අතට පත්වූයේ අතරමඟදී අල්ලා ර¼දවා ගත් හසුනකි. එය ලියා තිබුණේ අපගේ ආරච්චිවරුන්ගෙන් කෙනෙකි. ඉන් අමතන ලද්දේ පස්දුන් කෝරලේ විදානේටය. එහි මෙසේ විධාන කර තිබිණි.

"සැපවේවා, රණතුංග ආරච්චිගේ බෑනා වූ හංගෙදර ලියනනයිදේ වෙතින් පස්දුන් කෝරලේ තුන් පත්තුවේ විදානේ සහ ගම්මුලාදෑනීන් තුන්දෙනා වෙතටයි. මෙය ලැබුණු වහාම තමුන්නැහේලා දින 8ක් ඇතුළත නොවරදවාම කුකුළන්, ගිිතෙල්, ගම්මිරිස්, ගොරක, හැලිවළං කත් 50ක් අසල ගම්වලින් එකතු කර අඟුරුවාතොටින් ඔබ්බෙහි වූ ගම්වල ගම්මුලාදෑනී හෝ මැජොරාල්වරුන් අත මෙහි ගෙන ආ යුතුය. ඉන් පසු හොරණ ඔස්සේ මහ රජතුමාගේ කඳවුර වෙත ගොස් සියලුම ගරුනම්බු හා පුද සිරිත් පවත්වා මහ රජතුමා ඉදිරියේ පෙනීසිටිය යුතුයි. මෙම අණ නොතකන අයට පත්වන කනගාටුදායක ඉරණම ගැන සැකයක් නැති බව ඔවුන් දැනගත යුතුය. එබැවින් තමුන්නැහේලා කිසිදු සැකයක් ඇතිකර නොගත යුතුය. මට බවලත් ඇත්තන්ගේ විශ්වාසය තහවුරුව තිබේ. මෙම අණ මගෙන් ලැබුණු බව තමුන්නැහේලා හෙළිදරව් නොකළ යුතුය. මන්ද කිවහොත් එය දෙන ලද්දේ මා විසින් නොවන හෙයිනි. එහෙත් මෙම කාරණය රජවාසලින් විභාග කරනු ලැබුවොත් එවිට දී පමණක් මෙම තල්පත තමුන්නැහෙලාට එව්වේ රණතුංගලාගේ බෑනා වන හංගෙදර ලියනනයිදේ බව කියා පෑම හො¼දා."

මෙම තල්පත ලියූ ආරච්චි වහාම අත්අඩංගුවට ගෙන ගරු වැන්ඩර් මීඩ්න් ආණ්ඩුකාරවරයා සහ ජෝන් වැන්ඩර්ලාන් විසින් ඔහු දැඩි ප්‍රශ්න කිරීම්වලට භාජනය කරන ලදී. අදාළ හසුන ලියූ තැනැත්තා තමාම නොවන බව කියා සිටි ඔහු තමා එය ලිවීමට පෙලඹවූ තැනැත්තාගේ නම තම දිවිගියද හෙළි නොකරන බව කියා සිටියේය. මෙම අසාමාන්‍ය නිර්භීත භාවයෙන් විස්මයට පත් ජෙනරාල්වරයා හසුනේ ලේඛකයා මොහු නොවන බවත් ඔහු වෙන කෙනකුගේ අතකොළුවක් පමණක් බවත් නිගමනය කළේය. මක්නිසාද කිවහොත්, ඔහු ගරු සමාගමේ පුරවැසියෙකි. ඔහු එක්තරා කාලසීමාවකදී ගරු සමාගමෙන් හාල් හා වෙනත් ප්‍රතිලාභ ලබා සිටි අයෙකි.

ඔහු වහාම එල්ලා මරා දමන ලෙස අණ දෙන බවක් ව්‍යාජ ලෙස පෙන්නුම් කළ ජෙනරාල්වරයා ඔහු අළුගෝසුවාට භාර දුන්නේ වුවද එසේ නොකරන ලෙස අළුගෝසුවාට රහසින් උපදෙස් දුන්නේය. මක්නිසාද එසේ කළහොත් එම ලිපිය ලිවීමට හේතුවත් ඊට මුල්වූ තැනැත්තාත් ආනාවරණය කරගත නොහැකි විය හැකි හෙයිනි. එබැවින් කිසිවකුට දැනගත නොහැකි වන සේ රාත්‍රි කාලයේදී ඔහු වැපන් වෑන් හොලන්ඩ් නැව වෙත රහසින් ගෙන ගොස් එහි රඳවා තබන ලදී.

සුලක්ඛණ ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon