නිව්යෝර්ක් අහසේ වලාකුළු අතර දිවා කෑම විවේකය ගත කරන කම්කරුවෝ

  👤  5286 readers have read this article !
2018-04-15

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වලාකුළු සිඹින තරම් ඉහළ අහසේ තනි යකඩ බාල්කයක් මත ඉතා සැහැල්ලුවෙන් සතුටු සාමීචියේ යෙදෙන පිරිසක් මෙම විස්මිත ඡායාරූපයේ දැකිය හැකිය. ඔවුන් අහස සිඹින උස් ගොඩනැඟිල්ලක වැඩ කරන කම්කරුවෝය. මේ ඔවුන් දිවා ආහාරයෙන් පසු ලැබෙන කෙටි විවේකය ගතකරන අන්දමය.

මේ ඡායාරූපය ලෝකයේ විශිෂ්ටතම ඡායාරූප 100 අතරට වැටේ. මෙහි සිටින මිනිසුන් 11 දෙනා තමන් ඡායාරූපයකට නඟන බව දැන සිටියේ නැත. නිව්යෝර්ක් නගරයේ මෑන්හැටන් පෙදෙසේ ඉදිවන උස් ගොඩනැඟිල්ලක වැඩකරන කම්කරුවන් පිරිසක් ගුවනේ පාවෙමින් සැහැල්ලුවෙන් සිටින අයුරු ඊට නොදුරින් වූ රොකපෙලර් ගොඩනැඟිල්ලේ 69 වැනි මහලේ කවුළුවකින් දුටු ඡායාරූප ශිල්පියකු ඔවුන් මෙලෙස ඡායාරූපයට නඟා ඇත.

මේ කම්කරුවන් 11 දෙනා සිටින්නේ අඩි 850ක් උසකය. නමුත් ඔවුන් සිටින්නේ උද්‍යානයක බංකුවක අසුන්ගෙන සිටින තරමේ සැහැල්ලුවකිනි. ඔවුන් හමුවේ ඇති ජීවිත අනතුර එකොළොස් දෙනාගෙන් කිසිවකු වෙතින් හෝ විද්‍යමාන නොවීම මෙහි ඇති අපූර්වත්වයයි. මෙය ගන්නා අවස්ථාවේ අඒඛ් නමින් ඉදිවුණ ගොඩනැඟිල්ල පසුව ට්ඛ් නමින් හැඳින්විණි. 'ඛ්ධපඡඪඵ ර්ථීඩධබධ චඨඥදජර' නම් ඇමෙරිකන් සමාගමට අයත් මෙම ඡායාරූපය පසුව ලෝක ප්‍රසිද්ධියට පත් වුවත් එය ගන්නා ලද්දේ කවුදැයි කියන්නට එම සමාගමද නොදනී. එයට හේතුව තෝමස් කෙලී, විලියම් ලෙස්ටිච්, චාර්ල්ස් සී එබර්ට් යන කැමරාකරුවන් තිදෙනාම එදින 69 වන මහලේ යම් කටයුත්තක යොදවනු ලැබ සිටීම නිසාය.

නියමිත ආවරණ කටයුත්තට පරිබාහිරව කැමරාවේ නාභිගත වූ මේ ඡායාරූපය සියවසේ පුදුම ඡායාරූප අතරට එක්වී තිබීමද විස්මිතය.

නිව්යෝර්ක් නගරයේ මඳනල පහස විඳිමින් සිටින එකොළොස් දෙනකු අතර වමේ සිට පළමු වැන්නාගේ සිගරැට්ටුව දැල්වීමට දෙවැන්නා උදවු කරමින් සිටී. පළමු වැන්නාගේ දකුණු අතේ පුවත්පතක් වැනි කඩදාසියකි. වී. අයි. ලෙනින් පන්නයේ කැප් තොප්පි පැලඳ සිටින තුන් වැන්නා හා හතර වැන්නා බරපතළ යමක් පිළිබඳ සංවාදයක යෙදී සිටී.

සිවුවැන්නා අතද පත්තරයකි. සිගරැට්ටුවක් තොල්පෙති අතර රඳවනු ලැබ සිටින සය වැන්නා තමන් අත තිබෙන පත්තරයේ ඇති යමක් පස්වැන්නාට පෙන්වමින් සිනාසෙයි. උඩුකය නිරුවත් සත් වැන්නාද ඒ දෙස උනන්දුවෙන් බලා සිටී. අට වැන්නා සහ නව වැන්නාද සැහැල්ලු සිනාවෙන් යුතුව පුවත්පතේ වූ යමක් ගැන කතා වන බව පෙනේ. දස වැන්නාද ඊට අවධානය යොමා සිටී. වතුර බෝතලයක් අතින් ගත් එකොළොස්වැන්නා පමණක් හුදෙකලාව කල්පනා ලොවක සිටී.

වර්තමානයේ ලයිට් කණුවක හෝ වැඩකරන කම්කරුවන් ආරක්‍ෂක බඳ පටි පැලඳ සිටීම සාමාන්‍ය දෙයක් නමුත් මෙහි සිටින කිසිවකු තම අත්වලින් හෝ යකඩ ගේඩරය අල්ලාගෙන නැත. ඔවුන් විඳිනුයේ අපට කිසිදා සිතිය නොහැකි අන්දමේ සැහැල්ලුවකි.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon