ආලෝක වර්ෂ හතරක් අෑතින් පෘථිවියට සමාන ග්‍රහලොවක්

  👤  4657 readers have read this article !
2018-04-15

පොළොව හා සමාන ග්‍රහ ලෝකයක් මින් වසර දෙකකට ඉහතදී සොයා ගැනුණු අතර එය 'ප්‍රොක්සිමා - බී' යනුවෙන් නම් කරන ලදී. එය සොයා ගැනීමත් සමඟම, පිටසක්වළ ජීවීන් සොයා ගැනීම සම්බන්ධයෙන් අදාළ විද්‍යාඥයන් තුළ දැඩිතම බලාපොරොත්තු හට ගත්තේය. පොළොවේ සිට ආලෝක වර්ෂ හතරක් අෑතින් පිහිටි එම ග්‍රහ ලෝකය වෙත අනාගතයේදී නිර්මාණය වන සුපිරි වේගී අභ්‍යවකාශ යාත්‍රාවලින් ගොස් එහි පෘෂ්ඨය ගවේෂණය කළ හැකි වෙතැයි විශේෂඥයෝ විශ්වාස කළහ. එහෙත් පිටසක්වළ ජීවීන් සෙවීම සඳහා තමන් ප්‍රමාද වැඩි බව එම විශේෂඥයෝ කියති.

එම අලුත් ග්‍රහ ලෝකය විද්‍යාඥයන් විසින් හඳුන්වන ලද්දේ 'අර්ත් - 2.0' (ඡ්චපබඩ -2.0) යනුවෙනි. එහි තිබේ යැයි විද්‍යාඥයන් විශ්වාස කළ පිට සක්වළ ජීවීන් පිළිබඳ සලකුණු සියල්ල ඒ මත වැදුණු අතිවිශාල සූර්ය ලෙළ සිළුවකින් අහෝසි වී ඇතැයි පසුගිය වසරේ පැවැත්වුණු නව අධ්‍යයනයකින් පෙනී ගොස් තිබේ. එහෙත්, ප්‍රොක්සිමා - බී ග්‍රහයා මත වැදී ඇත්තේ සූර්ය ලෙළ සිළුවක් නොව එමෙන් 4000 ගුණයක විනාශකාරී ශක්තියක් ඇතිව පොළොවෙන් විහිදුණු විකිරණ දහරාවකැයි තාරුකා විද්‍යාඥයෝ අදහස් කරති.

දෙවැනි පොළොව යනුවෙන්ද විද්‍යාඥයන් විසින් හැඳින්වෙන ප්‍රොක්සිමා - බී ග්‍රහ ලෝකයත් පෘථිවියත් අතර ඇති දුර ප්‍රමාණය අනුවද ජීවීන්ගේ ප්‍රභවයට උපකාරි වන ජලය තිබිය හැකි යැයි විද්‍යාඥයෝ විශ්වාස කළහ. මෙහි මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 90-30 අතර (ෆැරන්හයිට් 130-86) විය හැකි යැයිද ඔවුහු අනුමාන කළහ. තරුවක චුම්බක ක්‍ෂේත්‍රය ආරෝහණය වීම නිසා එහි ඉලෙක්ට්‍රෝන, ආලෝකයේ වේගයට සමාන වේගයකින් ක්‍රියාත්මක වන විට එම තරුවෙන්ද ලෙළ සිළු නික්මෙන බවත් වර්ධිත ක්‍රියාකාරිත්වයෙන් යුත් ඉලෙක්ට්‍රෝන අධිආරෝපිත ප්ලාස්ම (ර්ථීතචඵථච) අන්තර් ක්‍රියා කිරීම නිසා එම තරුව පිපිරී යන බවත් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

'ප්‍රොක්සිමා සෙන්ටෝරි' නමින් හැඳින්වෙන තරුවෙන් ලෙළ සිළු විහිදෙන ආකාරය, කාර්නගී විද්‍යායතනයේ මෙරඩික් මැක්ගේ‍රගර් හා ඇලිසිය වේන්බර්ගර් යන තාරුකා විද්‍යාඥයන් විසින් මෙහෙයැවුණු කණ්ඩායමකට දැක ගත හැකි වී ඇත. එවැනි පිපිරීම්, සාමාන්‍ය සිද්ධි බවට පත් විය හැකි යැයි, 'ඇස්ට්‍රෝෆිසියල් ජර්නල් ලෙටර්ස්' සඟරාවෙහි පළ වීමට නියමිත ලිපියක සඳහන් වෙතැයි වාර්තා වී තිබේ. 2017 මාර්තු 24 වැනි දිනය ප්‍රොක්සිමා සෙන්ටූරියන් තරුවට සාමාන්‍ය දවසක් නොවී යැයි එම සඟරාවේ ප්‍රධාන කර්තෘ ආචාර්ය මැක්ගේ‍රගර් ප්‍රකාශ කෙළේය.

'ප්‍රොක්සිමා - බී ග්‍රහ ලෝකයද අධි ආරෝපිත විකිරණ ක්‍රියාකාරිත්වය නිසා පිපිරී ගියා විය හැකි බවත් වඩා ප්‍රමාද වී සිදු වුවද ප්‍රොක්සිමා සෙන්ටුරියන් තරුවටදඑම ඉරණමම අත් වූ බව දැන් ප්‍රකට කරුණක් බවත් ආචාර්ය ගේ‍රගර් වැඩිදුරටත් පැවැසීය.

