බි්‍රතාන්‍යයේදී එල්ල වූ රසායන ප්‍රහාරය නිසා රුසියාව සහ යුරෝපා රාජ්‍යයන් අතර හටගත් සීතල යුද්ධය

  👤  3779 readers have read this article !
2018-04-15

රුසියාවේ හිටපු කේ.ජී.බී. ඔත්තුකරුවකු වූ කර්නල් සෙර්ගේයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යූල්යාට දකුණු එංගලන්තයේදී වස දීම පිළිබඳව රුසියාව වගකිව යුතු බව යුරෝපා සංගමයේ සියලුම රටවල පොදු මතය වී තිබේ. එක්සත් රාජධානියේ 'සැලිස්බරි' නගරයේ මැල්ටින්ගස් සාප්පු සංකීර්ණයක් අසල පසුගිය දිනෙක ඔවුන් දෙදෙනා වැටී සිටියේය.

සිහිසුන්ව සිටි ඔවුන් රෝහල් ගත කෙරුණු අතර ස්නායු පද්ධති අකර්මණ්‍ය කරන දරුණු විසක් ගෑස් හෝ කුඩු මඟින් ඔවුන්ගේ සිරුරුවලට ඇතුළු කර ඇති බව ලන්ඩන් වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ. ඔවුන් තවමත් සිටින්නේ රෝහල් ගතවය. බි්‍රතාන්‍යය මේ සිදුවීම බරපතළ ලෙස ගත් අතර 'කේ‍රා්බා' නම් බි්‍රතාන්‍ය ආණ්ඩුවේ හදිසි ආරක්‍ෂක කමිටුවද රැස් කෙරිණි. සිය පැරැණි ඔත්තුකරුගේ සහ දියණියගේ ඝාතන ප්‍රයත්නය පිළිබඳ චෝදනාව මොස්කව් පාලනය දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කළේය.

උක්ත සිදුවීමෙන් පසු මහ බලවතුන් අතර හටගත් සීතල යුද්ධය දිගින් දිගටම ඇවිළී යමින් තිබේ.

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 23 දෙනකු රටින් පිටුවහල් කිරීමට මාර්තු 14 වැනිදා බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ තීරණය කළාය. බි්‍රතාන්‍යයේ සංචාරය කරන මෙන් රුසියානු විදේශ ඇමැතිවරයාට කර තිබූ ආරාධනයද බි්‍රතාන්‍ය අවලංගු කළේය. රුසියාවේ පැවැත්වීමට නියමිත ජගත් පාපන්දු කුසලාන ක්‍රීඩා උළෙලට බි්‍රතාන්‍යය රජ පවුලේ කිසිවකු සහභාගි නොවන බවද තෙරේසා මේ දැනුම් දුන්නාය. මේ තීරණ පදනමක් නැති ආවේගශීලී ඒවා බව බි්‍රතාන්‍ය රුසියන් තානාපති ප්‍රකාශ කළේය.

මේ මතභේදයන් උත්සන්න වෙමින් පවතිද්දී ඇමෙරිකාවද ප්‍රශ්නයට අවතීර්ණ වෙමින් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 60 දෙනකු ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටුවහල් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළේය. මේ අතර රුසියානු කාර්ය මණ්ඩල තම රටවලින් පිටුවහල් කරන බව ජර්මනිය, ප්‍රංශය හා යුක්රේනයද නිවේදනය කළේ පසුගිය 27 වැනිදාය. ඇමෙරිකාව සියැටල් නගරයේ රුසියානු කොන්සල් කාර්යාලයද වසා දැමුවේය. මාර්තු 26 වැනිදා ලැට්වියාව, ලිතුවේනියාව, එස්තෝනියාව සහ පෝලන්තය සිය රටවල රුසියානු තානාපතිවරුන් විදේශ අමාත්‍යාංශවලට කැඳවා තිබිණි. බි්‍රතාන්‍යය පවසන්නේ 'නර්ව් ඒජන්ට්' (ව්ධමඪජඩධඬ) නමැති විස රසායනය මේ ප්‍රහාරයට යොදා ගෙන ඇති බව ස්ථීර බවත් පසුගිය වසර දහයක කාලයේ එය රුසියාව නිපදවූ බවට සාක්‍ෂි තමන් සතු බවයි. හිටපු රුසියානු රහස් ඔත්තුකරුවකු වූ ලිත් වින්කෝ 2006දී සක්‍රිය විකිරණ අඩංගු පොලෝනියම් විස ශරීර ගතවීමෙන් බි්‍රතාන්‍යයේදී ජීවිතක්‍ෂයට පත් වූයේ රුසියානු මැදිහත්වීමෙන් බව බි්‍රතාන්‍ය ඔත්තු සේවා තහවුරු කරගෙන ඇති බවද වාර්තා වේ.

ජාත්‍යන්තර ඔත්තු සේවා ඉතා ප්‍රබල ලෙස ලොව පුරා සැරිසරන අතර මතුපිටින් යහපත් සබඳතා යටින් දිවෙන අභ්‍යන්තර ඔත්තුකරුවන්ගේ ජාත්‍යන්තර ජාලය බොහෝ දෙනා හිතනවාට වඩා බිහිසුණු බවත් මෙයින් පැහැදිලි වේ.

රාජ්‍යයන් අතර අන්තර් සබඳතා තහවුරු වන්නේත් බිඳ වැටෙන්නේත් ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී එළැඹෙන තීන්දු තීරණ මත නොව එකිනෙකාගේ බුද්ධි අංශ මඟින් ප්‍රතිවිරුද්ධ රාජ්‍යයන් සම්බන්ධව ලබාදෙන තොරතුරු මතය. කවර රාජ්‍යයක නමුත් ඔත්තුකරුවකු සදාකාලිකව ඔත්තුකරුවකු විය යුතු අතර ඔත්තු ජාලයෙන් පිට පැන්නොත් හෝ ඔත්තුකරුවා වෙනත් රටකටද ඔත්තු සපයන ඩබල් ඒජන්තයකු වුවහොත් ඔහුට නියත ලෙසම මරණය අත්වේ. එවැනි අවස්ථාවකදී අදාළ පුද්ගලයා අවසන් කරන තුරුම ඔහු පසුපස ලුහුබැඳීම ඕනෑම රටක බුද්ධි අංශවල ස්වභාවයයි.

ශි්‍රයානි අජන්ත විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්