මෙවැනිම ලෙළ සිළු මීට වඩා කුඩා ප්‍රමාණයෙන් මීට කලින්ද මෙම තරුවෙන් නිකුත් වී ඇති බව පසු ගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ 'අටකාමා ලාජ් මිලිමීටර්' (ඒඹ්ර්ඒ) දුරේක්ෂය මඟින් පැය දහයක කාලයක් පුරා කරන ලද නිරීක්ෂණයෙන් තහවුරු වී තිබේ. එය ඇන්ටෙනා 66ක් සහිත දුරේක්ෂයකි. ප්‍රොක්සිමා සෙන්ටෝරි ගණයට අයත් තරු විශේෂයෙන්ම අපගේ ක්‍ෂීර පථයේ පොදුතම තාරුකා වර්ගය - ඩ්වෝර්ෆ් (ච්ඹචපටඵ) අල්මා දුරේක්ෂය විසින් ග්‍රහණය කර ගන්නා ලද තරංග ආයාම අනුව මෙතෙක් අධ්‍යයනයකට භාජන නොකැරිණි. ප්‍රොක්සිමා බී ග්‍රහ ලෝකයෙහි ජීවීන් ඇත්දැයි සොයා බැලීමට තිබුණු ඉඩ කඩ ඒ ඔස්සේ හමා ගිය වේගවත් සුළං දහරා හේතු කොට ගෙන බෙහෙවින් අඩු වී ඇතැයි පසුගිය නොවැම්බරයේදී යථෝක්ත සඟරාවෙහි පළවුණු ලිපියක සඳහන් විය.

ප්‍රොක්සිමා බී ග්‍රහ ලෝකයේ විශේෂත්වය දුර ප්‍රමාණය

පොළොව හා සමාන මෙම ග්‍රහ ලෝකය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ හතරක් අෑතින් පිහිටා තිබේ. එහි ජීවීන්ගේ සලකුණු තිබේ දැයි පරීක්ෂා කරනු පිණිස අජටාකාශ යානයක් එහි යැවීමේ සැලැසුම් දැනටමත් සකස් වෙමින් තිබෙන අතර දශක කීපයක් ඇතුළත එය ක්‍රියාවට නැංවෙනු ඇත. මෙම ග්‍රහ ලෝකය අපට සමීපතම තරුව වටා කක්ෂගතව තිබේ.

සංයුතිය - විශාලත්වයෙන්ද පොළොවට සමාන වන මෙම ග්‍රහ ලෝකය ගල් පර්වත සහිතය. මෙහි මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 90-30 අතර විය හැකි යැයි සැලැකේ. (ෆැරන්හයිට් අංශක 130-88) පිටසක්වළ ජීවීන් ඇති වීමට ප්‍රධාන වශයෙන් උපකාරි වන ජලය මෙහි තිබේ යැයි විශ්වාස කරනු ලැබේ.

වායු ගෝලය

අප විසින් 'ජීවය' යනුවෙන් හැඳින්වෙන 'ජෛව රසායනික චක්‍රය' නිර්මාණය වීම සඳහා අවශ්‍ය වායු ගෝලය, ජලය, කාබන්ඩයොක්සයිඩ් හා ගල් යන මූලික අංග ප්‍රොක්සිමා - බී ග්‍රහ ලෝකය මත අන්තර්ක්‍රියා කරයි නම් එහි ජීවය තිබිය හැකිය. එහෙත් ග්‍රහ ලෝකය මත හට ගන්නා ප්‍රචණ්ඩ කුණාටු හේතු කොට ගෙන එම බොහෝමයක් ඛාදනයට ලක් විය හැකි හෙයින් එහි වායු ගෝලීය තත්ත්වයෙන් ප්‍රකට වන්නේ සම්පූර්ණ සැබෑ විස්තරය නොවේ. මේ සම්බන්ධයෙන් පළ කෙරුණු එක් ලිපියකින් ප්‍රොක්සිමා බී ග්‍රහ ලෝකය මත වායු ගෝලය ර¼දා සිටිය හැකි කාල මානය කෙරෙහි අවධානය යොමු කරන ලද අතර පොළොව යට මුහුදු ඇතැයි සැලැකෙන ග්‍රහ ලෝකයක වුවද එම ජල ස්කන්ධ කොපමණ කලක් පවතීද යන්න කෙරෙහි දෙවැනි ලිපියකින් ප්‍රශ්න කැරිණි. මෙවැනි ග්‍රහ ලෝකයකින් වසර ලක්ෂ ගණනක් තිස්සේ අඛණ්ඩව අභ්‍යවකාශයට ගලා යන ආරෝපිත අංශු ධාරා හෙවත් තාරිය සුළඟ නිසා එහි වායු ගෝලය ඉතා ශීඝ්‍රයෙන් වියැකී යන බවත් ඒ නිසාම ජිවීන් බිහි විය හැකි පරිසරයකට එහි ඉඩ නොලැබෙන බවත් අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.

ප්‍රොක්සිමා - බී ග්‍රහයා මතද නිතර ඇති වන තාරිය සුළඟ නිසා එහි පෘෂ්ඨයද ජීවීන් හට ගැනීමේ ශක්තියෙන් හීන වනු ඇතැයි පර්යේෂකයෝ කියති. ජීව පරිණාමය සඳහා වසර කෝටි ගණනක් ගත වන බවත් ප්‍රොක්සිමා බී ග්‍රහ ලෝකයේ මෙන්ම අපගේ සෞරග්‍රහ මණ්ඩලයට බැහැරින් තිබෙන වෙනත් ග්‍රහ ලෝකවල වුවද තාරිය සුළඟ අධික වන විට එහි පෘෂ්ඨය ජීව පරිණාමයට උපකාරි වන තරම් දීර්ඝ කාලයක් ඊට යෝග්‍ය ආකාරයෙන් නොපවත්නා බවත් තම අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව පෙනී ගොස් ඇතැයි ආචාර්ය චුවාන්ෆේ ඩොංග් ප්‍රකාශ කරයි.

පරිවර්තනය -ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon